ආයෙමත් දවසක – 15 කොටස

14 කොටස මෙතනින් කියවන්න

15 කොටස

නදික සල්ලිකාර පුතෙක් වුනාට මහා ලොකුවට කෑම පස්සෙ පැන්නුවෙ නෑ. ඉතිං නදික හැමදාම පොෂ් අවන්හලකට ගියාම ඕඩර් කරන මෙනූ එකේ තිබ්බ නදික දන්න රසම කෑම එක වෙච්ච චිකන් කෝඩ්න් බ්ලූ ඕඩර් කළා. ඒ සියුමි ඕඩර් කළාට පස්සෙ. එයාගෙ ස්ටේක් එක පිහි ගෑරුප්පු නැතුව අතින්ම අල්ලල කද්දි නදිකට ආසා හිතුනා. නදික ආසයි පොෂ් තැන්වල ඉන්න පොෂ් නැති කෙල්ලොන්ට. කෑම ඕඩර් කරලා මේසෙට එනකං දෙන්නත් එක්ක කතා කළේ ඔෆිස් එකේ සහ සල්ලිකාර ජීවිතේ වල්පල්. කෑම ඇවිත් කන්න පටන්ගත්තට පස්සෙ දැන් අහයි දැන් අහයි කියලා නදික බලාගෙන හිටපු ප්‍රශ්නෙ සියුමි ඇහුවා.

“ඔයා කොහොමද දන්නෙ මම අඳින්නෙ නිල් පාට ගවුමක් කියලා”

“හිතුනා”

“කොහොමද එහෙම හිතෙන්නෙ?”

“පුරුද්ද තමයි”

“තාත්ති මට කියල තිබුනා”

“මොකද්ද?”

“ඔයාට ගෑණු ළමයි ගැන හුඟක් එක්ස්පීරියන්ස් තියෙනව කියල,

“එයා කොහොමද දන්නෙ?”

“එයා ඔයාලගෙ මළගෙදර හැම දවසෙම ආවනෙ”

“ඉතිං?”

“ඉතිං ඒ එක එක දවසට එක එක කෙල්ලො ඇවිත් තිබුනෙ”

“ඒකත් කිවුවද?”

“ඔවු”

“ඒක කිවුව ගමන් ඔයා මට කෙල්ලො ගොඩක් ඉන්නව කියල විශ්වාස කළා?”

“ඒක විතරක්ම නෙමෙයි”

“එහෙනං?”

“ඇයි ඔය බෙල්ලෙ තියෙන ලවු බයිට් එක”

“ඒක අඹ කපද්දි පිහිය වැරදිලා ගිහිල්ල වැදිච්ච එකක්”

“පිහියෙ දත් තිබ්බද?”

නදික උත්තර නොදී කන්න පටන් ගත්තා. සියුමි හිනා වෙනව. නදිකට හිත යටින් සියුමිට ආදරයක් උපන්නා. මෙච්චර වෙලා තිබ්බ ඇඟ ගැන ආසාවට වඩා එහා ගිය එකක්. නදිකට පළවෙනි පාරට මේ ඇඟ දිනාගන්නවමයි කියල තිබුණු ගැම්ම දියවෙන්න ගත්තා. ඒ හිතේ තිබුනු අනුරාගය අස්සෙ නදිකගෙ හැම රහසක්ම හොයාගෙන නදිකව අසරණ කිරිල්ලම නදිකට සියුමි ගැන තිබුණු හැඟීම වෙනස් කරන්න හේතුවක් වුනා. තවත් ඉතුරු වෙලා තියෙන්නෙ කෑම ටිකයි. මේ කතාව දුරදිග යවාගන්න ඒ ටික මදියි කියල තේරුණු නිසාම නදික සියුමිගෙන් ඇහුවා ඩෙසර්ට් ගන්නවද? කියල. සියුමි කෙලින්ම දුන්නෙ උත්තරයක්.

“චීස් කේක්”

“චීස් කෙල්ලෙක්නෙ?”

“ඔයා මං කළු නිසා විහිළුවක් කළා නේද?”

“මං කවදාවත් කළු කෙල්ලන්ගෙ හමට විහිළු කරන්නෙ නෑ”

“ඇයි?”

“මං ආසම කළු හමට”

“හ්ම්ම්ම්…”

“ෆ්ලෙවර් එක”

“පැෂන්ෆෘට්”

“හ්ම්ම්ම්… මට මොනවද?”

“ඔයා මොනවද ආසා?”

“මාත් චීස්කේක්ම කනව”

“හ්ම්ම්ම්…”

ඔය විදියට චීස් කේක් කතාවත් ඉවර වෙලා ගියා. නදික අසරණයි. ගෙදරින් හිතේ මවාගෙන ආපු බලාපොරොත්තු ඔක්කොම ඉවරයි. පිටිපස්සෙන් කවුරුහරි හිටගෙන ඉන්න ගතියක් තේරුණා. සියුමිගෙ බැල්මත් අමුතු වුනා. හිටියෙ ට්‍රිෂ්.

“ට්‍රිෂ්!”

“හායි!”

“හලෝ…”

“ඩේට් නයිට්…”

“Kinda”

“This is Trish… Friend of mine”

“This is Siumi.. A new friend of mine”

ඒ කතාවත් එහෙමම ඉවරවෙලා ගියා. ට්‍රිෂ් ඇවිත් තිබුනෙත් උස කොල්ලෙක් එක්ක. නදිකට ඉරිසියාවකුත් ආවා. අද ඒ කොල්ලා ජීවීතේ ලබන පරම සතුට ලබනවාමයි. ඒ දැහැන බිඳුනෙ සියුමිගෙ කතාවකින්.

“මං කොහොමද ඔයාගෙ යාළුවෙක් වුනේ?”

“ඇයි යාළුවෙක් නෙමෙයිද?”

“නෑ…”

“එහෙනං ඩිනර් ඩේට් එකකට ආවෙ”

“ඔයා ආවෙ ඔයාගෙ බොස් ඕඩර් කරපු නිසානෙ”

“ආ එහෙමද?”

“ඔවු… නැත්තං ඔයාට රස්සාවත් නැති වෙනවනෙ”

“හ්ම්ම්ම්…”

ගෑණියෙක් මේ විදියට රිද්ද රිද්ද කතා කියන්න හදන්නෙ පිරිමියෙක් අවුස්සන්න ඕන වුනාම. නදික ඒ නිසාම ඇවිස්සෙන්නෙ නැතුව ඉන්න හිතුවා. නදික හිනා වුනා. ඒක බොරු හිනාවක් කියල කාටවත්ම නොහිතෙන හරිම අවංක ගෑණියෙක් පිරිමියෙකුගෙ මූණෙ දකින්න ආසම විදියෙ හිනාවක්.

“ඔයා ඔය විදියට හිනාවෙද්දි හරිම ලස්සනයි”

“ඉතිං?”

“මට ඔයා මගේ සේවකයෙක් කියලත් අමතක වෙනවා”

“එහෙම අමතක කරන්නෙපා. ඔයා මගේ ස්වාමි දියණිය”

“අපි යමුද?”

“හා මැඩම්”

“දැන් ඕක නවත්තනවද?”

“මොකද්ද මැඩම්?”

“නදික ප්ලීස්!”

“සොරි මැඩම්. වයි?”

“නදික මං ඔයාගෙ යාළුවෙක්. ඔයාගෙ හිත රිදුනද?”

“මට එහෙම රිදුනෙ නෑ. මාත් විහිළුවක් කළේ…”

ඒ මොහොතෙ සියුමි හරිම අනපේක්ෂිත දෙයක් කළා. සියුමි නදිකගෙ කරට අත දැම්මා. මේ යාළුකමේ සංඛේතයක්. අත වටේ වෙලාගත්තානං, ඉන වටේ අත දැම්මානං මේක මෙච්චර ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. නදිකගෙ බලාපොරොත්තු අද රෑ ඉෂ්ඨ කරගන්න වෙන්නෙ නෑ කියල නදිකට දැන් විශ්වාසයි.

“මං ඔයාව ඩ්‍රොප් කරන්නද?”

“හා!”

“මං ඔයාගෙන් දෙයක් අහන්නද?”

“අහන්න”

“අර ට්‍රිෂ් කියන්නෙ ඔයත් එක්ක සෙක්ස් කරපු කෙල්ලෙක් නේද?”

“ඇයි එහෙම කියන්නෙ?”

“එයා මං දිහා පුදුම ඉරිසියාවකින් බැලුවෙ”

“ඔයා කොහොමද එහෙම ෂුවර් කරලා කියන්නෙ?”

“මට ෂුවර්… මාත් කෙල්ලෙක්නෙ”

“හ්ම්ම්ම්…”

පිටිපස්සෙන් එකෙක් ටිකක් වෙලා හෝන් කරන​ව කියලත් නදිකට අමතක වුනා. සියුමි නදිකව කොටු කරලා ඉවරයි. නදික තවත් රෙස්ටුරන්ට් එකක් ගාව වාහනේ නැවැත්තුවා.

“ඇයි?”

“අපි ඩ්‍රින්ක් එකක් දාලා යමුද?”

“බෑ. අපි යං”

“ඇයි?”

“ඔයාව මට ෂුවර් නෑ…”

“ඇයි?”

“ඔයා සෙන්සිටිවු වැඩියි”

“ඉතිං”

“මටත් ඔයාගෙ බෙල්ල හපන්න කියල රික්වෙස්ට් කරන්න ඔයාට ඕන එක ඩ්‍රින්ක් එකයි”.

“හප්පා… මං ගැන එහෙමද හිතන්නෙ?”

“ඒක තමයි නදික ඇත්ත… බොරුද?”

“හරි හරි ඔයා දිනුම්…”

“අපි යං…”

නදික ආයෙත් වාහනේ පණ ගැන්වුවා. දැන් ඉතුරු එක බලාපොරොත්තුවයි. ඒ සියුමි වාහනෙන් බැහැලා යද්දිවත් කිස් එකක් දෙයි කියල විතරයි. ඒකටත් තව විනාඩි දහයක් විතර මේ හුචක්කුව ඇදගෙන යන්නෙපැයි කියන කේන්තිය නදිකට ආවා. මීට වඩා හොඳයි ඌබර් එකක ආවනං.

ආයෙමත් දවස​ක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *