ෆේස්බුක් නිසා මිනිස්සුන්ට හැදෙන්න පුළුවන් මානසික රෝග

“ඔය ළමයට වෙනම පිස්සුවක් හැදෙනවා ඔය ෆේස්බුක් එකේම එල්ලිලා ඉඳල, කොයිවෙලේ බැලුවත් ෆේස්බුක් ෆේස්බුක්” ගොඩක් අම්මලා ආදරයෙන් නිතර කියන සොඳුරු වදන් පෙළක් තමයි ඔය. අපිට කෙසේ වෙතත් අපේ ලිස්ට් එකේ පිරිලා ඉන්න බාගෙට බාගයකටත් වැඩිය නැතත් ගොඩකට පිස්සු කියලා අපිටම හිතලා තියෙන අවස්ථා ගොඩක් තියෙනවා කිව්වොත් ඔයා ඒකට එකඟ වේවි. එහෙම එකඟ වෙලා ඊළඟ තත්පරේදී “මළා එතකොට අපි ගැනත් වෙන අයත් එහෙම හිතනවා ඇති නේද”  කියලා ඊට පස්සේ ඔයාගේ පුංචි මොළේට මීටර් වුණා නම් විතරක් මේ ලිපිය ඉතුරු ටික ඔයා කියවන්න. නැත්නම් කියවන්නේ නැතුව වෙන ආටිකල් එකකට ෂේප් එකේ මූව් වෙන්න, බිකෝස් ඔයාට මේක කියෙව්වා කියලා වැඩක් වෙන්නේ නෑ. ලෝකේ මිනිස්සු අත‍රෙන් හැම කෙනෙක්ටම සුළු වශයෙන් හරි මානසික රෝගයක් තියෙනවා කියන එක ඔප්පු වෙලා තියෙනවා. ඒත් කරුමෙට දැන් ෆේස්බුක් තියෙන නිසා අපේ මානසික රෝග දැන් ළඟ ඉන්න අයට විතරක් නෙමෙයි, මිලියන ගාණකට පෙන්නගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඊටත් වඩා තියෙන ප්‍රශ්නේ, ෆේස්බුක් නිසා අලුත් අලුත් මානසික රෝගත් ඇතිවෙලා තියෙනවා. සන්තෝසයි නේද ඉතින්. හරි ඒ කතා පැත්තක තියලා අපි දැන් බලමු ෆේස්බුක් නිසා කට්ටියට හැදෙන්න පුළුවන් මානසික රෝග මොනවද කියලා. මේ රෝග ගැන කියවද්දි ඔයාට හානේ මේ අරයා ගැන ලියලා තියෙන්නේ කියලත් දැනෙන්න පුළුවන්.

 

1. මං පොර මේනියාව

Image Source – tenor.com

ෆේස්බුක් එකේ දකින්න පුළුවන් සුලබම මානසික රෝගේ තමයි මේ “මං පොර මේනියාව”. හැබැයි මේ මානසික රෝගේ පොඩ්ඩක් අමුතුයි. මේ රෝගය හැදුණු කෙනෙක්ට තනියම  ඉන්න බෑ. කට්ටියක් ඉන්නම ඕන. “ඔයා මාරයි”, “අම්මෝ ඒක”, “ඒකට නම් ඇඬුණා” වගේ ගින්දර කමෙන්ට් දෙන සෙට් එකක් වටේට ඉන්න ඕන. මං පොර මේනියාව හැදුණු අය එයාලගේ දායක සභාවට කියන්නේ “ෆෑන්ස්ලා” කියලා. හැබැයි මං පොර මේනියාව හැදෙන අය දක්ෂයෝ, නිර්මාණාත්මක මිනිස්සු. ඒත් තමන්ගේ හෑල්ලකට ලයික් සින් සින් ගාලා වැටෙද්දි කමෙන්ට් හෝ හෝ ගාලා එද්දි ෂෙයාර්ස් වන් කේ එහාට යද්දි පුංචියට පටන් ගන්න මං පොර මේනියාව උච්චතම තැනට යනවා. අන්තිමට කීබෝඩ් එකේ ටයිප් වෙන්නේ තමන්ටවත් නොදැනිම.

