නත්තල් සමය රසවත් කරගන්න ක්‍රිස්මස් ස්නැක්ස් ටිකක් හදාගමු

ළඟ ළඟම එන්නෙ නත්තල් උත්සව සමය. නත්තල් සමරන අපේ යාළුවන්ට ක්‍රිස්මස් පාටියකට ලේසියෙන්ම හදාගන්න පුළුවන් රසවත්ම කෙටිකෑම එහෙමත් නැත්නම් ස්නැක්ස් ටිකක් හදන විදිය අරන් එන්න අපි හිතුව. මේන් මීල් එකකට කලින් සතුටු සාමීචියේ යෙදෙන්න දැන් වැඩි දෙනෙක් කන්න කැමති ෆින්ගර් බයිට්ස් සයිස් ස්නැක්ස්. ඉතින් මේ එහෙම චූටි චූටි කෑම ටිකක්.

 

1. චීස් ඇන්ඩ් හැම් ක්‍රොසාන්ට්

Image Source – taste.com.au

අවශ්‍ය ද්‍රව්‍ය

  1. පිසගත් හැම් 200g
  2. චෙඩාර් චීස් කප් 3/4
  3. ක්‍රීම් චීස් 100g
  4. චොප් කරගත් ළූණු
  5. ගම්මිරිස් ස්වල්පයක්
  6. අබ කුඩු ස්වල්පයක්
  7. පේස්ට්‍රි ශීට් එකක්
  8. දුඹුරු සීනි ටිකක්

 

  • හැම් සහ චෙඩාර් චීස් කුඩා කැබලි කපාගන්න. දුඹුරු සීනි හැර ඉතිරි ද්‍රව්‍ය සියල්ලම සමඟ හොඳින් මිශ්‍ර කරගන්න.
  • පේස්ට්‍රි ශීට් එක පැකට්ටුවේ පරිදි තුනී කරගෙන තරමක් දිගට ත්‍රිකෝණ කපාගන්න. සාදාගත් මිශ්‍රණය එක කෙලවරකින් තබා ත්‍රිකෝණයේ උල් පැත්තට රෝල් කර ක්‍රසන්ට් හැඩයට හදාගන්න.
  • දුඹුරු සීනි ටික වතුර ස්වල්පයක දියකරගෙන පේස්ට්‍රි ශීට් එක මත තවරා සෙල්සියස් 200ට ප්‍රී හීට් කරගත් උඳුනක විනාඩි 15ක් බේක් කරගන්න.

 

2. බේකන් රැප්ඩ් පොටෑටෝස්/ ස්වීට් පොටෑටෝස්

Image Source – myrecipes.com

අවශ්‍ය ද්‍රව්‍ය

  1. දිග කොටු කපා තම්බාගත් අල හෝ බතල
  2. බේකන් තීරු
  3. සුදු විනාකිරි තේ හැඳි 2
  4. සීනි මේස හැඳි 2
  5. තම්බාගත් අල වලට විනාකිරි සහ සීනි එක් කර විනාඩි 15ක් පමණ තියාගන්න.

 

  • අල කැබැල්ලක් ගෙන බේකන් තීරුවකින් ඔතා ටූත්පික් එකකින් රඳවාගන්න. ඔයිල් ස්ප්‍රේ කරගත් තැටියක තබා සෙල්සියස් 180ට ප්‍රීහීට් කළ උඳුනක විනාඩි 35ක් පමණ බේක් කරගන්න.

 

3. රම් බෝල්ස්

Image Source – taste.com.au

අවශ්‍ය ද්‍රව්‍ය

  1. කුඩු කරගත් බටර් කේක් 450g
  2. මිල්ක්මේඩ් පොඩි ටින් එකක්
  3. ඩෙසිකේටඩ් කොකනට් කප් 1
  4. කොකෝවා පව්ඩර් කප් 1/2
  5. රම් මේස හැඳි 2
  6. සරසා ගැනීමට ඩෙසිකේටඩ් කොකනට් හෝ දියකරගත් කුකින් චොකලට්
  • සරසා ගන්න දේවල් හැර අනෙක් සියල්ලම එකට මිශ්‍ර කරගන්න. කුඩා බෝල සාදා ගන්න. ඩෙසිකේටඩ් කොකනට් වලින් සරසනවා නම් එවෙලේම දවටා ශීතකරණයේ තබාගන්න.
  • දියකරගත් චොකලට් වලින් සරසනවා නම් සාදාගත් රම් බෝල විනාඩි 30ක් ශීත කර චොකලට් වල දවටා නැවත ශීත කරගන්න.

 

4. චොකලට් ෆිල්ඩ් ක්‍රීම් චීස් පේස්ට්‍රි

Image Source – youtube.com

අවශ්‍ය ද්‍රව්‍ය

  1. පේස්ට්‍රි එකට
  2. ක්‍රීම් චීස් 100g
  3. මෘදු බටර් කප් 1
  4. සීනි කප් 1/2
  5. පිටි කප් 3 1/2
  6. ෆිලින්ග් එකට
  7. කුකින්ග් චොකලට් 150g
  8. ෆ්‍රෙශ් මිල්ක් කප් 1/4
  9. කැබලි කපාගත් කුකින් චොකලට් ටිකක්
  • චීස් බටර් සහ සීනි හොඳින් ක්‍රීම් වන තුරු බීට් කරගන්න. එයට පිටි ටිකෙන් ටික එකතු කරමින් මෘදු ඩෝ එකක් හදාගන්න. හදාගත් ඩෝ එකෙන් කුඩා කප් ආකාරයට සාදාගෙන පැයක් ශීතකරණයේ තියාගන්න.
  • ඒ අතරතුර කුකින් චොකලට් 150ට ෆ්‍රෙශ් මිල්ක් එකතු කරගෙන ඩබල් බොයිල් කර හෝ මයික්‍රොවේව් කර චොකලට් ටික දියකරගන්න. නිවෙන්නට හැර චොකලට් කැබලි එක් කරගන්න.
  • සාදාගත් චීස් කප් ටික සෙල්සියස් 200ට ප්‍රී හීට් කරගත් උඳුනක විනාඩි 10-12ක් බේක් කරගෙන නිවා ගන්න. නිවුණු පසු චොකලට් මිශ්‍රණය පුරවා නැවත ශීතකරගන්න.

