බොන මේසෙකට ආවම කට්ටිය හැසිරෙන අමුතු විදි තියෙනවා. හැමදෙනාම එකම විදියට හැසිරෙන බොන මේසයක් කියන්නෙ කාලයක් තිස්සෙ කට්ටිය දැන හඳුනගෙන පදම් වෙච්ච මිනිස්සු සෙට් එකක් සෙට් වෙන තැනක් කියන එකයි. එහෙම තැනක නැතත් අපි මේ කියන්න යන ජාතියෙ අයියලා ගොඩක් බොන මේසවල ඉන්නවා. මේ කියන්න යන්නෙ තමන් අරක්කු බීමේ පොරක් කියලා පෙන්නන්න කැමති, ඒ කැමැත්ත නිසාම බොරු කියන සහ මවාපාන ඩයල්ස් ගැන. ඒ අය තමන්ගෙ බීමත්කම පෙන්නන්න කරන දේවල්වලින් ප්‍රධාන දේවල් ටිකක් තමයි මේ.
1. අතීත කතා
තමුන්ට මේ වෙද්දි කිසිම දෙයක් නැති මිනිස්සු කරන ප්‍රධානම වැඩේ තමයි අතීත කතා ඇසුරෙන් තමුන්ගෙ හැකියාවන් ගැන ගුණ වයන එක. බීමත්කමටත් එය එසේමයි. බීමත්කමේදි මේ බොරු කියන බුවාලා වැඩිපුරම කරන්නෙ තමුන්ගෙ අතීත හැකියාවන් කියන එක. අපි ඒ තැන්වල නොහිටපු නිසා ඒ දේවල් ඇත්තටම සිද්ධ වෙලා තියෙන්න ඕනෙත් නෑ. ඒ කාලෙ තනි කොල්ලො බෝතල් දෙකක් බීපු හැටි, කටේ තියාගෙන බෝතල් බාගයක් ගහපු හැටි, එක පරිප්පු වඩේ එකෙන් බෝතලයක් ගහපු හැටි, විස්කියි බියරුයි ගහලත් වෙරි මදි නිසා වොඩ්කා බීපු හැටි ආදී වූ අතිවිශාල බොරු රැසක් මේ අය කියන්නෙ ඒ වෙනුවෙන්මයි.
2. චාටර් කිරීම්
මේ අය තමන්ගෙ වීරත්වය පෙන්වන්න යොදාගන්න තවත් එක ක්‍රමයක් තමයි අනෙක් මිනිහාව චාටර් කරන්නට උත්සාහ කිරීම. ඒක කරන්නෙ ඇයි කියල නොදන්නව වුනත් ඒ අය ඒක කරනවා. කරලා තමුන්ගෙ ජෝක්ස්වලට තමුන්ම හිනා වෙනවා. කවුරුහරි ෂැන්ඩි කරන්න පාවිච්චි කරන්නෙ කෝක්නං, සෝඩා පාවිච්චි නොකරනවානං, බයිට් ටිකක් වැඩිපුර කනවනං, ෂැන්ඩි වැඩිපුර දාගන්නවනං ඒක ඒ මිනිස්සුන්ගෙ කැමැත්ත මිසක් තවත් මනුස්සයෙකුගෙ විදියට බොන්න ඕන නැහැනෙ. හැබැයි අපි මේ කියන බොන මේසෙදි වීරයො වගේ පෙනී ඉන්න හදන අය අනිත් අයව ඔන්න ඔය කියපු හේතු යටතේ බයිට් කරන්න ලොකු උත්සාහයක් දරනවා.
3. නීට්
මේ අය කරන තවත් වැඩක් තමයි කට්ටියට වචනයෙන් නොකිවුවත් ප්‍රසිද්ධියෙ පේන විදියට නීට් ෂොට් එකක් මංගල ෂොට් එක විදියට පානය කිරීම. එයාලා ඒ විදියට කරන වැඩ ගොඩක් තියෙනවා. ඒක එයාලා කරන්නෙ කාලයක් තිස්සෙ බොද්දි රැකගෙන ආපු සම්ප්රදායක් විදියටලු. අපි ඔය විදියට දන්න එකම එක මෝඩ සම්ප්රදායයි තියෙන්නෙ. බොන්න කලින් පොලොවත් වෙරි වෙලා අපිට නොවැටී ගෙදරට යන්න පුළුවන් වෙන්න කියලා පොඩි ෂොට් එකක් බොන්න පටන්ගන්න කලින් බිමට හලන එක. හැබැයි මේ කියන්නෙ එහෙම ඒවා නෙමෙයි. නීට් ෂොට් එකක් බීලා රස බැලීම ඇතුළු අමුතු බොරු.
