බීලා ඉවර වුනාම ඇඟේ අමාරු එද්දි හිතෙනව ආයෙ නං පහුවදාට ඔෆිස් යන්න තියෙද්දි බොන්නෙ නෑ, ආයෙ නං කොච්චර බිවුවත් කෑම නොකා එන්නෙ නෑ, ආයෙනං මෙච්චර බොන්නෙ නෑ හෝ ආයෙනං කටේවත් තියෙන්නෙ නෑ කියල. හැබැයි මේ කියන්න යන්නෙ ඊට වඩා වෙනස් මාතෘකාවක්. බිබී ඉඳිද්දි ඇත්තටම වෙරිය ඇඟට එන වෙලාවට ඔයාලට අපිට හිතෙන පොදු දේවල් ටිකක් තමයි මෙතන ලැයිස්තුගත කරන්නෙ. මෙහෙම දේවල් මතක් වෙද්දි හිතට අවුල් වුනාට ආයෙ මෙහෙම දේවල් වෙන්න එද්දි හිත පාලනය කරගන්න මෙවුව කලින්ම දැනගෙන මතකෙ තියාගෙන ඉන්න එක වටිනවා.
1. මට වෙරි
වෙරි කියලා හිතට වද දෙන්නෙ වෙරි වේගෙන එද්දි තමයි. බොහෝදුරට වෙරි වුනාට පස්සෙ මට දැන් වෙරි කියන හැඟීම හොඳින්ම දැනෙන්න ඉඩ තියෙනවා. එතකොට අර මැරෙන්න ළං වුනාම ඇස් පනාපිට යනව කියන තමුන් කරපු හොඳ නරකවල ෆ්ලෑෂ්බැක් එක වගේ, තමුන් මීට කලින් වෙරි වෙලා චොර කරගත්තු අවස්ථාවල මතකයන් ටික මැවිලා පෙනෙන්න ගන්නවා. අන්න ඒ නිසාම දෙහි හොයන්න, අයිස්ක්‍රීම් හොයන්න, දාගත්තු ෂොට් එක හොරෙන් බිමට හලන්න පෙළඹෙනවා වැඩියි.
2. පරිස්සමෙන්
පෙර අවස්ථාවල බීලා වෙරි වුනාම සිද්ධ වෙච්ච ප්‍රධාන අවුලක් තමයි යන්න එන්න විදියක් නොතිබීම. මහ රෑ ත්‍රීවීලර් හොයාගන්න බැරිවීමත් එක්ක සිද්ධ වෙච්ච අකරතැබ්බ, බස් එකේ නින්ද ගිහින් පර්ස් එකට හොරු විදපු අවස්ථා වගේ දේවල් සිහියට එන්න ගන්නෙ වෙරිය වැඩි වේගන එද්දි. අන්න ඒ වෙලාවට තමුන්ට පරිස්සමෙන් ගෙදරට යන්න විදියක් කලින්ම හොයන්න හිතාගෙන මෙයාලා පුටුවෙන් නැගිටිනවා. අන්න එහෙම නැගිටින්න හිතෙන්නෙ වෙරිය වැඩි වුනාම තමයි.
3. පෙම් බැඳි ලියන්
වෙරිය වැඩි වේගෙන එනකොට සමහරු තරමක් කාමුක වෙන්න පටන්ගන්නව. තවත් සමහරුන්ට තමුන් අතීතයේ ලවු කරලා තමුන්ගේ, අනුන්ගේ හෝ ඔවුන්ගේ වැරදි නිසා අත්හැරුණු ආදර කතා මතක් වෙන්න ගන්නව. අන්න ඒ වෙලාවට ඒ අය කරන්නෙ ඔය කියන පැරණි පෙම්වතියන්ට කෝල් කර කර වද දෙන එක තමයි. වද දෙනවා කිවුවට මහා වදයක් දෙන්නෙත් නෑ. “මතකද ඔයාට එදා? ඇයි මෙහෙම කළේ? මං තාමත් දුකෙන්, කද්දිත් මතක් වුනා, ඔයාට කැවෙනවද? තාමත් අර යාලුවා ඉන්නවද? එයාව මට සෙට් කරලා දෙනවද?” ඔන්න ඔය වගේ ලාන්තරස් ප්‍රශ්න තමයි අහන්නෙ. මෙහෙම ප්‍රශ්න අහන මට්ටමට නොගිහින් ෂේප් කරගන්න එක තමයි හොඳ. මෙහෙම එවුව අහන්න හිතෙද්දිම දැනගත්තනං හරි මට දැන් බඩු හරි කියලා.
4. අලුත් රස්සා
ඔන්න බිබී ඉන්නකොට හිතෙන්න ගන්නව හෙට ඔෆිස් යන්න තියෙනව නේද කියල. ඊටපස්සෙ හිතෙනව ගිහින් කරන්න තියෙන වැඩ කන්දරාව අපමණයි නේද කියල. ඊටත් පස්සෙ මතක් වෙනවා ඔය ටික නොකෙරුවොත් ලොක්කගෙන් අහන්න වෙන බැනුම් ගැන. ඊට පස්සෙ හිතෙනවා මං වගේ වැදගත් මිනිහෙක් මෙච්චර කට්ටක් කන්නෙ අච්චර සොච්චම් පඩියකට නේද කියලත්. ඔන්න එතකොට හිතෙනවා ඔය ඔක්කොම ගසා බසා දාලා හිතිච්ච වෙලාවෙ අලුතෙන් ජොබක් හොයන්න. ඉතිං එකට බිබී ඉන්න යාලුවොන්ගෙ ඔලුවට දානව අයිඩියා එක. යාලුවොත් වෙරි පිට ලෝකෙ පෙරලන්න උනත් සපෝට් නිසා එකඟ වෙනව. ඔවුව හිතෙන්නෙ වෙරියෙ පීක් එකට ආවම තමයි.
5. සෙන්ටිමෙන්ටල්
වෙනදට පාරෙ බල්ලෙක් නිදියං ඉන්නව දැක්කොත් කන ගාවට ගිහින් අප්පුඩි ගහල එන බුවාලට වෙරි වැඩි වුනාට පස්සෙ බල්ලට සීතල ඇති කියල හිතිලා තමුන්ගෙ ෂර්ට් එක ගලවලා බල්ලට පෙරවන්න හිතෙනවා. ඔන්න ඔය තරමට හිත උණුවෙන සෙන්ටිමෙන්ටල් තත්ත්වෙකට පත්වෙනවා කියන්නෙනං මහත්තයො ඔයාට බඩු පැකට් වීගෙන තමයි එන්නෙ. අන්න ඒ නිසා තමුන්ගෙ බිරිඳ ගැන වුනත් ඕනවට වඩා හැඟීම්බර වීමක් දැනීගෙන එනවනං මෝඩ තීරණ ගන්න කලින් දෙපාරක් හිතන්න.
6. ඕනමයි
ඔන්න හිතෙන්න ගන්නව සින්දුවක්. මුලින්ම මතක් වෙන්නෙ සින්දුවෙ ටියුන් එක විතරයි. අන්තිමට මැද්දෙ වචන ටිකක් මතක් වෙනවා. ඊටත් පස්සෙ ඔන්න යාන්තමට මුල මතක් කරගන්නව. අන්න හරි. ඊටපස්සෙ රෙස්ටුරන්ට් එකේ මියුසික් දෙන අංකල්ලගෙන් අහනව අංකල් ඔයාලා මේ සින්දුව දන්නවද කියල. පොර ගත්තු කටටම නැහ් කියනව. ඊටපස්සෙ ඉතිං කමක් නෑ කියල ආයෙ බොන්න ගත්තට හිතට මතක් වෙන්නෙම අර සින්දුව. ඔන්න ඉතිං කොහොමහරි පැටලි පැටලි යාලුවො එක්ක මේසෙට ගගහ ඒ සින්දුවම කියල ඉවර කරගන්න හිතනව. ඔන්න ඔහොම හිතෙන්නෙනං වෙරි මත ඉහට ගැහුවම තමයි.
7. හරියටම කීයද?
තමුන්ට වෙරි දැනීගෙන එද්දි හිතට පුදුම හිතෙන්න ගන්නව. කොහොමද යකෝ මට මේ ඩිංගට වෙරි වුනේ කියල. අන්න ඒක හිතෙන්නෙ කොච්චර හිත පිළිනොගත්තත් හොඳට වෙරි වුනාම තමයි. අන්න ඒ වෙලාවට ඇත්තටම මේ කිනම් අරුමයක්ද කියල බලන්න හිත කරන්නෙ ෂොට් කීයක් බිවුවද කියල ගණං කරන එක. එහෙමත් නැත්තං බෝතලේ ෂෙයා කරගත්තු ප්‍රමාණෙන් කොච්චර බිවුවද කියල හොයන එක, එහෙමත් නැත්තං මේ බීපු ප්‍රමාණය කොච්චර වෙලාවක් ඇතුළෙද බිවුවෙ කියල හොයන එක. මෙන්න මේවට උත්තර හොයන්න හිතෙනව කියන්නෙම ඔයාට හොඳටම වෙරි කියන එක.
Cover Image Source – gq.com
Leave a Reply