කාන්තා යටඇඳුම් මිල දී ගැනීමේ දී සැලකිලිමත් විය යුතු කරුණු

ලෝකයාට පේන්නේ බාහිර කැටයම විතරනේ කියලා යටඇඳුම් ගැන ඒ තරම් අවධානයක් යොමු නොකිරීම පොදුවේ කාන්තාවන් කරන්න පෙළඹෙන දෙයක්. ගොඩක් ඉස්සර නම් යටඇඳුම් කියන්නේ කාන්තාවන් නිවසේ දී මහගත්ත ඒවා. ඒත් දැන් පහසුවට කඩසාප්පුවල ගන්න තියෙනවා. දැක්ක ගමන් ගන්නේ නැතුව කරුණු කාරණා බේරුම් කරගෙනයි යටඇඳුමක් වුණත් අඳින්න ඕනි.

 

1. යටඇඳුම් රෙද්දේ ස්වාභාවය

Image Source – aliexpress.com

ඉස්සර ගෙවල්වල ඉඳන් යටඇඳුම් මහගත්තා කියලා කිව්වනේ. මේකේ තිබුණ විශේෂත්වය තමයි ආශ්‍රිතව දද සහ කුෂ්ඨ ඇති නොවීම. දැන් නම් ලේසියට සිල්ක් වගේම නයිලෝන් යටඇඳුම් ගන්න තියෙනවා. අනේ ඒත් ඒවයෙන් දාඩිය හරියට පිටවෙන්නේ නෑ. ඒ නිසා අර කියපු තුවාල තත්ත්වයන් ඇති වෙනවා. අන්න ඒ නිසා කරුණාකරලා මිල දී ගන්නකොට කපු සහ විස්කෝස්වලින් මහපු යටඇඳුම් විතරක් ගන්න.

 

2. වර්ණය පිළිබඳ සිතීම

Image Source – buyincoins.com

දැන් කඩපොළේ පාට පාටින් මේවා තියෙනවා ආසාවේ බැහැ. ඇහැ කඩාගෙන යන රතුපාට වගේ පාටත් තියෙනවා. ඇත්තටම ඒවා හොඳයි වෙන වෙන වැඩවලට. එදිනෙදා අඳින්න යට ඇඳුම් තෝරනකොට ලා පාටක් තෝරගන්න. උඩට අඳින ඇඳුමේ තියෙන දුහුල් ගතියක් හරි මොකක් හරි නිසා යටඇඳුම පේන්න ගන්නවා නම් ඊටත් වඩා කැත දෙයක් තවත් නැහැ. ඒ නිසා ඒ ගැනත් හිතන්න ඕනි.

 

3. ප්‍රමාණය පිළිබඳ සැලකිලිමත් වීම

Image Source – villagerunner.com

සමහරු තමන්ගේ ඇඟේ ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයේ යටඇඳුම් ගන්න පෙළඹෙනවා. හේතුව වශයෙන් දක්වන්නේ අනවශ්‍ය මස්පිඬු ටික වහගන්න කියලයි. ඒක තනිකර මිත්‍යාවක්. එහෙම කරන එකෙන් තමයි ශරීරයේ හැඩය නැති වෙන්නේ. ඊට අමතරව තමන්ටම අපහසුතාවක් ඇති වෙන්න පුළුවන්. මොකද අපි එක යටඇඳුමක් ඇඳලා නතර වෙන්නේ නැහැනේ.

 

4. යටකලිසමේ ඉලාස්ටික් පටියේ ස්වාභාවය

Image Source – villagerunner.com.com

ඇත්තටම මේ ඉලාස්ටික් පටිය ගැන බලනවද නැත්තම් පුරුද්දට කරන දෙයක් ද කියන්න දන්නේ නැහැ. හැබැයි ගොඩක් දෙනා මේවා ගන්න ගියාම යටකලිසම පණ දාගෙන ඇදලා ඒකේ හැඩ බලනවා. ඒකෙන් වෙන්නේ ඒක මුලින්ම එද්දී තිබ්බ ගතිය නැති වෙලා එන්න එන්නම එල්ලා වැටෙන තත්ත්වයකට පත් වෙන එක. ඉතින් එහෙම එකක් නම් ගන්න යන්න එපා. වෙන වැඩක් නැතිවෙයි ඊට පස්සේ ඕක උඩට දදා ඉන්න ගියාම

 

5. යටඇඳුම් වර්ගය පිළිබඳ අවධානය දෙන්න

Image Source – 123rf.com

වර්ගය කිව්වේ බ්‍රෑන්ඩ් එක නම් නෙවෙයි. එක එක පුද්ගලයන්ගේ පෞරුෂ, වයස, කාලගුණික තත්ත්ව සහ අඳින අවස්ථා බලලා විවිධ ආකාරයේ යටඇඳුම් තෝරාගන්න සිද්ධ වෙනවා. උදාහරණයක් වශයෙන් යටකලිසම්වල Boy Shorts, G-String, Seamless Panties වගේ විවිධතා තියෙනවා. මේවා අඳින අවස්ථාවන් වෙනස්. පීනන්න G-String හොඳයි. හැබැයි ඒක Boy Shorts ඇඳගෙන කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.

 

6. යටඇඳුම්වල මෝස්තර රටා පිළිබඳ සැලකිලිමත් වෙන්න

Image Source – dhgate.com

මේ ඇඳුම් මහන සමාගම්වලටයි මේවා ගන්න උන්දැලටයි පිස්සුද දන්නේ නෑ, හැබැයි මේ දේ වෙනවා. රිබන් කෑලි, මල් මෝස්තර වගේ දේවල් යටඇඳුමට සම්බන්ධ කරලා තියනවා. දැක්කම ආසයි. ලස්සනයි. හැබැයි ඕක ඇන්දම ඇඟේ ඇනෙන්න තියෙන ඉඩ වැඩියි. ඇන්දා වගේ නෙවේ අපහසුතාව දැනුණම කර ගන්න දෙයක් නැති වෙනවා. ඕක කැසිල්ලක් බවට පත් වෙන්නත් පුළුවන්. අන්තිමේ නතර වෙන්නේ කහලා, කැඩිලා ආසාදන තත්ත්වයකින් තමයි.

 

7. මිල ගණන් පිළිබඳ සැලකිලිමත් වීම

Image Source – ebay.com

මෙහෙම එකක් තියනවා. කඩවල්වල ඉතාම අඩු මුදලට විකුණන යටඇඳුම් සෙට් එකක් වෙනම තියනවා. අන්න එතනින් ගන්නවා නම් අවදානමක් අරගෙන කරන තරමටයි හොඳ. කොහොමත් ඕනම යටඇඳුමක් ගත්ත ගමන් හෝදලයි අඳින්න ඕනි. ඇයි ඉතින් කී දෙනෙක් අඳිනවද? මේ අඩු ගණන් ඒවා දෙතුන් ගුණේක පවර් එකකින් හෝදන්න ඕනි. ඒ තරමට මිනිස්සු ඕවා ගත්තේ නැතත් එහෙට මෙහෙට කරලා බලනවා. සාමාන්‍ය මිල ගණන් යටතේ තියෙන හොඳ කපු යටඇඳුම් දිහාටයි ඇහැ යන්න ඕනි. බ්‍රෑන්ඩඩ් ඒවා ගන්න පුළුවන් නම් හොඳයි ඉතින්.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *