ආයෙමත් දවසක – 14 කොටස

13 කොටස මෙතනින් කියවන්න

14 කොටස

සියුමි අහපු ප්‍රශ්නෙට නදික Of course කියල උත්තර එවයි කියල සියුමි කීයටවත් හිතුවෙ නෑ. සියුමිට එතනින් එහාට දෙයක් අහන්න පුළුවන්කමක් තිබුනෙත් නෑ, මොකුත් නොකියා ඉන්නත් බෑ, රෑ වෙනකං ඉවසං ඉන්නත් බැරි ගතියක් දැනෙන්න වුනා. ඇත්තටම සියුමි හිත යටින්වත් නදිකට කැමති නෑ. හැබැයි සියුමි ආසා වුනා නදික ගෙවන බැඳීම් අඩු ජීවිතයට. ඒ වගේම තාත්තිගෙ ඔෆිස් රූම් එකේදි දකිද්දිම සියුමිගෙ ඇස් ගියේ නදිකගෙ බෙල්ලෙ තිබ්බ කැළලට. ඒක ගැහැණියක් විසින් අයිතිය හඟවන්න යොදපු එකක් කියලා සියුමි දැනගෙන හිටියා. සියුමිත් තමන් එක්ක එකතුවුන පිරිමි හැමෝටම වගේ මේ ලකුණ තියපු බව සිඩ්නිවල අපාට්මන්ට් එක සාක්කි. ​කොහොමවුනත් අද ඩිනර් අවුට් එකේදි නදිකගෙ අදහස් හරියටම දැනගන්න සියුමි ප්ලෑන් කළා.

“අක්කා මට අද ෆයිල් වගයක් දෙන්න හවසට බොස්ගෙ ගෙදර එන්න කිවුව”

“අහ් හරි මල්ලි”

“මං ඒ හින්දා බිසී වෙයි. මතක් වුනොත් ටෙක්ස්ට් එකක් දාන්න”

“හැමවෙලේම මතක් වෙනව පැටියො”

“හැමවෙලේම ටෙක්ස්ට් දාන්නෙපා”

“එහෙනං”

“ඉඳල හිටලා මං දකින්න ආසම තැනක ෆොටෝ එකක් වට්ස්ඇප් කරන්න”

“ඔයා කැමතිම තැන බාසිලෝනා නේද?”

“මං කියන්නෙ නෑ….”

ඒ විදිහට නදික අශිනිව බැලන්ස් කළා.

කෙල්ලෙක් එක්ක ඩිනර් අවුට් එකට යද්දි කොයි කොයි ඇස් දකියිද කියන්න බෑ. ඒ නිසා නදික හැමෝවම බැලන්ස් කරන්න හිතුවා. එනිසා ඊළඟ කෝල් එක හෂිනිට.

“දන්නවද වැඩක්?”

“මොකද්ද?”

“මට ඩිමෙල් අංකල්ගෙ දුව එක්ක ඩිනර් අවුට් එකකට යන්න වෙනවනෙ”

“ඒ මොකද?”

“අපිට අලුත් ප්‍රොජෙක්ට් එකක් බාර දුන්නා”

“ඒක ගෙදර ඉඳන් කරන්න බැරිද?”

“ඇයි එහෙම අහන්නෙ?”

“ඔයාට පිස්සුද ඔය වගේ ඒවට ඩිනර් අවුට් යන්නෙ”

“ඉතිං ඒකෙ වැරැද්දක් නෑනෙ”

“හරි ඔයාගෙ කැමැත්තක්”

“අයියෝ තරහද?”

“මං තරහ වෙන්නෙ මොකටද?”

“හරි මේ අහන්නකො”

“මට අහන්න ඕන නෑ… ඔයාට සනීප වුනාට පස්සෙ මට මුලින්ම කෝල් එකක් දීල කියන්න මතක් වුනේ ඕකද?”

“නෑ දෙයියනේ පොඩ්ඩක් අහන්නකො”

“මොකද්ද?”

“ඉස්සරහට එකට වැඩකරද්දි දැන අඳුරගන්න වෙනවනෙ”

“මං දන්නවනෙ ඔයාගෙ හැටි”

“ඇයි?”

“ඔයා ඩිනර් අවුට්වල යන ගෑණු එක්ක ඩිනර් අරංම විතරක් එන ජාතියෙනෙ”

“අයියෝ නෑ දෙයියනේ මේ මගේ බොස්ගෙ දුව”

“බොස්ට ඕනෙත් දුවව කරේ එල්ලන්න තමයි”

“ඒ මොකටද?”

“ලොකු බිස්නස්කාරයො කැමති තමුන්ගේ දේපල වැඩි කරගන්න”

“හරි හරි… එහෙම දෙයක් මෙතන නෑ”

“එහෙම දෙයක් නැතුව ඇති හැබැයි ඔයා යන්නෙ හොඳකට නෙමෙයි”

“අයියෝ මං මොන නරකක් කරන්නද?”

“ඇයි දැන් ඔයා ඕක මට කියන්න හිතුවෙ?”

“මට ඉතිං කියන්න මතක් වුනා”

“ඔයා හිතුව නේද ඔය දෙන්නව මම දැක්කොත් සැක හිතයි කියල”

“එහෙම නෑ අප්ප. මට නිකං කියන්න හිතුන”

නදික වචන ඉවර කරන්න කලින් හෂිනි ෆෝන් එක කට් කළා. නදික ආයෙ ගත්තත් හෂිනි ආන්සර් කළේ නෑ. ඔන්න ඕක තමයි බැඳීම් තද වුනාම අවුල. නදික තමුන් මුලින් ගත්තු තීරණයේ වටිනාකම වටහාගත්තා. ඒත් දැන් ආයෙත් හෂිනිව ​ලේසියෙන් හිතිං අයින් කරගන්න බැරි වේවි කියන විශ්වාසයත් නදික ඇතුළෙ තිබුනා. ඒ බැලන්ස් කිරිල්ල හරි ගියේ නෑ. තව බැලන්ස් කරන්න කවුරුත් ඇත්තෙත් නෑ. එලියට බහින්න වෙලාවත් ළඟ නිසා නදික වොෂ් එකක් දාගන්න ගියා. යන්න හිතාගෙන හිටියෙ ඌබර් එකක වුනත්, ඒ ලස්සන ඇඟට අත තියන්න චාන්ස් එකක් සෙට් වුනොත් කියල හිතලම නදික කාර් එකේ යතුර අතට ගත්තා. එතකොටත් නදිකට මෙසේජ් එකක් ඇවිත්.

I’m on my way

ඒකට නදික රිප්ලයි කළේ ටිකක් හිතලා ඉවර වෙලා. නදිකට ලන්ච්වලට එන්න බෑ කිවුවම සියුමිට කේන්ති ගියා. කෙල්ලෙක්ට තමන් නෝන්ඩි වුනා කියල හිතෙන එක පුදුමයක් නෙමෙයිනෙ. අන්න ඒ නිසාම නදික සියුමිට හිත හැදෙන මෙසේජ් එකක් දැම්මා. ඒක ටිකක් දුරදිගත් ගියා.

I’m thinking about your dress

What?

The dress

So

It’s a blue gown ryt

Nope. it’s green

Oh I like green

Oh… Is this how you say sorry

What for?

Ignoring me for lunch

නදික එතනින් එහා රිප්ලයි එකක් යැවුවෙ නෑ. කෙල්ලට ඇත්ත තත්ත්වෙ තේරුණු එක ගැන නදිකටම පුදුමයි. නදික ඉක්මනට රෙස්ටුරන්ට් එකට ගියා. කලින්ම රිසර්වු කරපු තැනට ගිහින් වාඩි වෙලා හිටපු නදික අර ලස්සන ඇඟ දිගේ බේරෙන කොල පාට ගවුම එනකං බලාගෙන හිටියා.

නදික එකපාරටම මූණ දැකලා ටිකකින් සියුමිගෙ ඇඟම දැක්කා. නදිකට හිනාවක් ආවෙ එතකොටයි. සියුමි ඇත්තටම ඇඳගෙන ආවෙ නිල් පාට ගවුමක්. දැන් සියුමි හිත යටින් හරි නදිකට වැටිලා ඉවරයි කියල නදික දන්නවා. අද රෑ ​කොහොමහරි මේ ගවුම සියුමිගෙ ඇඟෙන් උනා දාන්න නදික හිතාගත්තේ ඒ නිසායි.

zvr
Your Reaction

Comments