කෙල්ලෙක් කසාදයක් බැන්දට පස්සෙ වෙනස්ම ජීවියෙක් වෙනවා කියලා ඔයාලත් අහලා ඇති. ඒ දේ ඔප්පු කරවන කාරණා කිහිපයක් තමයි අපි මේ ලියන්නෙත්. ඇත්තටම අපි මේ කියන කෙල්ලොන්ගෙ ගුණාංග දැක්කම කොල්ලොන්ට මේ කෙල්ලව නං කසාදයක් බැඳගන්න තිබුනනං ෂෝක් කියලා හිතුනට, ඒක එහෙම නෑ කියලා තේරෙන්නෙ කසාද බැඳල ටිකක් කල් ගියාට පස්සෙයි. අපි මේ කතාව ඔයාලට කියන්නෙම මුලින් දැනුම්වත් වෙලා ඉන්න එක අනතුරු බොහෝමයක් අඩු කරන නිසායි.
1. අතිශය පිළිවෙල

Image Source – mtv.com
කෙල්ලෙක් දිහා මුල් කාලෙ බැලුවම අතිශය පිළිවෙලක් දකින්න ලැබෙන එක ප්‍රසිද්ධ සීන් එකක්. ඒකට හොඳම සාක්ෂිය එයාලගෙ පොත. හෙඩිම කළු පෑනෙන්, ඒකට අඩි රූල තියල ඇඳපු රතු පෑන් ඉරි දෙකක්, සටහන නිල් පෑනෙන්, වැදගත් දේවල් හයිලයිටරයකින් පාට කරලා. අමතර කාරණා පැත්තකින් කුඩාවට පැන්සලකින් ලියලා. ඒලියන්ලාට උස්සන්න හිතෙන තරමේ පිළිවෙලක් සහ සභ්‍යත්වයක් ඒ පොත ඇතුළෙ තියෙනව. හැබැයි පුතෝ කසාදෙන් පස්සෙ නං ඔය පිළිවෙලවල් සුම්මා. හෙඩිම ලියලා ඉරිගහන්න රූල හොයපු ගෑණි ලුණු බෝතලේ හොයද්දි ඔයාලට ඒක තේරේවි.
2. අනා කියුට්

Image Source – kid101.com
පාරෙ යන බල්ලෙක්, අතක ඉන්න කොල්ලෙක් දැක්කම කෙල්ලෙකුට පිස්සුව ඉහට ගහනවා. “හානේ දෙයියනෝ… කියුට් අයියෝ… මේ දෙවියන් මැවූ සම්පතක්දෝ… අහෝ… අපිටත් හිටියනං හොඳෝ… හීනෙනුත් මතක් වෙනෝ… සුන්දර පැටියා අහෝ…” කිය කිය තමයි දවස් ගාණක් යනකං ඉන්නෙ. මෙන්න මේ හාට්ෆුල් ගතිගුණ දැක්කම කොල්ලෙක් ඉතිං නිකංම සුබ සිහින මවාගන්නවා. එව්වා හීන විතරයි කියලා තේරෙන්න නං කසාදයක් බැඳලා, දරුවෙක් හදලා, ගෙදරට බල්ලෙක් ගේන්න. බල්ලා මල් පෝච්චියක් පෙරළුවාම ජීවිතේටවත් මනුස්සයෙක් නොකියන තරමේ බලු කතා අහගෙන, දරුවා කාපු කෑම ටිකක් වමනෙ දැම්මම අහගන්න බැනුම් ගැන එතකොට තේරේවි.
3. මේකප්

Image Source – videoblocks.com
ගෑණු ළමයින්ගෙ ජීවන රටාවෙ තවත් විශේෂම අංගයක් තමයි මේකප් කියන්නෙ. අපි බාබර් ගාවට ගියාට එයාලා යන්නෙ සැලෝන් වලට. ඒවයෙ හත් අටසීයක් ගාණ වැඩියි. ඉතිං ඔය වැඩිපුර ගාණ දීලා එයාලා කරගන්නෙ චූටි චූටි දේවල්. හීනි තීරුවක් රත්තරන් පාට කරගන්න. ඇහිබැමේ ඉරක් අඳින්න වගේ චුන්ටි දේවල් තමයි කරන්නෙ. හැබැයි ඔය යටින් එයාලා මේන්ටේන් කරන ලොකු මේකප් අච්චාරුවක් තියෙනවා. ඉතිං ගර්ල්ෆ්‍රෙන්ඩ් විදියට එයා ඔයාව හම්බෙන්න එද්දි දාගෙන එන ඔය මේකප් තට්ටුව කසාදයක් බැඳලා මුලින්ම ඇඳේ එහා පැත්තෙ ඉඳන් නැගිටිද්දි නෑ. බය හිතෙනව මාත්තයො. සා ගානව සා!
4. අතිශය සංවේදී

Image Source – huffpost.com
හම්මෝ ලවු කරන කාලෙ කොල්ල තියෙන ටෙන්ෂන් එකට නියපොතු කකා ඉඳලා ඇඟිල්ල අග්ගිස්ස තුවාල වුනත් කෙල්ල අඬනවා ඇඬිල්ලක් කොල්ලට හිතේ ආදරේ ඉස්මුරුත්තෙට ගහන්න. ඕක උණක් වගේ දෙයක් වුනොත් කෙල්ල නිදාගන්නෙත් නෑ… දොස්තරලා ගාවට ගෙනිහිල්ලා, උණ බලලා, දින ගැනලා තමයි එන්නෙ. හැබැයි කසාදයක් බැන්දට පස්සෙ තත්ත්වෙ එහෙම නෑ. “මට අපස්මාරය හැදිල ඕයි” කිවුවත්, “ඔන්න ඔය ගෙදර තියෙන පෙති දෙකක් බීලා නිදියගනිං මට වද නොදී” කියල එයා හොඳට අනිත් පැත්ත හැරිලා නිදියගන්නව ෂුවර්.
5. අන් සිත සනසා

Image Source – trainingzone.co.uk
ගර්ල් ෆ්‍රෙන්ඩ් විදියට ඉන්න කාලෙ කෙල්ල උදේට අඬාගෙන කෝල් එකක් ගන්න එක සාමාන්‍ය දෙයක්. ඒකෙන් බොහෝමයක් කෝල්වලට හේතුවක් වෙන්නෙ වෙනිං කෙල්ලෙකුගෙ ප්‍රශ්නයක්. ඒ කෙල්ලගෙ දුක මෙයාගෙ හිතට දාගෙන, තමුනුත් ඒ දුකේ කොටස්කාරයෙක් විදියට දුක් වීම තමයි එයාලගෙ සිරිත. මගෙ අම්මේ කසාදයක් බැන්දම එපැයි ඒක බලන්න. හිත හිරිවැට්ටෙනවා ඒ කියන කතාවලට. අර අන් ගැහැණුන් වෙනුවෙන් දුක් වුණු ගෑණිම අන් ගැහැණුන් හැඳිගෑවිලා යන්න පතන්නෙ කිසිම හෘදයාංගම බවක් නැති විදියටයි.
6. සිරුර මේන්ටේන්

Image Source – 123rf.com
ලවු කරන කාලෙ රෙගියුලර් පීට්සා එකක් ගත්තත් කොල්ලට බඩ පිරෙන්න කන්න පුළුවන්. එක බත් එකකින් දෙන්නගෙම කුස පුරවාගන්න පුළුවන්. ඒ මොකක් නිසාද? ඒ මිත්‍රවරුනි හෙමින් හෙමින්, ඩිංග ඩිංග, චුට්ටං චූටි කුරුළු කටට කෑම ඔබන්න වගේ කන ගර්ල්ෆ්‍රෙන්ඩ් නිසා තමයි. අනේ ඉතිං මෙයා සිරුර ගැන හොඳින් හිතන, කුරුළු පැටියෙක් වගේ කෑම කන කෙනෙක් කියලයි කොල්ලා හිතන්නෙ. ඒ හිතුවිලි වරදින්නෙ කසාදයක් බැඳලා අවන්හලකට ගොඩවැදුනම තමයි. ලාජ් පීට්සා එකක් තනියෙන් කාලා, ගෙදර ගිහින් කන්න කියලා ගාලික් බ්‍රෙඩ් පෝෂන් දෙකක් ඔතාගන්න සීන් එකක් තියෙන්නෙ මිත්‍රවරුණි.
7. වැඩිහිටියන්ට සැළකීම

Image Source – youtube.com
මගෙ අම්මෝ ගර්ල්ෆ්‍රෙන්ඩ් කාලෙ බැලූ බැල්මට පේන්නෙ මේ කෙල්ලව වැඩිහිටි නිවාසෙකට වුනත් ස්වේච්ඡා වැඩට යවන්න පුළුවන් තරමෙ වැඩිහිටියන් කෙරේ ආදරයක් තියෙන දැරිවියක් කියලා. තමුන්ගෙ අම්ම තාත්තගෙ දුකේදි හඬා වැළපෙනව වගේම බස් එකකදි උනත් දකින ඕනම වැඩිහිටියෙක් ගැන සෝ බරිත සිත් මවාගෙනමයි ඉන්නෙ. කසාද බැන්දමයි කෙලිය බලන්න ඕන. නැන්දම්මා ලේලි ගැටුම් විතරක් නෙමෙයි, අම්මා දූ ගැටුම් පවා ගාසා තීරේ මට්ටමට ගෙදර පත්කරවන්න ඉඩ තියෙනවා.
Cover Image Source – youtube.com
Leave a Reply