නුවර එළියේ දෙන්නත් එක්ක ගිහින් නවතින්න හොඳ තැන් 7ක්!

නුවර එළිය කියන්නේ සීසන් එකට සංචාරක පාරාදීසයක්. විශේෂයෙන්ම අලුත බැඳපු කපල් වුනත් තමන්ගේ හනිමූන් එකට තැන් ‍තෝරගන්නකොට මුලින්ම සලකා බලන නගරය තමයි නුවර එළිය. සීතල, සැපදායක, සෞම්‍ය දේශගුණය ඒකට එක හේතුවක්. සම්පූර්ණ නගරයම සංචාරකයින්ගේ හිත පිනවන සුන්දරත්වයෙන් යුතු වීම තවත් හේතුවක්. ලංකාවේ කපල් එකකට වගේම විදේශිකයින්ට වුනත් ඇවිදින්න කරන්න, දැකබලාගන්න සෑහෙන්න සුන්දර තැන් නුවර එළියේ සහ ඒ අවට තියෙනවා. ඒක තවත් හේතුවක්. හැබැයි ඉතින් නුවර එළියේ ඇවිදින්න යන්න දෙන්නත් එක්ක ට්‍රිප් එකක් දාගන්නවා නම් හිතලා බලන්න ඕන කාරණේ තමයි ගිහින් නවතින්නේ කොහේද කියන එක. සාමාන්‍යයෙන් නුවර එළියේ හොටෙල්ස් සහ නවාතැන් පහසුකම් මිලෙන් අධිකයි. ඒත් තමන්ගේ පොකට් එකට ගැලපෙන විදියේ තැන් වුනත් නැතුවාම නෙවෙයි. මේ කියන්න යන්නේ, නුවර එළියේ දෙන්නත් එක්ක ට්‍රිප් එකක් ගිහින් නවතින්න පුලුවන්, හැම බජට් එකටම හරියන විදියේ අනර්ඝ නවාතැන් කීපයක් ගැන. මේ තැන් අපි ‍තෝරගෙන තියෙන්නේ, ඒ තැන් කොයි තරම් සංචාරකයින්ගේ ප්‍රසාදයට ලක් වෙලා තියෙනවාද කියන කරුණ පදනම් කරගෙන. ඒ කියන්නේ මේ තමයි නුවර එළියේ නවතින්න තියෙන සුපිරි තැන්!

 

1. Seasons Villa – Nuwara Eliya

Image Source – booking.com

ග්‍රෙගරි වැවේ ඉඳලා කිලෝමීටර් දෙකකටත් අඩු දුරකින් තියෙන මෙතන බැලූබැල්මට බොහොම නිස්කලංක සුඛෝපභෝගී නිවාසයක් වගේ හැඟීමක් තමයි දැනෙන්නේ. ඒකට එක හේතුවක් වඩාත් නවීන ගෘහනිර්මාණ ශිල්පය සහ අලංකාර උද්‍යානය. හැබැයි ඇතුළට ගියාට පස්සේ ලී වලින් නිර්මාණය කරපු පොළව, සම්පූර්ණ ලී තරප්පු පේළිය එහෙම දකිනකොට අර නුවර එළිය ගතිය දැනෙන්න පටන් ගන්නවා. දෙන්නටම බජට් එක පොඩ්ඩක් දහදාහකට එහා පැත්තේ තිබුණත්, මෙතන තියෙන සුව පහසුව සහ පහසුකම් දිහා බලනකොට ඒ මුදල සම්පූර්ණයෙන්ම සාධාරණයි කියලා කියන්න වෙනවා.

වෙබ් සයිට් එක: seasonsvillanuwaraeliya.com

දුරකථන අංක: 077 849 4502

තැන:

 

2. The Plains Green Bungalow

Image Source – booking.com

ග්‍රෙගරි වැවේ ඉඳලා ටිකක් දුරින්, ඒ කියන්නේ කිලෝමීටර් එකොළහක් විතර දුරින් තියෙන මේ බංගලාව අපි රෙකමන්ඩ් කරනවා නියම නුවර එළිය අත්දැකීමක් ලබාගන්න අවශ්‍ය කෙනෙක්ට. සැහෙන්න උසකින් තියන ඈතට ඈතට පැතිරිලා ගියපු තැන්නක කඳු බෑවුමේ ලී බංගලාවක් වගේ පේන විදියට නිර්මාණය කරලා තියෙන මෙතන වැඩි හරියක් වීදුරු වලින් සම්පූර්ණයෙන්ම ඈත සුන්දර භූමි දර්ශන පේන විදියට තමයි හදලා තියෙන්නේ. මෙතන එළියේ ගිනි කබල ඉස්සරහා වාඩි වෙලා ඈත කඳු යායවල් දිහා බලාගෙන ඉන්නකොට දැනෙයි මේ තමයි ජීවත් වෙනවා කියන්නේ කියලා. මෙතන සෑහෙන්න ගාණ වැඩියි. රුපියල් තිස්දාහක්, හතළිස්දාහක් විතර වෙනවා දෙන්නෙක්ට. හැබැයි ඒ ගාණට මේ අත්දැකීම සම්පූර්ණයෙන්ම වටිනවා.

වෙබ් සයිට් එක: theplainsgreen.com

දුරකථන අංක: 071 337 1087

තැන:

 

3. Grace Nuwara Eliya

Image Source – booking.com

සමහර වෙලාවට අපි දෙන්නත් එක්ක නුවර එළියේ යන්නේ ඇවිදින්න කරන්න මිසක්, හොටෙල් එක ඇතුළට වෙලා ඉන්න නෙවෙයි. අන්න ඒ වගේ කපල් එකකට ඇත්තටම හොටෙල් එකක් අවශ්‍ය වෙන්නේ රාත්‍රියට ඉන්න, උදේ ආහාර වේල ගන්න වගේ දේකට විතරයි. ආන්න එහෙම තැනක් හොයන දෙන්නෙක්ට මේ වගේ තැනක් ගැලපෙනවා. ඒ කියන්නේ අමුතුවෙන් ලස්සනක් මොකුත් නෑ. සාමාන්‍ය, සුවපහසු, ප්‍රිය උපදවන නවාතැනක් විතරයි. හැබැයි පිරිසිදුකම, සුවපහසුව අතින් ඉතාම ඉහළයි. හැබැයි එළියට යන්න කම්මැලී වගේ නම් නිදහසේ ඉන්නත් මෙතන හොඳට ඉඩ කඩ තියෙනවා. ගාණ අඩු වුනත් නුවර එළියේ තියෙන ඉහළම වටිනාකමක් තියෙන තැන් වලින් එකක් විදියට සැලකෙන නවාතැනක් මෙතන.

වෙබ් සයිට් එක: https://www.yohobed.com/accommodation-in-nuwara-eliya/1362

දුරකථන අංක: 0117 344 444

තැන:

 

4. Tong Fu Hotel

Image Source – booking.com

ග්‍රෙගරි වැවට කිලෝමීටර් බාගෙක විතර දුරකින් තියෙන ටොන්ග් ෆූ හොටෙල් එක සාමාන්‍යයෙන් මධ්‍යම ප්‍රමාණයේ බජට් එකකට හරි යන, ඉහළ ඩිමාන්ඩ් එකක් තියෙන තැනක්. රුපියල් දහදාහක් විතර වෙනකොට දෙන්නෙක්ට ඉන්න රූම් එකක් විතරක් නෙවෙයි, තුන්දෙනෙක්ට ඉන්න රූම් එකක් වුනත් සෙට් කරගන්න පුලුවන්. ඕනෑ නම් රුපියල් දෙදාහක් වගේ ගාණකට තනියෙන් ඉන්න හවුල් ඩෝමිටරි එකක් සෙට් කරගන්නත් පුලුවන්. උද්‍යානයක් සහ ටෙරස් එකක් සහිත මේ හොටෙල් එකේ බොහොම ඉඩ කඩ පහසුකම් වුනත් තියෙනවා. ඕන නම් හවසට පූල් පාරක් සෙල්ලම් කරන්න පූල් ටේබල් එකකුත් තියෙනවා. නිදහසේ වාඩි වෙලා පොතක් පතක් කියවන්නත් ඉඩ කඩ මෙතන තියෙනවා.

දුරකථන අංක: 076 410 0273

තැන:

 

5. King Fern Cottage

Image Source – booking.com

ග්‍රෙගරි වැවට කිලෝමීටර් හතරක් විතර එහායින් තියෙන මෙතන තියෙන්නේ හරි අපූරු පෙනුමක්. කෙනෙක් එක්කෝ මෙතනට කොහෙත්ම කැමති වෙන්නෙ නෑ. එහෙම නැතිනම් අනිවාර්යයෙන්ම ආස වෙනවා. ඒකට හේතුව මෙතන විවිධ තද පාටවලින් යුක්ත බිත්ති සහ පොළව, බොහොම තදබද බවක් දැනෙන විදියේ අලංකරණයන් සහ ගෘහභාණ්ඩ සහ මුළු නවාතැනම වහගෙන තියෙනවා වගේ පේන දැවැන්ත මීවන පඳුරු. හිතාගන්න පුලුවන් ඇයි මේ නම මෙතනට ලැබිලා තියෙන්නේ කියලා. දෙන්නෙක්ට බොහොම අඩු මුදලකට නවාතැන් ගන්න පුලුවන් මෙතන සුපිරි සුඛෝපභෝගී බවක් දැනෙන්නෙ නෑ. හැබැයි ගෙදරක ඉන්නවා වගේ හැඟීමක් දැනෙනවා. නිදහසේ වාඩි වෙලා ඉන්න පුලුවන් ලී බංකු සහ හැංගිලා නිදහස විඳින්න පුලුවන් තැන් මේ නවාතැන ඇතුළේ හැමතැනම වගේ තියෙනවා. සියලුම පහසුකම් වලිනුත් මෙතන සමන්විතයි.

වෙබ් සයිට් එක: kingferncottage.com

දුරකථන අංක: 077 358 6284

තැන:

 

6. The Wind Castle

Image Source – agoda.com

ග්‍රෙගරි වැවට කිලෝමීටර් 5කට අඩු දුරකින් පිහිටලා තියෙන මේ හොටෙල් එක නමෙන් කියවෙන විදියටම කන්දක් උඩ හුදෙකලාව පිහිටලා තියෙන බලකො‍ටු මාලිගාවක පෙනුම ගන්නවා. බොහොම සැපපහසුකම් ඇතුව සුඛෝපභෝගී විදියට නිර්මාණය කරලා තියෙන මෙතන නවාතැන් ගන්නවා කියන්නේ, නියම නුවර එළියේ නවාතැන් අත්දැකීමක් විඳින්න පුලුවන් කියන එක තමයි. උදේ නැගිටපු ගමන් කාමරේ තියෙන දැවැන්ත ප්‍රංස ජනේල වලින් පේන්නේ ඈත මීදුමෙන් වැහුණු කඳු මුදුන්. මේ බලකො‍ටු මාලිගය තියෙන්නේ හුදෙකලා කඳුගැටයක මුදුනේ වුනත්, ඇවිදින්න කරන්න ප්‍රමාණවත් තණ තිල්ලකුත් ඒ වටේ තියෙනවා. මෙතන මිල ගණන් රුපියල් දහ අට දාහක් වගේ වුණත්, තියෙන පහසුකම් සහ සුන්දරත්වයත් එක්ක බලනකොට ඒ මුදල ගැන දුක් වෙන්න දෙයක් නෑ.

වෙබ් සයිට් එක: windcastle.lk

දුරකථන අංක: 077 748 6350

තැන:

 

7. La Cottage Boutique Hotel

Image Source – agoda.com

නුවර එළිය ගොල්ෆ් පිටියත් එක්කම වගේ තියෙන මේ හොටෙල් එකේ තියෙන්නේ බොහොම හුරුබුහුටි නවීන පෙනුමක්. රුපියල් දහදාහකට අඩුවෙන් වියදම් කරලා නවාතැන් ගන්න පුලුවන් මෙතන ඇතුළත නිර්මාණය කරලා තියෙන්නේ නවීන ගෘහ අලංකරණ විලාසිතා වලින්. ඒ වගේම ඇතුළත ඉඩ කඩ තියෙන පහසු ගතියකුත් ඒකෙන් ඇවිත් තියෙනවා. සුවපහසුවෙන් නැවතිලා ඉන්න සියලු පහසුකම් තියෙන මෙතැන රෙස්‍ටුරන්ට් එකේ චෙෆ් ගෙන් මේ අයටම ආවේණික සිග්නේචර් ඩිෂ් එකක් දෙකක් එහෙමත් ලබාගන්න බැරි වෙන එකක් නෑ.

වෙබ් සයිට් එක: http://la-cottage-boutique-restuarant.nuwara-eliya-hotels.com/en/

දුරකථන අංක: 0117 344 444

තැන:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *