ජෝති, මිල්ටන් ගැටුම නිසා අපේ ගායන ලෝකයට වුණ දේ

අපේ රටේ රසිකයන්ගේ හදවත් සොරා ගන්න සමත් වුණු ගායක ගායිකාවන් ගැන ලැයිස්තුවක් හැදුවොත් ඒ ලැයිස්තුවේ මුලටම එන නම් දෙකක් තමයි එච්. ආර් ජෝතිපාල සහ ජේ. ඒ මිල්ටන් පෙරේරා කියන නම් දෙක. ඒ දෙන්නාටම ආවේණික වුණු කටහඬවලින් ගැයුණු ගී රස අපේ රටේ රසිකයන්ව වශී කළා. හැබැයි අපි අද කියන්න යන්නේ ඒ දෙන්නගේ සිංදු ගැන නම් නෙමෙයි. ඒ දෙන්නා අතර ඇතිවෙලා තිබ්බ විරසකයක් ගැන. හැබැයි මේ විරසකය හරි සුන්දර විරසකයක්. මේ විරසකයෙදි දෙන්නා දෙපැත්තට චෝදනා කරගත්තා. හැබැයි මඩවලින්වත් ගල්මුල්වලින්වත් නෙමෙයි, සිංදුවලින්. අපි දැන් ඒ සුන්දර විරසකය ගැන කතා කරමු.

 

1. විරසකයේ මුල

Image Source – history.com

ජෝතියි මිල්ටනුයි අතර විරසකයක් ගැන කිව්වම ඔයාලට එකේක හේතු හිතෙන්න ඇති. මොනා බෙදාගන්න බැරුවද මෙයාලා විරසක වුණේ කියලා හිතෙන්න ඇති. සමහරු හිතන්න ඇති මේ විරසකේට ගෑණු පරාණයක් සම්බන්ධ වුණාද කියලත්. නෑ ඔයා වැරදියි, මේ විරසකේට මුල් වෙලා තියෙන්නේ පිරිමි පරාණයක්. එසේ මෙසේ පිරිමි පරාණයකුත් නෙමෙයි, දෙවි කෙනෙක් තමයි මේ විරසකේට හේතු වෙලා තියෙන්නේ. මේ දෙවියගේ නම තමයි “අනංගයා”. අනංගයා ගැන අහලා තිබ්බට ඔයා විස්තර දන්නේ නැතුව ඇතිනේ. හරි අපි අනංගයගේ වතගොත ගැන පොඩ්ඩක් හොයලා බලලා ඉමු. හින්දු පුරාණ කතාවල හැටියට අනංගයා මැවෙන්නේ ලෝකය නිර්මාණය කරපු මහාබ්‍රහ්මයාගේ සිතෙන් (සමහර කතාවල උපත ගැන මීට වඩා වෙනස් මත තියෙනවා). අනංගයා විවාහ කරගන්නේ “රතී” කියන දෙව්දුවව. ඊශ්වරයාගේ තපසට බාධා කරපු අනංගයා ගැන කෝප වෙන ඊශ්වරයා අනංගයාව භෂ්ම කරනවා. පස්සේ රතීගේ ඉල්ලීම මත නැවතත් පණ දෙනවා. මේ නිසා අනංගයාට විරූපී ශරීරයක් ලැබුණා කියලා කියනවා. අනංගයාගේ වාහනේ ගිරවා. අනංගයාගේ අතේ උක් දඬු දුන්නක් තියෙනවා. පියුම්, අසෝක, අඹ, දෑසමන්, නිලුපුල් කියන මල් ඊතල විදිහට පාවිච්චි කරලා (මේ නිසා අනංගයාට මල්සරා කියනවා) කාට හරි විද්දම  ඊතල පාරට ලක්වෙන කෙනාගේ හිතේ කාමය ඇතිවෙනවා කියලයි පුරාකතාවල තියෙන්නේ.

 

2. අනංගයා ජෝතිපාලට විදියි

Image Source – youtube.com

මේ විරසකේ පටන් ගන්නේ මෙන්න මෙහෙම, දවසක් ජෝතිපාල යනවා කරුණාරත්න අබේසේකර කියන අපේ රටේ හිටපු විශිෂ්ටම ගීතරචකයාගේ ගෙදරට. යන්නේ අබේසේකර මහත්තයා ලවා ගීතයක් ලියවගන්න. ඒත් වෙලාවේ හොඳ කමට ඒ වෙලාවෙ කරුණාරත්න අබේසේකර මහත්තයා ගෙදර ඉඳල නෑ. ඉන්නේ කරුණාරත්න අබේසේකර මහත්තයගේ මල්ලී, ගුණරත්න අබේසේකර. මේ වෙනකොට ගුණරත්න අබේසේකර ජෝතිපාලට “රොබින්හුඩ් වගේ ලක්දිව පතළ වුණු නමයි” කියන ජනප්‍රිය ගීතය ලියලා තිබ්බේ. ඇත්තටම කියනවානම් ජෝතිපාලගේ බලකිරීමට තමයි ගුණරත්න ඒ ගීතය ලියන්නේ. මේකත් මතක් කරන ජෝතිපාල කියනවා අයියා මොකද මල්ලි මොකද මට සිංදුවක් ලියලා දෙන්න කියලා. ටික වෙලාවක් අදිමදි කරන ගුණරත්න ජෝතිපාලගේ වදේටම ලියනවා මෙන්න මෙහෙම සිංදුවක්

 

3. මිල්ටන්ව හොයා ආ අනංගයා

Image Source – youtube.com

පහුවෙනිදා ජෝතිපාල ආපහු කරුණාරත්න අබේසේකරගේ ගෙදරට එනවා තවත් ගමනක් යන ගමන්. ඔන්න එදා කරුණාරත්න අබේසේකර ගෙදර ඉන්නවා. අයියට ජෝති කියනවා මල්ලිගේ වැඩ ගැන. මල්ලිගේ සිංදුව කියවලා කරුණාරත්න අබේසේකර මහත්තයා ගොඩක් සතුටු වෙනවා. මේ අතරේදි ජේ. ඒ මිල්ටන් පෙරේරා මහත්තයා අබේසේකර නිවසට එනවා සිංදුවක් ලියා ගන්න. මිල්ටන්ට මේ ගීතය පෙන්නන කරුණාරත්න අබේසේකර ජෝතිගේ ගීතයට පිළිතුරු ගීතයක් ලියලා මිල්ටන්ට දෙනවා. මිල්ටන් ජෝතිට කියනවා. “මල්ලී ඔයාගේ සිංදුව අනිවාර්යයෙන්ම ජනප්‍රිය වෙනවා, ඔයා සිංදුව කියලා ඉවර වුණාම මම මේ සිංදුව කියන්නම් කියලා. කරුණාරත්න අබේසේකර ජේ. ඒ මිල්ටන් පෙරේරාට ලියපු ගීතය තමයි මේ.

 

4. මිල්ටන්‍ට පිළිතුර දෙන්න ජෝති ඉදිරියට එයි

Image Source – youtube.com

මිල්ටන්ගේ සිංදුව ජනප්‍රිය වෙනවත් එක්කම ආපහු ජෝති එනවා ගුණරත්නව හොයාගෙන. ඇවිත් කියනවා අපි මිල්ටන් කියන සිංදුවට උත්තරයක් දෙන්න ඕන කියලා. ඊට පස්සේ ගුණරත්න අබේසේකර ලියනවා මෙන්න මෙහෙම සිංදුවක්.

 

5. කරුණාරත්න අබේසේකර නැවතත් මිල්ටන්ට සහය වෙයි

Image Source – youtube.com

ජෝතිගේ මේ සිංදුව ප්‍රචාරය වෙන කාලේ මේ සිංදු වාදේ ගැන කලා ලෝකේ සෑහෙන්න ආන්දෝලනයක් ඇතිවෙනවා. සමහරු මේක ජෝති මිල්ටන් අතර තරඟෙකටත් වඩා  අබේසේකර සහෝදරයන්ගේ ගැටුමක් විදිහට දකිනවා. මේ ඇවිලෙන ගින්නට පිදුරු දාන්න හිතන කරුණාරත්න අබේසේකර මහත්තයා මිල්ටන්ට එන්න කියලා තවත් ලස්සන ගීතයක් ලියලා දෙනවා.

 

6. වාදය කෙළවර කිරීමට දෙපසම එක්වෙයි

Image Source – mensjournal.com

මිල්ටන්ගේ සිංදුවත් එක්ක කරුණාරත්න අබේසේකර බලාපොරොත්තු වුණු විදිහටම කට කතා දරුණු වෙනවා. සමහරු පණ පිහිටවලා බොරු ආරංචි පතුරවනවා. මේ එක්ක කරුණාරත්න අබේසේකර හිතනවා අවලපු ගින්න ඔන්න ඔහේ නිවලා දාන්න. ගුණරත්න අබේසේකරත් එක්ක එකතු වෙලා කරුණාරත්න අබේසේකර ලියනවා යුග ගීයක් මිල්ටන්ට සහ ජෝතිට. මේ ඒ යුග ගීය තමයි.

 

7. ප්‍රේක්ෂක ප්‍රතිචාර

Image Source – youtube.com

මුලදී වෙන දේ ගැන අගක් මුලක් තේරෙන්නේ නැතුව හිටිය ප්‍රේක්ෂක ජනතාව මේකේ සුලමුල ගැන පුවත්පත් වලින් දැනගත්තම මේකෙන් ලොකු ආස්වාදයක් ලැබුවා. ඒ නිසාම “අනංගවාදය” කියලා ජෝති සහ මිල්ටන් එකතු කරගනිමින් සංගීත ප්‍රසංග පවත්වන්නත් සමහර සංවිධායකයෝ කටයුතු කළා. ඒ වගේම ජෝති, මිල්ටන් ගැන වගේම අබේසේකර සහෝදරයෝ ගැන කටකතා පතුරවපු අයව බයිට් එකට ගන්න එකත් සිද්ධ වුනා.

 

8. අනංගවාදයෙන් පසු

Image Source – siyalla.com

අනංගවාදය නිසා ජෝති සහ මිල්ටන් අතර බැඳීම් තවත් වැඩි වුණා. කරුණාරත්න අබේසේකර ඒ දෙන්නා වෙනුවෙන් තවත් ගීයක් ලිව්වා.

ඒ වගේම මේ නිසා ගීත රචකයෙක් විදිහට ජනප්‍රිය වුණු ගුණරත්න අබේසේකර ජෝති වෙනුවෙන් තවත් ලස්සන ගීත කීපයක් රචනා කළා.

 

 

zvr
Your Reaction

Comments