ආයෙමත් දවසක – 16 කොටස

15 කොටස මෙතනින් කියවන්න

16 කොටස

තවත් යන්න තියෙන්නෙ මිනිත්තු පහක විතර කාර් ගමනක්. ඒකෙන් පස්සෙ සියුමි ගුඩ්නයිට් කිස් එකක් නොදුන්නොත් නදිකගෙ හිතින් නදික ලොකු පරාජයක් ලබනවා. කාලෙකින් මේ විදියට ගෑණියෙක්ගෙන් රිජෙක්ට් වෙලා නොතිබුණු නදික, රිජෙක්ට් වුනාද? නැද්ද කියලවත් හිතාගන්න බැරි විදියට අසරණ වෙලා හිටියා. තවත් කරන්න දෙයක් කල්පනා වෙන්නෙත් නැති නිසා නදික පුළුවන් තරං හිමින් ඩ්‍රයිවු කරා. සියුමි කාත් එක්කද ටෙක්ස්ට් කරා. සියුමි ටෙක්ස්ට් කරන අතරෙ හිනා වුනා. ඒ හිනාවුනේ කොල්ලෙක් එවපු ජෝක් එකකටද? කොල්ලෙක් නියුඩ් පික් එකක් රික්වෙස්ට් කරපු එකටද? එහෙමත් නැත්තං නදික අද ලබපු පරාජයටද? කියල නදිකට හිතාගන්න බැරි වුනා. වාහනේ නැවැත්තුවා. ඒ ඩිමෙල් අංකල්ගෙ ලස්සන ගෙදර. එතනින් ඒ ලස්සන කෙල්ල වාහනෙන් බැස්සා.

“මං යන්නං එහෙනං!”

“ඔස්ට්‍රේලියාවෙ නේද හිටියා කිවුවෙ?”

“ඔවු ඇයි?”

“සේවකයා එක්ක වුනත් දවසක් ගතකරලා ඉවරවෙලා යද්දි යන විදියක් තියෙනවා.”

“ඒ කොහොමද?”

“පල්ප් ෆික්ෂන් බලලා නැද්ද?”

“ඔලුව විකාර වෙනවනෙ අනේ ඒක බලද්දි”

“ගර්ල්… යූල් බී අ වුමන් සූන්!”

“අන්න ඒ සින්දුවටනං මං ආසයි”

“ඇක්ට් ලයික් දැට්!”

“සූන්!”

සියුමි යන්න හැරුනා. නදික කඩා වැටුනා. දැන් මේ වාහනේ පැදගෙන ගියොත් ඇනගන්නවා ෂුවර්. නදික ඩ්‍රින්ක්ඩ්‍රයිවු ඩොට් එල්කේ ගිහින් ඩ්‍රයිවර් කෙනෙක් දාගත්තා. ස්කූටරේක දෙන්නෙක් ආවා. එක්කෙනෙක් ඩ්‍රයිවින් සීට් එකට නැග්ගා. අනෙකා ස්කූටරෙන් පස්සෙන් ආවා.

“ඔතන බාර් එක ගාවින් නවත්තන්න”

“සර් ආයෙත් බොනවද?”

“ආයෙත් කියන්නෙ? මං බීලා නෑ මචං”

“එහෙනං අපිට කෝල් කළේ?”

“මට ඩ්‍රයිවු කරන්න බය හිතුනා”

“ඒ මොකෝ?”

“අත වෙවුලන්න ගත්තනෙ”

“දැන් අපි සර් එනකං ඉන්න ඕනද?”

“නෑ මචං බිවුවට පස්සෙ අත වෙවුලන්නෙ නෑ”

“ඕකේ සර්ගෙ කැමැත්තක්”

ගණං හිලවු බේරලා නදික බාර් එකට ගොඩ වුනා. එතන ඉඳන් ගෙවිලා ගියේ දුක්බර හැඟීම් විස්කිවල මුසු කරපු දුක්බර රාත්‍රියක්. මේ ගෙවෙන්නෙ නරක කාලයක්ද? කියල හිතද්දිම, සියුමි මෙසේජ් එකක් දාලා තිබුනා.

