ආයෙමත් දවසක – 17 කොටස

16 කොටස මෙතනින් කියවන්න

 

17 කොටස

නින්දක් දාගෙන ගිහින් නදික ඇහැරෙද්දි තිබුනෙ පුරුදු වටපිටාවක් නෙමෙයි. නදික තරමක් දුර වැඩිපුර ගිහින් කියලා නදිකට තේරුණා. කාර්වලට වඩා බස් එකේ සැපට නින්ද යනවා කියලත් නදිකට තේරුණා. බස් එකෙන් බැහැලා නදික ඌබර් එකක් දාගෙන ඔෆිස් ගියා. නදික සීට් එකෙන් වාඩි වුනා. අශිනි ලෝකෙටම හොරෙන් නදිකගෙ අත තදකරලා ඇල්ලුවා. නදික අත අයින් කරගත්ත. බොස් කතා කළා කියල අශිනි කිසිම හැඟීමක් නැතුව කිවුවා.

නදික බොස්ගෙ රූම් එකට ගියා.

“අංකල් අද ඔෆිස්?”

“ඔවු පුතා ඉඳලා හිටලාවත් එන්නෙපැයි”

“අංකල් හෙවුව කියල අශිනි අක්කා කිවුව”

“අහ් ඔවු. මං පොඩි චෝදනාවකට එන්න කිවුවෙ”

“ඒ මොකද අංකල්?”

“ඊයෙ මොකෝ අපේ ගෙදර ගාවටම ඇවිත් හැරිලා ගියේ?”

“ආහ්… අංකල්ගෙ දූ එන්න කිවුවෙ නැහැනෙ”

“දූ මට කිවුවෙ ඔයාට එන්න කිවුවට ආවෙ නෑ කියලනෙ”

“බොරු අංකල්”

“දූ මට කිවුව ඔයා ඩ්‍රින්ක් එකක් ගන්න යන්න ඕන කියල ගියා කියල”

“බොරු අංකල්. මං ඩ්‍රින්ක් එකක් ගත්තා තමයි”

“ඒකනෙ…”

“නෑ. හැබැයි මං අංකල්ලගෙ ගෙදර එන්න බෑ කියල නෙමෙයි ගියේ”

“පුතා… ඔයාට අපේ ගෙදර එන්න එහෙම ඉන්වයිට් කරන්න ඕන නෑ හොඳද?”

“හරි අංකල්”

“කොහොමද වැඩ කරගෙන යන්න ලේසිද?”

“ඔවු අංකල්”

“අශිනි සැරයිද?”

“නෑ අංකල්”

“කිසිම ප්‍රශ්නයක් නැහැනෙ. වැඩවලවත්?”

“නෑ අංකල්”

“හැබැයි මෙච්චරකල් හොඳට වැඩ කරගෙන හිටපු අශිනි නං දැන් එච්චර හරි නෑ”

“ඇයි අංකල්?”

“මීටින් එකකට ආවත් වෙනද තරං ඇක්ටිවු නෑ”

“මට නං එහෙම දෙයක් තේරුණේ නෑ අංකල්”

“ඉස්සර එයා හොඳට වැඩ කළා. අද උදේ වොෂ් රූම් එකට වෙලා ඇඬුව”

“අංකල් කොහොමද දැනගත්තෙ?”

“මං එතනින් එද්දි මට එළියට ඇහුනා අඬන සද්දෙ. පස්සෙ දැක්කෙ අශිනිගෙ ඇස් රතුවෙලා එළියට ආවෙ”

“හප්පා”

“කොල්ලෙකුගෙ ප්‍රශ්නයක්ද දන්නෑ?”

“ඒකනං දන්නෑ අංකල්”

“පුතා පුළුවන්නං පොඩ්ඩක් එයාට කතා කරලා බලන්න”

“හරි අංකල්”

“බලල මට කියන්න”

“හරි අංකල්”

“හොඳට වැඩ කරපු කෙල්ල…”

“හ්ම්ම්ම්”

“ඔයාලා ලන්ච්වලට එළියට යන්න. ඕනනං මං කිවුව කියලම පොඩි ඔෆිස් වැඩක් කියල එළියට යන්න”

“හරි අංකල්”

නදික සීට් එකට ගියා. නදිකට අශිනිට කියන්න විදියක් නෑ බොස් දෙන්නට ලන්ච් අවුට් එකකට එළියට යන්න කිවුව කියල. ඒක කියන්න විදියක් හිතද්දිම බොස් ඇවිත් කිවුව, අලුත් ප්‍රොජෙක්ට් එකකට ප්‍රපෝසල් එකක් ඕන කතාවක්, දෙන්න ලන්ච් අවුට් එකකට ගිහිල්ල ඒක ගැන ඩිස්කස් කරන්න කියල. නදික සැනසුම් සුසුම් හෙළුවා.

***************************************************

අංකල් කියපු කිසිම දෙයක් කතා කරන්න නදිකට වුනේ නෑ. ඒ වෙද්දිත් ඕඩර් කරපු කෑම මේසෙ උඩ සීතල වෙවී තිබුණෙ. අශිනි නදිකගෙ අත උඩ මූණ තියාගෙන කඳුළු පෙර පෙර හිටියෙ. ඔෆිස් එක කිට්ටුව ප්ලේස් එකක් නිසා නදික බයෙන් සලිත වෙලා හිටියෙ. කවුරු දකීද කියන බය ඇරෙන්න අශිනි මුනුමුනු ගගා කියපු කිසිම දෙයක් නදිකට ඇහුනෙ නෑ. නදික මෙච්චරකල් සිද්ධ වෙච්ච හැම ආදර සම්බන්ධයක්ම ඇඟේ පතේ නොගෑවෙන්නෙ ෂේප් එකේ කරගෙන ගියාට මොකද මේ කතාව මේ දැන් අවුලක් යයි කියල හිතෙන තැනට නදිකගෙ හිත අසරණ වෙලා තිබුණා.

“අක්කා මේ අහන්න”

“මොකද්ද?”

“ඔයා දැන් අඬන්නෙ නැතුව ඉන්න”

“කොහොමද එහෙම ඉන්නෙ?”

“හිර කරගෙන ඉන්න”

“එතකොට?”

“නැත්තං මෙතන කට්ටිය දකිනවනෙ?”

“ඔයාට මගේ දුක ගැන නෙමෙයිද අවුල? කට්ටිය දකින එකද?”

“දෙකම”

“දැන් ඔයා මොකද කියන්නෙ?”

“මං දන්නව ඔයා දුකෙන් ඉන්නෙ කියල”

“ඉතිං?”

“ඒත් මං කියල මොනවද කරන්නෙ?”

“ඔයාට තමයි මල්ලි ඔක්කොම කරන්න තියෙන්නෙ”

“දැන් මං මොකද්ද ඔයාට කරන්න ඕන?”

“ඔයා මාව දාලා යන්නෙ මං මොනව කරපු නිසාද කියන්න?”

“මං ඔයාව දාලා යන්නෙ මං ඔයාට ආදරේ හින්දා”

“ඇයි?”

“මං මට ආදරේ නැති නිසා”

“ඇයි ඒ?”

“ඒක තමයි අක්කා මගෙ විදිය”

“ඔයා මට මොකද්ද කරන්න කියන්නෙ?”

“මුලින්ම අඬන්නෙ නැතුව ඉන්න”

“හරි”

“දැන් ඔයා මං කියන දේ අහන්න”

මොකද්ද දැන් ඔයා කියන්නෙ?

“අක්කා ඔයාට හිත හදාගන්න වෙනව”

“හරි. ඔයා කැමති නැත්තෙ මං අවුරුදු 8ක් වැඩිමල් නිසාද?”

“ඔයා කැමති විදියකට හේතුව හිතාගන්න අක්කා”

“හරි”

“හරි හැබැයි දේවල් ටිකක් තියෙනවා ඔයා එකඟ වෙන්නෝන”

“ඒ මොනවද?”

“මුල්ම එක ඔයා කිසිම මොහොතක මට පේන්න හෝ නොපෙනෙන්න දුකෙන් ඉන්න බෑ”

“ඇයි?”

“මොකද මට දුක හිතෙනව. මම ඔයාව දාලා ගියාට මම ඔයාට ආදරෙයිනෙ”

“ඔයා මේක පුරුද්දකට කරනවද මල්ලි?”

“මොකද්ද?”

“කෙල්ලො එක්ක ඉඳලා දාලා යන එක”

“නෑ අක්කෙ. ඔයා කැමති විදියකට හිතාගන්න”

*****************************

How’s going

ඒ අශිනිගෙ දුක්ගැනවිල්ල සමථයකට පත් කරලා යද්දි සියුමිගෙන් ඇවිල්ලා තිබුණු ටෙක්ස්ට් එක. මේ මෙසේජ් එක ඇවිත් දැනටමත් පැය බාගෙකට වැඩි නිසා නදික තීරණය කළා සියුමිව රස්තියාදු කරවන්න. ඊයෙ කතාවෙන් පස්සෙ හෂිනි ආයෙ කතා කරපු නැති නිසා, එයා තත්ත්වෙ තේරුම් ගත්ත තත්ත්වයක් තියෙනවා ඇති කියලා නදික හිතුවා. අද වැඩ ඉවර කරලා, මේ ප්‍රශ්න අමතක වෙන්නත් එක්ක හොඳ නින්දක් දාන්න නදික හිතුවත් රාත්‍රිය ගෙවුනෙ යාළුවො එක්ක ජෝතිගෙයි මිල්ටන්ගෙයි සින්දු අස්සෙ, දෙවරක් පෙරූ රන් පැහැ බීමක් බිබී.

පහුවදා උදේ ලිෆ්ට් එකෙන් ෆයිනෑන්ස් ෆ්ලෝ එකට යද්දිම ලිෆ්ට් දොර ඇරෙන ඉස්සරහ හිටියෙ සියුමි. සියුමි හිනාවක් දැම්මා. නදික වැඩිය ගණං නොගෙන සීට් එකට ගියා.

zvr
Your Reaction

Comments