පාටියකදී අමුත්තන්ව පිනවන්න ලේසියෙන්ම හදාගත හැකි ෆින්ගර් බයිට්ස්

ෆින්ගර් බයිට්ස්… පොඩි පාර්ටියකට, හවසකට මොනා හරි හපන්න හිතුනම, අමුත්තො ටිකක් එද්දි තේ වෙලාවකට වගේ ලේසියෙන් හදාගන්න පුළුවන් ෆින්ගර් බයිට්ස් ටිකක් ඔයාලට ගේන්න අපි හිතුව.

 

1. බේකන් රැප්ඩ් මිනි සොසේජස්

Image Source – lilluna.com

අවශ්‍ය ද්‍රව්‍ය

  1. බේකන් තීරු
  2. මිනි සොසේජස් හෝ දෙකට කපාගත් සාමාන්‍ය සොසේජස්
  3. මී පැණි
  4. ගම්මිරිස් කුඩු
  • බේකන් තීරු ටික පෑන් එකක දමා යන්තම් බැදගන්න. ක්‍රිස්පි වෙන තරමට බදින්න එපා. බැදගත් බේකන් ටික මදක් නිවුණු පසු ඒවායින් සොසේජස් ඔතාගන්න. රැඳවීමට ටූත්පික් එකක් පාවිච්චි කරන්න.
  • බේක් කරගත හැකි තැටියක තබා මීපැණි සහ ගම්මිරිස් උඩින් දමාගෙන සෙල්සියස් 200ට ප්‍රීහීට් කළ අවන් එකක විනාඩි 20-25ක් බේක් කරගන්න.

 

2. චීස් ඇන්ඩ් අනියන් පෆ්ස්

Image Source – euphoricvegan.com

අවශ්‍ය ද්‍රව්‍ය

  1. පේස්ට්‍රි ශීට් එකක්
  2. ක්‍රීම් චීස්
  3. චොප් කරගත් ළූණු
  4. චොප් කරගත් පාස්ලි
  5. ගම්මිරිස් කුඩු
  • පේස්ට්‍රි ශීට් එක පැකට්ටුවේ පරිදි තුනී කරගන්න. අඟල් එකහමාරක දෙකක පමණ විෂ්කම්භයක් සහිත රවුම් කපාගන්න.
  • තෙල් කඩදාසියක් දමාගත් තැටියක තබා සෙල්සියස් 170ට ප්‍රී හීට් කළ අවන් එකක විනාඩි 20ක් පමණ බේක් කරගන්න.
  • බේක් කරගත් පේස්ට්‍රි නිවෙන්නට හරින්න. ඉතිරි ද්‍රව්‍ය සියල්ල එකට එක් කර ගෑරප්පුවකින් හොඳින් බීට් කර මිශ්‍රණය මැදට දමා පේස්ට්‍රි රවුම් සැන්ඩ්විච් කරගන්න.

 

3. එග් ඇන්ඩ් චීස් විත් ගාලික් බ්‍රෙඩ්

Image Source – yellowblissroad.com

අවශ්‍ය ද්‍රව්‍ය

  1. පෙති කපාගත් ගාලික් බ්‍රෙඩ් එකක්
  2. තම්බා පොඩි කරගත් බිත්තර
  3. චොප් කරගත් ළූණු
  4. චොප් කරගත් අමු මිරිස්
  5. ලුණු
  6. ගම්මිරිස්
  7. චීස් වෙජස් කීපයක්
  • බිත්තර වලට ගාලික් බ්‍රෙඩ් හැර අනෙක් ද්‍රව්‍ය සියල්ල එක් කර මිශ්‍ර කරගන්න. ගාලික් බ්‍රෙඩ් පෙති ටික පෑන් එකක දමා එක පැත්තක් මදක් ටෝස්ට් කරගෙන සාදාගත් බිත්තර මිශ්‍රණය එය උඩින් තවරාගන්න.

 

4. ෂ්‍රිම්ප් ශෙල්ස්

Image Source – jessicagavin.com

අවශ්‍ය ද්‍රව්‍ය

  1. පොතු ඉවත් කර පිරිසිදු කර තම්බාගත් ඉස්සන්
  2. දෙහි යුශ
  3. චොප් කරගත් ළූණු
  4. ස්ප්‍රින් රෝල් ශීට්ස්
  5. ක්‍රීම් චීස්
  6. චොප් කරගත් පාස්ලි
  7. සෝයා සෝස්
  • චීස්, දෙහි, ළූණු, සෝයා සෝස් සහ පාස්ලි එකට මිශ්‍ර කරගන්න.
  • ස්ප්‍රින්ග් රෝල් ශීට්ස් වලින් කුඩා කොටු කපා මෆින් ට්‍රේ එකක කප්ස් වලට දමාගන්න. ඒවා මැදට තරමක් බරට හිටින ලෙස ෆොයිල් කොළ ගුලි දමාගෙන විනාඩි 12ක් පමණ බේක් කරගන්න.
  • බේක් කරගත් කප්ස් වලට චීස් මිශ්‍රණය පුරවා, ඊට උඩින් ඉස්සන් තබා පිලිගන්වන්න.

 

5. ස්ටෆ්ඩ් මිනි පෙපර්ස්

Image Source – thepioneerwoman.com

අවශ්‍ය ද්‍රව්‍ය

  1. තම්බා පොඩි කරගත් කඩල
  2. කොත්තමල්ලි කොළ ටිකක්
  3. සූදුරු ඇට ටිකක්
  4. ෆ්‍රෙශ් මිල්ක් ටිකක්
  5. ලුණු
  6. විනාකිරි තේ හැන්දක්
  7. රතු බෙල් පෙපර් පොඩි ගෙඩි කීපයක්
  • බෙල් පෙපර් දෙකට කපා ඇට ඉවත් කරගන්න. තෙල් චුට්ටක් රත් වෙන්න තියල ඒකට සූදුරු ඇට ටික දාල යන්තම් බැදෙන කොටම කඩල සහ අනෙක් ද්‍රව්‍ය එක් කරගෙන හොඳින් මිශ්‍ර කරගන්න.
  • සාදාගත් කඩල මිශ්‍රණය බෙල් පෙපර් වලට පුරවා ශීත කර පිලිගන්වන්න.
  • කඩල වෙනුවට අවශ්‍ය නම් අල උනත් ගන්න පුළුවන්.

 

6. කියුකම්බර් කැනපීස්

Image Source – tasteofhome.com

අවශ්‍ය ද්‍රව්‍ය

  1. පෙති කපාගත් පිපිඤ්ඤා
  2. රවුම් කපාගත් පාන් පෙති
  3. මයෝනේස්
  4. චොප් කරගත් ළූණු, අමුමිරිස්
  5. ගම්මිරිස් කුඩු
  6. ලුණු
  7. චීස් වෙජස්
  8. වියලි ඔරිගානෝ
  • පාන් සහ පිපිඤ්ඤා හැර අනෙක් සියල්ලම එකට එක් කර හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. පැය කීපයක් ශීතකරගන්න.
  • පාන් රවුමකට සාදාගත් මිශ්‍රණය තවරා එයට උඩින් පිපිඤ්ඤා පෙත්තක් තබා පිළිගන්වන්න.

 

7. චිලි ලයිම් රෝස්ටඩ් චික්පීස්

Image Source – cookinglight.com

අවශ්‍ය ද්‍රව්‍ය

  1. තම්බාගත් කඩල
  2. තෙල් මේස හැන්දක් පමණ
  3. රස අනුව මිරිස් කුඩු
  4. කුඩු කරගත් සූදුරු
  5. ලුණු
  6. දෙහි යුශ
  7. ගාගත් දෙහි ලෙල්ල
  • තම්බාගත් කඩල ටික සෙල්සියස් 200ට විනාඩි 45ක් පමණ බේක් කරගන්න. නැතිනම් ක්‍රිස්පි ගතියට එන තුරු තෙලේ බැදගන්න.
  • වෙනම භාජනයක ඉතිරි ද්‍රව්‍ය සියල්ලම හොඳින් මිශ්‍ර කරගන්න.
  • බේක් කරගත් හෝ බැදගත් කඩල මේ මිශ්‍රණයට එක් කර හොඳින් මිශ්‍ර කරගන්න.

Cover Image Source – taste.com.au

 

 

zvr
Your Reaction

Comments