ජනවාරි මාසෙ ඉපදෙන එකේ වාසි 7ක්

සාමාන්‍යයෙන් අම්මා කෙනෙක් දරුවෙක්ව පෙබරවාරි මාසෙ මුලදි බිහිකරන්න නියමිතව තියෙනවානං බොහෝදෙනෙක් කියන දෙයක් තමයි කොහොමහරි කරලා ජනවාරි මාසෙ එළියට දාගනිං කියන එක. එහෙම කියන්නෙ එක හේතුවක් නිසා. අන්න ඒ හේතුව විතරක් නෙමෙයි ජනවාරි මාසෙ ඉපදීම වාසනාවක් කියලා ප්‍රත්‍යක්ෂ කරන දේ අතරෙ තියෙන්නෙ. ඒ අතරෙ තියෙනවා ගොඩක් හේතු. අන්න ඒ හේතු ටික එකතු කරලා මේ සටහන තියන්නෙ ඒ නිසාමයි. මේ කියන ජනවාරි මාසෙ ඉපදීමේ වාසි අනිත් මාස වලට සෙට්වෙන්නෙ හරිම අඩුවෙන්.

 

1. මොළේ ඇති!

Image Source – youtube.com

සාමාන්‍යයෙන් ජනවාරි මාසෙ උපන්න පොඩි උන් ගැන නිතර කියන කතාවක් වෙන්නෙත්, ඕන තරං හේතු පෙන්වා දෙන නිගමනයක් වෙන්නෙත් ඒ අය අනිත් අයට වඩා මීටරෙන් උසස් කියන එකයි. ඒ කියන්නෙ මොළකාරයො කියල. ඒක සිද්ධ වෙන්නෙ කොහොමද කියල පැහැදිලි කිරීමක් නැතත් පරීක්ෂා කරලා බලල තියෙන නියැඳිවලින් ඒ නිගමනය පෙන්වන්න තරමට උත්තර ලැබිලා තියෙනවලු. ඔවුන් ඒ බව කියන සාධක කිහිපයකුත් තියෙනවා. එයින් එකක් තමයි නායකත්වයේ ලක්ෂණ ජනවාරි මාසෙ ඈයොන්ගෙ වැඩි වීම. අනෙක ජනවාරි මාසෙ උපන්න අය ලෙඩ රෝගවලට නිරාවරණය වීම සාපේක්ෂව අඩු නිසා ඔවුන්ගේ වැඩීම අනිත් අයට වඩා ඉහළ වීම. ඔය කියන වාසි එක්ක බලද්දි පොඩ්ඩෙක් ජනවාරියෙ හදන්​න පෙරුම් පිරුවත් කමක් නැහැ.

 

2. පාටි මූඩ්

Image Source – campbellandrowley.co.uk

ජනවාරි ඉපදුණු බුවාලට තමුන්ගෙ බර්ත්ඩේ එකට මුහුණදෙන්න වෙන්නෙම පාටි මූඩ් එකක. නත්තල් පාටි, ඉයර් එන්ඩ් පාටි, නිවු ඉයර් පාටි වගේ පාටි කන්දකින් ඒ අය පිවිසෙන්නෙ බෝතල් මාසයට. ඉතිං බෝතල් මාසය ඇතුළෙ බර්ත්ඩේ එකක් තියෙන මනුස්සයෙකුට පාටියකට මූඩ් එක හදාගන්න කියල අමුතුවෙන් දෙයක් කරන්න නැහැ. මොකද එයාලා ඒ වෙද්දිත් ජීවත් වෙන්නෙම පාටි සීසන් එකක. ඉතිං ඒ අයට ඉතුරු සාමාන්‍ය විදියට පාටියකට එන්ටර් වෙන්න විතරයි.

 

3. වසරක වාසිය

Image Source – blogs.worldbank.org

දැන් ඔය ළමයින්ගෙ ගැන කතා කරද්දි හැමෝම කියන ජනවාරිවල ඉපදීමේ වාසිය තමයි ඒ අයට අවුරුද්දක් කලින් පාසලෙන් නික්මෙන්නට ලැබීම. ඒ කියන්නෙ වසරක් වේලාසනින් ඔවුන් පාසලට ඇතුළු වීම. සමවයසේ අනෙක් මාසවල උපන්නන්ට වසරකට පෙර පාසලෙන් නික්මීම. ඔය කියන වාසිය ළමා කාලෙට විතරක් දැනෙන වාසියක් නෙමෙයි. අවුරුද්දක් ඇතුළෙ බොහෝ දේ සිද්ධ වෙන්න පුළුවන්. එකම රැකියාවකට යන සමවයස් මිතුරාට වඩා අවුරුද්දක වෘත්තීයමය අත්දැකීම් ඔහු සතුයි. ඒවගේම උවමනානම් ඒ කාලය තුළ බාහිර අධ්‍යාපන සුදුසුකමක් සකසා ගැනීමේ හැකියාවත් තිබෙනවා.

 

4. ප්‍රෙෂර් රහිතයි

Image Source – honeycombmoms.com

නිකමට පුංචි කාලෙ ඉඳන්ම මේ කතාව දිගෑරලා බලමු. බර්ත්ඩේ එක දවසට හිත නිදහසේ බර්ත්ඩේ එක සමරන්න නැත්තං ඇති වැඩක් නැහැනෙ. ඒ ආතල් එක ගන්න සරිලන ස්ට්‍රෙස් ෆ්‍රී පරිසරයක් තියෙන්න එපැයි. අන්න ඒක ජනවාරි ඈයොන්ට ඉබේම සැලසෙන දෙයක්. ඉස්කෝල පටන්ගත්තු ගමන්ම තමයි බර්ත්ඩේ උදාවෙන්නෙ. ලොකු අධ්‍යාපනික ප්‍රෙෂර් එකක් නෑ. දවසක් මිස් වුනත් අවුලක් නෑ. කැම්පස් කාලෙදිනම් සෙමෙස්ටර් අවසානෙ විභාග ඉවරයි. ඔෆිස් කාලෙදි නං ඇප්ටිටියුඩ් ටෙස්ට් තියල ඉවරයි. ඉතිං ප්‍රෙෂර් රහිතයි. ඒ වාසි හැමෝටම දැනෙන්නෙ නෑ. මූණේ කිසිම හිනාවක් නැතුව ගෙවිච්ච බර්ත්ඩේ තියෙනව සමහරුන්ට.

 

5. දෙයියොයි මල්ලියි!

Image Source – srilankamirror.com

සල්ලි දෙයියන්ගෙ මල්ලි කියල කියන්නෙ නිකංම නෙමෙයි. බර්ත්ඩේ කොච්චර තිබ්බත් තවත් වැදගත් දෙයක් තමයි සල්ලි. මොකද ඉතිං මුවෙක් මරාගෙන, අලයක් තම්බගෙන පාටි දාන්න අපි මසායි ගෝත්‍රිකයො නෙමෙයිනෙ. අන්න ඒ නිසා වැදගත් වෙන සල්ලි සම්බන්ධයෙනුත් ජනවාරි මාසෙ උපන්න අයට සැලසෙන වැඩිපුර වාසියක් තියෙනවා. ඒ තමයි ඉයර් එන්ඩ් බෝනස් එක. ඒ අයට කිසිම ගින්නක් නැතුව ඉයර් එන්ඩ් බෝනස් එකෙන් පොඩි කට් එකක් ජනවාරි බර්ත්ඩේ එක තෙක් ඉතුරු කරගැනීමේ හැකියාව තියෙනවා.

 

6. ඉඩක්

Image Source – giphy.com

ඔය මොක තිබුනත් වැඩක් නැහැනෙ නිවාඩු නැත්තං. අවුරුද්දෙ මුල කියන්නෙ ඉතිං නිවාඩු ගෙඩි පිටින් ඉතුරුයි. ඒ නිසා දවස් දෙක තුනක නිවාඩුවක් දැම්මත් ඒ තරං අවුලක් දැනෙන්නෙ නෑ. අනික අවුරුද්දෙ මැද හෝ අන්තිමේදි නිවාඩුවක් ඉල්ලුවම ලොක්කගෙන් තරමක බරබරයක් වැටෙන්නත් ඉඩ තියෙනවා. අවුරුද්දෙ මුලදි ඔය කේස් නෑ. හැමෝම හැපී මූඩ් ඉන්නෙ. අන්න ඒ වාසිය තරමක් ලොකු එකක්.

 

7. සෙකන්ඩ් චාන්ස්

Image Source – srilankan.com

මේ කියන්න යන්නෙ දික්කසාදයක් ගැන එහෙම නෙමෙයි. ඇත්තටම බොහෝදෙනෙක් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අවුල් කරගත්තොත් ඒ අය දෙවැනි වර විභාගයට පෙනී ඉන්න ගියාම ඇහෙන දෙයක් තමයි අපරාදෙ ජීවිතේ වැදගත් අවුරුද්දක් කියන එක. ඒ අයට තමුන්ට වඩා වසරක් බාල අය එක්ක නැවත ගැටෙන්නට සිදුවීම. මෙන්න මේ දේවල් එක්ක හිතලා බලද්දි ඇත්තටම ජනවාරි මාසෙ උපන්න කෙනෙකුට එතැනින් තමන්ගේ අවුරුද්දේ වාසිය ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ඉතිං ස්ට්‍රෙස් නෑ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *