90 කෙලි පැටික්කියන්ගේ අමතක නොවන මතක

ඒ කාලෙට ආයෙත් යන්න ඇත්නම් කියලා කොච්චරවත් හිතෙනවා නේද? ගොඩක් වෙලාවට එහෙම වෙන්නේ ඒ කාලේ කරපු කියපු දේවල මතකයන් නිසා. ඔය කාලේ චූටි ගෑණු ළමයින්ට මතකයන් දුන්න හරි අපූරු දේවල් තියෙනවා. මේ ඒ ගැන මතකය අලුත් කිරීමක්.

 

1.  කොණ්ඩ කටු

Image Source – amazon.com

අදත් කොණ්ඩ කටු තියෙනවා. හැබැයි එදා වගේ ලස්සන අනන්‍යතාවක් ඇති කොණ්ඩ කටු වර්ග අද නැහැ. ඒ දවස්වල හරි ජනප්‍රිය වුණ එකක් තමයි සමනල කොණ්ඩ කටු. ඒවයේ තටුත් හෙල්ලෙනවා. ඔළුවට ගැහුවම මලක ගහලා වගේම තමයි. මේ සමනල කතන්දරේට අමතරව කීප වර්ගෙක ඒවා තියෙනවා. කුරුමිණි වර්ග, මල්, තරු වගේ සංකල්පවලින් පිරුණු කොණ්ඩ කටු කඩයක් ගාවින් එකක් ගන්නේ නැතුව ඉස්සර යන්න නම් බැහැ.

 

2. ස්ටොකින්ස්

Image Source – hrhduchesskate.blogspot.com

වත්තේ මහත්තුරු වැඩට යනකොට මේස් දැම්මා වගේ මේස් වර්ගයක් දාගෙන ඉන්න තමයි වුණේ. එකම වෙනස වත්තේ මහත්තයා සුදුපාට මේස් දැමීම. ස්ටොකින්ස් නිකන් අපේ හමේ පාට වගේමයි නේ. විවිධ ප්‍රසංග කිසිම එකක් ඒ කාලේ ස්ටොකින්ස් නැතුව කරේ නැහැ. එතනින් නැවතෙන්නේ නැතුව මගුල් ගෙවල්වල යන්නත් ස්ටොකින්ස්වල පිහිට පැතුවා.

 

3. කොණ්ඩා කරල් තොප්පි

Image Source – pinterest.com

ඒක නිකන්ම නිකන් කැප් එකක්. හැබැයි නැටි දෙකක් වගේ දෙකක් දෙපැත්තෙන් එල්ලිලා තියෙනවා. බුදු අම්බෝ මේ කොණ්ඩ කරල් දෙකක් නේ. කොණ්ඩේ ඇතා නැතා මේ තොප්පියක් නැතුව හැදුණු කෙල්ලෙක් හොයාගන්න නැති තරම්. අඩු තරමේ එකක් ඉල්ලලා අඬලා හරි තියෙන්න ඕනි. තොප්පිය දැම්මම ඒකේ තිබුණ අස්වාභාවික ගතිය කොච්චර පෙනුණත් ඒවා ගැන නම් හිත හිතා ඉන්න ගියේ නැහැ.

 

4. ප්ලාස්ටික් කුස්සි සෙට්

Image Source – aliexpress.com

කෝප්ප, පීරිසි, හැඳි යනාදිය රෝස පාටින් තිබ්බම කෝමද කික් එක. ඊටත් වඩා ප්ලාස්ටික් වුණාම ඒකෙත් ගතියක් තියෙනවා. වෛවාරණ සෙල්ලම් බඩු අතරේ උයන පිහන බඩුමුට්ටු ටික තමයි කෙල්ලොන්ගේ ආසම එක. හැබැයි ඔය කෝප්ප පීරිසි ලැබුණා වගේම වේගෙකින් අනික් අතට අහිමි වුණා. තැන් තැන්වල දැම්මට පස්සේ ආයේ හොයාගන්න ලැබුණේ නැහැ

 

5.  කෑ ගහන සෙල්ලම් දුරකථන

Image Source – aliexpress.com

පිටින් බැලුවම නම් ඇත්ත ෆෝන් එකක් වගේ. හැබැයි අංකයක් එබුවාම තමයි තේරෙන්නේ මේක වෙනම සිද්ධියක් කියලා. දැන් වැඩිය නැතත් ඉස්සර නම් වසංගතේ වගේ අනේ. ෆෝන් එකේ එක එක අංකයට අදාළ හඬක් තියෙනවා. මේක රෝස පාටින් රතු පාටින් තියෙනකොට තමයි ලස්සන. බෙල්ලේ එල්ලගන්න පටියකුත් තියෙනො නේ.

 

6. බා(ර්)බි ඩෝල්

Image Source – fortune.com

අදටත් මේ සන්නාමය තියෙනවා. හැබැයි එදා තරම් පිස්සුවක් අද කාලේ බබ්බුන්ට නැහැ. පොඩි නටු කෑලි වගේ බෝනික්කන්ගේ ඉඳලා තමන්ගේ ඇඟේ සයිස් එකටම සෙට් වෙන තඩි බෝනික්කෝ හිටියා. මේ තඩියා තමයි කා අතරත් ජනප්‍රිය වෙලා කවදාහරි ලබාගන්න ඕනි කියන තැනේ හිටියේ.

 

7. පොකැට් කැලැන්ඩර්

Image Source – fotolia.com

මේකත් එක්තරා විදියක පිස්සුවක්. එකක් රුපියලයි. ඉතින් ගන්නවා. දිනේ බලන්න ද? නෑ අනේ ඉස්සරහ ඉන්න මනුස්සයගේ පින්තූරේ බලන්න. ඒ දවස්වල හිට් වෙච්චි ටීවි සීරිස්, කාටූන්වල කට්ටියගේ රූපේ ගහලා හදාපු කැලැන්ඩර, වී මිස් යූ!

Cover Image Source – theodysseyonline.com/ polygon.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *