සාමාන්‍යයෙන් නං ඔය සමානාත්මතාවය වගේ කොච්චර ටෝක් තිබුනත් හිත කැමති කෙනාට ඒක කියන්න කිවුවොත් කාන්තාවො යට යන්නෙ හිතාගන්නවත් බැරි විදියට. ඒ අය ඒකට ඒ තරමට බයයි. එයාලට අහිමි වෙයි කියල බයයි, වැරදියට හිතයි කියල බයයි, අවට උන් දැනගනියි කියල බයයි, තත්ත්වෙ බාල වෙයි කියල බයයි. ඒ නිසා එයාලා කොල්ලොන්ගෙන් අහන්නෙ නෑ. කොල්ලොම තමයි කෙල්ලොන්ගෙන් කැමැත්ත අහන්නෙ. හැබැයි අන්න එහෙම කැමැත්ත අහපං කියල කෙල්ලො නොකියා කියන විදි ටිකක් තියෙනවා. ඔයාලටත් ඔයාලගෙ යාලු මාලු ගෑණු දැරිවියෙක් අපි මේ කියන විදියෙ ලක්ෂණ පෙන්වනවානම් ඔන්න පුතේ එයා ආරාධනාවක් කරන්න තමයි යන්නෙ.
1. මෙයාමයි

Image Source – giphy.com
මේ වගේ සිද්ධි කැම්පස් එකක, ඔෆිස් එකක, ටියුෂන් ක්ලාස් එකක තමයි සිද්ධ වෙන්න පුළුවන්. ඒවයෙ ඉතිං කොල්ලො කෙල්ලො කියල අවුලක් නැතුව කට්ටිය කතාබහ කර කර ඉන්නවනෙ. මෙහෙම ඉද්දි නිතරම එක ගෑණු ළමයෙක් අනිත් කොල්ලො අතරින් වැඩි කතාබහට ඔයාගෙ එක්කම සෙට් වෙනවානං ඔන්න කොල ලයිට් වැටිලා තිබීමේ සම්භාවිතාවයක් තියෙනවා. ඒ වගේම යාලුවො සෙට් එක ඉන්න තැනට ඔයා එද්දි මූණේ හිනා මල් පිපෙනවානං, ඔයාට සපෝට් එකට කතා කරනවානං, ඔයාගෙ ජෝක්වලට අනවශ්‍ය විදියටත් හිනාවෙනවානං, නිතරම මිතුරු කණ්ඩායම මැද්දෙ ඔයා ගාවට එන්න උත්සාහ කරනවානං ඔන්න පුතෝ වැඩේ පත්තු වෙලා වෙන්න පුළුවන්.
2. ඔක්කොම ඕකේ

Image Source – giphy.com
ගෑණු ළමයෙක් ඉතිං කණ්ණාඩියක් ඉස්සරහට ගියොත් හැරිලා බලල එන්න සැළකිය යුතු වෙලාවක් ගන්නවනෙ. මේ වෙලාව ගන්නෙ නිකං නෙමෙයි. එයාලා එයාලගෙ පෙනුම ගැන සැළකිලිමත්. දකුණට හැරිලා ඔලුව පහත්කරාම කොණ්ඩෙ හිටින විදිය අවුල්නං ඒකත් එයාලට ලොකු අවුලක්. මහමගට බැහැලා ඔන්න ඔය වගේ දේවල් ගැන හිත වද කරගන්න බැරි නිසා තමයි එයාලා ගෙදර ඉඳන්ම ඔය කරනං ටික ගහලා එන්නෙ. හිත කැමතිම කොල්ලා ගාව ඉඳගෙන කතා කරද්දි එයාලා නිතරම ඇඳුම හදන්නෙ, කොණ්ඩෙ හදන්නෙ එයාලගෙ හිතට එන අනේ මාව මෙයාට කැතට පේනවද දන්නෑ කියන සැකේ නැති කරගන්නයි. සමහර ගෑණු ළමයිනං ටිකක් විතර ක්ලීවේජ් එක වුනත් පේන්න ඇඳුම හදාගන්න ඉඩ තියෙනවා. ඒක වල්කම නෙමෙයි. එතන තියෙන්නෙ අපි හැමෝගෙම හිතේ අපි කැමති කෙනාගෙ ආකර්ෂණය දිනාගන්න තියෙන අහිංසක කැමැත්තක් විතරයි.
3. ලිට්ල් ටච්!

Image Source – giphy.com
මෙහෙම කිවුව ගමන් කොල්ලො හීන මවාගන්න එපා කෙල්ල ඇවිල්ල ටච් මී අයියාහ් කියල උකුලට පනියි කියල. එයාලා කතාබහ ඇතුළෙ කොල්ලෙක් කීයටවත් නොහිතන විදියට ඒ කොල්ලව අල්ලන්න උත්සාහ කරනවා. ඒ උත්සාහය ජාගර ඇහැකින් බලන්න හොඳ නැහැ. ඒක එයාලගෙ ආසාවක් පියවාගන්න කරන ඇල්ලිල්ලක් නෙමෙයි. ඒක ඒ කොල්ලට තමුන් එයාට කැමතියි කියන දේ නොකියා කියන්න කරන උත්සාහයක්. උදාහරණයකට කිවුවොත් කොල්ලගෙ මූණට කොණ්ඩෙ වැටෙනවානං එයාගෙ අතින්ම ඒ කොණ්ඩෙ අයින් කරන්න ඉඩ තියෙනවා. රැවුලෙ බත් ඇටයක් රැඳිලානං, ෂර්ට් එකේ කඩියෙක් යනවනං වගේ අවස්ථාවක එයා ක්‍රියාත්මක වෙන්න ඉඩ තියෙනවා.
4. තනි කළා

Image Source – giphy.com
දැන් ඔය ගෑණු ළමයි යම් පිරිමි ළමයෙක් ගැන ප්‍රියතාවයක් ඇතිවුනාම ඒක කාටත් කලින් එයාලගෙ යාලුවන්ට කියනවා. ඒ කියන්නෙ හේතු තුනක් උඩ. එකක් තමයි එයාලගෙ හිතේ කොල්ලා ගැන තියෙන අවංක අදහස දැනගැනීම. අනික තමයි කොල්ලව සෙට් කරගන්න එයාලගෙන් උදවුවක් ගැනීම. අනෙක තමයි ඔන්න දැන් මං ට්‍රයි කරන නිසා තොපි ට්‍රයි කරන්න එපා කියන අනතුරු ඇඟවීම. කොහොමහරි ඔන්න තමුන්ගෙ යාලුවට කරන උදවුවක් විදියට කෙල්ලො සෙට් එක හැමවිටම මේ යාලුවව ඔය කියන කොල්ලා එක්ක තනි කරන්න ලොකු උත්සාහයක් දරනවා. ඒකෙන්ම දැනගන්න පුළුවන් කෙල්ලෙකුගෙ හිතේ කැමැත්තක් පත්තු වෙලා විත්තිය.
5. විහිළුව

Image Source – giphy.com
ඔන්න ඉතිං මේ තමයි වර්ණපාල තියරියෙ හොඳ එක. කෙල්ලගෙ යාලුවො ඔය දෙන්නව තනි කුලකයකට දාලා කතා කරනවා, ඒ දෙන්නට අඹුසැමි ජෝක්ස් දානවා, ඒ දෙන්නා කතාකරද්දි ඒ ඒ අය හිනාවෙලා බලනව. ඔය වගේ තත්ත්වෙකට වැඩේ යන්නෙම කෙල්ල සීරියස් පිට එයාලා එක්ක ඔයා ගැන කතාකරනවානං තමයි. අනිත් කාරණේ තමයි ඔයා ළඟට ගිය ගමන් කෙල්ල අන් සියල්ල වටපිටාව අමතක කිරීම සහ ඒක විහිළුවක් වීම. මේවා ඇත්තටම විහිළු නෙමෙයි. හද බන්ධන තමයි.
6. කැමතිම දේ

Image Source – giphy.com
කෙල්ලත් ළඟකදි ඉඳන් ඔයා කැමති දේවල්ම හොයන්න කරන්න උත්සාහ කරනවානං ඒකත් කැමැත්ත කියන එක විදියක්. කෙල්ල ඒක කරන්නෙ ඔයාටයි එයාටයි කතා කරන්න පොදු මාතෘකා හදාගන්න. ඒ හරහා වැඩි වෙලාවක් දෙන්න තනියම කතා කර කර ඉන්න ඉඩක් හදාගන්නයි. නිකමට හිතුවොත් කෙල්ලත් දැන් ඔයා එක්ක කතා කරන්න ඕනවට ක්‍රිකට් මැච් බලනවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්තං මෙච්චර කල් මල් කතා බලපු කෙල්ල දැන් ඔයා නිසාම ලේ වැගිරෙන ත්‍රාසජනක කතා තියෙන ෆිල්ම් බලනව වෙන්න පුළුවන්. ඒ වෙනස්කම් නිකංම සිද්ධ වුනා නෙමෙයි බ්‍රෝ.
7. ජීවිතය ගැන කතාවක්

Image Source – giphy.com
කෙල්ලට බලං ඉඳලම බැරිනං කරන්නෙ මේ දේ තමයි. මේකෙන් පස්සෙ එයා ඔයා අකමැතියි කියල හිතලා උත්සාහය අතෑරලා දාන්නත් ඉඩ තියෙනවා. එයා ඔයත් එක්ක ලයිෆ් ගැන කතාකරන්න පටන් ගන්නවනං ඔන්න පුතෝ තත්ත්වෙ සීරියස්. එයාට ඕනෙ ඔයා ජීවිතේ දකින්නෙ මොන විදියටද? ඒක ඇතුළෙ ආදරේ තියෙන්නෙ කොතනද? ඔයාගෙ හිත කැමති කොහොම කෙල්ලෙකුටද? කියන ටික දැනගන්න. මේකට ලැබෙන උත්තර අනුව එයා හැරයන්න වුනත් පුළුවන්. ඒ නිසාම නුවණැතිව කටයුතු කරන්න කියල තමයි කොල්ලට කියන්න වෙන්නෙ.
විශේෂයෙන්ම – මේක නිකං ට්‍රැෆික් ලයිට් වගේ සීන් එකක්. නිශ්චිත මොහොතෙදි ක්‍රියාත්මක විය යුතුයි. රතු තියෙද්දි යන්න ගියොත් අවුල්. කොල තියෙද්දි යන්නත් ඕන. මොකද කවුන්ට් ඩවුන් එකකට පස්සෙ කෙල්ලොම හිතින් හිතාගෙන එයාලගෙ කොල ලයිට් එක නිවාගන්නවා. පස්සෙ දුක්වෙන්න එපා. නිරීක්ෂණය කරන්න! ආදරය ජයගන්න!
Cover Image Source – tfln.co/ muscleandfitness.com
Leave a Reply