නවකතා

ආයෙමත් දවසක – 13 කොටස

12 කොටස මෙතනින් කියවන්න

13 කොටස

නදිකට ඔෆිස් යන්න වුනේම ලොක්කගෙ ඔෆිස් එකට යන්න බලාගෙන. උදෙන්ම ඔෆිස් ආපු අශිනි නදිකට කෝල් කළේ බොස් නදිකව ඇහුවා කියල කියන්න. බොස් නදිකව අහන්න කලින් බොස්ගෙ දුව රූම් එක ඇතුළට ගියා කියලත් අශිනි කිවුව. අශිනිගෙ හිතේ බයක් තිබ්බා. නදිකට කේස් එකක්වත් ඇදිලද කියලා. ඒත් නදිකගෙ හිතට ප්‍රශ්නයක් තිබුනෙ නෑ. මොකද නදික දන්නවා මේ කතා කරන්නෙ ඩි මෙල් අංකල් එයාගෙ දුවව හඳුන්වාදෙන්න කියලා.

නදික ඔෆිස් එකට කෑම එක ගෙනියන බෑග් එක මේසෙ උඩින් තියල අශිනිගෙ පිට ​කොනිත්තගෙනම ලොක්කගෙ රූම් එකට ගියා. ඇතුළෙ හිටියා නදික කලින් දවසක් දැකපු ලස්සන කෙල්ල. මේ මගෙ දූ කියල නදිකට හඳුන්වලා දෙද්දිම නදික සසරේ පතාගෙන ආපු කෙල්ල දිහා බලාගෙන හිනා වෙනව වගේ හිනා වුනා. කෙල්ලත් හිනා වුනා. කෙල්ලගෙ තාත්තත් හිනා වුනා. තාත්තා කෙනෙක් මෙහෙම බලහත්කාරෙන්ම දුවව අඳුන්වලා දෙන්න හේතුවක් නදික හිත හිත හිටියා. අංකල් නොකියා තාත්තා කියවගන්න ඕන වෙලාද කියල හිතෙද්දිම අංකල් කතා කළා.

“ඔයාල දෙන්න දෙන්නා ගැනම විස්තර දන්නව වුනාට තාම කතා කරල නැහැනෙ. මෙයා කොහොමත් මට කිය කිය හිටියෙ ඔයා පිස්සෙක් වෙන්නැති කියල පුතා.”

“ඒ මොකෝ අංකල්?”

“නෑ ඉතිං. ඔච්චර සල්ලි තියාගෙන මෙහෙම ජොබ් එකක් කරන්නෙ”

“මට පිස්සු නං මෙයාටත් පිස්සුනෙ”

ඒ වෙලාවෙ තමයි පළවෙනි පාරට එයාගෙ කට හඬ ඇහුනෙ. නම සියුමි වගේම එයාගෙ කටහඬත් සියුම් හඬක්. හැබැයි කතාව ඇතුළෙ බර ගතියක් තිබුනා. නදික ඒකට කැමති වුනා. දැනට නදික එයාගෙ ඇඟටයි, කොණ්ඩෙටයි, වොයිස් එකටයි කැමතියි.

“ඇයි මට පිස්සු?”

“ඔයත් ඔච්චර සල්ලි තියාගෙන මොකට ඉගෙනගන්නවද?”

“ඉගෙනගන්න එක ෂෝක්. ජොබ් කරනවට වඩා”

“මට මේ ජොබ් එක ත්‍රිල් එකක්. ඉගෙනගන්න එකේ ත්‍රිල් එකක් නෑ මට”

“මං දැක්කා ත්‍රිල් එකේ තරම”

“ඇයි?”

“මෙතන එන්න කලින් අර ඉන්න ගර්ල්ගෙ පිටට තට්ටුවක් දාගෙන ආවෙ?”

“ආ. ඒ යාලුවොනෙ”

“හ්ම්ම්ම්…”

ආයෙමත් ඩිමෙල් අංකල් කතා කරන්න ගත්තා.

“පුතා ඔයාට ප්‍රශ්නයක් නැත්තං අද මෙයා එක්ක එළියට ගිහින් ලන්ච් ගන්න. මට වෙලාවක් නෑ. අද දවසම මීටින්ස්. අනික තරුණ කොල්ලො දන්නවනෙ යන්න හොඳ තැන්”

“අංකල් ඒකනං පොඩි ප්‍රශ්නයක්”

“ඒ ඇයි?”

“එතකොට ඔෆිස් එකේ අය දැනගනියිනෙ මායි අංකල්ලයි අඳුරනව කියලා”

“එහෙමනං දැනටත් ඔෆිස් එකේ අයට ප්‍රශ්නයක් ඇති”

“ඇයි?”

“ඇයි ඔයා ආපු ගමන්ම මේක ඇතුළට ආවෙ කියල. කට්ටියම මායි දුවයි දෙන්නම එනව දැක්කනෙ”

“හ්ම්ම්…”

“ඒකට මොකද කරන්නෙ?”

“අංකල් මට අලුත් වැඩක් කරන්න දුන්න කියල කියන්න”

“හ්ම්ම්… හරි එහෙනං ඔයාට මම රබර් ෆැක්ට්‍රි එක නැතුව මගේ ස්ටොක් බ්‍රෝකර් එක්ක ඩීල් කරන්න දෙන්නං. අශිනිටම කියන්නං ඔයාව සුපර්වයිස් කරන්න”

“හරි අංකල්”

“එහෙනං අද ඔයා මෙයා එක්ක ලන්ච්වලට යන්නෙ නැද්ද?”

“අපෝ මටත් ඕන නෑ තාත්තා මෙයා එක්ක යන්න”

“සියුමිගෙ හදවත නං සියුම් නැති ගතියයි. ඒ නිසාම නදික සියුමිව මෙළෙක් කරවන්න හිතුවා”

“මං එන්න බෑ නෙමෙයිනෙ කිවුවෙ. ආවොත් ඔෆිස් එකේ මට ප්‍රශ්න වෙයි. අනික මං කොහොමද ඔයාට එන්න බෑ කියන්නෙ”

“ඒ ඇයි?”

“ඔයා මගේ බොස්ගෙ දුවනෙ”

“ඉතිං?”

“ඉතිං මට පඩියත් නැති වෙන වැඩක් එහෙම කළොත්”

“දැන් මොකද කරන්නෙ?”

“අපි අද ඩිනර් අරගමු. ඔයාගෙ වෙනිං ප්ලෑන්ස් තියෙනවද?”

“නෑ”

“එහෙනං අංකල් මං මෙයා එක්ක ඩිනර් අවුට් එකකට යන්නං”

“හරි පුතා. දුව දැන් ඔයා ගෙදර යන්න”

පුටුවට යද්දිම මුළු ඔෆිස් එකේම ඇස් නදික ගාව. නදික බැරෑරුම් මූණක් දාගෙන පුටුවට ගියා. වාඩි වෙද්දිම අශිනි ඇයි කියල ඇහුවා.

“අක්කා, මට අලුත් වැඩක් කරන්නලු”

“ඒ මොකද්ද?”

“ස්ටොක් බ්‍රෝකර්ස්ලා එක්ක ඩිසිෂන්ස් ගන්න වැඩ”

“හ්ම්ම්ම්…”

“හැබැයි ඒකෙ හොඳක් තියෙනවා”

“ඒ මොකද්ද?”

“මට වැඩ කරන්න වෙන්නෙ මං කැමතිම කෙනෙක් එක්ක”

“ඒ කවුද?”

“මගේ සුපවයිසර්”

“කවුද ලොක්කගෙ දුවද?”

“නෑ. අනේ ඔයා”

“පිස්සා”

“දැන් ඔයාට ලොක්කා කතා කරලා විස්තරේ කියයි”

“හ්ම්ම්ම්…”

“මල්ලි මේ?”

“ඇයි?”

“ඒ කෙල්ලගෙ පොඩි වල්පාටක් තියෙනව මූණෙ”

“මං ආසයි ඒකට”

“ඔයා වල් පාට නැති කෙල්ලොන්ටත් ආසනෙ”

“ඒ කවුද?”

“ඇයි මම?”

“ඔයාගෙ මූණෙ වල් පාට නැති වුනාට ඔයා වල්නෙ”

“අර මොකෝ?”

“මතක නැද්ද කරපු දේවල්. මට මතක් වෙද්දිත් ඔයා එක්ක වොෂ් රූම් පැත්තට යන්න හිතෙනව”

“යමුද?”

“හරි. මං මුලින් යන්නං. මැද ටොයිලට් එක ඇතුළෙ මං ඉන්නව”

“හ්ම්ම්ම්…”

අශිනි මැද ටොයිලට් එකේ දොරට තට්ටු කළා. දෙපැත්තෙ ටොයිලට් දෙකම හිස්. වොෂ් රූම් එක ඇතුළෙ ක්ලීන් කරන ගෑණු මනුස්සයා විතරයි හිටියෙ. එනිසා අශිනි ටිකක් වෙලා අත් දෙක හෝද හෝද හිටියා. එයා ගිය ගමන්ම අශිනි ඇතුළට ගියා. නදිකගෙ ඇඟේ එතකොටත් නූල් පොටක්වත් තිබුනෙ නෑ. අශිනිට වචනයක්වත් කියන්න හම්බුනේ නෑ. අශිනිගෙ කට නදික ගිලගත්තා. නදිකගෙ අත් පිස්සුවෙන් වගේ අශිනිගෙ ඇඳුම් එකින් එක උනා දැම්මා. අශිනි පිස්සුවෙන් වගේ නදිකගෙ පිට දිගේ අත් යැවුවා. අශිනි යට ඇඳුමට විතරක් සීමා වුනාට පස්සෙ දෙතොලෙන් මිදුණු නදික වැඩ පටන්ගත්තා. විනාඩි දහයක් ඇතුළෙ සියළු කාරිය සිද්ධ වුනත්, එයින් දෙදෙනාම දවසක් තිස්සෙ එකතු වෙලා සතුටු වෙන තරමටම සතුටු වුනා. නදික ටිකක් වෙලා වොෂ්රූම් එකේ ඉඳලා එන්නම් කිවුවම අශිනි ඇඳුම හද හද ගියා. මෙහෙම දෙයක් වුනාම ගෑණු හිතකට ෂුවර් නෑ තමුන්ගෙ පෙනුමෙ මොන මොන අඩුපාඩු වෙලාද කියලා. කණ්ණාඩියකින් බැලුවත් හිතට සැටිස් මදියි. අශිනි ඔෆිස් චෙයා එකේ වාඩි වෙලා සැනසුම් සුසුමක් හෙලුවා. වෙලාවට ඩාක් බොටම් එකක් ඇඳලා ආවෙ කියලා හිතුනෙ, මෙහෙම වුනාම පැල්ලම් හිටින්න පුළුවන් නිසා. මීට පස්සෙ ඔෆිස් එකට අඳින්න ඔක්කොම ඩාක් බොටම්ස් ගන්නව කියල අශිනි තීරණය කරා. මේ දඟකාරය ඉන්නකං ගැලවිල්ලක් නැති වෙයිනෙ කියල හිතිලා අශිනිට තමුන්ට වඩා අවුරුදු අටක් බාල පොඩි එකෙක් ගැන මහා අනුරාගික ආදරයක් උපන්නා. නදික තාමත් ඇවිත් නැහැ. අශිනිට බොස් කතා කළා.

නදික පුටුවට එද්දි අශිනි හිටියෙ නැහැ. අශිනි ලොක්කගෙ ඔෆිස් රූම් එක ඇතුළෙ ඉන්නව නදික ඒකට දාලා තිබ්බ වුඩ්න් කර්ට්න්ස් අස්සෙන් දැක්කා. ඒ ගමන්ම නදිකට මෙසේජ් එකක් ආව. සියුමිගෙන්.

You have any hidden intentions by taking me to a dinner?

නදික, කවදත් කැමතියි ගෑණියෙක්ගෙ හිතේ උභතෝකෝටිකයක් ඇති කරන්න. මේ විදියට පැනලා වලට වැටෙන්න හදද්දි ඒකට එපා කියන්න නදිකට බෑ. ඒ හින්දම නදික යැවුවා තනි වචනෙ උත්තරයක් සියුමිට.

Of course

admin

Share
Published by
admin

Recent Posts

සැටලයිට් නැතිනම් චන්ද්‍රිකා ගැන මේ කාරණා ඔබ දැනගෙන හිටියාද?

සැටලයිට් නැතිනම් චන්ද්‍රිකා ගැන මේ දවස් වල සෑහෙන කතාබහක් ඇතිවෙලා තියනවානේ. ඒ කතා බහ පටන්…

7 months ago

දරුවන් හදන කොට දෙමව්පියෝ කරන වැරදි, හැබැයි සමාජයේ ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේවා තමයි දෙමාපියන්ගේ ආදරය කියලා!

දරුවන් හදනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. දෙන්නෙක් කසාද බැඳලා සෙක්ස් කිරීම පමණක්, ඒ සෙක්ස් කිරීමේදී…

8 months ago

කොල්ලගේ අම්මා එක්ක මෙන්න මේ දේවල් කවදාවත් කරන්න යන්න එපා!

මේ ආටිකල් එක අපි ලියන්නේ ගෑනු ළමයින් වෙනුවෙන්මයි. දැන් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් එහෙම ඉන්න ගෑණු ළමයෙක්…

8 months ago

ශිෂ්‍යයෙක් විදිහට ඔබගේ අනාගත වෘත්තීය ක්ෂේත්‍රය තෝරා ගන්නේ මෙහෙමයි!

දැන් පුංචි කාලේ අපෙන් කවුරුහරි ඇහුවොත් ලොකු වෙලා කවුරු වෙන්නද කැමති කියලා, අපිට කියන්න ගොඩක්…

8 months ago

ජීවිතේ උවමනාවට වඩා ඕනෑම නැති දේවල් කිහිපයක් – 2 කොටස

"ඕනෑවට වඩා ඕනෑම දෙයක් ඕනෑම නැත" කියල කතාවක් තියෙනවනේ. ඕකම තමයි සුද්දා කියලා තියෙන්නේ "ටූ…

9 months ago

ඇමෙරිකානුවන් සඳ මත පා තැබීම බොරුවක්ද? ඒක බොරුවක් නෙවෙයි කියන්න සාධක මෙන්න

ඇත්තටම මිනිස්සු හඳට ගියාද? ඔය ප්‍රශ්නේ, ලෝකෙ පුරා ඉන්න ගොඩක් අය අහන දෙයක්. එහෙම අහන්න…

9 months ago