අලුත් අවුරුද්ද පටන් ගන්නකොටම අලුත් බලාපොරොත්තු අපේ හිත් වලට එනවා. ටීවී එකේ ෆිල්ම් වල පෙන්වනවා වගේ ලස්සන ඇඟක් තියෙන කෙනෙක් වෙන්න අපි හැමෝටම ආසාවක් ඇතිවෙනවා. ඉතින් ඉන්පස්සේ මොකද කරන්නේ? අවුරුද්ද පටන් ගද්දිම ගිහින් සුම්බා ක්ලාස් එකකට, ෆිට්නස් සෙන්ටර් එකකට සෙට් වෙනවා. ඒත් සතියක් දෙකක් ගියාම ඒකට යන්න හේතු වලට වඩා නොයා ඉන්න යෙදෙන හේතු ප්‍රබල වෙනවා. නමුත් අපි මේ කියන්නේ අමාරුව බලන්නේ නැතිව දිගටම ව්‍යායාම කළොත් ලැබෙන හොඳ ප්‍රතිඵල කීපයක් ගැන.
1. ලස්සන ඇඟක් ලැබෙනවා

Image Source – unichem.co.nz
ලස්සන කියන්නේ මූණ හෝ හම සුදු පාට වීම විතරක්ම නෙමෙයි. ලස්සන ඇඟක් තියෙන කෙනෙක් දිහා අපේ ඇස් දෙපාරක් හැරෙනවා. හැඩ ඇඟක් තියෙන කෙනෙක් ඕනිම තැනක කැපී පෙනෙනවා. අද කාලේ පොදු තැනක දකින අය අතරින් ගත්තොත් ලීටර තුන හතරක බඩක් කියන්නේ දුර්ලභ දෙයක් නෙමෙයි. බොහෝම සුලභ දෙයක්. ඒ අතර බොහොම ස්මාට්වට ඇඟ මේන්ටේන් කරන කෙනෙක්ව බොහොම ලේසියෙන් කැපී පේනවා.
2. හොඳ ෆිට් ඇඟක් ලැබෙනවා

Image Source – imgur.com
ෆිට් ඇඟක් ලැබීම එක්තරා පිනක්. පින නිකං එකතු වෙන් නෑනේ… ඒකට අපි වැඩ කරන්න ඕනා. ඒ වගේ ෆිට් ඇඟක් ගන්න අපි ව්‍යායාම කළොත් අපිට ඒක ලැබෙනවා. ෆිට්නස් තියෙද්දි ගෙදර වත්තපිටියේ වැඩක් කළාම හැන්දෑවට තුනටිය අමාරුව හැදිලා එක එක තෛල ගාන්න වෙන්නේ නැහැ. ගෙදර වැඩක් පලක් කරද්දි මහ විසාල මහන්සියක් එන්නේ නැහැ. ඕනිනම් ශ්‍රමදානයකට උනත් සහභාගි වෙලා කට්ටිය එක්ක හරි හරියට වැඩක් පලක් කරන්න හැකියාව ලැබෙනවා ෆිට් කරගත්ත ඇඟක් තිබුනොත්.
3. බෝ නොවන රෝග අඩු වෙනවා

Image Source – healthydiningfinder.com
දියවැඩියාව, අධි රුධිර පීඩනය වළක්වාගන්නත්, ලෙඩ රෝග බොහෝ ගණනක අවදානම අඩු කරගන්නත් එක්සයිස් කළාම අවස්ථාව ලැබෙනවා. හොඳට එදිනෙදා දෙන වර්ක් අවුට් ටික කරගත්තට අපේ තියෙන විසාල කඳ බඩ සති දෙකෙන් අඩු වෙන් නැහැ. ඒත් කෙමෙන් කෙමෙන් අපේ පරණ පොටෝ ගැන ලැජ්ජ හිතෙන මට්ටමට ඇඟ හදාගන්න අවස්ථාවක් අපිට ලැබෙනවා. ඒක ලෙඩ රෝග අඩුකරගන්න, මෙඩිකල් බිල් එක අඩුකරගන්න ලැබෙන හොඳ චාන්ස් එකක්.
4. ලස්සන ෆැෂන් කරන්න අවස්ථාව ලැබෙනවා

Image Source – youtube.com
ඇඳුම් ගන්න කඩේකට ගියාම බොහොම ලස්සන ඇඳුම් තියෙනවා. ගමනක් යන්න පාරකට බැස්සත් අපි හැර අනෙක් ඔක්කෝම ලස්සනට ඇඳගෙන යනවා කියලා පේනවා. ඒත් ඉතින් ඇඳුමක් පැළඳුමක් අරන් අපි ඇන්දම එච්චර ලස්සන නැහැ. කඳ බඩ ගාණට ශේප් කරගන්න එක්සයිස් ටික වෙලාවට කළොත් ටික කලක් යද්දි අපිට දකින දකින ෆැෂන් අත්හදා බලන්න හැකි ලස්සන ඇඟක් ලැබෙනවා. එතකොට අපි පතාගෙන ඉන්න තරම්ම අපිට ඇටෙන්ෂන් නැති උදවියත් ටිකෙන් ටික හරි අපි ගැන අවධානය යොමු කරන්නට පටන් ගනීවි.
5. ටයිම් ටේබල් එකකට හුරු වෙනවා

