ගාල්ල කියන්නෙ විදේශිකයො වගේම දේශීය සංචාරකයනුත් පිරිච්ච පැත්තක්. මුහුද වගේම පෞරාණික වටිනාකමක් තියෙන බොහෝ තැන් තියෙන නිසාත්, සුන්දර පරිසරයක් නිසාත් ගාල්ලට බොහෝදෙනෙක් ඇළුම් කරනවා. මේ ඇළුම් කිරීම නිසාම නිතර යන එන ගාල්ල ගැන අපි මේ සටහන තබන්නෙ ගාලු ගියොත් කටට සැරට කෑම ටිකක් කාලා එන්න පුළුවන් අවන්හල් කිහිපයක් ගැන සඳහනක් කරන්නයි. සුන්දරත්වය, මුහුදු වෙරළේ නිදහස, පෞරාණිකත්වය විඳිනවා වගේම කුසගින්න කියන්නෙත් සන්තර්පණය කළ යුතුම දෙයක්නෙ. අන්න ඒ නිසා කෝක් එකක් තොල ගගා කටට සැරට කෑම ටිකක් කාලා එන්න ඔබත් ගාලු ගිහින් එන්න.
1. Pedlar’s Pizzeria
පෙඩ්ලර්ස් ස්ට්‍රීට් එකේ තියෙන Pedlar’s Inn එකේ cafe, hostel, gelato සහ villa අතරේ අපේ අවධානය යන්නෙ රසින් අනූන පීට්සා කන්න පුළුවන් තැනක් වෙච්ච Pedlar’s Pizzeria එකට. හවස 5සිට විවෘත වෙන, එළිපහලියෙ වාඩි වෙන්නත් හැකියාව තියෙන මෙතැන පීට්සාවලට ආවේනික රසක් තියෙනවා. ඔවුන්ගේ බිස්කට් වැනි ක්‍රස්ට් එක ඉන් ප්‍රධානයි. අනෙක් කාරණය බොහෝදෙනෙක් ආශා කරන රබර් වගේ ඇදෙන චීස් තට්ටුවයි. මේ සියල්ල එක්ක ඩෙවිල්ඩ් චිකන් පීට්සා එකක් එක්ක කෝක් එකක් බොන්න මෙතැන කදිමයි. ඒ රසටම ගැලපෙන ඒ එළිය සහ වටපිටාවත් සුන්දරයි.
කෝල් එකක් දෙන්න – 0912 225 333
යනවානං –
2. Fort Rotti Restaurant
පොඩි බඩගින්නට බීම එකක් බිබී රොටියක් කන්න ලයිට්හවුස් වීදියෙ අපි මේ කියන තැන කදිමයි. උදෑසන 9.30 සිට විවෘත වෙලා තියෙන රොටි වගේම පෑන් කේක් තියෙන මේ ජොයින්ට් එකේ දැවිල්ලට වගේම පැණි රසට කන්න දේවලුත් එමටයි. සරළ වුනත් රස වෑහෙන කෑම ජාති පිරි Fort Rotti Restaurant එකෙන් ස්පෙෂල් රොටියක්, සොසේජ් රොටියක්, චීස් රොටියක් දාගෙන එයාලගෙන්ම කෝක් එකක් අරගෙන තොල ගගා ඉන්න පුළුවන්කම තියෙනවා. සාමාන්‍ය ගෙදර හදන රොටිය වගේම රැප් එකක් විදියටත් පිඟානක එන මේ රොටිය අමුතුම කික් එකක් තියෙන කෑමක් විත්තිය මුලින්ම කියන්න ඕන. පෑන් කේක් එකනම් තරමක් වියළි ගතියක් තිබුනත්, රොටියෙ එහෙම අවුලක් නෑ. ගාලු කොටුවේ අගයත් එකතු වෙන නිසා අපි මේ කියන අවන්හල්වල ගාණ ටිකක් වැඩි වෙන්න පුළුවන් වුනත් වෙනස් රසක් සහ අත්දැකීමක් නිසා මේක පාඩුවක් නෙමෙයි.
කෝල් එකක් දෙන්න – 071 850 8110
යනවානං –
3. Cafe Hula Hula
කෙටි කෑම වගේම දැවිල්ල කෑමත් කන්න කියාපු තැනක් විදියට රැම්පර්ට් වීදියෙ තියෙන මේ Cafe Hula Hula කියන පොඩි ජොයින්ට් එක හඳුන්වන්න පුළුවන්. උදේ 8 සිට විවෘත මෙතැන බත්, මස්, මාළු, සැන්ඩ්විච්, කොත්තු වගේ ජාති ගොඩක් තියෙන තැනක්. මුලින්ම කියන්න ඕන කෝක් එකක් එක්ක නියමෙට බ්ලෙන්ඩ් වෙන රස කොත්තුව ගැන. ඊටපස්සෙ ලොකු බඩගින්නකට වුනත් නියමෙට සැපදෙන ගෙදර හදාපු විදියෙ පෙනුමක් රසක් තියෙන බිත්තර, එළවළු, චිකන්, බීෆ් තට්ටු පිරි ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එක්ක පිළිගන්වන ක්ලබ් සැන්ඩ්විච් එක. අනිත් සුවිශේෂත්වය තමයි එයාලගෙ ජම්බො ඉස්සො පිරි සීෆුඩ් ප්ලැටර් එක. දැවිල්ලට කන්න කෝක් එකක් එක්ක මරු.
කෝල් එකක් දෙන්න – 0912 222 323
යනවනං –
4. Hoppa
නමේම තියෙනවනෙ ආප්ප ගතිය. මුලින්ම කියන්න ඕන නමේ තියෙන පොෂ් ගතිය අඩුපාඩුවක් නැතුව බිලටත් එනවා. හැබැයි රසින් අනූනයි. කාලෙකට පාරක් ගාල්ලෙ යන එකේ කාලා ආවට කිසිම පාඩුවක් නැති ආප්ප වර්ග රාශියක් මෙතැන තියෙනවා. මේක තියෙන්නෙත් පෙඩ්ලර්ස් වීදියෙමයි. උදේ 9.30 සිට විවෘතයි. චීස් ආප්ප එක්ක ඉස්සො, වගේ ඔබ නොහිතන නියම රස කෑම ජාති බොහෝමයක් මේ අවන්හලේ පිළිගන්වනවා. ඒ වගේම නියම තීරු ඉරපු චිකන් පුරවපු චිකන් රොටිය වගේම දවාලකට ගියොත් මෙතනින් බත් කන්නත් පුළුවන්. මිල ගණන් කෙසේ වුනත් ලංකාවෙ මනුස්සයාගේ දිව කැමතිම දැවිල්ල ගතිය මෙතන හැම කෑමකම වගේ තියෙනවා. ඩීසන්ට් ප්ලේස් එකක වාඩි වෙලා ලස්සන වටපිටාවක කෑම ටිකක් කන මේ අත්දැකීමත් ඔබ විඳිය යුතුමයි.
කෝල් එකක් දෙන්න – 0914552214
යනවනං –
5. Mamas Galle Fort Guest House
පල්ලිය පාරෙන් කුඩා හරස්වීදියෙ තියෙන මේ පුංචි ජොයින්ට් එක වැඩිපුරම ප්‍රසිද්ධ බත් කන්න තමයි. උදේ 8 විතර ඉඳන් රෑ 10 වෙනකං විවෘතව තියෙන අවන්හලට සෙනග ඇදෙන්නෙම එතන බත්වල රස නිසායි. අවුරුදු ගාණක් තිස්සෙ එතන උයන අම්මම තමයි තාම වැඩ පෙන්නන්නෙ. උයන්න උගන්නන වැඩෙත් එයා කරනවා. කොහොම වුනත් ව්‍යංජන හතරක් පහක් එක්ක ලැබෙන ලොකු බත් දීසිය රස නිසාම කාලා දාන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. කටට සැරට බත් ටිකක් කන්න කවුද අකමැති. මේ ඩීසන්ට් ප්ලේස් එක බත්වලට වගේම බයිට්ස් ජාතිවලටත් අතිශය ප්‍රසිද්ධයි. කෝක් එකක් බිබී මේ සැර බත් එක කද්දි තියෙන්නෙ නියම කික් එකක්.
කෝල් එකක් දෙන්න – 0777 510 485
යනවනං –
Leave a Reply