නිතර ස්පා යන යාළුවට මුහුණ දෙන්න වෙන කේස්

සමහර යාළුවන්ට ස්පා කියන්නේ ට්‍රීට්මන්ට් එකක් නෙමෙයි ආගමක්. ඔවුන් ආගමට ලැදි අය පන්සල් පල්ලි කෝවිල් යනවා වගේ මාසෙට තුන් හතර වතාවක් ස්පා එකකට යන්න පුරුදු වෙලා තියෙනවා. ලංකාවේ ලාබ ස්පා වල වෙන්නේ මොනවද, ඇතුළේ තියෙන්නේ මොනවද කියලා ආයේ මුල සිට අගට විස්තර කරන්න උවමනා නැහැ. ඒ ගැන ඕනිවටත් වැඩිය ඉරිදා පත්තර වලින් සහ ගුවන් විදුලි නාලිකා වැඩසටහන් වලින් අනාවරණය කරලායි තියෙන්නේ. ස්පා යන යාළුවට මොනාද වෙන්න පුළුවන් අලකලංචි? අපි ඒ ගැන බලමු…

 

1. නෑයින් හමු වීම

Image Source – 123rf.com

පවුලේ අය අතර හොඳ නමක් තියෙන යාළුවෙක් ගියා ස්පා එකකට. එදා අනික් යාළුවොත් එක්ක පොඩ්ඩක් සෙට් වෙලා මහන්සිය යන්නත් එක්ක රෑ බෝ වෙලා ස්පා එකට ගොඩවුනා. ගොඩවෙලා රිසප්ශන් හිටි කෙල්ල එක්ක පොඩ්ඩක් කදේ දාගෙන ඉද්දි ඔන්න එනවා කියුබිකල් එකක ඉඳලා මස්සිනා. මස්සිනා මූණට මූණම හමුවුනා. ආයේ මේ මම නෙමෙයි කියලා යාළුවට කියන්න විදියකුත් නෑ. අඩේ මම මස්සිනා නෙමෙයි කියලා මස්සිනා කාරයට කියන්නත් බැහැ. ස්පා එකකට එන්නේ අල, ළූණු, සීනි ගන්න නෙමෙයි නිසා වෙන හේතුවක් කියන්නත් බැහැ. කොහොම හරි දෙන්නා එකට මුණ ගැහිලා, ඒත් සෙට් වුනේ  නැහැ වගේ ආයෙත් හැරිලා ගියා. ඒ ආකාරයට ස්පා එකකට යද්දි හෝ එද්දි හෝ ඒක අස්සේ ඉද්දි යාළුවන්ට තමුන්ගේ නෑයින් මුණ ගැහෙන්න පුළුවන්. ළඟම ඥාතියෙක් සෙට් වුනොත් මොනා වෙයිද? ඒක ඉතින් ඔයාල ටිකක් හිතලාම බලන්නකෝ.

 

2. ඇඩ් එකේ විදියට නෑනේ

Image Source – yamu.lk

ස්පා ගැන තියෙන දැන්වීම් වලනම් බොහොම ලස්සන ප්ලේස් එකක් තමයි තියෙන්නේ. ඒත් ඇතුළට ගියාම සමහර ඒවායේ නහයට දැනෙන සුවඳ ප්‍රියංකර නැහැ. ඒ වගේම තියෙන පාටිශන් පොඩියි. මසාජ් ටේබල් එකට නැගලා තෙරපිස්ට් කකුල මසාජ් කරද්දිම මසාජ් ටේබල් එක කිරි කිරි ගාන්න ගන්නවා වටේ පිටේ පාටිශන් වලටත් ඇහෙන්න. තියෙන ඇතිරිලි, කොට්ට කාලෙකින් වොෂින් මැෂින් දැකලා නැහැ. තියෙන්නේ කොමන් බාත්රූම්. ඒවායේ කවුරුහරි ඉන්නවා නම් එළියට එනකල් බලා ඉන්න වෙනවා. ටැප් එකක් කැඩිලා නැති, හොඳට ෂවර් වැඩ කරන බාත්රූම් එකක් සොයාගන්න අමාරුයි. හැම එකක්ම නොවුනත් ගොඩක් බජට් ස්පා වල ඇතුළ කියන්නේ පිට තරම් ලස්සන නැති තැනක්.

 

3. කෝ යකෝ ලස්සන තෙරපිස්ට්ලා?

Image Source – jamaicans.com

ස්පා එකකට ගිහින් ලස්සන කෙල්ලෙක් හමුවෙලා, හොඳට මසාජ් එකක් කරලා, බොහොම ආකර්ෂණීය විදියට සේවාවන් සපයයි කියලා ස්පා යන යාළුවෝ හීන දකිනවා. ලස්සන අය ඉන්නවා කියලා ඇඩ් වල තිබුනත්, යාළුවෝ කිව්වත් අපි යන වෙලාවට ඉන්නේ ආන්ටිස්ලා නැතිනම් ලස්සනයි කියලා කෙලින්ම කියන්න අමාරු ගෑණු ළමයි. සමහර වෙලාවට තෙරපිවරියක් තෝරා ගනිද්දි බොහෝම ලස්සනට එතැන ලයිට් එළියට පෙනුනාට, මසාජ් එක දෙනකොට ඇඟේ රැළි පේන්න ගන්නවා, බඩේ ලොකු පේන්න ගන්නවා, ඇලට තියෙන දත් ටික පේන්න ගන්නවා.

 

4. හ්ම්ම්… අම්බෝ ගණන්!

Image Source – timeout.com

මසාජ් එක ගාණට කරලා ඉන් පස්සේ පොඩ්ඩක් විතර හැඟීම් ඇවිස්සෙන විදියට ටච් එකක් තෙරපිවරිය විසින් දාගෙන යනවා. ඊට පස්සේ එන්නේ ටිප් එකේ වෙලාව. ටිප් එක කොහොමද? කියලා ඇහුවම සමහර තෙරපිවරියන් පැකේජ් ලැයිස්තුවක් කියනවා. මේ වැඩේට මේම මේ වැඩේට මේම ආදී වශයෙන්. ඒ කියන ගණන් නම් අඩු නෑ. බොහොම උඩ ගණන් තමයි කියන්නේ. ඒ ගණන් කිව්වම සාමාන්‍යයෙන් හෙට්ටු කරන්න ඕනි. හෙට්ටු කරන්න අකමැති නම් ඉතිං ලොකු දතක් ගලවගන්න වෙනවා. කිසිම විදියකින් මසාජ් එක හෝ සර්විස් එක හොඳ පැත්තට ගියේ නැතත් මසාජ් යාළුවන්ට ලොකු ටිප් දෙන්න වෙන වෙලාවන් තියෙනවා.

 

5. රෝග ටිකට්

Image Source – booking.com

කාර්යබහුල තෙරපිවරියක් දිනකට 7-8 දෙනෙකුවත් මසාජ් කරනවා. ඉතින් එතකොට සමේ රෝග, සමාජ රෝග ආදිය බෝවෙන්න යම් ඉඩක් තියෙනවා. කොන්ඩම් වගේ දේවල් වලින් යම්තාක් දුරට සමාජ රෝග වලින් වැළකෙන්න පුළුවන්. ඒත් සමේ රෝග ආදියෙන් ගැලවෙන්න ටිකක් අමාරුයි. මසාජ් ටේබල්, ඇතිරිලි ආදිය හොඳට පිරිසිදු නැති තැනක නම් නොයෙකුත් සමේ රෝග වැළඳෙන්න තියෙන හැකියාව වැඩියි.

 

6. නොයිස් එක

Image Source – booking.com

මසාජ් පාලර් එකකට යන්නේ රිලැක්ස් වෙන්න බලාගෙන. ඒත් වටේ පිටේ සද්ද ඇහෙනවා නම් ඒක රිලැක්ස් එකට බාධාවක්. පාර අයිනේ තියෙන එකක් නම් ලේලන්ඩ් බස් වල හෝන් ගහන රියදුරු මහත්වරුන්ගෙන් ගැලවෙන්න අමාරුයි. අනික් යාබද මසාජ් ටේබල් වල සිද්ද වෙන විවිධ අනඟ රැඟුම් වල සද්ද ඇහෙන වෙලාවනුත් තියෙනවා. මසාජ් එක ඇතුළේ ඉන්න ගෑණු ළමයි ටික කදේ ගහගෙන කෑ ගහන කතා කරන සද්දේ ඇහෙන තැනුත් තියෙනවා. නිස්කලංක තැනක හොඳ මසාජ් එකකින් ඇත්තටම හිතත් ගතත් යම්තරමකට සැහැල්ලු වෙනවා.

 

7. කච කචේ සහ අඳෝනා

Image Source – guff.com

පාඩුවේ මසාජ් එක දෙන ගමන් ලාවට අපෙන් විස්තර එහෙම අහන තෙරපිවරියෝ ඉන්නවා. ඒ වගේම ඉන්ටර්විව් එකකට ගියා වගේ කොනක් නැතිව ප්‍රශ්න අහන අයත් ඉන්නවා. තවත් අය විවිධ කතා කියනවා. අපිට දුක හිතෙන්න එයාලගේ ජීවිත කතා කියන අයත් ඉන්නවා. අපිට දුක අහන්න ඕනි නම් බස් එකකට, දුම්රියට නැග්ග වෙලාවේ ඉඳලා විවිධ අන්දමේ යාචකයින්ගෙන් ඒ දුක අහන්නට පුළුවනි. දාහකටත් වැඩියෙන් ගෙවලා අපි සන්තෝස වෙන්න යද්දි කච කචේ ඇහෙද්දි මසාජ් යන යාළුවන්ට ඒ මසාජ් එක එපා වෙනවා.

 

සමහර අපි හිතන දේවල් ඒ විදියටම ලැබෙනවා නම් ඒකත් මහ බෝරින්. සමහර යාළුවෝ ඉන්නවා මසාජ් එක කොච්චර හොඳ වුනත් එකම මසාජ් එකට දිගට යන්නේ නැහැ. විවිධ අත්දැකීම් විවිධ අන්දමින් ලබාගන්න මසාජ් යන සෙට් එකකුත් ඉන්නවා. ඈත ඉඳන් බැලුවොත් මසාජ් යන යාළුවෙක් ඒ පොඩි ඉඩක ගෑණු කෙනෙක් එක්ක තනිවෙන්න එයාලට විවිධ හේතු තියෙන්න පුළුවන්. ලාබෙට තියෙන ලංකාවේ මසාජ් කියන්නේ එක්තරා විනෝද ක්‍රමයක්. ඉතින් යාළුවනේ ඕනිම විනෝදයක් වැඩිපුර ගන්න ගියාම අපේ සල්ලි බලා ඉද්දි නැතිවෙනවා. ඒ ගැනත් ටිකක් අවධානෙන් ඉඳගෙන මසාජ් ආතල් එක ගන්න එක අනාගතේට හොඳ ඉතුරුවක් වෙයි.

 

Cover Image Source – lankaspa.lk / queenbeeing.com

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *