SLT Fibre භාවිතයේ වාසි අත්විඳින්න මේ ගැනත් හිතන්න

මේ මොහොතෙ අන්තර්ජාලය කියන දේ ආහාර, වාතාශ්‍රය සහ ජලය වගේම මිනිසාගේ පැවැත්මට ප්‍රයෝජනවත් දෙයක් වෙලා. ඒකට ප්‍රධානතම හේතුව වෙන්නෙ බොහෝමයක් රැකියා පවා මේ වෙද්දි අන්තර්ජාලය හා බද්ධ වෙලා තියෙන නිසා. ඒ නැතත් කාර්යබහුල ජීවිතයකට උදවු වෙන නොයෙක් වූ තොරතුරු දැනගැනීමේ, විනෝද වීමේ අවස්ථා පවා අන්තර්ජාලය හරහා දැනටත් සිදුවෙනවා. එනිසාමයි අපි අන්තර්ජාලය කියන දේ වඩා ස්ථායී සහ වේගවත් ලෙසින් භාවිතා කරන්නට මේ මොහොතේ තියෙන හොඳම විසඳුම වෙන SLT Fibre ගැන මේ සටහන තියන්නෙ.

 

1. ඔබ කවුරුන් වුවත්

ඔබ කවුරුත් වුවත් ඔබට අන්තර්ජාලයෙන් ප්‍රයෝජනයක් නැති යැයි කියන්නට නොහැකියි. ඔබට එය භාවිතා නොකර සිටින්නට හැකි වුවත් තාක්ෂණික වශයෙන් ඉදිරියට යන ලෝකයක සිට අන්තර්ජාලය මග හැරීමෙන් ඔබ තරමක් පසුපසින් ගමන් කිරීම නැවැත්විය ​නොහැකියි. කොහොම වුනත් මේ කාරණාව නිසාම බාල තරුණ මහළු බොහෝමයක් දෙනා මේ වන විට අන්තර්ජාල පරිශීලනයේ නියැලෙන අතර, එය ඔවුන්ගේ වෘත්තීයමය, එදිනෙදා ජීවිතය, තොරතුරු දැනගැනීම වගේම ප්‍රධාන වශයෙන් විනෝදය කියන කාරණාවලටත් උදවුවක් වෙනවා.

 

2. ඒ ඒ පුද්ගලයාට

පොදුවේ රූපවාහිනී චැනලයක් උදාහරණයට ගතහොත් බොහෝවිට ඔබ කවුරුන් වුවත් ඔබේ විවේකී අවස්ථාවේ ඔබට නරඹන්නට සිදුවන්නේ එම නාලිකාව මගින් ඔබට ඒ මොහොතේ ලබා දෙන වැඩසටහනයි. බොහෝවිට සියළු නාලිකා එකමාකාරයේ සැකැස්මකට යන නිසා ඔබ චැනල් මාරු කළත් ඉන් ඵලක් වන්නේ නෑ. එසේ වුවත් අන්තර්ජාලය තු​ළ ඔබට ඔබේ නිදහස සැලසෙන වේලාවේදී තෝරාගන්නට උවමනා තරම් දේ තිබෙන නිසා ඔබේ වින්දනය නොනසා විඳීමේ ඉඩ ලැබෙනවා. තරුණ තරුණියන්ට සමාජා ජාලා, වෘත්තීය වේදීන්ට පණිවුඩ හුවමාරු ක්‍රම මෙන්ම තොරතුරු දැනගැනීමේ සහ ඒවා භාවිතා කිරීමේ අංග, වීඩියෝ රසවින්දන, ගේමින් ගෘහනියන්ට ඉවුම්පිහුම් වැඩසටහන්, අන්තර්ජාල සාප්පු සවාරි, ටෙලි නාට්‍ය, වැඩිහිටියන්ට තමන් කැමති ක්‍රීඩා නරඹන්නට වගේම ආගමික වැඩසටහන් ඇතුළු උවමනා දේ ඒ තුළ තිබෙනවා.

 

3. වැදගත්ම දේ

අන්තර්ජාලය ගැන කතා කරද්දී වැදගත්ම දේ මොකද්ද කියලා ඇහුවොත් තරුණ ප්‍රජාවගේ පිළිතුර බොහෝවිට අන්තර්ජාල වේගය කියන කාරණයයි. නමුත් වෘත්තීය වේදීන් එහි සුවිශේෂම වැදගත්කම ලෙසින් දකින්නේ ස්ථායී බවයි. සැබවින්ම අන්තර්ජාල සම්බන්ධතාවයකදී වැදගත් වන්නේ ස්ථායීතාවයයි. කඩින් කඩ නොකැඩෙන අන්තර්ජාල සේවාවක් නොවන්නට මිනිසුන්ට තමන්ගේ බොහෝ කටයුතු අතපසු වෙන්නට ඉඩ තිබෙනවා. එනිසා සියල්ලට වඩා අන්තර්ජාල ස්ථායී බව වැදගත්. එහිදී අපේ කතා නායකයා වෙන SLT Fibre ඉදිරියෙන්ම සිටින බව නොරහසක්. ඒ ගැන දැනටත් ඔබේ SLT Fibre පාරිභෝගික මිතුරන්ගෙන් දැනගත හැකියි.

 

4. ඒ කියන්නෙ වේගය අවශ්‍ය නැද්ද?

වේගය අත්‍යවශ්‍යයි. වේගය සහ ස්ථායී බව අතින් අන්තර්ජාලය භාවිතා කරන්නන්ට අතිශයින්ම වැදගත්වන්නේ ස්ථායී බව වුවත් ස්ථායී අන්තර්ජාල සේවාවක අගය වැඩිවන්නේ එහි වේගය වැඩිවන තරමටයි. ඒ කාරණාවේදීත් අපේ කතානායක SLT Fibre ඉදිරියෙන්ම සිටිනවා. ඒ මේ මොහොත වන විට වෙළඳපොලේ අන්තර්ජාල සේවා සපයන්නන්ගෙන් වැඩිම අන්තර්ජාල වේගයක් ලබාදෙන්නේ ඔවුන් නිසායි.

 

5. අධිවේගයෙන් සහ ස්ථායී බවින් ප්‍රයෝජන

අධිවේගී සහ ස්ථායී අන්තර්ජාල සම්බන්ධතාවයකින් ඔබේ සාමාන්‍ය එදිනෙදා තොරතුරු දැනගැනීම, විද්‍යුත් ලිපි හුවමාරුව, අන්තර්ජාල සාප්පු සවාරි වැනි කාරණා සරළව කළ හැකි වුවත් එයට වඩා වැඩි ප්‍රයෝජන අධිවේගී සහ ස්ථායී අන්තර්ජාල සම්බන්ධතාවයකින් ගත හැකියි. ඒ අතරට ලයිවු ස්ට්‍රීමිං, ඔන්ලයින් ලයිවු ගේමින්, ටීවී සීරීස් සහ චිත්‍රපට ඩවුන්ලෝඩ් කිරීම්, වීඩියෝ අප්ලෝඩිං වැනි දේ අඩංගු වෙනවා. SLT Fibre හරහා මේ වැනි කාර්යයන් කිහිපයක් එකවර කරන්නට තරම් අන්තර්ජාල වේගයක් එය සතුයි.

 

6. කොහොමද?

SLT Fiber ගැන කාරණා සියල්ල දැනගෙනත් තවමත් SLT Fibre ඔබේ නිවසටත් ලබාගන්නේ කො​හොමද කියලා තවමත් ඔබ දන්නේ නැතිද? එය සරළවම පියවර තුනකින් ඔබට සිදු කළ හැකියි. www.slt.lk /Fibre යන සබැඳියට යන්න. එහි ඔබේ නිවසේ SLT දුරකතන අංකය ඇතුළත් කරලා ඔබ ජීවත්වන ප්‍රදේශය තෝරා ලියාපදිංචි වන්න. අන්තර්ජාලයේ සැබෑ නිදහස අත්විඳින්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *