කොත්තු කියන්නෙ කොල්ලො ආසම කෑමක්. බඩ පිරෙන්න කන්න වගේම බයිට් එකට කන්නත් පුළුවන් නිසා ඒ ආසාව එන්න එන්නම වැඩි වෙනවා. ඒ වගේම රොටි කොත්තු, ඉඳිආප්ප කොත්තු වගේම චීස් කොත්තු එක එක මසින් එකේක රසින් තියෙන නිසා සතියක් එක දිගට කෑවත් විවිධත්වයක් ඇතිව කන්න පුළුවන් වග අපි කවුරුත් දන්නවා. ඒ වුනත් සමහර තැන්වල කොත්තු අපිරිසිදු නිසා සමහරු පොඩ්ඩක් අවුලෙන් තමයි කොත්තුව කන්නෙ. අපි කියන්න යන්නෙ කොළඹ අවටින් රසට කොත්තු කන්න පුළුවන් තැන් ටිකක්. රස වගේම මහ විශාල අවන්හල්වල තියෙන අධික මිලත් නැති නිසා පිරිසිදුවට හිත පිරෙන්න පොකට් එකටත් වාසියට කොත්තු කන්න මේ තැන් ට්‍රයි කරලා බලන්න.
1. Hotel de Plaza
පැය විසිහතරම ඕපන් කරලා තියෙන මේ කඩේ තියෙන්නෙ ගාලු පාරෙ ඩර්ඩන්ස් රෝහල කිට්ටුවෙන්. කඩේ ළඟින් යද්දිම එයි සුවඳ. රෑට නම් කඩෙන් එලියෙත් මිනිස්සු වාඩි වෙලා කොත්තු කනවා දකින්න පුළුවන්. චීස් කොත්තු, පාලන්දි කොත්තු, මසාල කොත්තු, සැර වැඩියෙන්, සැර අඩුවෙන් එකේක රසින්. නියමෙට ටෙන්ඩර් වෙන්න හැදිච්ච රස මස් කෑලි කොත්තුවත් එක්ක නැතුව වෙනම කන්න පුළුවන් තරමට මැරිනේට් වෙලා. කොත්තුවත් එක්කම යන්න කෝක් එකක් ගත්තනං දිවට කොත්තුවෙ රස දෙගුණ වෙනවා දැනේවි. රස, පිරිසිදුකම, ලාභය, සර්විස් එක කියන හැම දේ ගැනම හිතද්දි ප්ලාසා තමයි කොළඹ තියෙන හොඳම කොත්තු කඩේ. ඩ්‍රින්ක් එකක් දාන්න හිතාගෙන අරන් යනවනං එයාලට කියලම කොත්තුව දැවිල්ලට දාගන්න.
කෝල් එකක් දෙන්න – 0114 852 600
යනවනං –
2. පිලාවුස්
රට හැම තැනම පිලාවුස් කඩ වැහිවැහැලා. නිවු/ග්‍රෑන්ඩ්/සුප්‍රීම් වගේ ප්‍රිෆික්ස් දාගෙන වැහිවැහැලා තියෙන පිලාවුස් කඩ අස්සෙන් අපි කියන පිලාවුස් එක හොයාගෙන යන එක ලේසියි. තියෙන්නෙ බම්බලපිටියෙ පොලිසිය ඉස්සරහා. මෙතනත් පැය විසිහතරම ඕපන්. එතන තියෙන චීස් මසාල කොත්තුවත් හරියට ටිපිටිප් වගේ වහවැටෙන කෑමක්. මතක ඇතුව චීස් මසාලා කොත්තුවෙ ඉඳිආප්ප වර්ෂන් එක ගන්න එපා. ක්‍රීම් එකක් තමයි කන්න වෙන්නෙ. රොටි කොත්තුව කෑවොත් ඔයාලා පාර්සල් කරගෙනත් කොත්තුවක් ගෙදර ගෙනියනවා ෂුවර්. ඒ වගේමයි සාමාන්‍ය රොටි කොත්තුවට දාන රොටියත්, සිහින්වට කපපු ඝනකම නැති රොටි කෑලි නිසා කොත්තුව ස්ලං ගාලා බඩේ. කටෙන් කටට මසාලා රස දිය කරලා බඩට යවන ගමන්ම දිව රීෆ්‍රෙෂ් කරගන්න කෝක් එකකුත් ළං කරගන්න.
කෝල් එකක් දෙන්න – 0112 580 125
යනවනං –
3. රහීමා
තර්ස්ටන් එක ඉස්සරහ තියෙන රහීමා එක ප්‍රසිද්ධ ඒකෙ බිරියානි එකට. බිරියානි එක නැතත් එතන දෙන කොත්තුව කාපු මිනිහෙක් ආයෙ හැරෙනව බොරු. තෙල් බේරෙන තෙත කොත්තුවක්. රස වෑහෙනව. සුවඳත් නියමෙටම. කන්න කන්න ආසා හිතෙන අළු පාට පිඟානෙ නිල් පාට ටෙක්ස්චර් එකක් තියෙන රහීමා පිඟාන මතක් කරද්දිත් කටට කෙල උනනවා. හැබැයි වැරදිලාවත් රහීමා එකෙන් චීස් කොත්තු කන්නෙපා. චීස් කෑලි දෙකක් විතරක් දාලා ගහපු පාණ්ඩු පාට කොත්තුවක් මේසෙට ඒවි. අපිට දීපු කොත්තුවෙ චීස් කෑලි දෙකක් දාලා ගහලා තව චීස් කෑලි දෙකක් උඩින් තියලා ගෙනත් දුන්නෙ හැන්දෙන් කොත්තු කකා අතින් චීස් කන්න වගේ. හැබැයි එහෙමයි කියලා රහීමා එකේ නෝමල් රොටි කොත්තුව කිසිම විදියකට අවතක්සේරු කරන්නෙපා. උකුවට තියෙන ග්‍රේවි එකත් වැටුනම ඉන්න පුළුවන් වෙනමම දිව්‍ය ලෝකෙක. ප්ලේස් එක රෑ 10.30ට වහනවා.
කෝල් එකක් දෙන්න – 0112 375 855
යනවනං –
4. ප්‍රණීත – ලේක් විවු
කට්ටිය මේක දන්නෙ ලේක් විවු නමින්. ඉස්සර තිබ්බෙ ගංගාරාමෙ කිට්ටුව. දැන් තියෙන්නෙ ශාන්ත බිෂොප් කන්‍යාරාමෙ ප්‍රධාන ගේට්ටුව පහු කරලා දකුණට හැරුනම. හොයාගන්න ලේසියි. කෑම ජාති ගොඩයි. රයිස් ඇන්ඩ් කරි, ෆ්‍රයිඩ් රයිස්, කොත්තු, නූඩ්ල්ස්, ඉඳිආප්ප, පිට්ටු වගේ කෑම රෑට පිරිලා. ඒ හැම එකම රසයි. කොත්තුව සුවිශේෂයි. රහීමා කොත්තුව වගේම නියම තෙතට තියෙන, ලොකු පෝෂන් එකක් හම්බෙන, හොඳට කට දන කොත්තුවක්. චීස් කොත්තුව තමයි නියම. ඒකෙ තරං අමුතු රසක් ලොවෙත් නෑ. චීස් එක්ක කවලං වෙච්ච රෝස්ට් චිකන් කෑලි හැපෙද්දි නියම රසක් එනවා. රැවුල්කාර අයිතිකාර මහත්තය ඉන්න වෙලාවට ඇරෙන්න සර්විස් එක ගැනනං වැඩි ලකුණක් දෙන්න අමාරුයි. ඒ වගේම මෙයාලා ගාව ගොඩක් තැන්වල නැති පෝක් කොත්තුත් තියෙන එක මේ තැන ඉහළින්ම තියන්න හොඳ පොයින්ට් එකක්. මෙතන රෑ 11.30 වෙනකං ඕපන්.
කෝල් එකක් දෙන්න – 0112 333 399
යනවනං –
5. සුල්තාන්ස් පැලස්
තෝසෙ වලට අති ජනප්‍රිය රහුමානියා එකට අල්ලපු වැටේ තියෙන මේ කඩේ බිරියානි සහ කොත්තු කියන දෙකටම වගේම අන්තිමට කන්න පුළුවන් වටලප්පමටත් ප්‍රසිද්ධයි. ඒ කොහොම වුනත් කටට රසට කන්න පුළුවන් කොත්තුවක් විදියටත්, සර්විස් එක නියමෙට ලැබෙන නිසාත්, කොත්තුවෙ මස් හම්බෙච්ච මිනිහට සතුටට පපුවෙ අමාරු හැදෙන තත්ත්වයක් නැතුව කටෙන් කටට මස හැපෙන නිසාත් සුල්තාන්ස් පැලස් කියන්නෙ කොළඹ කොත්තු කන්න නියම කඩයක්. කඩේ රෑ දොළහෙන් පස්සෙ වහනවා. ඒ වගේම වෙජිටේරියන් යාළුවෙක් ඉන්නවනං රහුමානියා එකට එයාව යවලා වීදුරු කෑල්ලෙන් මූණට මූණ බලාගෙන කන්නත් පුළුවන්. අන්න ඔප්ෂන්ස්!
කෝල් එකක් දෙන්න – 0115 639 919
යනවනං –
6. කොමන්ස් රොටි කාට්
කොළඹ හතේ කුරුඳුවත්තෙ තියෙන මේ කඩේ ලේඩීස් කොලේජ් එක පහුකරලා මල් පාරෙ (කවුරුත් එන්නැති කවුරුත් දන්නැති එක නෙමෙයි, මේ ෆ්ලවර් රෝඩ් එක) ටිකක් ඉස්සරහට එද්දි දකුණු අත පැත්තෙන් හම්බෙනවා. අපි මේ ලිස්ට් එකට ඇතුළත් කරන පොෂ්ම කඩේ තමයි මේ. පොකට් එකටත් හිතැති ලිස්ට් එකක් දාද්දි අපි මේ පොෂ් කඩේ මෙතනට ඇඩ් කරන හේතුවක් තියෙනවා. ඒ තමයි පොඩි රොමෑන්ටික් ජෙස්චර් එකක් තියෙන තැනකට ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක යන්න සිද්ධ වෙන කොත්තු පෙරේතයෙකුට මෙතන මරු. පොෂ් ලුක් එකත් තියෙන නිසා කෙල්ලත් ඕකේ. අනිත් එක කෙල්ලට කන්න කොත්තු ඇරෙන්න වෙනිං දේවලුත් මෙතන වැහිවැහැලා. ඒ වගේම අනිත් පොෂ් ප්ලේස්වලට වඩා ගාණත් ෂේප්. අනික මෙතන රෑ දොළහා වෙනකංම ඇරලා තියෙනවා. ඒ වගේම කොත්තු විවිධ රසින් අලුත් එක්ස්පෙරිමන්ට්ස් එක්ක රස බලන්නත් පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම මෙතන තමයි මේ ලැයිස්තුවෙන් කොත්තු රසම ජොයින්ට් එක.
පොල් රොටියෙ ඉඳන් අනංමනං කොත්තු, චීස් කොත්තු, මට්න් කොත්තු, වෙජි කොත්තු වගේ කොත්තු කතා රැසක් කොමන්ස් රොටි කාට් එකේ තියෙනවා.
කෝල් එකක් දෙන්න – 0112 694 435
යනවනං –
7. එලයිට්
අන්තිමට එළිදක්වන්නෙ නියම චොයිසස් ගොඩක් පිරිච්ච තැනක්. තියෙන්නෙ තුම්මුල්ලෙන් බම්බලපිටිය පැත්තට යද්දි වම් අත පැත්තෙන්. බටර් නාන් එක්ක එළු මස් කරියක් කන්නත් පස්සෙ වෙලාවක මතක තියාගෙනම දාන්න කොත්තු ඕඩරයක්. නියම රස ලයිම් ජූස් එකක් හෝ කෝක් එකක් බොන්නත් පුළුවන් කන ගමන්. වැඩි දැවිල්ලකුත් නැති, පැණි රසකුත් නැති නියමෙට කොටපු කොත්තුවක් ලැබෙයි. නියම සර්විස් එක. රෙස්ටුරන්ට් එක රෑ 12ට වහනවා. සෙනග නං ටිකක් වැඩි නිසා පොඩි හිරවෙච්චි ගතියක් දැනෙන්නත් පුළුවන්. හැබැයි රස නිසා අවට ලෝකෙ ගැන හැඟීමක් නැති වේවි. කොහොමත් කොත්තුවක් එක්ක යන කෝක් බ්ලෙන්ඩ් එක මෙතන කොත්තුවත් එක්ක වැඩිපුරත් එක්ක දැනෙන්නෙ, මේ කොත්තුවට දාන ස්පයිසස් කෘත්‍රීම රසකාරක නෙමෙයි නිසා වෙන්න පුළුවන්.
කෝල් එකක් දෙන්න – 0112 552 882
යනවනං –
Leave a Reply