ගෙවුණු 2018 අවුරුද්ද කියන්නේ චිත්‍රපට ලෝලීන්ට හොඳ අවුරුද්දක්ය කියලා අපිට හඳුන්වන්න පුළුවන්. පහුගිය අවුරුදු කීපය එක්ක සංසන්දනය කරල බැලුවහම 2018දී මතක හිටින චිත්‍රපට රැසක්ම තිරගත වුණා. අපිට වඩාත් සමීප හොලිවුඩය, බොලිවුඩය වගේම දමිළ සිනමාවෙත් වෙනස් කතා තේමාවලින් යුතු චිත්‍රපට රැසක්ම බිහිවුණා. දැන් අපිට තියන ප්රශ්නය තමයි මේ අවුරුද්දේ තත්ත්වය කොහොම වෙයිද කියන එක. 2019ත් ගිය අවුරුද්ද වගේ චිත්‍රපට ලෝලීන්ට සුභදායී අවුරුද්දක් වේවිද කියල තීරණය කරන්න තව කල් තිබ්බත් අපි මේ ගෙන එන්නේ මේ අවුරුද්දෙ සිනමාවට පොඩි ට්‍රේලර් එකක්. ඒ කිවුවෙ මේ අවුරුද්දෙ තිරගත වෙන්න නියමිත, කවුරුත් නොඉවසිල්ලෙන් බලන් ඉන්න හොඳම චිත්‍රපට 13ක් ගැන කියන්නයි මේ හදන්නෙ.
1. Glass
ප්ලොට් ට්විස්ට් සහිත චිත්‍රපටි වලින් කප් ගහපු එම්. නයිට් ශාමලාන් පහුගිය කාලේ හදපු චිත්‍රපට ඒ තරම් රසිකයින්ට කික් එකක් ගෙනාවෙ නෑ. හැබැයි ඒ් අවුල අවසන් කරමින් 2016දී එයා හදන Split ෆිල්ම් එකෙන් ආයෙමත් තමන්ගෙ නැතිවෙච්ච මෝජෝ එක ලබාගන්න ශාමලාන් සමත්වෙනවා. ආදායම අතින් වගේම රසික ප්‍රතිචාර අතිනුත් සුපර් හිට් එකක් වුණු Split ෆිල්ම් එක අවසාන හරියෙදි ශාමලාන් තවත් ට්විස්ට් එකක් දානව. ඒ තමයි එයාගෙ 2000 අවුරුද්දේ හිට් ෆිල්ම් එක වුණ Unbreakable එකත් එක්ක Split ෆිල්ම් එකට කනෙක්ෂන් එකක් හදන එක. ඒ අනුව මේ චිත්‍රපට දෙකේම සීක්වල් එකක් හැටියට එනවා ඔන්න Glass ෆිල්ම් එක. මේකෙදි මිස්ටර් ග්ලාස් සැමුවෙල් ජැක්සන්, ඩේවිඩ් ඩන්ට රඟපාපු බෘස් විලිස් එක්ක Glass ෆිල්ම් එකේ කෙවින්ට හිටපු ජේම්ස් මැකවෝයි එකතුවෙලා තමයි කතාව ඉස්සරහට ගෙනියන්නෙ. මේ මාසෙ (2019 ජනවාරි) 18 වැනිදා තමයි මේක තිරගත කිරීම ආරම්භ වෙන්න නියමිත.
2. Serenity
මැතිවු මැකොනහේ කියන්නෙ හොඳ වයින් එකක් වගේ කාලෙත් එක්ක එන්න එන්නම තමන්ගෙ රංගනයන්ගෙන් ප්‍රේක්ෂකයන්ව ආකර්ෂණය කරගත්ත නලුවෙක්. අනිත් කාරණේ තමයි මැකොනහේගේ චිත්‍රපට තේරීමත් විශිෂ්ටයි කියල කියන්න පුළුවන්. අන්තිම කාලෙ තිරගත වුණ මැකොනහේගෙ හැම චිත්‍රපටයක්ම වගේ අපේ හිතට දැනුණු ඒවා. ඉතින් මේ අවුරුද්දෙත් මැතිවු මැකොනහේ ඈන් හාතවේ එක්ක රඟපාන හොඳ ෆිල්ම් එකක් එළියට එනවා Serenity නමින්. මේ චිත්‍රපටයේ මැකොනහේ රඟපාන්නේ ධීවර යාත්‍රාවක කපිතාන් කෙනෙක්ගෙ චරිතයක්. එක දවසක එයාගෙ කලින් බිරින්දෑ මෙයාව හම්බුවෙන්න එන්නේ භයානක ඉල්ලීමක් අරගෙනයි. ඒ තමයි තමන් දැන් කසාද බැඳල ඉන්න පීඩාකාරී ස්වාමි පුරුෂයව මරන්න උදවු ඉල්ලන්න. මේ සිදුවීමෙන් පස්සෙ කාගෙ කාගෙත් කිල්ලෝටවල හුණු ඇවිස්සිලා කතාව ත්‍රාසජනක වෙන බවක් තමයි දැනගන්න ලැබෙන්නෙ. ජනවාරි මාසෙ 25 තමයි මේ ෆිල්ම් එක එළියට එන්නෙ.
3. Alita: Battle Angel
රොබර්ට් රොඩ්රිගස් කියන්නේ ආයෙ ඉතින් ඇක්ෂන් පැත්තෙන් කප් ගහපු ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් කියල අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනෙ. 2019 අවුරුද්දෙදි රොඩ්රිගස්ගෙ අලුත් වැඩක් අපිට බලාගන්න හැකියාව ලැබෙනවා Alita: Battle Angel නමින්. මේ ෆිල්ම් එක ජනප්‍රිය මංගා එකක් ඇසුරින් හදපු ෆිල්ම් එකක්. ලෝකය විනාශ වෙලා ගිහින් තියන අනාගත කාලෙක ජීවත් වෙන අලිටා නැමැති සයිබෝර්ගයක් තමයි මේකෙ ප්‍රධාන චරිතෙ. අතීතය ගැන කිසි මතකයක් නැතුව විනාසයට පත්වෙලා ඉන්න අලිටාට සයිබර්නෙටික් විශේෂඥයෙක් විසින් අලුත් ජීවිතයක් ලබා දෙනවා. ඒකත් එක්ක මේ විනාස වුණු අලුත් ලෝකේ තමන්ගේ සුල මුල හොයාගෙන සටන් කරන්න අලීටාට සිද්ධ වෙන ආකාරය තමයි මේකෙ කතාව. 2019 පෙම්වතුන්ගේ දිනයේදි තමයි මේ ෆිල්ම් එක රිලීස් වෙන්නෙ.
4. Captain Marvel සහ Avengers Endgame
මේ කියන්නෙ චිත්‍රපට දෙකක් ගැන. ඒත් මේ දෙක ගැන එකට කතා කරන්නේ ගොඩක් ෆෑන්ස්ලා මේ චිත්‍රපට දෙක රිලීස් වෙනකම් බලාගෙන ඉන්නෙ එකම හේතුවකට නිසයි. ඒ ඇවෙන්ජර්ස් ඉන්ෆිනිටි වෝ එකේදි තානෝස් දීපු ගේමෙන් පස්සේ ඇවෙන්ජර්ස්ලාගෙ අනාගතේ කොහොම විසඳේවිද කියලා මේ ෆිල්ම් වලින් පිළිතුරු ලැබේවිය කියල හිතන නිසයි. මාවල් ලා පළෙවනි පාරට තමන්ගේ ෆිල්ම් එකක ප්‍රධාන චරිතෙ නිළියකට දීල තියනවා මේ කැප්ටන් මාවල් ෆිල්ම් එකේදි. මේක මාර්තු 8 වෙනිදා තමයි තිරගත කිරීම ඇරඹෙන්නෙ. ඇවෙන්ජර්ස් ෆිල්ම් එකේ සිද්ධ වෙන දේවල් ගැන වැඩිපුර තොරතුරක් දැනගන්න ලැබුණේ නැතත්, මේකෙදිත් තානෝස් එක්ක හැප්පෙන හැප්පිල්ලෙන් සුපිරි වීරයො සෙට් එකක්ම පරළෝ සැපත් වෙන්න ඉඩක් තියෙන් බව තමයි දැනගන්න ලැබෙන්නෙ. ඇවෙන්ජර්ස් ෆිල්ම් එක අප්‍රේල් 24 වෙනිදා තමයි රිලීස් වෙන්නෙ.