 

5. පොටෑටෝ ඇන්ඩ් සොසේජ් බයිට්ස්

Image Source – youtube.com

අවශ්‍ය ද්‍රව්‍ය

  1. කුඩාවට කපාගත් සොසේජස් කප් 1
  2. පාන් පිටි කප් 1
  3. තම්බා පොඩි කරගත් අල කප් 1
  4. කපාගත් චෙඩාර් චීස් කප් 1/2
  5. බිත්තර 2
  6. අවශ්‍ය පමණ ෆ්‍රෙශ් මිල්ක්
  7. පාන් කුඩු
  • ෆ්‍රෙශ් මිල්ක්, බිත්තර 1ක් සහ පාන් කුඩු හැර අනෙක් සියල්ලම එකට එක් කර හොඳින් මිශ්‍ර කරගන්න. මිශ්‍රණය කුඩා බෝල සාදාගැනීමට අවශ්‍ය පමණ ෆ්‍රෙශ් මිල්ක් එයට එක් කරගන්න.
  • මිශ්‍රණයෙන් කුඩා බෝල සාදා, බිත්තර සාරු වල දවටා, පාන් කුඩු තවරා ගන්න. විනාඩි 30ක් පමණ ශීතකරණයේ තබා ගැඹුරු තෙලේ බැදගන්න.

 

6. ස්නෝ බෝල් කුකීස්

Image Source – bostongirlbakes.com

අවශ්‍ය ද්‍රව්‍ය

  1. කුකීස් සඳහා
  2. බටර් කප් 1
  3. සීනි කප් 1
  4. බිත්තර 1
  5. පිටි කප් 2 2/3
  6. ලුණු තේ හැඳි 1/4
  7. වැනිලා තේ හැඳි 2
  8. අයිසින් එක සඳහා
  9. අයිසින් ෂුගර් කප් 2
  10. ලොකු බිත්තරයක සුදු මදය
  11. වතුර තේ හැඳි 1/2
  • බටර් සහ සීනි ක්‍රීම් එකක් වෙනකම් බීට් කරගන්න. එයටම බිත්තරය සහ වැනිලා එක් කරගන්න. ලුණු මිශ්‍ර කරගත් පිටි ටිකෙන් ටික එක් කරමින් මිශ්‍ර කරගන්න. ඩෝ එක සාදා පැයක් වසා තබන්න.
  • ඔයිල් පේපර් අතුරා ගත් තැටියක කුකීස් සාදා තබා, සෙල්සියස් 200ට ප්‍රී හීට් කරගත් උඳුනක විනාඩි 8-10ක් බේක් කරගන්න. හොඳින් නිවෙන්නට තබාගන්න.
  • අයිසින් එකට අවශ්‍ය ද්‍රව්‍ය සියල්ලම එකට එක් කර හොඳින් පත්තකින් මිශ්‍ර කරගන්න. සාදා නිවාගත් කුකීස් මත අයිසින් එක දමාගෙන වියලෙන්නට තියන්න. වෙනම අයිසින් ෂුගර් ටිකක් උඩින් ඉස ගන්න.

 

7. සොසේජ් පේස්ට්‍රි රීත්

Image Source – delish.com

අවශ්‍ය ද්‍රව්‍ය

  1. කුඩා සෝසේජස්
  2. පේස්ට්‍රි ශීට් එකක්
  3. තම්බාගත් ග්‍රීන් පීස්
  4. තම්බාගත් අල ගෙඩි 3
  5. රතු බෙල් පෙපර්
  6. ලුණු
  7. ගම්මිරිස්
  8. චීස් වෙජස් 3
  9. බිත්තරයක්
  • අල ටික චීස්, ලුණු සහ ගම්මිරිස් එක් කර පොඩි කරගන්න. ඒකටම ග්‍රීන් පීස් සහ කපාගත් බෙල් පෙපර් එක් කරගන්න.
  • පේස්ට්‍රි ශීට් එක පැකට්ටුවේ පරිදි තුනී කරගෙන හරි හතරැස් කුඩා කොටු කපාගන්න. එක් එක් කොටුව මැදින් සාදාගත් අල මිශ්‍රණය තබා, එ් මැදින් සොසේජ් එක තබා, සොසේජ් එකේ කෙලවර දෙක එළියට එන පරිදි ඔතාගන්න.
  • සාදාගත් කුඩා පේස්ට්‍රි එකින් එක ඇලෙන පරිදි රීත් එකක් (එකතු වී රවුමක් සෑදෙන) ආකාරයට තබා උඩින් බිත්තර සාරු තවරාගෙන සෙල්සියස් 180ට ප්‍රී හීට් කරගත් උඳුනක විනාඩි 15-20ක් බේක් කරගන්න. බෙල් පෙපර් සහ පාස්ලි කොළ වලින් කැමති ආකාරයට සරසාගන්න.

 

Cover Image Source – muffinbreak.com.au/ thelemonapron.com

zvr
Your Reaction

Comments