අවුරුද්දත් ගෙවිලා යන්න ආසන්නයි. අවුරුද්ද සැණින් ගෙවිලා ගියා කියල දැනුනට, අවුරුද්දක කාලය ඇතුළේ ඔබේ අපේ ජීවිත මොන තරම් වෙනස් වෙලා ඇතිද? මොනතරම් දේවල් මේ ගෙවීගිය අවුරුද්දක කාලය ඇතුළත අපිට ලැබිල ඇතිද සහ අහිමි වෙලා ඇතිද?
මේ කියන්න යන්නේ අහිමිවීම් ගැන කතාවක්… 2018 අවුරුද්දෙදි අපෙන් සමුගත්ත අපේ ශ්‍රී ලාංකික කලාකරුවන් ගැනයි මේ ඔබේ මතකයට නගන්න හදන්නෙ.
1. ලෙස්ටර් ජේම්ස් පීරිස්
සිංහල සිනමාව ජාත්‍යන්තරයේ සලකුණු කරන්නට පුරෝගාමී වූ අපේ මහා සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා මේ අවුරුද්දේ අප්‍රේල් 29 වැනි දා මොලොවින් සමුගත්තා. මිය යන විට එතුමාගේ වයස 99ක්.
2. රොනී ලීච්
ගායනයෙන් සහ රංගනයෙන් සුවහසක් ශ්‍රී ලාංකික රසික සිත් සැනසූ රොනී ලීච් නම් විනෝදකාමී කලාකරුවාගේ සමුගැනීමත් සනිටුහන් වුණේ මේ වසරේදීයි. මේ වසරේ ඔක්තෝම්බර් 1 වැනිදා ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී ඇතිවූ හෘදයාබාධයකින් මිය යන විට ඔහු 65 වන වියේ පසුවුණා.
3. රත්නාවලී කැකුණවෙල
මුවන්පැලැස්සේ මැණිකේ නමින් ලාංකීය රසික රසිකාවියන් අතර ප්‍රසිද්ධ වුණු රත්නාවලී කැකුණවෙල මහත්මියගේ අභාවයද මේ වසරේ අසන්න ලැබුණු දුක්බර පුවතක්. මේ වසරේ අප්‍රේල් 7 වැනිදා අභාවප්‍රාප්ත වන විට ඇය 87 වන වියේ පසුවුණා.
4. අමරා රණතුංග
මෙරට සංගීත ක්ෂේත්‍රයේ පළමු මහාචාර්යවරිය, ප්‍රවීණ සංගීතවේදී දයාරත්න රණතුංගයන්ගේ ප්‍රිය බිරිඳ වූ අමරා රණතුංග කලාකාරිණිය පසුගිය ඔක්තෝම්බර් 15 වැනිදා අපෙන් සමුගත්තා. මිය යන විට ඇගේ වයස 79ක්.
5. අයිවෝ ඩෙනිස්
ස්වකීය හඬ පෞර්ෂයෙන් සුවහසක් ශ්‍රී ලාංකිකයින්ගේ දෙසවන් සැනසූ සංගීතඥ අයිවෝර් ඩෙනිස් ද මේ වසරේ අපෙන් සමුගත්තා. මේ වසරේ ජුනි 18 අභාවප්‍රාප්ත වන විට ඔහුගේ වයස අවුරුදු 86ක්.
6. රෝයි ද සිල්වා
ශ්‍රී ලාංකික සිනමාව සිය හාස්‍යමය චිත්‍රපට වලින් රසවත් කළ ප්‍රවීණ රංගන ශිල්පී සහ අධ්‍යක්ෂක රෝයි ද සිල්වා කලාකරුවාත් මේ වසරේ සිය සමුගැන්ම සටහන් කළා. මේ වසරේ ජුනි 30 වැනිදා අභාවයට පත්වන විට ඒ මහතා 80 වැනි වියේ පසුවුණා.
7. ඉන්ද්‍රජිත් නාවින්න
ප්‍රවීණ රංගන ශිල්පී ඉන්ද්‍රජිත් නාවින්න මහතා මේ වසරේ අගෝස්තු 8 වැනිදා මෙලොවින් සමුගත්තා. දිගු කලක් අසනීප තත්ත්වයෙන් පසුවූ ඒ මහතා මිය යන විට 70 වෙනි වියේ පසුවුණා.
8. ඉන්දික ගිනිගේ
ජනප්‍රිය රංගන ශිල්පී ඉන්දික ගිනිගේ ගේ අකල් මරණයද මේ අවුරුද්දේදි අසන්නට ලැබුණු දුක්බර පුවතක්. ඖෂධ අධි මාත්‍රාවක් ශරීරගත වීම නිසා පසුගිය ජූලි 24 වැනිදා මෙලොවින් සමුගන්නා විට ඔහුගේ වයස අවුරුදු 37ක්.
9. සෝමවීර සේනානායක
ජනප්‍රිය ටෙලිනාට්‍ය රැසකටම තිර රචනයෙන් ආලෝකය සැපයූ ප්‍රවීණ ලේඛක සෝමවීර සේනානායක මහතාත් මේ වසරේදී අපෙන් සමුගත්තා. ජූනි 9 වැනිදා කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 73 වැනි වියේ පසුවුණා.
10. ප්‍රියානි ජයසිංහ
“කඳුළ නිවන්නම් සිත නොරිදනවා නම්” ගීය හරහා ශ්‍රී ලංකාවේ අතිශය ජනප්‍රියත්වයට පත් ප්‍රියානි ජයසිංහ ගායන ශිල්පිනිය මේ වසරේ ජුලි 8 වැනිදා ඝාතනයට ලක්වුණා. ඒ වන විට ඇගේ වයස අවුරුදු 52ක්.
11. සුනිල් ප්‍රේමකුමාර
චිත්‍රපට සහ ටෙලි නාට්‍ය රැසකට රංගනයෙන් දායකත්වය දුන්න සුනිල් ප්‍රේමකුමාර රංගන ශිල්පියාද පසුගිය ඔක්තෝම්බර් 02 වැනිදා මෙලොවින් සමුගත්තා. රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගන්නා අතරතුර කොළඹ ජාතික රෝහලේදී මිය යන විට ඔහු 62 හැවිරිදියි.
12. ඇරැව්වල නන්දිමිත්‍ර
ප්‍රවීණ සාහිත්‍යධර ඇරැව්වල නන්දිමිත්‍ර මහතාගේ කෘති සිනමාවට සහ ටෙලි නාට්‍ය වලටද පාදක කොටගෙන තිබෙනවා. 78 වන වියේ සිටියදී මේ වසරේ මාර්තු 4 වැනිදා ඒ මහතා අපෙන් වියෝවුණා.
13. සරත් මධූ
ඉතිං ඊට පස්සේ කතාව හරහා ශ්‍රී ලාංකික චිත්‍රකතා ක්ෂේත්‍රයේ අතිශය ජනාදරයට පත් බලංගොඩ සරත් මධූ කලා ශිල්පියාද මේ වසරේදී අපි අතරින් සමුගත්තා. අගෝස්තු 17 වැනිදා සමුගන්නා විට ඒ මහතාගේ වයස අවුරුදු 69ක්
14. හේම නලින් කරුණාරත්න
නමයයි පහ හරහා ශ්‍රී ලාංකික රසික ප්‍රජාව අතර ජනප්‍රිය වුණු හේම නලින් කරුණාරත්න මහතාගේ අභාවයත් මේ වසරේදී සිදුවූ බලවත් අහිමිවීමක්. 2018 ජුනි 5 වැනි දින සිදුවූ ඒ මහතාගේ මරණයට හේතු වුණේ හිසේ නහරක් පිපිරීමයි. මිය යන විට එතුමා 55 හැවිරිදියි.
15. එඩ්නා සුගතපාල
ප්‍රවීණ සිනමා සහ ටෙලිනාට්‍ය නිළි එඩ්නා සුගතපාල මහත්මියගේ අභාවය සිදුවුණෙත් මේ වසරේදීයි. රෝගී තත්ත්වයකට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටියදී මාර්තු 17 වැනිදා ඇය අභාවප්‍රාප්ත වුණා. මිය යන විට ඇය 72 හැවිරිදියි.
16. ඒ. ඊ මනෝහර්
සුරංගනීට මාළු ගෙනාවා ගීතයෙන් රසික හදවත් දිනාගත් ජනප්‍රිය ගායන සහ රංගන ශිල්පී ඒ.ඊ මනෝහර් මහතා මේ වසරේ ජනවාරි 22 වැනිදා මෙලොවින් සමුගත්තා. ඉන්දියාවේ චෙන්නයිහී රෝහලකදී අභාවප්‍රාප්ත වන විට එතුමා 73 වන වියේ පසුවුණා.
17. ප්‍රියන්ත ප්‍රනාන්දු
ජනප්‍රිය ගායක ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මේ වසරේ මැයි 1 වැනිදා අභාවප්‍රාප්ත වුණා. ජනප්‍රිය ගායක සී. ටී ප්‍රනාන්දු මහාතාගේ පුත්‍රයා වූ ඒ මහතා මිය යන විට 65 හැවිරිදියි.
18. තිස්ස ගුණවර්ධන
ප්‍රවීණ නාට්‍යවේදියෙකු මෙන්ම මූර්ති ශිල්පියෙකු වූ තිස්ස ගුණවර්ධන මහතාත් මේ වසරේ අපෙන් සමුගත්ත කලාකරුවන්ගේ ලැයිස්තුවට එකතු වුණා. මේ වසරේ ජූලි 22 වැනිදා මෙලොවින් සමුගන්නා විට ඒ මහතාගේ වයස අවුරුදු 85ක්.
19. ඩබ්ලිව්. ප්‍රේමරත්න
“මිහිලියගේ රූ සපුව පුරා” ආදී ජනප්‍රිය ගීත ගායනා කළ ඩබ්ලිව්. ප්‍රේමරත්න ගායන ශිල්පියාද මේ වසරේදී අපෙන් සමුගත්තා. අගෝස්තු 8 වැනිදා මිය යන විට ප්‍රේමරත්න මහතාගේ වයස අවුරුදු 75ක්.
20. තුෂානි ද සිල්වා
29 හැවිරිදි තරුණ රංගන ශිල්පිණියක් වූ තුෂානි ද සිල්වා පවුලේ අය සමග ගිය විනෝද චාරිකාවක් අතරතුරදී කැළණි ගඟේ ගිලීමෙන් මරණයට පත්වුණා. අප්‍රේල් 16 වැනිදා මිය යන විට ඇය 29 වැනි වියේ පසුවුණා.
21. ලොයිඩ් ගුණවර්ධන
දශක ගණනාවක් පුරා සිනමාව සහ ටෙලිනාට්‍ය හරහා කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වූ ලොයිඩ් ගුණවර්ධන රංගන ශිල්පියාත් මේ වසරේදී අපෙන් සමුගත්තා. හදිසි අනතුරකින් තුවාල ලබා ප්‍රතිකාර ලබාගන්නා අතරතුරදීයි ඒ මහතා මියගියේ. මිය යන විට ගුණවර්ධන මහතා 55 වියේ පසුවුණා.
22. උපාලි කන්නංගර
ප්‍රවීණ ගායන ශිල්පියෙක් මෙන්ම වාදන ශිල්පියෙක් වුණු උපාලි කන්නංගර මහතා පසුගිය දෙසැම්බර් 12 වැනිදා අපෙන් සමුගත්තා. කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වන විට ඒ මහතාගේ වයස අවුරුදු 67ක්.
මේ ලැයිස්තුවෙන් අපිට මගහැරී ඇති යම් කලාකරුවෙක් වේ නම් ඒ ගැන අපිව දැනුවත් කරන මෙනුත් අපි අපේ පාඨකයන්ගෙන් ඉල්ලා සිටිනවා
Leave a Reply