අපි ඉතිං ඔය ක්‍රීම් ක්‍රැකර් එකක් වුනත් හප හප බොන්න පුළුවන් ජාතියේ බෙබ්ස්ලා නෙමෙයිනෙ. අපිට බොනවනං රසට කන්න තියෙන්න ඕන. ගාණත් අඩුවට තියෙන්න ඕන. ඔය ඔක්කොම සිද්ධ වෙන්න තැන් තියෙන්නෙ අතලොස්සයි. කොළඹ පුරවරයේ එහෙම තැන් හොයාගන්න අඩුයි. කොළඹ පුරවරයෙන් ටිකක් එහාට මෙහාට ආවමනං පොඩ්ඩක් විතර ඔහොම ප්ලේස් ටිකක් හොයාගන්න පුළුවන්. අන්න ඒ නිසා අපේ සටහන අපි ලියන්නෙ පොඩි දුරක් ගිහින් රස කෑමක ආතල් එක විඳලා, අඩියක් ගහලා එන්න කැමති පිරිසටයි.
1. Seven Eleven Hotel
මේ නමින් ගොඩක් ප්ලේස් තියෙනවා. හැබැයි අපි මේ කියන තැන තියෙන්නෙ කැස්බෑවෙ. කැස්බෑව හන්දියෙම. කැස්බෑව හන්දියෙම තියෙන මෙතන බැලූබැල්මට ටිකක් ලොකු හෝටලයක්. හැබැයි පළමු මහලේ තියෙන රෙස්ටුරන්ට් එක ඩ්‍රින්ක් එකක් දාන්න කදිම තැනක්. කලින් බුක් කරනවනං රූෆ් ටොප් එකේ සෙට් වෙන්නත් පුළුවන් වෙල් යායක් දිහා බලාගෙන. මෙයාලගෙ බත් ජාති ගොඩක් රසයි. ඒ වගේම හැම තැනම ඇල්මැරුණු රසින් එන සොසේජ් බයිට්ස්වලත් නියම කික් එකක් තියෙනවා. හැබැයි ඩ්‍රින්ක් එකක් දාන ගමන් කන්න මෙයාලා දෙන කියාපුම බයිට් එක තමයි කෝල්ස්ලෝ එක. පෝක් නකල් ගන්නකොට කෝල්ස්ලෝ නිකං ලැබෙන නිසා වාසිය වැඩියි. කෝල්ස්ලෝ වෙනම ඩිෂ් එකක් විදියට ගන්නකොට පාඩුයි. ඒ වගේම මෙයාලා සර්ව් කරන, හතර දෙනෙකුට විතර කුස පිරෙන්න සහ හිත පිරෙන්න ලැබෙන ස්වීට් කෝන් චිකන් සුප් එකත් මරුම මරු. ටීවී තියෙනවා. බීලා කන්න ස්ට්‍රෝබෙරි සෝස් වක්කරපු අයිස්ක්‍රීම් තියෙනවා. නොබොන උන්ට නියම රස අන්නාසි ජූස් තියෙනවා. බෝතල් පිටින් ගෙනියන්න පුළුවන්. පාකින් තියෙනවා. කැස්බෑව ටවුමෙමයි තියෙන්නෙ. වීවු එකත් මරු. මැනේජර් මහත්තයාගේ සිට සේවක මහත්තුරු දක්වා හරිම මිත්රශීලියි. අන්න ඒ නිසා ගති.
යනවානං අනේ මං අරං –
2. Vespa Sports Club
කොල්ලුපිටියෙ වෙස්පා ස්පෝට්ස් ක්ලබ් එක අපි මුලින් ගණං අඩු බාර් ලැයිස්තුවටත් දාපු ප්ලේස් එකක්. හැබැයි මේ ලැයිස්තුවටත් නොදා බෑ. මොකද මෙයාලගේ කන්න ලැබෙන හැම කෑමක්ම වගේ මාර රසයි. මෙයාලගේ සුප්‍රසිද්ධ කඩල කොත්තුව වගේම ෆ්‍රයිඩ් පෝක් ඩිෂ් එක සහ ෆ්‍රයිඩ් චිකන් ඩිෂ් එක බැදපු කරපිංචා, කංකුං, ළූණු රවුම් එක්ක එද්දි තවතවත් බොන්න හිතෙන තරම් නියම රසකින් යුක්තයි. ඔය අතරට ඉතිං මෙයාලගේ ගණං අඩුවීම සහ එන්ටර්ටේන්මන්ට් සපයන අංකල්ලා ජෝඩුවගේ සින්දු පාරත් ප්‍රධානම හේතුවක්. කොල්ලුපිටියෙ තියෙන මේ ප්ලේස් එකේ අයිකොනික් ඩිෂ් එක තමයි කඩල කොත්තුව. අයිකොනික් ඩිෂ් කිවුවම ඔයාලා බලාපොරොත්තුවෙන ගානිෂ් කරන ලද මනා තැටියක බහා පිළිගන්නවන ආහාරයක් නොවුනත්, ගෙවන ගාණට නියමෙට බඩ පුරවගන්න පුළුවන් සුපිරි කෑමක් විදියට වෙස්පා එකේ කඩල කොත්තුව ඉහළින්ම තියතෑකි. මේ කඩල කොත්තුවෙ තියෙන අතිශය ඉහළ රස නිසාම මිනිස්සු කඩල කොත්තුම ඕඩර් කරලා, කඩලවල ඇල්කොහොල් උරාගන්න ඉෆෙක්ට් එකෙන් වෙරි බහින තත්ත්වෙකුත් ඇති වෙන්න පුළුවන්. ඒ තරමට රසයි.
යනවානං අනේ මං අරං –
3. Malima Club House
අනිත් ප්ලේසස් එක්ක බැලුවම මෙතන කොළඹින් ටිකක් දුර වුණත් කෑම ගැන කියද්දි මේ ප්ලේස් එක අමතක කරලා බෑ. උස්වැටකෙයියාවෙ තියෙන නාවික හමුදාවෙන් බලාකියාගන්න ප්ලේස් එකක් තමයි මේ. බයිට් රසයි. හැබැයි නීති රීතිනං ටිකක් සැරයි. කොට කලිසං අඳින්න බෑ, මහ හයියෙන් කෑ ගහන්න බෑ, ස්විමිං ට්‍රන්ක් හෝ සූට් නොඇඳ පූල් එකට බහින්න බෑ වගේ කොල්ලොන්ගෙ මූණ ටිකක් ඇද වෙන සිද්ධි කිහිපයක්ම තියෙනවා. හැබැයි රජෝ කෑම ජාති නං උපරිම රසයි. හැමදේම ගාණට මිම්මට. අපිට කියල කැමති විදියෙ චොයිස් එකට කෑම හදාගන්නත් පුළුවන්. නේවි එකේ ලස්සන කොල්ලො ඉන්න නිසා කෙල්ලොත් එතන සෙට් වෙන්න කැමතියි. හොඳ ඉඩකුත් තියෙනවා. හැබැයි මුහුදට බහින්න බෑ. කොක්ටේල් ජාතිත් මරු. බයිට්වල ගණං හිලවුත් ෂේප් නිසා කෑම වෙනුවෙන් මේ දුර ගියත් ලොකු අවුලක් නෑ.
යනවානං අනේ මං අරං –
4. Hotel Atlantic
බම්බලපිටියෙ මෙහෙම තැන් තියෙනවද කියල හිතන්නත් බෑ තමයි. හැබැයි අපි කලින් කියපු ගණං අඩු බාර් ලිස්ට් එකෙත් මේක ඇතුළු වුනා. එහෙමයි කියල මේකට නොදා ඉන්න තරම් මේකෙන් දිවට දැනුණු රස හිතට ඉඩ දෙන්නෙ නෑ. සාමාන්‍යයෙන් මස් මාළු වර්ග හරියට හදන ගොඩක් තැන් බයිට් එකට රයිස් වර්ග, නූඩ්ල්ස් වර්ග හදද්දි අනාගන්නව. හැබැයි මෙතන කෝකි උත්තමයා දශක ගාණක් මධුවිතෙන් පෙඟුණු දිවවල්වලට තවත් තිබහ ඇති කළ අතිශය රසවත් කෑම ජාති ගොන්නක් හදපු පිංවතෙක්. අන්න ඒ නිසාම නූඩ්ල්ස් එකක්, ස්පෙෂල් මික්ස් රයිස් එකක් කන්න මෙතන කියාපු ප්ලේස් එකක්. ඒ වගේම මෙතනත් තියෙනව නියම කඩල කොත්තුවක්. වෙස්පා එකට වඩා වැඩිපුර බිත්තරේකුත් දාලා හදන මේ කඩල කොත්තුවත් නියම බයිට් එකක්. හැබැයි වෙස්පා එකෙන් හිත දීපු කඩල කොත්තු රසට ගහන්න තාම මේකට බැරි වුනා. නියමෙට අඳුරු, හිත හිරිවට්ටන, බොන්නම කියාපු ප්ලේස් එකක්.
යනවානං අනේ මං අරං –
5. Blue Sky
මහරගම හන්දියෙ බ්ලූ ස්කයි කියන්නෙත් තෙල් කැපෙන බීම ජාති එක්ක බොන්න තෙල් සහිත රස කෑම ගොන්නක් පිරි තැනක්. ඇත්තටම පෙනුමෙන් කෑම කන්න හිතෙන තැනක්. ඒ තරමටම රස පෙනුමයි. පෙනුම වගේම රසයි. බඩේ අමාරුව හැදෙන්නෙ නැති වෙන්නද කොහෙද ගම්මිරිස් නියම පදමට දාලා තියෙනවා. ඒ වගේම ඕනම කෑමකට එකතු වෙන අඩුවැඩිය ජාතිත් මදි නොකියන්න තියෙන තැනක් තමයි මේ. සෝසි බයිට්ස් වගේම ඩ්‍රයි බයිට්ස් පවා එක පදමට රසට තියෙන මේ ප්ලේස් එකේ මස් ජාතිද, සීෆුඩ්ද, බත් වර්ගද කියල වෙනසක් නෑ ලුණු ගම්මිරිස් පදමට, එළවලු කෑලි ගාණට තැම්බිලා, මස් වර්ග ගාණට කුක් වෙලා පුදුම රසක් දෙන විදියට තමයි මෙතන කෑම බීම සර්ව් කරන්නෙ. අනිත් එක පෝෂන් එකක් වශයෙනුත් මෙතන විනිං සිටුවේෂන් එකක් තමයි තියෙන්නෙ. හිතට අල්ලලාම ගිය ඩිෂ් එක තමයි මේගොල්ලොන්ගෙ මික්ස් චොප්සි රයිස් එක. සාමාන්‍ය චොප්සි රයිස් එකකට ලැබෙන දේවල්වලට අමතරව නාසි ගොරේන් රයිස් එකකට ලැබෙනවා වගේ එග් බුල්ස්අයි එකකුත් හම්බෙන නිසා රස පදමට නියමෙට ගැලපෙනවා.
යනවානං අනේ මං අරං –
6. 1979
අමුතුම ලුක් එකක් තියෙන රෙස්ටුරන්ට් එකක් තමයි මේ. තියෙන්නෙ බොරලැස්ගමුවෙ. එතන බෝතල් නෑ. පිටින් ගේන්න තියෙන්නෙ. කොකේජ් නෑ. එතනින් බයිට්ස් සහ චේසර්ස් අරගත්තම ඇති. ඇතුළෙ ලී මේස දාලා නියම ඇට්මොස්ෆියර් එකක් තියෙනවා. දුඹුරු පාට වටපිටාවත් එක්ක ලා කහ පාට එළියකින් දිදුලන ප්ලේස් එකක්. පැත්තකින් පේන්නෙ වතුර පිරිච්ච වැවක්. ඔක්කොම කෑම බීමවල ගණං මිනුං ඉවරවෙන්නෙ අවන්හලේ නමේ අග කොටස වෙන 79 ඉලක්කමෙන්. බාර් එකේ පොසිටිවු වයිබ් එක ඉහළ නංවන්න පුළුවන් විදියෙ සංගීත කණ්ඩායම් සෙට් එකක්ම මේ ප්ලේස් එකට එකතු වෙනවා. බදාදා සහ සෙනසුරාදා දිනයන්වලට තමයි බීමත් බයිට් එකත් එක්ක නියමෙට මැච් වෙන සින්දු ටිකක් ප්ලේ කරන බෑන්ඩ් එක බහින්නෙ. කොහොමින් කොහොමහරි වටපිටාවෙ සීතල, ඇතුළත මධුලෝලී උද්යෝගය එක්ක මෙතනින් දෙන සුපිරි මික්ස් ග්‍රිල් එකක් සෙට් වුනාම ඕනම මනුස්සයෙක් ඒ රන් වතුරෙන් දිව තෙමාගන්න පෙළඹෙන්න පුළුවන්.
යනවානං අනේ මං අරං –
7. Ramadia Ranmal Holiday Resort
මොරටුවෙ තියෙන මේ ප්ලේස් එකත් ඔප්ෂන්ස් ගොඩකට සෙට් වෙන තැනක්. වෙඩින් ගන්න කියාපු ප්ලේස් එක. බොල්ගොඩ වැව අද්දර සුන්දර දසුන්. කොටේජ් එකක බොන්නත් කියාපු ප්ලේස් එක. රයිෆල් ෂූටින් කරලා, බෝට්ටුවේ ගිහිල්ලා, ස්විමිං පූල් එකේ බැහැලා පවුලේ කට්ටිය එක්ක දවසක ආතල් ඩේඅවුට් එකක් දාන්නත් කියාපු ප්ලේස් එක. අන්න ඒ විදියෙ ඕනම දේකට කියාපු සහයෝගයක් වෙන මේ ප්ලේස් එකේ කෑම ජාතිත් හරිම රසයි. බෝතල්වලට කොකේජ් එකක් ගන්නවා. කලින් බුක් කරලා යන එක වඩා හොඳයි. බොල්ගොඩ ගඟට සෙට් වෙන්න හට් ගහලා හදලා තියෙන මෙතන හවස් වරුවේ ලාවට මදුරු තර්ජනයකුත් නැතුවම නෙමෙයි. ඒක කොහොමත් මොරටුව පුරවරයට කාලයක් තිස්සෙ උරුම සම්පතක්. එකක් කියලා විශේෂ කරලා කියන්න බැරි තරම් රස බයිට් ජාති ගොන්නක් මෙතන තියෙනවා.
යනවානං අනේ මං අරං –
Leave a Reply