4. නිගමන
මේ අය කරන තවත් ගොන් පාට් එකක් තමයි අනිත් මිනිස්සුන්ගෙ වෙරිය ගැන ඒ මිනිස්සුන්ට නිගමන දීම. දැන් ඔයාට වැඩියි වගේ, දැන් ඔයා මේ එළවළු ටිකක් කන්න, දැන් නිකං සෝඩා ටිකක් බොන්න වගේ කතා හැමෝටම ඉෂූ කරනවානං එයත් බොන මේසෙ පොරක් වෙන්න දඟලන කෙනෙක් විත්තිය සිහියේ තියාගන්න. ඔය විදියට අනවශ්‍ය විදියට හරි උපදෙස් දෙන අයව බයිට් නොකර ඒ අයගෙන් ආතල් එකක් ගන්න බලන්න. ඒ අය කවදාවත් ඒක දැනගන්නෙ නෑ. ඒ නිසා ඒ අය අපිට ආතල් දෙන එක නවත්තන්නෙත් නෑ.
5. ඕන දෙයක්
බීම ගැන ඕනම කතාවක් ඇදුනොත් අපි මේ කියන පොරට තියෙනවා ඒක ගැන අතීත, වර්තමාන සහ අනාගත කතා තොගයක්. ඕනම අරක්කු ජාතියක්, ඕනම අරක්කු බොන ප්ලේස් එකක්, 1990දි ගණං මිනුං, ඒ ඒ දේට හරියන බයිට් ඇතුළු ඕනම දේකට පිළිතුරු ඒ අය ගාව තියෙනවා. ඒ වෙලාවට අතේ පැලවෙන බොරු අහන්න තියෙන්නෙ. ඒ අයත් අතේ පැලවෙන උත්තර දෙයි. පස්සෙ වෙලාවක හිනාවෙන්නවත් පුළුවන්නෙ එතකොට.
6. බොරුව!
මේ කතාවෙ කතානායකයොන්ගෙ අනිත් බොරුව තමයි එයාලා හැම තිස්සෙම තමන්ටම ආවේණික අමුතු බොරු පිළිවෙලක් තියෙන බව පෙන්වීම. එයාලා වැඩිපුර කන්නෙ එළවළු කියලා පෙන්වනවා. හරි ගාණට මෙෂර් කරලා තමයි ෂොට් එක දාගන්නෙ. ඔන්න ඔය වගේ බොරු සීන් ඔක්කොම බෝතලේ බාගයක් යද්දි උන්ටම මතක නෑ. ඒවයින් ආතල් එකක් ගන්න පුළුවන් ෆොටෝ ටිකක් අරගෙන සාක්කි ළඟ තියාගත්තනං.
7. ගත්තු ගමන්
හැමදාම කට්ටිය සෙට් වුනාම ලෝකල් දේවල් බිවුවට ඉඳලා හිටලා හොඳ බ්‍රෑන්ඩ් බොන්නත් සෙට් වෙනවනෙ. මෙහෙම දවසට මේ බුවාලගෙ විවිධ වූ වෙනස්කම් දකින්න පුළුවන්. එයාලා මුලින්ම සුවඳ බලලා සුවඳ ගැන විශ්ලේෂණයක් දෙනවා. ඊළඟට මුලින්ම රස බලලා රස ගැන විශ්ලේෂණයක් දෙනවා. ඒ රස තුළ ඇති විවිධ වූ අනු-රස සහ රසෙහි ස්ටේජස් ගැන කතා වෙනවා. ඒ වගේම ඔය කියන බුවාලා නෝමල් බෝතලයක් ගත්තත් පෙනුමෙන් බලලා මේක කවලංද නැද්ද කියලා කියන්න පුදුම හැකියාවක් තියෙන දක්ෂ ප්‍රාණියෝ ටිකක්.
Cover Image Source – medicalnewstoday.com/ ncadd.com
Leave a Reply