මේ අරුම නමින් හඳුන්වන චිත්‍රපට ශෛලිය අභව්‍ය දේවල්වලින් පිරිලා තියෙන්නේ. Steampunk කියන්නේ මහා විශාල දැතිරෝද කැරකි කැරකි තියෙන පසුබිම් එක්ක ප්‍රබන්ධගත කෙරුණු චිත්‍රපට. ඒක කොච්චර අමුතු විදියට දැනුණත් ආතල් එකක් නැතුවමත් නෙවෙයි.
1. Mortal Engines
මේ චිත්‍රපටය මේ නමින්ම ඇති නවකතාවක් ආශ්‍රයෙන් නිර්මාණය වෙලා තියෙන දෙයක්. චිත්‍රපටයේ VFX නිර්මාණය සඳහා ඉන්නේ පීටර් ජැක්සන් ප්‍රමුඛ කණ්ඩායමක්. පහුගිය නොවැම්බරයේ එළි බැහැපු මේ චිත්‍රපටයට හිතපු තරමේ ප්‍රතිචාරයක් නම් ලැබුණේ නැහැ. කුණු තක්කාලි මීටරෙන් දීලා තියෙන්නෙත් 27%ක් විතරයි. කතාවේ හැටියට නම් අනාගතේ දවසක ලෝකය කෑලිවලට කැඩෙනවා. ඒ කැඩුණු සමහරක් නගර ආය නිර්මාණය වෙන්නේ රෝද උඩ. ලන්ඩන් කියන්නේ ඒ විදියට නිර්මාණය වෙච්ච නගරයක්. හැබැයි විනාශකාරියි. මේ විනාශකාරීබවෙන් තමන්ගේ මිනිසුන් බේරගන්න කෙල්ලකට හැකි වෙයි ද?
2. Hugo
මේක නම් එකෙන්ම සුපිරියක්. ළමා කතාවක් කියලා ගොඩක් අය රැවටෙනවා. ඇකඩමි සම්මාන 11ක් සඳහා නිර්දේශ වෙලා ඉන් 5ක්ම උස්සන් එන්න ලැබෙනවා කියන්නේ එසේ මෙසේ දෙයක් ද? හැබැයි ඒ වුණත් වාණිජමය වශයෙන් අසාර්ථකයි. කතාවේ තියෙන්නේ පැරිසියේ දුම්රියපොළ ආශ්‍රය කරන කොලු ගැටයෙකු සිනමාවේ දැවැන්තයෙකුව අළු ගසා දම්මලා නැගිට්ටවලා ගන්න කතාව තමයි . 2011 අවුරුද්දේ ඉපැදුණු මේ චිත්‍රපටයට නම් ලොස් නැතුව කුණු තක්කාලියෝ 93%ක් දීලා තියෙනවා
.
3. The Golden Compass
Steampunk චිත්‍රපට ගැන කතාකරනකොට ඉස්සරහින්ම ඉන්න චිත්‍රපටයක් තමයි මේ. කතා සාරය සමාන්තර ලෝකයක ජීවත් වන කුඩා දැරියක තමන්ගේ මාමා එක්ක තවත් සමාන්තර ලෝක හොයන් යන ගමනේ කතාන්දරයක් විදියට සරලව හඳුන්වන්න පුළුවන්. Nicole Kidman, Daniel Craig වගේ ලොකු බුලට් රඟපානවා. ඔස්කාර් සම්මානයක් පවා VFXවලට හිමි කරගන්නවා. ඉතින් ඇත්තට ම ඇහැට ප්‍රියයි. මේකේ තඩි වලස් පතයෙක් හෙමත් ඉන්නවා. එයාට හඬකවන්නේ Ian McKellen. 2007 කලඑළි බහින්නේ නවකතාවක් අනුසාරයෙන් වූ නිර්මාණයක් විදියටයි.
4. Miss Peregrine’s Home for Peculiar Children
මේ ශානරයේ ගොඩක් චිත්‍රපටි නිර්මාණය වෙන්නේ පොත් ආශ්‍රය කරගෙනයි. මේකත් ඒ වගේ. අමුතුම ඉස්ටෝරියක් තමයි මෙතන තියෙන්නේ. සීයලා මුණුබුරාලාට කතා කියා දෙනවනේ. ඉතින් එහෙම සීයා කෙනෙක් තමන්ගේ මුණුබුරාට ලෝක යුද්ධය කාලේ තමන්ට වුණ දේවල්, අමුතු බලයක් තිබුණ ළමුන් කීප දෙනෙක් එක්ක මේඩන් නෝනා කෙනෙක් එක්ක ගෙදරක ජීවත් වුණ හැටි ගැන භූත කතාවක් කියනවා. කොහොමහරි අතීතයේ මේ කියන කාලයට යන්න මේ කොළුවට ඉඩ ලැබෙනවා. ඊට පස්සේ මොකෝ වෙන්නේ? බලන්නම වෙනවා. කුණු තක්කාලියොත් 64%ක් දීලා තියෙනවා.
5. Van Helsing
පොඩි කාලේ ඉඳන් ඩ්‍රැකියුලා කතාව දන්න අයට මේ නම හුරුපුරුදුයි හොඳට. මොකෝ ඉතින් මෙයැයි තමා ඩ්‍රැකීගේ පරම හතුරා. එයාගේ විතරක් නෙවෙයි තවත් බොහොමයක් යක්කුන්ගේ හතුරා එයා තමයි. ඩ්‍රැකියුලා විනාශයට වෑන් හෙල්සින්ග් යන ගමන ගැන තමයි චිත්‍රපටය පුරා දකින්න තියෙන්නේ. වෑන්ට රඟපාන්නේ හියූ ජැක්මන්. ඒකම ඇති ඉතින් චිත්‍රපටය බලන්න. හැබැයි කුණු තක්කාලියෝ 24%යි දීලා තියෙන්නේ. නිකන්ම හොල්මන් එකක් බලනවා වගේ නෙවේ ඇක්ෂන් ටච් එකත් එක්ක බලද්දී හෙන කික් එකක් එනවා.
6. Treasure Planet
මේ අස්සේ ඇනිමේෂන් ඒවත් සෙට් වෙනවා. මේක ඩිස්නි ක්ලැසික් එකක්. ඒවා කොහොමත් එළකිරි. කුණු තක්කාලියෝ 69%ක් දීලත් තියෙනවා. අවුරුදු 15ක කොල්ලෙක්ට ලෝකේ තියෙන ලොකුම නිධානය තියෙන තැනට යන්න තරම් වාසනාවක් පහත් වෙනවා. ඉතින් මේ යකා ඒ ගමන යාවි ද? නැත්තන් හැමදාම අම්මත් එක්ක දුක සේ ජීවත් වෙයි ද? ඒක බලලාම කියන්න. 69%ක් කුණු තක්කාලියෙන් ලැබුණා කියන්නේ නියත විවරණ වගේ.
7. The Prestige
එක චිත්‍රපටයක් එක ශානරයකට විතරක් සීමා වෙන්නේ නැහැ. ක්‍රිස්ටෝෆර් නෝලන්ගේ මේ චිත්‍රපටයත් ඒ වගේ. මේක නොදන්න සිනමා රසිකයෙක් නැති තරම්. එකිනෙකා එක්ක නොහොඳ නෝක්කාඩුවක් තිබුණ මැජික්කාරයෝ දෙන්නෙක් එකිනෙකා එක්ක පැටලෙන කතන්දරයකට වඩා සයිකෝ පැත්තේ ත්‍රිලර් එකක් තත්ත්වයෙන් තියන්න පුළුවන්. හියූ ජැක්මන් සහ ක්‍රිස්ටියන් බේල් එකිනෙකාට නොදෙවෙනි සුපිරි රංගනයක. කුණු තක්කාලියෝ 75%ක් දීලා තියෙන්නේ ඔයාට මේක බලන්නමයි.
Cover Image Source – clockwork.kiwi/ tripwallpapers.com
Leave a Reply