අපේ පරම්පරාවේ වැඩිහිටියන්ට අත්මිදෙන්න බැරි ළමා වැඩ

අපේ පරම්පරාව කියන්නේ ඉතින් දැන් ඔය විසි තිස් ගණන්වල ජීවත් වෙන උදවියටයි. ළමා වයසත් එක්ක බලද්දී උන්දැලා පට්ට නාකියොනේ. හැබැයි ඉතින් ළමා කාලේ කරපු සමහර දේවල් නවත්තගන්න බැරි වෙලා තියෙනවා. ඒකේ එක්තරා හොඳකුත් තියෙනවා. මොකෝ ඉතින් හිතේ සතුටින් කරන දේවල් නේ.

 

1. බිස්කට් පොඟවන් කෑම

Image Source – food52.com

හවසට තේ බොනකොට මාරි පැකට් එකක් ළඟ තියාගෙන ඒක පොඟවලා බිස්කට් කෑල්ල ඇතුළට වැටෙන්න ඉඩ නොදී කන්න පොඩි කාලේ තමයි පෙළඹුණේ. ඉතින් ඕක දැන් අවුරුදු විසි පහේ තිහේ කොල්ලෝ කිසි කෝලයක් නැතුව තාමත් කරනවා. ප්ලේන්ටි බැරි නම් කිරි කෝප්පයක් ළඟ තියාගෙන ඕක බොනවට වඩා බිස්කට් කෑල්ල පොඟවා ගන්නයි උවමනාව තියෙන්නේ. බිස්කට් කිව්වමත් ඉතින් ඕනි එකක් ඔට්ටුයි හැබැයි මාරි බිස්කට් විශේෂයි.

 

2. කාටුන් බැලීම

Image Source – imgur.com

ඒ දවස්වල ඉස්කෝලේ යන්න කලින් උදෙන් ම ඇහැරෙනවා නයිල් නදී කුමරියි ඇපල් ආදිපාදයි බලන්න. හවසටත් ගාණට ටීවී එක ළඟ ඉන්නවා හවස යන කාටුන් ටිකේ වැඩ අල්ලන්න. ඊට අමතරව කාටුන් තිබ්බ වී එච් එස් කෑලියි සීඩී ඩීවීඩීයි උතුරන්න තිබ්බා. කාලයත් එක්ක ඔතනින් දෙයක් වෙනස් වුණා නම් පෙන්නන කාටුන් ටිකයි ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන කාටුන් බලන්න පටන් ගත්ත එකයි විතරයි. ඉස්සර වගේ ම උද්‍යෝගයකින් කාටුන් බලන්න එවරෙඩි.

 

3. කිරිපිටි සහ සීනි හොරෙන් කෑම

Image Source – seriouseats.com

කවදාවත් කිරි බොන්නේ නැති අයත් මේ දේ කරේ හරියට මස් කන්නේ නැති අය හොදි කනවා වගේ තමයි. ඒ තරම් රහක් ඉතින්. අම්මලට හොරෙන් කුස්සියට රිංගලා කිරිපිටි භාජනෙයි සීනි බෝතලෙයි පන්නනවා. ඊට පස්සෙ අත්ලට යහමින් කිරිපිටි ටිකක් දාලා සීනි එකතු කරගන්නවා. ඕක ඉතින් කනකොට දිව්‍යමය ආහාරෙනේ. එදා අම්මට හොරෙන් කාපු කෑම අද නෝනට හොරෙන් කන අවස්ථා එමටයි. නෝනලාට නම් කාටත් හොරෙන් කන්න ඕනි නෑ නිදහසේ කතෑකි. නිකන් ම කිරිපිටි වගේ ම මයිලෝ කුඩු ගැනත් විශේෂයෙන් කියන්න ඕනි.

 

4. හෙලිකොප්ටර සෙවීම

Image Source – vladey.net

හෙලිකොප්ටර සද්දයක් ඇහුණා නම් උන්නු තැනත් අමතක වෙලා ඒක බලන්න දුවගෙන දුවගෙන ආපු කාලේ අමතක කරන්න බැරි නිසා ඒ චාරිත්‍රේ දිගටම පවත්වාගෙන එන්න කල්පනා කරලා තියෙනවා. මිදුලට පැනලා ඒක ගියපු අතක් හොයාගන්න බැරි උනාම අම්මගෙනුත් අහලා කොහොමහරි හෙලිකොප්ටරේ බලාගන්න එකයි ගෝල් එක.

 

5. අම්මගෙන් කඩචෝරු ඉල්ලීම

Image Source – today.uconn.edu

අම්මා පොළේ යනවා නම් අරවා ගේන්න මේවා ගේන්න කියලා දස වද දුන්නනේ. දැන් ඒක පොඩ්ඩක් සංයමයෙන් තමයි ඉල්ලන්නේ. මුරුක්කු, බූන්දි, ටිපිටිප් වගේ දේවල් හිතේ තියාගෙන අම්මේ එනකොට මොනා හරි ගේන්න කියලා කියනවා. පාර තොටේ යද්දී වුණත් කඩේක එල්ලලා තියෙන මොකක් හරි දහජරාවකට හිත ගියා කියන්නේ ඉතින් ඒක ඕනිමයි කියන එක.

 

6. කෑම හොරු

Image Source – whatamidoinginfrance.blogspot.com

කුස්සියේ මොකක් හරි කෑමක් අඩුම තරමේ පපඩමක් හරි කමක් නෑ හොරෙන් පන්නගන්න එක තමයි සිරිත. කේක් හදනකොට බැටර් එක, කොකිස් වගේ දෙයක් බදිනවා නම් ඒක හදලා ඉවර වෙන්න කලින් අන්තරස්දාන කිරීමේ සුපිරි බලය නොකඩවා පවත්වාගෙන ඇවිත් තියෙනවා.

 

7. අනික් අයට කරදරයක් වී ජීවත් වීම

Image Source – rd.com

අම්මලා අපට නොකිව්වට අපිව හදන්න මොන තරම් නම් කට්ටක් කන්න ඇති ද? බස් එකක යද්දී අඬන්න ගත්තම මුළු බස් එකටමත් වදේ, පරක් කරගන්න බැරි අම්මටත් වදේ. ඒ ලෙවල් එකෙන්ම නැතත් දැනුත් අපි අනික් මිනිස්සුන්ට කරදරයක් නොවී ජීවත් වෙන්න දන්නේ නැහැ. වචනෙකින් හරි අනික් අයගේ හිත් රිදවන්න, අනික් අයගේ වැඩවලට බාධා කරන විදියට හැසිරෙන්න දැන් කලින්ටත් වඩා පුළුවන්.

Cover Image Source – pinterest.com

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *