නත්තල් කාලෙ ෂොපින් කරන අතරේ එන පොඩි බඩගින්නට

නත්තල් කාලෙට ෂොපින් කිරිල්ල කියන්නෙ අමුතු දෙයක් නෙමෙයි. ළඟ ළඟම එන නත්තල වගේම නව වසරත් නිසා කට්ටිය ෂොපින් කරන්න පෙළඹෙනවා. ෂොපින් කරන්න ඕනතරම් තැන් නත්තල් කාලෙ වෙද්දි රතු පාටෙන් දිලිසි දිලිසි ඕපන් වීමත් ෂොපින් කරන්න පෙළඹෙන්න හොඳ උත්තේජකයක්. නත්තලේ ෂොපින් කරද්දි වෙලාව යනව දැනෙන්නෙ නැති නිසා කන්න බොන්න වෙලාවකුත් නැති තරම්. එනිසා අතේ අරගෙනම යන්න පුළුවන් කෑම වගේම හිටගෙන ටක් ගාලා කාල ඉවර කරන්න පුළුවන් කෑම වලින් බඩ පුරවගන්න කට්ටිය පුරුදු වෙලා ඉන්නවා. නත්තල් ෂොපින් කියන්නෙ වෙනදා සිද්ධ වෙන ෂොපින් වගේ නෙමෙයි නිසා කෙල්​ලො කොල්ලො දෙගොල්ලොම නත්තල් සිරිය විඳිනවා දකින්න පුළුවන්. මේ කතාව කට්ටිය ඒ විදියට නත්තල් ෂොපින් අතරේ ආසාවෙන්ම කන ස්ට්‍රීට් බයිට්ස් ටිකක් ගැනයි.

 

1. පොටෑටෝ ටොනේඩෝ

Image Source – pinterest.com

කවුද මේවා කන්න ආසා නැත්තෙ? නොකාපු කට්ටිය මේවා ගැන හිත හදාගන්න කියන කතා ගොඩයි. කට වටේ ගෑවෙනවා, අතේ ගෑවෙනවා වගේ කතා කිවුවා වුනාට ෂොපින් කිරිල්ල පැත්තකින් තියලා කන්න හිතෙන කෑමක් තමයි ටොනේඩෝ එකක් වගේ කැරකි කැරකි තනි කෝට්ටක ඇමිණිලා තියෙන මේ අල රැලි. නියමෙට ෆ්‍රයි වෙලා, ස්පයිසි රස හොඳට දැනෙන මේ අල රැළි උණුවට, දැවිල්ලට කන අය ඒ අනුපානෙට යන්න කෝක් උගුරකුත් බොන්නෙ සසරෙ පුරුදු කරගෙන ආවා වගෙයි. සමහර ජොයින්ට්ස් වලදි ඔයාලා කැමති අල ගෙඩිය ​තෝරලා දෙන්නත් පුළුවන්. මේ කෑම ජාතිය කෑම කන්න කැමති නැති පොඩ්ඩොත් ආසාවෙන් කන නිසාත්, අලවලට හොඳට බඩ පිරෙන නිසාත් ෂොපින් කරන අම්මලාටත් හිතට සැනසිල්ල දෙන කෑමක්.

 

2. ස්පයිසි පොප්කෝන්

Image Source – pinterest.com

පොප් ​කෝන් කියන්නෙ සේල් තියෙන හැම තැනකම වගේ දකින්න තියෙන කෑමක්. ලොකු පොඩි කවුරුත් භේදයකින් තොරව කන්න කැමති පොප්කෝන් ගොඩක් තැන්වල කන්න තියෙන්නෙ සෝල්ටඩ් හෝ පැණි රසින් විතරක් වුනාට, පොප්කෝන් ලෝලීන්ට අහම්බෙන් හම්බෙන ඇතැම් සේල් අතරේ පොප්කෝන් ලුණු, ගම්මිරිස් සහ මිරිස් කුඩු ටිකක් එක්ක මිශ්‍ර වෙච්ච ස්පයිසි පොප් කෝන් දකින්න පුළුවන්. පොප් කෝන්වල නියම ගැම්ම තියෙන්නෙ එතන. නත්තලේ රතට රතේ පිරුණු අසිරිය එක්ක පොප්කෝන් කකා යන්න ලේසියි වගේම දිවට අමුතු ගැම්මක් එක්ක බඩත් පිරෙන නිසා නියම ත්‍රිල් එකක් ඇතිවේවි.

 

3. චිකන් ඩෝනට්ස්

Image Source – sanaasrecipes.com

චිකන් ඩෝනට්ස් ඔයාලා ෂොපින් යන තැන්වල නැත්තං වැල්ලවත්තෙ රෝයල් බේකරියෙන් අරගෙන යන්නත් පුළුවන්. අඩු ගාණට ලැබෙන, ඩෙවල් දාපු චිකන් පුරවපු, හොඳට බඩ පිරෙන චිකන් ඩෝනට්ස්වලට රෝයල් බේකරිය අති ප්‍රසිද්ධයි. ඒ නැතත් දැන් දැන් චිකන් ඩෝනට්ස් තියෙන කරත්ත ප්‍රසිද්ධ වේගෙන එන කාලෙ. ඒ නිසාම දැන්ම ඉඳන්ම චිකන් පුරවපු ඩෝනට් එකක් කකා කෝක් උගුරකින් රස දිව පිනවද්දි එන ගැම්ම ගැන හිත හිත ඉන්න.

 

4. චීසි කෝන්

Image Source – saveur.com

මේකත් කට්ටිය ගොඩක් ආසා කරන කෑමක්. පුංචි කෝප්පෙකට ලැබුනට මොකද චීස් දාලා රස ගන්වපු, හොඳට තැම්බුණු බඩ ඉරිඟු ඇටවලින් දිව පිනවනවා වගේම බඩගින්නට හොඳ විකල්පයක් විදියට වැඩ කරනවා. හැන්දෙන් කකා ඇවිදින ගමන් අවට සිරි නරඹන්නත් පුළුවන් නිසා චීසි කෝන් කියන්නෙ ෂොපින් කරන ගමන් රස බලන්න පුළුවන් නියම කෑමක්. චීසි කෝන් කියන්නෙ පැණි රස කෑමක් නෙමෙයි. ඒ වගේම චීසි කෝන් ස්පයිසි ඔප්ෂන්ස්වලිනුත් අරගන්න පුළුවන්. බඩත් පිරෙන, රස, කටත් දැවිල්ල, ලේසියෙන් කකා යන්න පුළුවන් කෑමක් කකා, කෝක් එකක් බිබී නත්තල් අසිරියෙ ගිලෙන්න බැරි කාටද මහත්තයො.

 

5. හොට් ඩෝග්

Image Source – thedailychessum.com

හැමෝටම පුරුදු, හැමදාම දකින්න තියෙන, කවදත් කවුරුත් කන හොට් ඩෝග් මේ ලැයිස්තුවට දැම්මෙ නැත්තං හරියන්නෙ නෑ. හොඳ මොයිස්ට් බන් එකක් පළලා බටර් ගාලා, ගම්මිරිස් කුඩු ටිකක් දාලා, ඒක මැදට ගාණට බේක් වෙච්ච සොසේජ් එකට තියලා ඊට උඩින් ගාලික් සෝස් ටිකක් දැම්මම තියෙන රස ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ. කවදත් සුපුරුදු කෑමක් කනකොට, කවදත් සුපුරුදු බීමක් බොන එකත් මාර කික්. ඒ නිසාමයි මේකත් එක්ක කික් එකට සෙට් වෙන්න කෝක් එකකුත් සිප් කර කර යන එක තමයි  වටින්නෙ.

Cover Image Source – twitter.com

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *