ක්‍රිකට් ක්‍රීඩකයෙක් කියන්නෙ හැමෝම වෙන්න පෙරුම් පුරාගෙන බලං ඉන්න චරිතයක්. ඒකට හේතු කිහිපයක් තියෙනවා. අංක එක තමයි සල්ලි. අංක දෙක තමයි ප්‍රසිද්ධිය සහ අගය. අංක තුන තමයි අවුරුදු හතලිහෙන් මහන්සි වෙන රස්සාව ඉවර වීම. එතැන්සිට ආතල් රැකියා රැසක් තිබීම. අංක හතර තමයි මහන්සි වුනත් මහන්සි වෙන්න සිද්ධ වෙන්නෙ ක්‍රිකට් ගහන්න වීම. අංක පහ තමයි රට රටවල යන්න ලැබීම. මෙන්න මේ වගේ වාසි රැසක් තියෙද්දි හැමෝටම හිතෙන්නෙ ලංකාවෙ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුනොත් ෂෝක් කියලයි. හැබැයි ඒක ෂෝක් නෑ. ඒකෙ තියෙනව ලොකු අවුල් ගොඩක්. ඒ අවුල් ගොඩ මොනවද කියල කිවුවොත් ඔයාලට මේ කරගෙන ඉන්න රස්සාව මාසෙට ලකුණු දෙකක් ගහලා ලක්ෂ විස්සක් හොයනවට වඩා කොච්චර ෂෝක්ද කියලා හිතේවි.
1. හන්නේහ්!
අපේ උන්දලට පේන්න බැහැනෙ සල්ලි තියෙන උන්ව. කෙල්ලෙක් තියෙන සල්ලිවලින් මගුලක් ගත්තොත් ඇයි මගුල් ගත්තෙ අසරණයොන්ට කන්න දෙන්න තිබ්බා නේද කියල අහයි. සල්ලිකාරයෙක්ගෙ දරුවෙක් ටැබ් එකක් පාවිච්චි කරනව දැක්කොත්, පොඩි ළමයින් දහදෙනෙකුගේ මාසෙක වේල පිරිමහන්න තිබ්බා නේද කියලා අහයි. ඔය දේශප්‍රේමෙ යටින් එන්නෙ කුහකකමනෙ මහත්තයො. මාසෙට පඩිය මිලියන දෙකයි. ඇඩ්වලින් වෙනම ලක්ෂ ගණං හම්බෙනවා කියල දැනගත්තම හූල්ලනව හීල්ලිල්ලක් ස්විස් බැංකුවෙ සල්ලි ලංකාවට ඇදිලා එන්න තරමට. ඊටහපං ආධාරකාරයො. ක්‍රිකට් ක්‍රීඩකයො නං ප්‍රැක්ටිස් ගියා කියල ෂේප් වෙන්න පුළුවන්. වයිෆ්ලා ගේ ඇතුළට වෙලා දොර වහගෙන ෂේප් වෙන්න පුළුවන්. හැබැයි අම්මා තාත්තාටවත් ආධාරකරයො ඉන්න දෙන්නෙ නෑ. නොදුන්නම කියන කතාවලට වයිඩ් යන බෝලත් විකට් එකට එනවා.
2. දෙන ඇඳුම අඳින්න සිද්ධ වෙනවා
දැන් අපිනං ඔෆිස් යන්න තෝරගන්නෙ අපි කැමති ඇඳුම. පාටියකට යන්න අඳින්නෙ අපි කැමති ඇඳුම. මේකෙ එහෙම බෑ. එයාපෝට් එකට යන්න ඕන ක්‍රිකට් බෝඩ් එකෙන් දෙන ඇඳුමෙන්. ෆොටෝවලට ඉන්න ඕන ඒකට දෙන ඇඳුමෙන්. ඒවා නැතිවුනොත් දඩ ගෙවන්නත් ඕන. ක්‍රිකට් ගහන්න අඳින්න තියෙන්නෙත් ඒ වගේ උලවු. සමහර දාට ඩිසයින් කරන එකා ස්පොන්සර් බැනර් එක ගහනව පපුවෙ ඉඳන් බුරිය වැහෙනකංම. සමහර දාට මල් සමනල්ලු වගේ දේදුනු පාට. දෙන රෙද්ද ලස්සන එකක් දියවු! කැතේ බෑ. යාන්තං ඉඳලා ඉඳලා ලස්සන ඇඳුමක් ආවොත් ඒක තියෙන්නෙ සති දෙකයි.
3. දිනන දාට කොල්ලෝ
හප්පේ එක මැච් එකක් දිනුවම කට්ටිය තියනව උඩින් කියන්නෙ මුරුංගා අතු මුදුනෙන්. හැබැයි ඉතිං අපේ ක්‍රිකට් ටීම් එක ටක් ගාලා ආයෙ එයාලගෙ සුපුරුදු රිද්මෙට එනවා. ඒ ආවට පස්සෙ බලන්නෙපැයි බයින බැනිල්ල. සෙල්ලං කරන උන්ට. උන්ගෙ පවුලෙ උන්ට. උන්ගෙ ඉස්කෝලවලට. ඉස්කෝලවල පුහුණුකාරයොන්ට. තේරීම් කාරක සභාවට, ඉස්සර ක්‍රිකට් ගහපු උන්ට, අම්පයර්ලට, අනිත් පැත්තෙ ටීම් එකේ උන්ට, වතුර අදින උන්ට, පිටිය තලන උන්ට, සපෝට් කරන උන්ට, කෝච්ට, මැනේජර්ට, ක්‍රීඩා ඇමතිට, නියෝජ්‍ය ඇමතිට, ක්‍රිකට් බෝඩ් එකට, විස්තර විචාරකයොන්ට, ජනාධිපතිට, පෙන්නපු චැනල් එකට යනාදී වූ සියල්ලන්ට බැනුං අහන්න වෙනවා. ඊට වඩා හොඳයි අට පහ රස්සාවක් කරගෙන ඉන්න එක.
4. යටත් විජිතෙ බ්‍රෝ
අපේ උන්ගෙ මූණු දාගෙන ගමන් යන්න සුද්දො අපිට කෝච්චි දුන්නට, අපිත් ඉතිං යටත් විජිතෙ කොල්ලො වුනාට, සුද්ද අපිට ඉංගිරිසිය දුන්නෙ නැහැනෙ බ්‍රෝ. ඉතිං ප්‍රශ්න. හොඳට ලකුණු ගහපු දාට ගහපු එකා වෙවුලනව අනිත් උන්ට වඩා. වැරදිලාවත් මෑන් ඔෆ් ද මැච් හම්බුනොත් මොන දෙයියන්ට කියන්නද? මොකෝ හැරිලා දුවන්නයෑ අරූ කෑ ගහනවනෙ. අර පත චෙක් එකෙන් මූණ වහගෙන එන්න විදියකුත් නෑ. ඉතිං කොරා සහ අන්ධයා වගේ තව එකෙකුගෙ කන වැල අල්ලගෙන ඕන අරූ ගාවට යන්න. ඉතිං ගියාට පස්සෙ ඌ අහනව පිච් එක ගැන, වත්තෙ හුලං ගැන, අනිත් පැත්තෙ උන්ගෙ හැකියාවන් ගැන ආදී වූ කාරණා රැසක්. කාලා වරෙන්කො ඉතිං. ඊටත් වඩා මැච් පැරදුනාම චන්දිමාල් ගොයියා ටීම් එකේ වෙනිං උන්ව ප්‍රෙස් බ්‍රීෆිං එකට යවලා ෂේප් වෙනවා. හොදි ඕන්නෑ ඉතිං.
5. ගෑණු වලි
හප්පා ක්‍රිකට් ගහන උන්ගෙ කියලා නෑ ගෑණු වලියකට සෙට් වුනොත් ඉතිං රෙදි ඉල්ලෙ නෙ. තැනකට එක්කං ගියොත් නං අතින්වත් අල්ලගෙන ඉන්න පුළුවන්. ඒත් ෆේස්බුක්වලින් කොහොම කියලා වහන්නද? මුං කියාගන්න කතාවලට ක්‍රිකට් ගහන උන් යන්නෝන මහ උන්ගෙන් සමාව ඉල්ලන්න. අනික ඔය ක්‍රිකට් ගහන පොෂ් බුවාලගෙ ගෑණු ඔහොම මරාන්නවනං අපේ උන්දලා නිකනුත් කියන කතාවල හැටියට ආයෙ සික්සසයිඩ් එකක්වත් ගහන්න ගන්නෑ අපිව.
6. නිදහස
ක්‍රිකට් ගැහුවම ඉතිං සැප කනේ කියලනෙ කියන්නෙ. යාන වහන, සේවකයො, ගෙවල් දොරවල්, රට සවාරි වගේ මොක තිබ්බත් වැඩක් තියෙනවද නිදහසේ ඩ්‍රින්ක් එකක් දාන්න බැරුව. පූල් එකේ බැහැලා ෂොට් එකක් දානව දැක්කොත් මොකෙක් හරි වීඩියෝ කරලා දානව ෆේස්බුක්. ඉතිං ප්‍රජාවම බනින්න පටන්ගන්නව මූට ක්‍රිකට් ගහගන්න බැරි වුනේ මේ විස්කි ෂොට් එක නිසා කියල. කරුමෙට ඕක පත්තරෙන් දැකලා රටේ මහ මනුස්සයා ලංකාවෙ විස්කි තහනං කළොත් ඒ සාපෙත් අපේ පිටටමයි.
7. කැපකිරීම්
හැමදාම මළ පාන්දර ඇහැරෙන්න වෙනවා. උන් කියන දේවල් කන්න වෙනවා. උන් කියන දේවල් බොන්න වෙනවා. වෙලාවට ප්‍රැක්ටිස් යන්න වෙනවා. මැච්වල පෆෝම් කරන්න වෙනවා. එක්සසයිස් කරන්න වෙනවා. රටෙන් රටට යනව මදිවට ඒ ටයිම් සෝන්වලට හැඩගැහිලා වැඩ කරන්න වෙනවා. කෝච් කියන බහුබූතවලට නටන්න වෙනවා. වරදින තැන් හොය හොය හදාගන්න වෙනවා. ෆේස්බුක්වලින් බැනලා තියෙන විදිය දැක්කම ඇඬෙන්න ආවත්, ඊළඟ එකේ සීයක් දාගත්තොත් මුංට මේවා අමතක නිසා කොහොමහරි බැරි අමාරුවෙන් ප්‍රැක්ටිස් කරනවා.
Leave a Reply