Image Source – hbj.sg
ආහාර පාලනය එක්ක සතියකට පැය කිහිපයක් ව්‍යායාම කරන්න පුරුදු වුනාම අපි එක කාලසටහනකට හුරු වෙනවා ඉබේම. උදේට හෝ හවසට එක්සයිස් කරන්න හුරු වුනාම අපේ ඇඟට නැවුම් ප්‍රාණවත් ගතියක් එනවා. වැඩ ගොඩක් තියෙනවා, ඒත් අපිට කරන්න වෙලාවක් නැහැනේ. එක්සයිස් කරලා ගාණට කෑම බීම එහෙමත් පිළිවෙලට ගන්න හුරු වුනානම් ඉතිරි වැඩ ටිකත් ඉබේම පිළිවෙලකට ගාණට කරන්න අපිට ප්‍රබෝධය ශක්තිය ඒ හරහා ලැබෙනවා.
6. අලුත් සෙට් එකක් හමු වෙනවා

Image Source – sixtyandme.com
සමහර ජීවිත තියෙනවා උදේට කන්තෝරු යනවා, හවසට ගෙදර එනවා. ඒ අතර හමුවෙන පිරිසක් සහ රූපවාහිනිය විතරයි ජීවිතය වෙන්නේ. එක්සයිස් කරන්න ජිම් එකට ගියත්, පාක් එකට ගියත් ඒක අලුත් තැනක්. එතැන ඒ විදියටම ඇඟ හදාගන්න බලාගෙන ආපු කට්ටිය ඉන්නවා. ඉතින් එක්සයිස් කරන ගමන් වගේම ඉන් පස්සෙත් සෙට් වෙන්න අලුත් යාලුවෝ සෙට් එක්ක එකතු වෙනවා. දවසේ වැඩ කරලා හැමදාම දකින මූණු වලට වඩා මේ අලුත් පිරිසක්. එදිනෙදා කාර්යාල වල තියෙන යම් බෝරින් ලයිෆ්ස්ටයිල් එකට පොඩි හරි වෙනසක් එක්සයිස් එක්ක ලැබෙනවා.
7. අලුත් අත්දැකීම් ගන්න පුළුවන්

Image Source – europa.eu
ටිකක් මහත කෙනෙක්ට අපි දුර පාරකින් සිරිපාදේ යන්න කතා කළොත්? ඇත්තටම එයාට ටිකක් දුක හිතෙනවා. ඒ වගේ සර්ෆින්, බෝට් රයිඩින්, ජම්පින්, සයික්ලින් වගේ ගොඩක් දේවල් ගොඩක් ඇඟ අවුට් අයට කරගන්න අමාරුයි. ඇඟ එක්සයිස් කරලා ෂේප් එකෙන් හිටියොත් ඒ ලෙවල් කාලේ කොල්ලෝ කෙල්ලෝ විදියට අපිටත් හිතේ හැටියට ඕනි තැනක දුවන්න පනින්න, ක්‍රීඩා කරන්න පුළුවන්. ගමනක් යන්න සෙට් වෙද්දි “අනේ පයින් යන්න, කඳු නගින්න නම් බෑ මචං” කියලා පැත්තකට වෙන්නේ නැතිව ඕනි සෙට් එකක් එක්ක ඕනි තැනක යන්න පුළුවන්කම ලැබෙනවා එක්සයිස් කරලා ලස්සන ඇඟක් පවත්වාගත්තොත්…
එක්සයිස් කියන්නේ අපි බොහෝ දෙනෙක් පටන් ගන්න, ඒත් කරගෙන යන්න කම්මැලි වැඩක්. නියම ශෙඩූල් එකක් තියාගෙන, කාලයක් වෙන් කරගෙන එක්සයිස් කරන්න යන එක මොන අතින් බැලුවත් වාසිදායක වැඩක්. බුදුන් වහන්සේ පවා දේශනා කරලා තියෙන්නේ “ආරෝග්‍යා පරමා ලාභා ” කියලා. නිරෝගීකම තමයි අපිට තියෙන සිරාම ලාභය. ඒක නිකම්ම හිටියට ලබාගන්න අමාරුයි. ඉතිං අපි අඩු ගාණේ මාස දෙකක්වත් හරියට ශෙඩූල් එකට එක්සයිස් කරලා බලමුද අලුත් අවුරුද්දේදිවත්.
Cover Image Source – www.imgur.com/ facebook.com
Leave a Reply