ජීවිත සබඳතා

අලුත බැඳපු ඔබ කොහොමද ඔහුගේ ඥාතීන්ට සමීප වන්නේ?

බඳින එකත් කොහෝමහරි කරගත්තා කියමුකෝ. බැන්දට පස්සේ වසන්න ගියාම තමයි ලෝක ප්‍රශ්න පටන් ගන්නේ. බැන්දට පස්සේ තියෙන්නේ නැන්දම්මව ආංබාං කරන එක විතරයි කියලා නෝනලා හිතනවා නම් වැරදිලා. ඊයේ උපන් එකාගේ ඉඳලා සීයා ආච්චි දක්වා තමන්ගේ අලුත් පවුලේ හැමෝ එක්කම සමීප වෙන්න ඕනි.

 

1. බබාලා හා ආදරෙන් ඉන්න

Image Source – alamy.com

ඕනම පවුලක බබාලා ඉන්නවා. එයාගේම අක්කගේ අයියගේ බබාලා ඉන්නවා නම් තවත් හොඳයි. ආදරේ කරන්න ලේසිම බබාලට තමයි. එයාලාට ආදරේ දැනෙනකොට ඔයා ගැන අනෙක් අය එක්ක කියවනවා. අලුත් පුංචි මේ වගේ කෙනෙක් කියලා පොඩ්ඩෝ ටික හතර අතේ ප්‍රචාරය දෙන්න ගත්තම මොකක්ම හරි අරෝව ගතියක් ඇති නම් ඒවා දුරස්ථ වෙලා යනවා.

 

2. ආගන්තුක ගතියක් නොපෙන්වන්න

Image Source – Giphy.com

නෑදෑයෝ ආවම තියෙන තරමක් ලයින් බස්සලා ඒ මිනිස්සුන් එක්ක වචනයක් දෙකක් කතා කරන්නම වෙනවා. නැත්තම් ඔය සම්බන්ධයෙන් ඇරුණු නෑදෑ කටක් ඉතින් ඉවර වෙන්නේ එයාටත් බැනලා තමයි. තේ හදන්නේ නැත්තම් හදපු තේ එක අරන් එන්න හරි ඉදිරිපත් වෙන්න ඕනි. එයාලා එන දවස ගැන කලින් දැනුවත්ව හිටියා නම් මොනවා හරි කෑමක් හදන්න.

 

3. සීමාවක් ඇති සොමිබර චරිතයක් වෙන්න

Image Source – etmmedia.net

කතා කරත් බිම බලාගන්න දහම් පාසල් චරිත වගේ නෝනලාව බලාපොරොත්තු වුණේ ඉස්සර. එහෙමයි කියලා දැන් අයට ඕනි කරන්නේ සතෙක් වගේ නෑදෑයෙක් නෙවෙයි. මේ දෙකේම අතරමැදි තැනක හිනා වෙලා සැපේ ඉන්න කෙනෙක් තමයි ඕනි. සම වයස් නෑයන් ඉන්නවා නම් තවත් අගෙයි. කලින් ළමයි අතර ජනප්‍රිය වුණා වගේම මේකත් සිද්ධ වෙනවා.

 

4. සැමියා ලවා සමහර දේට ප්‍රතිචාර දක්වන්න

 Image Source – ccofmooresville.com

නෑයන් කිව්වට ඔය අතර නයි වගේ අය ඉන්නවා. මොකක් හරි කට කැඩිච්ච කතාවක් කියන්න ඉඩ තියන අය ඉන්නවා. ඒ වෙලාවට ඒ යකාට නෙලන්න තරමේ ශක්තියක් ආවත් ඒ වගේ තැනක දී තමන්ගෙ ස්වාමියා ප්‍රතිචාර දක්වනකන් ඉන්න වෙනවා. මොකද නැත්තම් යකෙක්ව බැඳන් වැඩ ගන්නව වගේ නාමයක් තමන්ට ලැබෙන්න ඉඩක් තියෙන නිසා. ප්‍රතිචාර දක්වන්න එයා ඉදිරිපත් වෙන්නේ නැත්නම් ඒ ගැන එයාට කියන්න.

 

5. එකට ගමන්බිමන් යන්න

 Image Source – alamy.com

සමවයස් කාන්තා නෑදෑ කෙනෙක් ඉන්නවා නම් උන්දැවත් ඇදගෙන සති දෙකකට සැරයක්වත් අලුත් ඇඳුමක් ගන්න යන්න. නැත්නම් නැන්දා කෙනෙක් එක්ක කඩපොළට ගිහින් එන්න. ඒ යන එන ගමන් විස්තර කතා කරලා එකිනෙකා හඳුනාගන්න උත්සාහ කරන්න. ඕවා හැරෙන තැපෑලෙන් අදාළ උදවියගේ පිරිමින්ගේ කනට ආරංචි වෙනවා.

 

6. විවාහයෙන් පසු ඔවුන්ගේ නිවෙස්වලට යන්න

Image Source – alamy.com

මේක චාරිත්‍රයක් වශයෙන් බොහොමයක් අය කරනවා. හැබැයි ලොකු ලෙවල් එකේ කට්ටියට මේවා අමතක වෙනවා. විවාහ මංගල්‍යයට පැමිණීමේ ස්තුතිය සහ ඥාති බන්ධනය සඳහා වන මේ ගමන ඔහුත් එක්ක අනිවාර්යයෙන් ඔබ යන්නම ඕනි ගමනක්. තමන්වත් මතක් වුණා නේ කියන හැඟීම ඒක හරිම වටිනවා. ඒ ගිහිල්ලත් තේ හදන් එනකම් සාලෙට වෙලා ඇඹරි ඇඹරි ඉන්නේ නැතුව කුස්සියට ගිහින් කයියක් ගහන්න සෙට් වෙන්න.

 

7. සීමා මායිම් ඇතිකරගන්න

Image Source – giphy.com

කොච්චර ආතල් එකේ හැමෝටම ෆුල් ලව් එකෙන් ඉන්න ගියත් කවදාවත් තමන් කවුද කියන එක අබිබවා යන්න උත්සාහ කරන්න එපා. නෑදෑ උපදෙස් දෙන හැම වෙලේම කරබාගෙන ඉන්න එකත් විහිළුවක්. ඒ පැත්තෙන් වැරදි දෙයක් කියවුණොත් ඒකට හැසිරෙන විදිය ඔබේ සාමාන්‍ය හැසිරීම් රටාවෙන් වෙනස් කරගන්න එපා. අල්ලේ නටවන්න බැරි යකඩ ගෑණියෙක් ය කියලා ඔයා ගැන හිතන තරමට යාළු ෆිට් එක හදාගන්න.

Cover Image Source – syfy.com/ thoughtcatalog.com

 

Thisaranie Wijayabandara

Share
Published by
Thisaranie Wijayabandara

Recent Posts

සැටලයිට් නැතිනම් චන්ද්‍රිකා ගැන මේ කාරණා ඔබ දැනගෙන හිටියාද?

සැටලයිට් නැතිනම් චන්ද්‍රිකා ගැන මේ දවස් වල සෑහෙන කතාබහක් ඇතිවෙලා තියනවානේ. ඒ කතා බහ පටන්…

7 months ago

දරුවන් හදන කොට දෙමව්පියෝ කරන වැරදි, හැබැයි සමාජයේ ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේවා තමයි දෙමාපියන්ගේ ආදරය කියලා!

දරුවන් හදනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. දෙන්නෙක් කසාද බැඳලා සෙක්ස් කිරීම පමණක්, ඒ සෙක්ස් කිරීමේදී…

8 months ago

කොල්ලගේ අම්මා එක්ක මෙන්න මේ දේවල් කවදාවත් කරන්න යන්න එපා!

මේ ආටිකල් එක අපි ලියන්නේ ගෑනු ළමයින් වෙනුවෙන්මයි. දැන් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් එහෙම ඉන්න ගෑණු ළමයෙක්…

8 months ago

ශිෂ්‍යයෙක් විදිහට ඔබගේ අනාගත වෘත්තීය ක්ෂේත්‍රය තෝරා ගන්නේ මෙහෙමයි!

දැන් පුංචි කාලේ අපෙන් කවුරුහරි ඇහුවොත් ලොකු වෙලා කවුරු වෙන්නද කැමති කියලා, අපිට කියන්න ගොඩක්…

8 months ago

ජීවිතේ උවමනාවට වඩා ඕනෑම නැති දේවල් කිහිපයක් – 2 කොටස

"ඕනෑවට වඩා ඕනෑම දෙයක් ඕනෑම නැත" කියල කතාවක් තියෙනවනේ. ඕකම තමයි සුද්දා කියලා තියෙන්නේ "ටූ…

8 months ago

ඇමෙරිකානුවන් සඳ මත පා තැබීම බොරුවක්ද? ඒක බොරුවක් නෙවෙයි කියන්න සාධක මෙන්න

ඇත්තටම මිනිස්සු හඳට ගියාද? ඔය ප්‍රශ්නේ, ලෝකෙ පුරා ඉන්න ගොඩක් අය අහන දෙයක්. එහෙම අහන්න…

8 months ago