U’re nice

Thanks

What are you doing?

Drinking

Where?

@ the place you refused

Really?

Yes

සියුමි එතනින් එහාට රිප්ලයි කළේ නෑ. ගෙදර ඉඳන් ටික දුරක් නිසාත්, මේ බාර් එකට ගෑණු ළමයි යනෙන නිසාත් සියුමි දැන් දැන් ඒවි කියලා නදිකට හිතුනා. ඒත් ස්ටියරින් වීල් එක අතට ගන්නත් බය හිතෙන තරමට බොනකනුත් සියුමි අවෙ නෑ. අශිනි සද්ද නෑ. එයා බයේ ඇති. හෂිනිත් සද්ද නෑ. කිසිම ගෑණියෙකුට කතා කරන්න නොහිතෙන තරම් පරාජයක් සහ ලැජ්ජාවක් නදිකගෙ හිත ඇතුළෙ තිබුනා.

*********************************

නදික පහුවදා ඇහැරෙද්දි එස්එම්එස් ​ගොඩක් තිබුනා. යාලුවො එවලා තිබුනෙ අඩියක් ගහමුද අද රෑට කියලා. අශිනි එවලා තිබුනා ඊයෙ මොකද වුනේ අහලා. හෂිනි එවලා තිබුනා මොනවද අර කිවුවෙ? කියලා. මොනවා කිවුවද කියලා මතක නැති නිසා නදික හෂිනිට කෝල් එකක් ගත්තා.

“මං මොනවද කිවුවෙ?”

“මොනවද නොකිවුවෙ කියල ඇහුවනං තමයි හොඳ”

“ඇයි?”

“නදික, ඔයා පළවෙනි පාරට ඇඬුවා!”

“ඒ මොකෝ?”

“මං දැනගත්තා සිහියක් නැතුව ඇති කියලා”

“ඇයි?”

“ඔයා කවදාවත් එහෙම අඬලා නැහැනෙ”

“හරි මං මොනවද කිවුවෙ?”

“මාව අතාරින්න විදියක් හොයාගත්තා කිවුවා. ඇත්තද?”

“ඔවු!”

“මොකද්ද?”

“ඒක කියන්න බෑ”

“ඇයි?”

“කිවුවොත් අතාරින්න බෑ.”

“ඉතිං!”

“මං ඔයාට ආදරේ කළා. දැන් ආදරේ නෑ. එනිසා ආයෙ කතා කරන්නෙපා. සොරි!”

“නදික!”

නදික කෝල් එක කට් කරලා ආයෙත් හෂිනි අරගන්න කලින් අශිනිට කෝල් කරා.

“අක්කා!”

“පැටියො”

“ඔයා මීට පස්සෙ මගෙ බොස් විතරයි”

“ඇයි?”

“අපි දෙන්න මීට පස්සෙ සෙක්ස් කරන්නෙවත් ලවු කරන්නෙවත් නෑ”

“අනේ ඇයි?”

“ඇයි කියල කිවුවොත් මේක සිද්ධ වෙන්නෙ නෑ. කරන්නෙ නෑ. එච්චරයි! සොරි!”

මේ ගමන්ම සියුමිටත් ගන්නවද කියලා හිතුවත් ඊයෙ රැයින් පස්සෙවත් ටෙක්ස්ට් එකක් දාන්න හිතිච්ච නැති ගෑණියෙක් වෙනුවෙන් මොකට නැහෙනවද කියලා හිතපු නදික ෆෝන් එක ඕෆ් කරලා ඔෆිස් යන්න ඇඳගත්තා. ගෑණියෙක්ට මේ තරං රිද්දන්න පුළුවන්ද කියලා මතක් වෙලා නදිකටම හිනාගියා.

දැන් යන්න ඕන බස් එ​කේ නින්දක් දාගෙන ඔෆිස්. ඊටපස්සෙ අශිනිගෙ ප්‍රශ්නවලට උත්තර දෙන්න වෙනවා. සියුමිත් ආවොත් ප්‍රශ්න දෙක වෙනවා. මාර අවුලක් මේක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *