අපි හැමෝම ආදරේ කළ ලංකාවේ මොඩ්ලින්ග් අයිඩල්

අද කාලේ ජනප්‍රිය නිරූපිකාවන්ට මොන වගේ ආදරයක් ද තියෙන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඒ දවස්වල නිරූපිකාවන්ට තිබුණ ආදරය මොන විදිය ද කියන්න දන්නවා. මොකද ක්ෂේත්‍රයේ දැන් ඇතත් නැතත් ඒ අයව තවමත් මතක නිසා.

 

1. අනර්කලී ආකර්ෂා

Image Source – santabanta.com

අනර්කලීව දැකගන්න ලැබෙන්නේ 2004 මිස් ශ්‍රී ලංකා වීමෙන් සහ මිස් වර්ල්ඩ් තරඟයේ දී ලංකාව නියෝජනය කිරීමෙන්. ඉතින් එදා මෙදා තුර අනර්කලී නිරූපණ ක්ෂේත්‍රයෙන් ඔබ්බට ගිහිල්ලා නිළියක්, නිවේදිකාවක් විදියට ජනතාව අතරට ගියා. 2003 දී පිස්සු ට්‍රිබල් චිත්‍රපටය හරහා තමයි නිළියක් විදියට ඇය ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගන්නේ. මේ වෙනකොට විවාපත් වෙලා විදේශගතවයි ඉන්නේ. අනර්කලීට දැන් වයස අවුරුදු 31ක් වෙනවා. නිරූපිකාවන් පොළවේ ඇවිදින මට්ටමෙන් අඩි කීපයක් උඩින් දැන් ඇවිද්දට අනර්කලී මිනිසුන්ට සමීප, ඉතා හොඳ කෙනෙක්. මේ නිසාම ඇය සන්නාම කීපයක තානාපතිනිය විදියට කටයුතු කරනවා.

 

2. කිෂානි අලංකි

Image Source – beautifulu.lk

කිෂානිව නිරූපිකාවක් විදියට ජාත්‍යන්තරව දකින්න ලැබුණේ 2015 අවුරුද්දේ. ඒ තමයි Pancontinental කියන පිලිපීන බියුටි පැජන්ට් එක. මේකට කිෂානිව තේරෙන්න ලොකු හේතුවක් වෙලා තියෙනවා ඈ සතු දැනුම. කිෂානිට නීති උපාධියක් තියෙනවා ආය ඉතින් සෙල්ලම් නැහැ. අපේ ළමා කාලයේ නම් කිෂානිව රංගන ශිල්පිණියක් විදියට නිතර දෙවේලේ රූපවාහිනියේ දැක්කා. ඉරාජ්ගේ සුරඟන කිරිල්ලියේ ගීතයෙ ඉන්න අක්කත් මෙයානෙ. මීට අමතරව ටෙලි නාට්‍ය විශාල ප්‍රමාණයක රඟපාලා තියෙනවා. ඒ වගේම වැඩසටහන් ඉදිරිපත් කිරීමටත් මනාපයි. උගත්කමත් ලස්සනත් එකට කැටිවුණ මිත්‍රශීලි සුන්දර යුවතියක් විදියට කිෂානිව හඳුන්වන්න පුළුවන්.

 

3. අයේෂා සඳමාලි

Image Source – plus.google.com

2000 වසරේ පැවැත්වුණු ’මිස් වීනස්’ තරඟයේ දෙවැනි ස්ථානයත්, 2002 වසරේ ”කැප්රි ක්වීන්” තරඟයේ පළමු වැනි ස්ථානයත් හිමි කරගත් තැනැත්තියයි මේ. ඊට පස්සේ මෝස්‌තර නිරූපණ ශිල්පිණියක් විදියට දකින්න ලැබුණා. හැබැයි එතනින් නවතිනවට වඩා දක්ෂකමක් අයේෂා ගාව තිබුණා. ඒ නිසාම රංගන ශිල්පිනියක් වෙන්න වරම් දිනාගත්තා. ඔය ඔක්කොටමත් වඩා ප්‍රේක්ෂකයන් හරි ආදරයෙන් ඇයව භාරගත්තේ නිවේදිකාවක් විදියටයි. සාමාන්‍යයෙන් හිතෙනවා නම් නිරූපිකාවක් කියන්නේ කොයි වෙලෙත් කච කච ගගා ඉන්න මෙලෝ සංයමයක් නැති කෙනෙක් කියලා අයේෂා සඳමාලි ඉදිරිපත් කරපු වැඩසටහනක් බලන්න ඕනි. නිලීකා මද්දුමගේගෙන් පස්සේ රසසරණිය වැඩසටහන ඉදිරිපත් කිරීමේ අඩුව සම්පූර්ණ කරන්නෙත් ඇය. මේ වෙනකොට ඇය මවක්.

 

4. රොසෑන් ඩයස්

Image Source – youtube.com

අද මූණේ පවුඩර් ටිකක් වැඩියෙන් උලාගත්ත ඕනි කෙනෙක්ට කරන්න පුළුවන් දෙයක් බවට පත් වෙලා තිබුණත් ඒ දවස්වල නිරූපණය කියන්නේ ලොකු ලෙවල් එකක තිබුණ දෙයක්. ඒ පිළිගැනීම උපරිමෙන් ලබපු කෙනෙක් තමයි රොසෑන් ඩයස්. 2005 වසරේ දී ඇය මිස් යුනිවර්ස් තරඟයට සහභාගී වෙනවා. මේ වෙනකොට මේ ක්ෂේත්‍රයට එන්න කැමති තරුණියන්ට පුහුණු පාසලක් පවත්වාගෙන යනවා. දේදුණු ආකාසේ චිත්‍රපටයේ රඟපෑ චුලක්ෂි රණතුංග ඇයගෙන් ගුරුහරුකම් ලද කෙනෙක්. ලෝක විවාහක රූ රැජින වගේ තරඟ කීපයක්ම සංවිධානය කරන්න ඈ වෙහෙසිලා තියෙනවා. මේ වෙනකොට ඇය මවක්.

 

5. වාසනා දන්තනාරායන

Image Source – amithathennakoon.blogspot.com

වාසනත් රොසෑන් වගේම  මේ ක්ෂේත්‍රයේ වැදගත් භූමිකාවක් කළ සහ කරන තැනැත්තියක්. 2002 වසරේ ආසියානු පැසිෆික් කලාපයේ රූ රැජින තරඟාවලිය සහ ලෝක රූ රැජින තරඟාවලියේ ලංකාව නියෝජනය කළා. මීට අමතරව සිනමා සහ ටෙලි නිර්මාණ රැසකට සම්බන්ධ වෙලා තියෙනවා. දැන් ඇයත් මෝස්‌තර නිරූපණය සම්බන්ධ පුහුණු පාසලක් පවත්වාගෙන යනවා. ඊට අමතරව ලංකාවේ පැවැත්වෙන බියුටි පැජන්ට් කීපයකම අයිතිකාරිනිය ඇයයි.

 

6. නර්මදා රවිහංසි

Image Source – elakiri.com

2007 වසරේ පැවැත්වුණ මිස් ශ්‍රී ලංකා තරඟාවලියේ දෙවන ස්ථානයත් මිස් පොටෝජෙනික් වෙන්නත් වාසනාව උරුම වුණේ ඇයටයි. මෑතක දී ඈ ගැන යළි කතාබහට ලක් වුණේ ශ්‍රී ලංකා විවාහක රූ රැජින බවට පත් වීමෙනුයි. නර්මදාත් නිවේදනයට සම්බන්ධ වුණා. ඊට අමතරව අය හුරුපුරුදු මුහුණක් වුණේ ඒ කාලේ සංගීත වීඩියෝවල නිතරම පාහේ හිටපු නිසයි. ඉරාජ්ගේ ඔබ හින්දා ගීතය ඊට උදාහරණයක්. නර්මදා දැන් මවක්.

 

7. අරුණි රාජපක්ෂ

Image Source – lkactress.com

අරුණි කියන්නේ අදටත් රූප පෙට්ටියේ හුරුපුරුදු මුහුණක්. හැබැයි නිකන් ම නිකන් නිවේදිකාවක් විදියට නැත්නම් වෙළඳ දැන්වීම්වල සිටින්නියක් විදියට ඇයව දකිනවට වඩා ලොකු කතාවක් තියෙනවා. 2007 වසරේ ශ්‍රී ලංකා රූ රැජින කිරුළ හිමිකරගෙන ලෝක රූ රැජිණ තරඟාවලියේ අවසන් 15 අතරට යන්න තරම් ඈ දක්ෂ වුණා. ඒ වසරේම ලෝක සංචාරක රූ රැජින තරගයටත් ඉදිරිපත් වෙනවා. ඊට අමතරව 2005 කැප්රි කිරුළ දිනාගන්නවා. එතන තමයි ආරම්භය. එදාමෙදා තුර චිත්‍රපට 5කට වගේ දායකත්වය සපයලා තියෙනවා. රොෂාන් රණවනගේ ප්‍රේමවන්තිය විදියට සුපර් සික්ස් චිත්‍රපටයේ කළ රඟපෑම ඉන් එකක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *