අමාරුකාර බොසෙක් එක්ක වැඩ කරන්න ටිප්ස් ටිකක්

සාමාන්‍යයෙන් කතාවට කියන්නෙ නරක ජොබකට වුනත් හොඳ බොසෙක් සෙට් වුනොත් වැඩේ ගොඩ කියලයි. අපි මේ කියන්න යන්නෙ ඊට තරමක් වෙනස් කතාවක්. සාමාන්‍යයෙන් අමාරුකාර බොස්ලා ඉන්නවනෙ. කෙටියෙම්ම කියනවනං මැරිලා හෝ වැඩේ සිද්ධ විය යුතු, සැර බොසාලා. දැන් ඉතිං ඔහොම කෙනෙක් සෙට් වුනා කියලා එක පාර රස්සාව අතෑරලා එන්නෙ නැතුව ඒ අත්දැකීමත් තමුන්ගෙ වෘත්තිය ජීවිතයට එකතු කරගන්න එක වටිනවා. හැමතැනම මල් යහන් නැහැනෙ. කටු රොදෙත් ටිකක් ඇවිදින්න පුරුදු වෙන්න ඕන. අන්න ඒ නිසාමයි අමාරුකාර බොසෙක් එක්ක රස්සාව ගොඩ දාගෙන ජීවත් වෙන විදිය අපි කියන්නෙ.

 

1. ෂුවර්ද?

Image Source – junkee.com

ඔයා මුලින්ම රස්සාව එපා කරගන්න හෝ බොසාව වෙනස් කරන්න හෝ බොසාට අනුව ඔයා හැඩගැහෙන්න හෝ කලින් ඔයාගෙ බොසාත් නරක බොසෙක්ද කියන එක කන්ෆර්ම් කරගන්න. බොසා ගන්න වැරදි තීරණ සහ නිවැරදි තීරණ දිහා බලාගෙන ඉන්න. ඒ දේවල් බොසාගෙ තනි මතයෙන් සිද්ධ වෙච්ච වැරදිද එහෙමත් නැත්තං බොසාගෙ පාලනයෙන් පිට සිද්ධ වෙච්ච වැරදිද කියන එක කන්ෆර්ම් කරගන්න. හැමදේටම සමාව දෙන්න පුළුවන් තැනක් තියෙනවද කියලා බලන්න. පුළුවන් හැම තැනකදිම සමාව දීලා තමුන්ට ඩීල් කරන්න වෙන්නෙ කොයි විදියෙ බොසෙක් එක්කද කියන එක කන්ෆර්ම් කරගන්න.

 

2. කේන්ති ගන්නෙ ඇයි?

Image Source – monster.com

බොසා කේන්ති ගන්නෙ ඇයි කියන දේ හොයලා බලන්න. සමහර බොසාලා ඔයා කොච්චර වැඩ කළත් පොඩ්ඩක් පරක්කු වෙච්ච ගමන් බනින්නෙ ඔයාගෙ වැරැද්දකට වඩා ඒකෙන් අනිත් සේවකයන්ට යන නරක ආදර්ශය නිසා වෙන්න පුළුවන්. එහෙමත් නැත්තං යටත් සේවකයන් පරක්කු වුනාම බොසාට එයාගෙ ඉහළ නිලධාරීන්ට හේතු කියන්න සිද්ධ වෙනවා වෙන්න පුළුවන්. ඔබට වඩා විශාල ව්‍යාපෘතියක ඩෙඩ්ලයින් එකක් බොසාගෙ ඔලුවෙ තියෙන්න පුළුවන්. අන්න ඒ නිසා බොසාට නිතරම කේන්ති යන අවස්ථා සහ ඒ විදියට කේන්ති යන්නෙ ඇයි? කියන දේ ගැන හිතන්න. මේ දේවල් ඔයාට රැකියාවට හැඩගැහෙන්න ලොකු උදවුවක් වේවි.

 

3. කාන්දු වෙන්න දෙන්නෙපා

Image Source – businessinsider.com

බොසාගෙ නරක ගති ඔයාට දරාගන්න සිද්ධ වෙනවා. මොකද ඒ ඔයාගෙ බොසානෙ. හැබැයි ඒ කිසිවක් ඔයාගෙ රැකියාවට බලපාන්නට ඉඩ තියන්න එපා. බොසාගෙන් පළිගන්න වේලාසන ඇවිත් වැඩ නොකර යන්නෙපා. බොසා බනින නිසා කොහොමත් බැනුම් අහනවනෙ කියලා වැඩ මගහරින්න එපා. ඒක ආයතනයට වගේම ඔයාගේ වෘත්තියමය ජීවිතයටත් පාඩුවක්. එනිසා කිසිම මොහොතක බොස්ගෙ ක්‍රියාවක ප්‍රතිඵලයක් ඔයාගෙ රැකියාවට නරක විදියට බලපාන්න ඉඩ දෙන්නෙපා.

 

4. රටාව

Image Source – youtube.com

අපි මුලින් කියපු ෆැක්ට්ස් දෙකේ විදියට පොඩි අධ්‍යයනයක් කළාට පස්සෙ බොසාගෙ තරම තේරුම් ගන්න පුළුවන් වගේම බොසා ඔයාගෙන බලාපොරොත්තු වෙන දේත් හොයාගන්න ලේසියි. අන්න ඒ දේවල් තේරුම් අරගෙන බොසා යම් අවශ්‍යතාවයක් සහිතව ඔයා ගාවට එන්න කලින්ම ඒ දේ ඉෂ්ඨ කරලා තියන්න. ඒ වගේම බොසාගෙ රටාව අඳුනගත්තට පස්සෙ ඔයා ඔයාට සීමා පනවාගන්න. කාර්යාලයේ අනිත් අය ගොට්ට අල්ලන්න හෝ වැඩි භජනයකට බොසා ළඟට ගියත් ඔයාගේ සීමාවන් පාලනය කරගෙන කටයුතු කරන්න. මේක හදිසි පිපිරීමකදී අතිශය වැදගත්.

 

5. එයාද ලොක්කා?

Image Source – soposted.com

ඔවු එයා තමයි ලොක්කා. හැබැයි එයා කියන හැම දේම නිවැරදි නැහැ. නිශ්චිත සාක්ෂි එක්ක ලොක්කාව නිවැරදි කරන්න පුළුවන් හැම තැනකදිම ලොක්කා එක්ක විතරක් ඒ දේ සාකච්ඡා කරලා ලොක්කාව නිවැරදි කරන්න. ඒවගේම ලොක්කා නැතත් ලොක්කගෙ වැඩේ සිද්ධ වෙන බව ලොක්කාට අඟවන්න. යම් කාලයක් තෙම්පරාදු වුනාට පස්සෙත් හැම දෙයක්ම අහලා කරන්න ගියොත් ඕන ලොක්කෙකුට කේන්ති යන්න ඉඩ තියෙනවා. අවශ්‍ය තැනදී තමුනුත් නායකත්වයේ තීරණ ගත්තාට කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි විශේෂයෙන්ම ඒ තීරණ නිවැරදි විය යුතුයි. මොකද ලොක්කෙකුට වරදිනවා වගේ නෙමෙයි පොඩ්ඩෙකුට වරදිද්දි.

 

6. අවුල ලිහන්න

Image Source – sailthru.com

ලොක්කා ඉක්මනින් කේන්ති ගන්නවානං අපි මුලින් කියපු ග්‍රවුන්ඩ් චෙක් එක හරියට කරපු කෙනෙකුට ලොක්කට වැඩිපුරම කේන්ති යන්නෙ මොනවගේ වෙලාවටද කියන එක ටක් ගාලා පැහැදිලි වෙනවා. අන්න ඒ අවුල් ටික ඩබල් චෙක් – ට්‍රිපල් චෙක් කරන්න. උදාහරණයකට ඩොකියුමන්ට් එකක අකුරු වැරදි හෝ ව්‍යාකරණ වැරදි ගැන ලොක්කා අතිශයින් සොයා බලනවානම් ඊට පෙර ඔයා ඒ ගැන සොයා බලන්න. වැරදි අඩු කරන්න.

 

7. පැහැදිලි කරගන්න

Image Source – twitter.com

ඉක්මන් කේන්තිකාර නරක බොසෙක් එක්ක වැඩ කරද්දි සිද්ධ කරන්නම ඕන දෙයක් තමයි මේ. ඒ තමයි තමුන්ට පවරන වැඩේ පැහැදිලි කරගන්න එක. ඔයා අදහස් කළේ මේක නේද බොස්? කියලා තමුන්ගෙ වචනෙන්ම බොස්ගෙ අදහස ආයෙ කියලා පැහැදිලි කරගන්න. එහෙම ෂුවර් එකක් තියාගෙන වැඩේ පටන්ගන්න. ඒකෙන් වැඩේ කරගෙන යද්දි සිද්ධ වෙන්න පුළුවන් අවුල් බොහෝමයක් මගහැරේවි.

zvr
Your Reaction

Comments