හොඳ පොත් කියවන්නෙක්ට වැදගත් වෙන ඇප්ස් 7ක්!

සාමාන්‍යයෙන් ස්මාට්ෆෝන් එකත් එක්ක හරි ටැබ් එකත් එක්ක හරි දවසම එල්ලිලා ඉන්න මනුස්සයෙක් පොත් කියවනවා අඩුයි. ඒ වගේම තමයි සෑහෙන්න පොත් කියවන මනුස්සයෙක්ට ස්මාට්ෆෝන්, ටැබ් වගේ තාක්ෂණික දේවල් එක්ක වැඩ කරන වෙලාවට අමතරව එල්ලිලා ඉන්න තියෙන කාලය අඩුයි. හැබැයි අපි පොත් කියවන්න ඕන තමයි, ඒත් ශීඝ්‍රයෙන් දියුණු වෙන ලෝකයේ ස්මාට්ෆෝන් එක වගේ තාක්ෂණික මෙවලම් අමතක කරලා දාලා හරියන්නෙ නෑ. ඒවා ඇත්තටම අපේ වැඩ පහසු කරන්න යොදාගැනීමයි වෙන්න ඕන. ආන්න එතන ඉඳලා බලනකොට හොඳ පොත් කියවන්නෙක්ට ටක්කෙටම ගැලපෙන ස්මාට්ෆෝන් ඇප්ස් තියෙනවා. මේවායින් කාලය කා දැමීම වෙනුවට පොත් කියවන්න කාලය ප්‍රයෝජනවත්ව ගත කරන කෙනෙක්ට වැඩි පහසුවක් ලැබෙයි!

ඔබත් පොත් කාවෙක් නම් අනිවාර්යයෙන්ම මෙතනින් එහාට කියවිය යුතුයි. ඉන් පස්සේ තීරණය කරන්න මේ ඇප්ස් වලින් ඔබට වුවමනා මොනවද කියන එක.

 

1. Goodreads

Image Source – goodreads.com

ඉංග්‍රීසි ඇතුළු වෙන භාෂාවල පොත් කියවන හාදයෙක් නම් අනිවා ගුඩ්-රීඩ් ගැන දන්නවා. ඇත්තටම අපි නොදන්නා පොතක් මිලදී ගන්න කලින් අපිට ගුඩ්-රීඩ් එකට ගිහින් ඒ පොත හොයාගෙන ඒකේ හොඳ නරක බලාගන්න පුලුවන් රේටින් සිස්ටම් එකක් තියෙනවා. පොත ගැන අනෙක් අයගේ අදහස් තියෙනවා. දැන් ගුඩ්-රීඩ් ඇප් එකෙන් ඕනෑ නම් පොතේ බාර් කෝඩ් එක ස්කෑන් කරලා කෙලින්ම පොත හොයන්නත් පුලුවන්. එතකොට ඕන නම් කියවන්න ඕන පොත් ලිස්ට් එකක් තියාගන්නත් පුලුවන්. තව අයට පොත් රෙකමන්ඩ් කරන්නත් පුලුවන්. වෙන අය රෙකමන්ඩ් කරන ඒවා මොනවද කියලා දැනගන්නත් පුලුවන්. ඉතින් ඒ නිසා ගුඩ්-රීඩ් ඇප් එක නම් ඩවුන්ලෝඩ් කරලා තියාගන්නම ඕන එකක්.

Android: https://play.google.com/store/apps/details?id=com.goodreads&hl=en

Apple: https://itunes.apple.com/us/app/goodreads-book-recommendations/id355833469?mt=8

 

2. Comixology

Image Source – comixology.com

දැන් ඔය සුපර් හීරෝ ‍ෆිල්ම් බලන්න හැමෝම වගේ ආසයිනේ. ඇත්තටම මේ සුපර් හීරෝලා මුලින්ම ආවේ චිත්‍රපටි හෝ ටීවී සීරීස් වලින් නෙවෙයි. කොමික් සාහිත්‍යය හරහා. ලංකාවේ නම් ගොඩක් දෙනෙක් කොමික් කියවන්නේ නැති වුනත්, ඇත්තටම කොමික් නැතිනම් චිත්‍ර කතා කියවන එක වෙනම ආතල් එකක්. ඉතින් ආන්න ඒ වගේ කොමික් කියවන ආසාව තියෙන ඩයල් වලට ගැලපෙන ඇප් එකක් තමයි Comics කියන්නේ. මේකේ ලක්ෂයකට අධික කොමික් පොත්, ග්‍රැ‍ෆික් නවල්ස් තියෙනවා කියලා තමයි කියන්නේ.

Android: https://play.google.com/store/apps/details?id=com.iconology.comics&rdid=com.iconology.comics

Apple: https://itunes.apple.com/us/app/comics/id855282563

 

3. Poetry

Image Source – play.google.com

කවි කියවන්න කවුද ආස නැත්තේ? ඉංග්‍රීසියෙන් කවි කියවන්න අකමැත්තක් නැති කෙනෙක්ට ෂේක්ස්පියර්ගේ කාලේ කවි වල ඉඳන් වර්තමානයේ ඉංග්‍රීසියෙන් කවි ලියන අය දක්වා කවීන්ගේ නිර්මාණ කියවන්න හොඳ තැනක් තමයි මේ Poetry කියන්නේ. ඇත්තටම මේක Poetry Foundation එකෙන් කරන ඇප් එකක් කියලා තමයි සඳහන් වෙන්නේ. මේ ඇප් එක ඔස්සේ පරණ ආසම කවි හොයාගන්නත් පුලුවන්. තමන් ඉන්න මූඩ් එක අනුව කැටගරි කරලා තියෙන කවි කියවන්නත් පුලුවන්. මේ කියවන කවි අතරින් තමන් කැමතිම කවි සුරක්ෂිත කරලා තියාගන්නත් පුලුවන්. විශේෂයෙන්ම ඉංග්‍රීසි කවි සාහිත්‍යය හදාරණ කෙනෙක්ට වුනත් මේ ඇප් එක බොහෝම ප්‍රයෝජනවත්!

Android: https://play.google.com/store/apps/details?id=org.thepoetryfoundation.AppSuite.POETRY

Apple: https://itunes.apple.com/us/app/poetry-from-the-poetry-foundation/id370143863

 

4. Libib

Image Source – booksbonesbuffy.com

ඔය පොත් පිස්සෝ ගොඩක් දෙනෙක්ගේ ගාව හිතා ගන්න බැරි තරම් විශාල පොත් ප්‍රමාණයන් තියෙනවනේ. සමහරු ගාව පුස්තකාලෙකට ඇති වෙන්න පොත් තියෙනවා. හැබැයි මේ පොත් ලැයිස්තුගත කරලා තියන එක තමයි පණ යන වැඩේ. අතින් ලියලා තිබ්බත් ඉතින් ඕන වෙලාවට යම් පොතක විස්තර සු‍ටුස් ගාලා හොයාගන්න බෑනේ. කියවගෙන කියවගෙන යන්න ඕන. ආන්න ඒ කරදරෙන් අත්මිදෙන්න පුලුවන් මේ Libib ඇප් එක තියෙනවා නම්. මේක ඇත්තටම නිවෙස් පුස්තකාල කාණ්ඩගත කිරීම් යෙදුමක්. ඒ කිව්වේ පොත් වල විස්තර බොහොම පහසුවෙන් එකතු කරන්න පුලුවන් යෙදුමක්. ඇත්තටම පොතක බාර්-කෝඩ් එක ස්කෑන් කරලා විස්තර එකතු කරලා තියන්න පුලුවන්. ඕන මොහොතක පොතක බාර්-කෝඩ් එකෙන් වුනත්, පොතේ නම හෝ වෙනත් විස්තරයකින් වුනත් පොත කැටලොග් එකේ හොයාගන්නත් පුලුවන්.

Android: https://play.google.com/store/apps/details?id=com.libib.app&hl=en

Apple: https://itunes.apple.com/us/app/libib/id721908216?mt=8

 

5. Kindle

Image Source – komando.com

කින්ඩ්ල් ඊබුක් රීඩරයන් ගැන හැමෝම දන්නවනේ. හැබැයි ඕනෑ නම් කින්ඩ්ල් ඊබුක් කියවන ඇප් එක ස්මාට්ෆෝන් එකට හරි ටැබ් එකට හරි දාගන්නත් පුලුවන්. නියමම ඊ-බුක් රීඩරයක් වගේ නැති වුනත් හැකි උපරිම පහසු කියවීමේ අත්දැකීමක් ලබාදෙන්න කින්ඩ්ල් ඇප් එකෙන් උපරිම දේවල් කරනවා. ඒ වගේම තමයි නොමිලේ ලබාගෙන කියවන්න පුලුවන් කින්ඩ්ල් ඊ පොත් වලට ප්‍රවේශ වෙන්නත් ඇප් එක හරහා පුලුවන්. සල්ලි දීලා ඇමසෝන් එකෙන් ඊ බුක්ස් ගන්න එකත් කින්ඩ්ල් ඇප් එක හරහාම කරන්නත් පුලුවන්.

Android: https://play.google.com/store/apps/details?id=com.libib.app&hl=en

Apple: https://play.google.com/store/apps/details?id=com.amazon.kindle&hl=en

 

6. Audible

Image Source – greenbot.com

ප්‍රින්ට් කරලා තියෙන පොත් කියවන්න ඒ තරම් කැමැත්තක් දක්වන්නේ නැති අයත් ඉන්නවනේ. හැබැයි ඒ වගේ අය ගොඩක් වෙලාවට කවුරුහරි ඒ අය වෙනුවෙන් පොතක් කියවනවා නම් අහගෙන ඉන්න කැමතියි. ආන්න ඒ අයට තමයි ඕඩියෝ බුක්ස් කියන ජාතිය තියෙන්නේ. ඕඩියෝ බුක්ස් කියන්නේ යම් පොතක් කෙනෙක් කියවන කටහඬින් පටිගත කරපු ඕඩියෝ ෆයිල් එකක්. ලෝකේ සෑහෙන්න පිරිසක් ඕඩියෝ බුක්ස් කියවනවා. ඉතින් ඕඩියෝ බුක්ස් වලින් පටන් ගන්න හිතනවා නම් Audible කියන්නේ ඒකට ගැලපෙනම යෙදුමක්.

Android: https://play.google.com/store/apps/details?id=com.audible.application&hl=en

Apple: https://itunes.apple.com/us/app/audible-audiobooks-originals/id379693831?mt=8

 

7. Komal Sujeewa PrasannaArachchi

Image Source – appadvice.com

සුජීව ප්‍රසන්නාරච්චි අයියව පොත් කියවන නොකියවන ඕනම කෙනෙක් දන්නවනේ. ගොඩක් මිනිස්සු සුජීවගේ පොත් වලට බණිනවා තේරුමක් නැති මල් පොත් කියලා. හැබැයි ඉතින් බණින අයගෙනුත් වැඩි දෙනෙක් හොරෙන් හොරෙන් එක පාරක් හරි සුජීවගේ පොතක් කියවලා තියෙනවා කිවුවොත් වැරදි නෑ. කොහොම වුනත් සුජීවගේ පොත් ඕඩියෝබුක් ෆෝමැට් එකෙන් අහන්න කැමති අයට ඔන්න තියෙනවා ඒ වෙනුවෙන්ම ඇප් එකක්. කෝමල්! මේ ඇප් එක හරහා පොතක පොඩි කොටසක් අහලා බලලා කැමති නම් පොතම ගන්න පුලුවන්. සුජීවගේ පොත් සෑහෙන කලෙක්ෂන් එකක් මෙතන තියෙනවා.

Android: https://play.google.com/store/apps/details?id=lk.bhasha.komal&hl=en&rdid=lk.bhasha.komal

Apple: https://itunes.apple.com/lk/app/komal-sujeewa-prasanna-arachchi/id1176520647?mt=8

Leave a Reply

Your email address will not be published. Required fields are marked *