ඔබත් කරාබුනැටි තෙල් අඩංගු දන්තාලේපයක් භාවිතා කිරීමේ වැදගත්කම

මුඛය සම්බන්ධයෙන් තියෙන උපයෝගීතාවයෙන් ඉහළම ස්වභාවික ඖෂධය මොකද්ද කියල ඇහුවොත් ඒ කරාබුනැටි කියලා කියන්න අපි බොහෝදෙනෙක් දන්නවා වුනත් කරාබුනැටිවලින් මුඛයට තියෙන ප්‍රධානම වාසි මොනවද කියල ඇහුවොත් අපි පැකිලෙන්නට ඉඩ තියෙනවා. මේ සටහන ඒ පැකිලීම නැති කරන්නට වගේම, ඔබේ සෞඛ්‍යය පැත්තෙන් ප්‍රධානම අංගයක් වෙන මුඛ සෞඛ්‍යයේ වැදගත් දෙයක් ගැන ඔබව දැනුවත් කරන්නටයි. ඔබත් ඔබේ සහ ඔබේ පවුලේ මුඛ සෞඛ්‍යය ඉහළින් තබාගන්නට කරාබුනැටි සාරය අඩංගු දන්තාලේපයක් තෝරාගැනීමේ වැදගත්කම අතිශය ඉහළයි.

 

1. විෂබීජ අවම කිරීම

කරාබුනැටි තෙල්වලට ප්‍රධාන වශයෙන් බැක්ටීරියා වර්ග කිහිපයකට එරෙහිව සටන් කිරීමේ හැකියාව තිබෙනවා. මෙයින් ඇතැම් බැක්ටීරියා වෙනුවෙන් ප්‍රතිබැක්ටීරියාකාරක මගින් සටන් කළත් මෙම සියළුම වර්ගයේ බැක්ටීරියා වෙනුවෙන් සටන් කළ හැකි තනි ප්‍රබල ඖෂධය වන්නේ කරාබුනැටි තෙල් වීම සුවිශේෂයි. ඒ අතරින් සුවිශේෂ වන්නේ, සාමාන්‍ය ප්‍රතිබැක්ටීරියාකාරක වලට සටන් කළ නොහැකි දෑ වන Escherichia coli සහ Pseudomonas aeruginosa සමග සටන් කරන්න​ට කරාබුනැටි තෙල්වලට හැකි වීමයි. මෙම සොයාගැනීම බුවනොස්අයර්ස් විශ්වවිද්‍යාල පර්යේෂකයන් විසින් සිදුකරන ලද්දකි.

 

2. දත් පෙළ සුදු කිරීම

බොහෝදෙනෙක් තමුන්ගේ දත් සම්බන්ධයෙන් දරන්නේ එකම මතයක් පමණයි. ඒ දත් දෙපළ සුදු කරගැනීමයි. ඒ වෙනුවෙන් බො​හෝ කෘත්‍රීම ක්‍රමවේද තිබුනත් ඇමරිකානු දන්ත වෛද්‍ය සංගමය පවසන්නේ මෙම නිෂ්පාදනවල ඇති දැඩි රසායනික සංයෝග නිසා එය ඔබේ මුඛයට වගේම පොදුවේ සෞඛ්‍යයට අහිතකර විය හැකි බවයි. එය විදුරුමසට හානි කරන්නට වගේම දත් හැලෙන්නටත් හේතුවක් වේවි. දශක බොහෝමයක් තිස්සේ මිනිසුන් මුඛ සෞඛ්‍යය ඉහළින් තබා ගැනීම වෙනුවෙන් භාවිතා කරන චීන වෛද්‍ය විද්‍යාවේ මෙන්ම ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ මූලිකම ඖෂධයක් වෙන කරාබුනැටි තෙල් මේ වෙනුවෙන් අතිශය යෝග්‍යය. ඔබේ සිනහවට නව එළියක් එක් කරන්නට, දත් පෙළෙහි අව පැහැය දුරු කරන්නට කදිමම ඖෂධයක් ලෙසින් කරාබුනැටි තෙල් හඳුන්වන්නේ එනිසායි.

 

3. මුඛ දුගඳ නැති කිරීම

බොහෝදෙනෙකු අපහසුතාවයට ලක්වෙන දෙයක් විදියට මුඛයේ දුගඳ පිටස්තරයන්ට දැනීම දැක්විය හැකියි. බොහෝවිට තමන්ගේ පෙම්වතා හෝ පෙම්වතිය සමගින්වත් නිදහසේ කතා කරන්නට ඇති ඉඩ වළක්වන දෙයක් විදියට මෙම මුඛ දුගඳ දැක්විය හැකියි. සාමාන්‍යයෙන් සුදුළූණු වැනි යමක් ආහාරයට ගත් පසු මෙවැනි දුගඳක් මුඛයෙන් වහනය වීම සාමාන්‍ය දෙයක් වුවත්, එදිනෙදා ජීවිතයේ සෑම මොහොතකම මුඛයෙන් දුගඳ වහනය වීම ඔබේ පෞරුෂත්වයටත් හානියක් නිසා ඒ වෙනුවෙන් ස්වභාවික ඖෂධයක් වන කරාබුනැටි තෙල් වැනි ප්‍රබල තීව්‍ර සුඝන්ධයක් ඇති යමක් භාවිතා කිරීම අතිශය යෝග්‍යය.

 

4. විදුරුමස් ශක්තිමත් කිරීම

කරාබුනැටි තෙල් සෘජුවම සම්බන්ධ වන දෙයක් ලෙස විදුරුමස් දැක්විය හැකියි. මුඛයේ ආසාදන වගේම වේදනා දනවන බොහෝ අවස්ථා ඉහළ යන්නට හේතුවක් ලෙස විදුරුමස ආශ්‍රිත ආසාදන දැක්විය හැකි අතර ඔබේ දන්තාලේපයේත් කරාබුනැටි තෙල් තිබීම මෙම සියළු වේදනාවන්ට සහනයක් සහ ප්‍රතිකාරයක් වන විදුරුමස ශක්තිමත් කිරීමට හේතුවණු ඇත. විදුරුමසින් ඇති කරන ප්‍රධානතම පීඩාවක් වන ඉඳිකටු තුඩකින් අනිනවා වැනි වේදනාවන් බොහෝදෙනෙකුට එදිනෙදා වැඩ පවා කරන්නට අපහසු කරන, නිදහස් සුව විඳින්නට පවා අපහසු කරවන දෙයක් නිසා ශක්තිමත් නිරෝගී විදුරුමසක් වෙනුවෙන් කරාබුනැටි තෙල් අඩංගු දන්තාලේපයක් භාවිතා කිරීම යෝග්‍ය වණු ඇත.

 

5. දත් දිරායෑම වැළැක්වීම

මුඛය අවලස්සන කරන ප්‍රධානම දෙයක් විදියට දත් හැලීයාම දැක්විය හැකියි. මෙය බොහෝදෙනෙකුගේ සිනහාවට බලපෑමක් කරන දෙයක්. ඒ වෙනුවෙන් කෘත්‍රීම දත් පැළඳීම වැනි දේ කරන්නට පෙර විනාශයේ මූලය නැසීම හෙවත් දත් දිරායෑම අවම කිරීම සහ වලක්වා ගැනීමට අප යොමු විය යුතුමයි. ඔබේ මුඛ සෞඛ්‍යය හීන වීම මුඛයට පමණක් නොව පොදුවේ සිරුරටම බලපාන දෙයක් නිසා ඒ පිළිබඳ අප සැමගේ අවධානය යොමුවීම වැදගත් වෙයි. දතක් දිරාපත් වීම දතක අභ්‍යන්තරයේ ඇති දතේ ස්නායු පිටතට විවර වීමට සහ පහසුවෙන් අභියෝගයන්ට ලක්වීමට හේතුවකි. බොහෝදෙනෙකුට දත් හිරිවැටී යනු දැනෙන්නේ මෙම තත්ත්වය නිසාවෙනි. එයට හොඳම ප්‍රතිකාරය වන්නේ දතක හිරිවැටීම නැති කරන්නට ස්නායු මරාදැමීම නොව දත් හිරි නොවැටෙන තරමට දතක් ශක්තිමත් කිරීමය. කරාබු නැටි තෙල් ඒ වෙනුවෙන් ඇති හොඳම ඖෂධයයි.

සැළකිය යුතුයි – විශේෂයෙන්ම කරාබුනැටි වල සාරය හොඳින්ම ග්‍රහණය කරගන්නා කරාබු නැටි තෙල් ඔබේ දන්තාලේපයේ අඩංගු වෙනවාදැයි සොයාබලන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *