රියැලිටි තරඟ කියන්නෙ චැනල් වලිනුත් තරඟෙට කරන වැඩක්. එකාට එකා එකින් එකට වෙනස් තරඟ කරන්නෙ කොපි කරලා වුනාට තමුන්ම මුලින් කරා කියල තමයි එයාලගෙ කතාව යන්නෙ. කොහොමින් කොහොම වුනත් මේකෙන් ඒ ඒ අදාළ ක්ෂේත්‍රවලට කෙසේ වෙතත් වෙනත් වාසි සිද්ධ වෙන පිරිස් ඉන්නවා. මේ විදියට අදාළ කාරණයෙන් බැහැරව වාසි සිද්ධ වෙන රියැලිටි තරඟ වැඩි වැඩියෙන් මේ පුණ්‍ය භූමියේ පහළ වේවා කියල අපි ප්‍රාර්ථනා කරන්නෙ ඒකයි.
1. හොට බිම ඇනුණු වෘත්තීයවේදීන්
දැන් ඔය හොට බිම ඇනිච්ච ඉස්සර පොරවල් ඉන්නවනෙ. දැන් ඩාන්සින් ක්ලාස් එකේ තමුන්ගෙ වයිෆ් විතරක් ඉන්න නැට්ටුවො, පුතාලා විසින් බිස්නස් රන් කරන බිස්නස්කාරයො, තාලෙට සා කියාගන්න බැරි ඉස්සර සංගීත ඔස්තාද්ලා, සෙවන්ටීස්වල රූප සුන්දරියො, ස්ටේජ් නගින්න අවස්ථාවක් නැති රැඩිකල් සිඟර්ස්ලා, විශ්‍රාම ගියාට පස්සෙ කෝච් පදවි කමෙන්ටේටර් පදවි හම්බුනේ නැති ක්‍රිකට් ක්‍රීඩකයො, දේශපාලකයොන්ට ටෝක් දීගන්න අවස්ථාවක් නැති ජෝතීර්වේදීන් ඇතුළු දත් නොදත් වෘත්තියවේදීන් රැසකට මේ තරඟ නිසා විනිශ්චයකාරයො විදියට ජොබ් ලැබෙනවා. මොකද ඔය තරඟ තියන චැනල් හතක් අටක් තියෙනව. එවුවයෙ නැටුම්, ගැයුම්, ළමා, වැඩිහිටි, වෙනත් දක්ෂතා, රණවිරු, රටවිරු ඇතුළු අටෝරාසියක් තරඟ තියෙනවා. එයින් එකකට විනිශ්චයකාර පුටු 4ක් විතර තියෙනවා. අවුරුද්දක් පතා මේ තරඟ අලුත් වෙනවා. ඉතිං ඕන එකෙක්ට චාන්ස් ලැබෙනවා.
2. ඒ ඒ වැඩේට ඒ ඒ බෙහෙත්
දැන් ඔය විශේෂ දක්ෂතා දක්වන්න, ගයන්න, නටන්න වගේ තරඟ තොගයක් තියෙනවනෙ. දැන් ඒ තරඟවලට උවමනා වෙන ඒ ඒ වෙදකං තියෙනවා. දැන් සින්දු කියන අයට උගුර පාදන බෙහෙත් කරන අය ගොඩයනවා. වැල්මී, සූකිරි නිෂ්පාදකයො ගොඩයනවා. හුස්ම ගැනීමේ එක්සසයිස් කරන අය ගොඩ යනවා. නැටුම් අඩියක් හදල දෙන්න පුළුවන් ගුරාලා, පුරුදු නැති උන් නටලා උකුල පැන්නම බෙහෙත් කරන බුවාලා, නටන්න පුළුවන් ගාණට බඩ අඩු කරවලා දෙන බුවාලා ඇතුළු අය ගොඩ යනවා. විශේෂ හැකියාවන් පෙන්නන්න උළු කැඩුවම තුවාලවලට බෙහෙත් දාන වෙද්දු, ඇඹරුනාම තුනටිය අත පයවලට තෙල් වෙද්දු ආදී ලෙසින් ගොඩ වෙදකමේ හැකියාව තියෙන අයට මෙතන ඉඩක් හැදෙනවා.
3. භාණ්ඩ සප්ලයි
දැන් ඔය වැඩවලට අවශ්‍ය භාණ්ඩ සප්ලයි කිරීමේ හැකියාවත් කට්ටියකට හිමි වෙනවා. දැන් අවසන් වට වලදිනම් කෝට්වලට, සාරිවලට ස්පොන්සර් කළාට මුල් වටවල ඔහොම නෑ. එහෙමයි කියල හැමදාම එකම ඩෙනිම ගහලා යන්නත් බැරි නිසා කට්ටිය ඇඳුම් රෙන්ට් කරනව. ඊටපස්සෙ ආභරණ, නැටුම්වලට ඕනකරන ආයිත්තම් විතරක් නෙමෙයි, කඩන්න උලු කැට, උඩ ඉඳන් පනින්න ඉනිමං වගේ වේලි වේලි තියෙන හාඩ්වෙයාර්වලට සුපිරි දවස් විදියට මේ රියැලිටි සීසන් හඳුන්වාදෙන්නට පුළුවන්.
4. කටින් මාකටින්
දැන් ඔය ඉස්සර තිබ්බ මාකටින් ට්‍රෙන්ඩ්ස් දැන් හරියන්නෙ නැති නිසා හොට බිම ඇනිච්ච මාකටින් කරපු බුවාස්ලට පුළුවන්කම තියෙනවා තමන්ගෙ හැකියාවෙන් ආයෙ ප්‍රයෝජනයක් අරගන්න. ඒ තමයි කැම්පේන් භාරගන්න එක. දැන් අර කිවුව රියැලිටි තරඟ අටෝරාසියේ අවසන් තරඟකරුවො දහදෙනාව බෙදාගෙන, ඒ ඒ අයගෙ පීආර් කැම්පේන්, එස්එම්එස් කැම්පේන්, උත්සව ආරාධනා කෝඩිනේට් කිරීමේ හැකියාව ඒ අයට තියෙනවා. ඔය අලුතෙන් ඇවිත් හෙණ උනෙන් ඉන්න පුංචි පුංචි තරුවලටත් තමුන්ටම කියල මාකටින් කරන බුවෙක් සිටීම වැදගත්නෙ.
5. විශිෂ්ටතම පරාජිතයා
තරඟෙන් පරාජය වුනත්, තමුන්ට ගායනයේ සා යන්නවත් ගාගන්න බැරි වුනත් මේ වගේ තරඟයකින් ගොඩ යෑමේ පුළුවන්කම තියෙනවා. අනුකම්පාව දාලත් බැරිම වෙන අයට පුළුවන්කම තියෙනවා මෝඩ පාට් එක දාන්න. ඒක හරිම රසට විකුණන්න ටීවී ඈයො හරි ආසයි. ඒ නිසාම ගොං පාට් දදා දවසම හිටියොත් පස්සෙ කාලෙක ෆිල්ම්වල රඟපාන්න වගේම ටීවී ෂෝ හොස්ට් කරන්නත් පුළුවන් වේවි.
6. බත් තරඟය
දැන් ඔය මූලික තරඟ කියන ජාතිය තියෙනවනෙ. ඔවුව තියෙනව කියල ආරංචි වුනාම පුංචි කාලෙ රෝස මලේ කියන්න කියල පන්තියෙදි කිවුවම, ඒ කිවුවෙ යෝවද තම්පව කියල හිතලා ටීචර් පන්තියෙන් එළියට දාපු එවුවොත් ඔය මූලික තරඟෙට එනව. ඇවිල්ල එහෙම ඉදිරි වටේකට නොයා එතනම වටයක් කැරකිලා යන එක වෙනම දෙයක්. ඔය තරඟ තියෙන්නෙ සාමාන්‍යයෙන් ලොකු ප්ලේස්වලනෙ. ඔය අවට කන්න බත් පැකට් බිස්නස් එකක් පටන් ගත්තනං මුල් වට ටිකට විතරක් බත් බෙදුවත් අවුරුද්දක ආදායම කවර් වෙනවා.
7. ජය නියතයි!
රියැලිටිද නැද්ද කියල නෑ, තරඟයක් නං කට්ටිය ඒකට එන්නෙ දිනන්න බලාගෙනනෙ. අන්න එහෙම දිනන්න බලාගෙන එන අයට චොකලට්වල ඊයං කොළයක් අයන් කරලා ඒකේ මොනාහරි බහුබූතයක් කුරුටු ගාලා, ඒක යකඩ බටේකට බස්සලා, බටේ කට නවලා “අතේ තියාගනිං මේ කොන්තෙ ජය නියතයි” කියල දුන්න නං බිස්නස් එමට. දක්ෂ වැඩකරුවෙක් නං මහින්ද මහත්තයගෙ අලුත් කොන්තෙ ෂේප් එකට ගහල විකුණුවානං මුං එස්එම්එස් කැම්පේන් එකට දාන්න හිතපු සල්ලිත් දාලා කොන්තෙ ගන්නෙ.
Leave a Reply