5. Pet Sematary සහ It: Chapter Two
ස්ටීවන් කිංග්ගෙ ජනප්‍රිය නවකතාවක් ඇසුරින් හැදුණ පෙට් සෙමටරි ෆිල්ම් එකක් 1989 අවුරුද්දෙ තිරගත වෙනවා. ඒක සෑහෙන කතාබහටත් ලක්වුණ ෆිල්ම් එකක්. මැරුණු අයව වළදැම්මහම ආයෙමත් පණ එන සුසාන භූමියක් තමයි මේ ෆිල්ම් එකේ කතාවට මූලික වෙලා තිබ්බෙ. දැන් ඒ කතාවම ආයෙමත් මේ අවුරුද්දේ නැවත නිර්මාණයක් හැටියට අප්‍රේල් 5 වෙනිදා තිරගත වෙන්න නියමිතයි. ඒත් එක්කම ස්ටීවන් කිංග්ගෙ ජනප්‍රියම හොරර් චිත්‍රපටය වුණ IT එකේ රීමේක් එකේ දෙවැනි කොටස It: Chapter Two එකත් මේ අවුරුද්දෙ සැප්තැම්බර් 6 වෙනිදා තිරගත වීම අරඹනවා. බලන් ගියහම ස්ටීවන් කිංග්ගෙ නවකතා ඇසුරින් හදපු චිත්‍රපට අලුතෙන් හැදීමේ ට්‍රෙන්ඩ් එකක් හැදීගෙන එනවද කියලත් සැක හිතෙනවා.
6. Toy Story 4
හුඟක් චිත්‍රපටි ෆ්‍රැන්චයිස් දෙවෙනි තුන්වැනි ෆිල්ම් එක වෙද්දි හොඳටම අනාගන්නව. ඒ අතින් ගත්තහම Toy Story කියන්නෙ ඉතාම දුර්ලභ ගණයේ චිත්‍රපටි සීරීස් එකක්. මේකෙ මෙතෙක් ආපු චිත්‍රපටි 3ම අපිට ඉතාම ඉහළින් රේට් කරන්න පුළුවන් විදිහේ ඒව. ටෝයි ස්ටෝරි 4 වෙනි චිත්‍රපටයේ කතාවත් කලින් කතාවලට තරමක් සමාන විදිහේ එකක්ද කියලත් ටිකක් සැක හිතෙනවා. බොනීට අලුත් සෙල්ලම්බඩු හම්බුවීමත්, එයාගෙ පරණ යාලුවො සහ අලුත් යාලුවො එක්ක යන රෝඩ් ට්‍රිප් එකකිනුත් මේ කතාව සමන්විතයි කියල තමයි දැනගන්න ලැබෙන්නෙ.
7. Once Upon a Time In Hollywood
ක්වෙන්ටින් ටැරන්ටිනෝගේ 9 වෙනි චිත්‍රපටය Once Upon a Time In Hollywood කියන්නෙත් මේ අවුරුද්දේ තිරගත වෙන්න තියෙන තවත් සුපිරිම ෆිල්ම් එකක්. චාල්ස් මැන්සන් කියන අපරාධකාරයා විසින් සැලසුම් කරල කරපු භයානක අපරාධයක් තමයි මේ පාර ටැරන්ටිනෝ ෆිල්ම් එකට පාදක කරගන්නෙ. එහෙම බැලුවහම මේක සත්‍ය කතාවක් ඇසුරින් ටැරන්ටිනෝ ෆිල්ම් එකක් ගහන පළවෙනි වතාව. ඒ වගේම සාමාන්‍යයෙන් ටැරන්ටිනෝ යුනිවර්ස් එකේදි නිතර නිතර මුණගැහෙන චරිත සහ නිෂ්පාදන මේ ෆිල්ම් එකේ තිබෙන්න විදිහක් නැහැයි කියල තමයි අපිට හිතෙන්නෙ. ලියනාඩෝ ඩිකැප්රියෝ, බ්‍රැඩ් පිට්, මාගෝ රොබී ඇතුළු ජනප්‍රිය නළු නිළියන් රැසක් චරිත මවන මේ චිත්‍රපටය මේ අවුරුද්දේ ජූලි 26 වෙනිදා තමයි එළි දකින්නෙ.
8. The New Mutants සහDark Phoenix
X-Men චිත්‍රපට ෆ්‍රැන්චයිස් එකේ රසිකයින්ටනම් 2019 කියන්නේ සුපිරි අවුරුද්දක් වේවි. මොකද X-Men එක්ක කනෙක්ට් වෙච්ච චිත්‍රපටි දෙකක්ම මේ අවුරුද්දේ තිරගත වෙන්න නියමිතයි. අන්න ඒ නිසාමයි අපි මේ චිත්‍රපටි දෙක ගැන එකට කතා කරන්නෙත්. The New Mutants චිත්‍රපටය ෆෑන් ෆේවරිට් එකක් වුණු X-Men කොමික් එකක් ආශ්රයෙන් තමයි හැදෙන්නෙ. මේක X-Men කතාවේ ස්පින්ඕෆ් එකක්. හොරර් ශානරයට අයිති මේ චිත්‍රපටියෙන් තමන්ගේ සුපර් පවර්ස් හරිහැටි හඳුනානොගත්ත තරුණ මියුටන්ට්ස්ලා පිරිසක් කරන සටනක් තමයි පෙන්වන්නේ. ඊළඟට Dark Phoenix චිත්‍රපටය ගත්තහම ඒකෙදි ප්‍රධාන සතුරා වෙන්නෙ ජීන් විසින් තමන්ගෙ ඇතුළාන්තයෙන්ම නිදහස් කරන Dark Phoenix කියන දුෂ්ට චරිතය. Dark Phonix ව පරද්දන්න ජීන් වගේම අනිත් X-Men පිරිස දරණ වෑයම තමයි මේ චිත්‍රපටයේ කතාව. කොහොම වෙතත් X-Men සීරීස් එකේ ජනප්‍රියම චරිතය රඟපාපු හ්යු ජැක්මන් නැතිවීම මේ චිත්‍රපට පෙළට නරක අතට බලපාවිද කියලත් සැකයක් තියනවා. Dark Phoenix චිත්‍රපටය මේ අවුරුද්දේ ජූනි 7 වෙනිදා තිරගත කිරීම අරඹද්දි, The New Mutants ඇරඹෙන්නෙ අගෝස්තු 2වෙනිදා.
9. Zombieland 2
2009 දී ආපු හාස්‍ය මුසු වෙච්ච සොම්බි චිත්‍රපටයක් වුණු Zombieland චිත්‍රපටය ගොඩක් අයට තාම මතක ඇති. ඒ තරම්ම හිට් එකක් වුණ චිත්‍රපටයක් ඒක. දැන් අවුරුදු 10කට පස්සේ ඔන්න එනවා මේකෙ දෙවැනි කොටස. මේකත් ස්ටීවන් ෆිෂර්ගේ අධ්‍යක්ෂණයෙන් යුක්ත, වූඩි හැරල්සන් රඟපාන චිත්‍රපටයක්. දැනගන්න ලැබෙන හැටියට මේ කතාවෙදි කලින් කතාවෙ හිටියට වඩා සොම්බිලා දියුණු වෙලාලු. වූඩි හැරල්සන් තවත් පිරිසක් එක්ක එකතුවෙලා මේ දියුණු වෙච්ච සොම්බින්ගේ මොළ කුඩු කරන මෙහෙයුම ක්‍රියාත්මක කරන එක තමයි චිත්‍රපටයේ කතාව. ඔක්තෝම්බර් 11 වැනිදා තමයි මේක රිලීස් වෙන්න තියෙන්නෙ.
10. Joker
ලෝක සිනමා ඉතිහාසයේ කුප්‍රකට සහ ජනප්‍රියම දුෂ්ට චරිතයක් වුණ ජෝකර් චරිතය වෙනම ලෙවල් එකකට උස්සලා තියන්න උර දෙන්නෙ නැසී ගිය නළු හීත් ලෙජර්. ඊට පස්සේ ජරෙඩ් ලීටෝ වෙනස්ම ආකාරයකට ජෝකර් චරිතය අරගෙන ආවා. ඔන්න දැන් මේ අවුරුද්දේ ජෝකර් ආයෙම කරළියට එනවා තවත් සුපිරි බුලට් එකක් එක්ක. ඒ තමයි වාකින් ෆීනික්ස්. මේක තනිකරම ජෝකර් චරිතය මූලික කරගෙන හදපු චිත්‍රපටයක්. මෙතෙක් අපි නොදැකපු ජෝකර්ගේ සාමාන්‍ය ජීවිතයත්, ජෝකර් හැටියට ඔහු අපරාධ ලෝකයට ඇතුළත් වෙන හැටිත් මේ චිත්රපටෙන් බලාගන්න පුළුවන් වේවි. ඒ් වගේම ලැබෙන ඕනෑම චරිතයක් දැනෙන්න රඟපාන වකීන් ෆීනික්ස් හරහා ජෝකර් ගැන අලුත්ම දැක්මක් නිර්මාණය වෙන්නත් බැරි නැහැ. මේ චිත්‍රපටය තිරගත වෙන්නෙ ඔක්තෝම්බර් 4 වෙනිදායි.
Leave a Reply