ලස්සනට හිටියේ නැත්තම් මනුස්සයෙක් තියා සතා සීපාවෙක්වත් බලන්නේ නැති ලයින් එකක් තියෙන නිසා හැමෝම තමන්ගේ පෙනුම ගැන උනන්දුයි. එක එක ඒවා උලාගෙන ලස්සන වීම කරන්න පුළුවන් දෙයක් වුණාට ඇඟේ හැඩේ සම්බන්ධයෙන් එහෙම සෙනික දෙයක් කරගන්න අමාරුයි. අන්න ඒ නිසා දැන් හැමෝම ජිම්හොලික්ස්ලා වෙලා තියනවා. පැටව් ගහන්නා වාගේ තැනින් තැනට ජිම් තියෙන්නෙත් ඉල්ලුම වැඩි නිසා. විශේෂයෙන් ම කාන්තා පාර්ශ්වයේ අලුත්ම නැඹුරුව තමයි ජිම් යන එක. ඉතින් ඔය එන කාන්තාවන් විවිධාකාරයි.
1. නමට ජිම්

Image Source – depositphotos.com
ඇඟ අඩු කරගැනීම කෙසේ වෙතත් ඇඟ අඩු කරගැනීමේ උණෙන් ජිම් යනවා කියලා පෙන්නන්න උත්සාහ කරන කෙනා තමයි මේ. ඇත්තටම මෙයා ජිම් ඇවිල්ලා කාලේ කනවට වඩා ගෙදරට වෙලා වැඩක් කරගෙන හිටියා නම් ඇත්තමයි මොකක් හරි පලක් වෙනවා. ට්‍රෙඩ්මිල් එකේ ඇවිදින්න කිව්වම ගාටනවා, කිලෝ පහක් උස්සන්න කීවොතින් කිලෝ දෙකක් උස්සන් ඉන්නවා, පුංචිම හරි දාඩිය පාරක්වත් දාන්නේ නෑ ඉතින් මෙලෝ මල දානයක් කරන්නේ නැති නිසා. වගකීමක් සහිත ජිම් එකකට ගියා නම් මේ විකාර කර කර ඉන්න හම්බු වෙන්නේ නැහැ.
2. හෑෂ්ටැග් ජිම්හොලික්

Image Source – youtube.com
සෝෂල් මීඩියා කුවීන් කෙනෙක් ජිම් ආවාම මේක තමයි වෙන්නේ. හැබැයි මෙයා නමට ජිම් වගේ නෙවෙයි ඇත්තටම මහන්සි වෙලා ව්‍යායාම කරනවා. හැබැයි නිරන්තරයෙන් ලෝකයා ඒ සම්බන්ධයෙන් දැනුවත් කරනවා. තව අහිංසක කෙල්ලෝ ටිකක් ඇදගෙන පොටෝවක් දානවා හෑෂ්ටැග් ඉස්කොඩ් ගෝල්ස් කියලා. තව එකක් දාපි හෑෂ්ටැග් ජිම් පාර්ට්නර්ස් කියලා. තව ඉතින් නේක කැටයම්. කාලයෙන් කාලයට තමන්ගේ බර අඩු වෙලා ඇඟ ලස්සන වෙලා එනකොට ජිම් ඉන්ස්ට්‍රක්ටර්ට හෑෂ්ටැග් ෂවුටඅවුට් එකක් එහෙමත් දෙනවා.
3. උකුළු මුකුළු

Image Source – youtube.com
ඉන්ස්ට්‍රක්ටර්ගෙන් පටන් අරන් සියලු ම ජිම් බඩියන් එක්ක ඉඟිබිඟි පාගෙන ඉන්න එක තමයි මෙයාගේ වැඩේ. හරියට ව්‍යායාම කරනව ද නැද්ද කියන එක රඳා පවතින්නෙත් මුකුළුවේ තරම අනුව තමයි. ඔය ඉඟිවලටම සප් එක දීගෙන ඉන්න පිරිමි පරාණත් ජිම් අස්සේ වැහිවැහැලා. මේ වැඩේ නිසා තමන්ට විතරක් නෙවෙයි අනික් අයටත් ආපු කාරණේ හරියකට කොරගන්න බැරි වෙනවා. උකුළු මුකුළු දෙකක් සෙට් වුණා කියන්නේ ඉතින් ආය එතනින් එහාට ඩම්බල් එකක්වත් උස්සන්නේ නැහැ.
4. ඩයල් එක

Image Source – bustle.com
මහත දෙහෙත කාන්තාවන් අතරේ සරාගී විදියට තමන්ගේ ඇඟ නඩත්තු කරගෙන සෑහෙන ක්‍රියාශීලී පුද්ගලියක් වෙමින් අනික් අයටත් උපදෙස් දෙන ගමන්ම එයාලාට රෝල් මොඩල් එකක් විදියට ක්‍රියා කරන්නිය තමයි ඩයල් එක. කිලෝ 80ක් 90ක් වුණත් මේම මේම උස්සන්නේ. සියල්ල දත් ආඩම්බරකාර බැල්මට් එක හතර අතට දුන්නට කතාබහ කරලා බැලුවොතින් හොඳ කෙනෙක් කියලා තේරෙනවා. හැබැයි ඒක ඉතින් පුද්ගලයා මත වෙනස් වෙනවා.
5. ෆෝන් ඔපරේටර්

Image Source – depositphotos.com
සමාජයේ කොයි තලයක වුණත් ඉන්න හුරුපුරුදු මේ පුද්ගලිය ජිම් එකේදීත් දැකගන්න පුළුවන්. ෆෝන් එකේමයි. එක්කෝ සින්දු අහනවා, නැත්තම් බුකිගත වෙනවා, ඒත් නැත්නම් කාට හරි කෝල් කරලා පැය ගණනින් ඒකටම කැප වෙලා ඉන්නවා. ඇත්තටම නමට ජිම් තරමින්ම දෙයක් ඇවිත් කරන්න පුළුවන්කමක් ඇත්තියක් ය කියලා හිතන්න අමාරුයි. ෆෝන් එකේ මොකක් හරි දෙයක් දැක්ක ගමන් ඒක හතර වටේට ම පෙන්නනවා.
6. මේකප් රැජින

Image Source – pharmacywestbrunswick.com.au
ජිම් එන්නේ මොකටෙයි? ඇඟ වෙහෙසලා මේදය පොඩ්ඩක් දිය කරලා දාන්න නේ. හැබැයි ඉතින් මෙයාගේ මේදය වෙනුවට දිය වෙන්න බලන් ඉන්නේ මේකප්. ජිම් එන්න ඕනි දාඩිය දාගෙන ආපු දෙයින් උපරිම ප්‍රයෝජනයක් ගන්න යක්කු වගේ. හැබැයි මෙයා එන්නේ පොඩි කැටයම් පාරක් දාලා යන්නයි. තුවායක් ගෙනාවත් ඒකෙන් මූණ තෙතමාත්තු කරගන්නේ යන්තමින්. ඔක්කොටම වඩා මේකප් ටික පරිස්සම් කරගන්න එපැයි.
7. යකඩ කෙල්ලෝ
සියුමැලි කතන්දර ඔක්කෝම පස්සට දාලා කොල්ලෝ එක්කම හරිහරියට ඔට්ටු වෙන යකඩ කෙල්ලොත් ජිම්වල ඉන්නවා. ඔය පොඩි ව්‍යායාම කෑලි අල්ලන්නෙත් නැහැ කෙලින්ම බර දේවලට තමයි හිත ඇදෙන්නේ. කොල්ලොත් එක්ක මුකුළු කර කර කදේ දාගෙන හිටියේ නැතත් කොල්ලෝ එක්ක සෑහෙන ෆිට්. දෙගොල්ලටම තියෙන්නේ එක අරමුණක් වගේ පේන්න තියෙන නිසා කොල්ලොත් හෙනම බොක්කෙන් ඉන්නවා.
ඔයාලාගේ ඉස්කොඩ් එකේ ඉන්න මේ අය ගැන අපිටත් කියන්න.
Leave a Reply