 

2. අධි සෙල්ෆිලෝලත්වය

Image Source – giphy.com

මේක විහිළුවක් කියලා හිතන්න එපා. මේ කියවන ඔයා වුණත් සෙල්ෆි නිතරම ගහනවා නම් මෙන්න මේ රෝගෙන් පෙලෙන කෙනෙක්. ඔයා නොදන්නවා වුණාට තමන් තමන්ට ආදරය කිරීම එහෙමත් නැත්නම් ස්වයං කාමුකත්වයේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ අධි සෙල්ෆිලෝලත්වය කියන දරුණු රෝගය වැළඳෙන්නේ. මේක හැබැයි ෆේස්බුක් එකෙන් විතරක් නතර වෙන එකක් නෙමෙයි, එ්ක යනවා ඉන්ස්ටග්‍රෑම් එකටත්. ඉතින් උදැහැනැක්කේ නැගිට්ට වෙලේ ඉඳන් නිදා ගන්න වෙලේ වෙනකන් සෙල්ෆිම තමයි, සමහරු පුළුවන් නම් හීනවලත් සෙල්ෆි ගහනවා. කන්න ගියත් සෙල්ෆි, නාන්න ගියත් සෙල්ෆි, වැසිකිළියට ගියත් සෙල්ෆි.

 

3. වචන ඩයිරියා

Image Source – giphy.com

මේ රෝගේ හැදිච්ච අය තමා මොකක් හරි අටමගලක් ගැන පතරංග හෑලි ලියන්නේ. ප්ලූටෝ ග්‍රහයාගේ ග්‍රාහක වළල්ල ගැන ඉඳන් ස්පාඤ්ඤයේ කංකුන් වගාව වෙනකන් ඕනම දෙයක් ගැන මෙයාලට ලියන්න පුළුවන්. විකිපීඩියා එකෙන් ගත්ත තොරතුරුවලට වචනවලින් කැටයම් දාලා ඉදිරිපත් කරන්න මෙයාලා දස්සයි. ෆේස්බුක් කට්ටිය ඉතින් මේ වගේ අය දැක්කම හෙණ බුද්ධිමත් කියලා හෙණට සලකනවා ඉතින්. “අයියේ මම මේක ෂෙයාර් කරන්නද”, “මේක මම ගත්තට කමක් නැද්ද” කියලා අහන මෙයාලගේ ෆෑන්ස්ලා “අහවල් අයියාගේ වටිනා ලිපියක්” වගේ කැප්ෂන් දාලා ෂෙයාර් කරනවා. ඉතින් කාටද ආඩම්බර නේද? සමහර මෙයාලගේ ලිස්ට් එකේ ඉන්න  අය හෙණ කැත වැඩක් කරනවා. ඒ තමයි මෙයාලව අන්ෆලෝ කරන එක. කාගේ වුණත් දරුවොනේ, ඒ නිසා ඔයාලා නම් ඒ වගේ වැඩ කරන්න එපා.

 

4. පොෂ්මූලග්ගාය

Image Source – giphy.com

මේ ලෙඩෙත් සෑහෙන්න බරපතළයි. මැක්ඩොනල්ඩ්ස්, කේ.එෆ්.සී වගේ තැන්වල නිතර නිතර ගැවසෙනවා කියලා පෙන්නන්න හදනවා නම්, බැරිස්ටා එකේ කෝපි නැතුව බෑ මෙයා වගේ ලයින් එකේ එනවා නම් මෙන්න මේ ලෙඩේ තමයි හැදිලා තියෙන්නේ. හැමතිස්සෙම තමන් කරන කියන දේවල් ගැන මහ ලොකු විස්තර නැතුව හෑෂ් ටෑග් කීපයක් එක්ක ෂේප් එකේ කෙටියෙන් දාන්නෙත් මේ වගේ  අය කියලා කියන්න පුළුවන්.

 

5. සිංහල බැරිබැරියාව

Image Source – giphy.com

මේ රෝගේ දැක්කම ඔයාට කියවුණේ හරි ඉතින් “හම්මේ ඉතින් නේහ්” කියලා නේද? මොකද මේ වගේ අය අපිට හැම තිස්සෙම හම්බ වෙනවා. මෙයාලා සිංහලෙන් කෙටි අදහසක්වත් පළ කරගන්නේ නෑ ඩියර්. ට්‍රස්ට් මී හෙළකුරු වලින් ටයිප් කළත් ලියවෙන්නේ ඉංග්‍රීසි. හැබැයි කවුරුහරි කඩ්ඩෙන් වනාගෙන ආවොත් අන්න ඒ වෙලාවට මෙයාලගේ ඩේටා ඉවර වෙලා මෙයාලා ඕෆ්ලයින් යනවා බ්‍රෝ. දැට්ස් රියලි පැතටික්. දිස් බ්ලඩි ඉන්ටර්නෙට් සක්ස් කියලා තමයි පස්සේ කියන්නේ.

 

6. සමාජ ඌනතාවය

Image Source – giphy.com

මේ අයව අඳුන ගන්න ලේසියි, පොර ටෝක්ස් නෝ වර්ක්ස්. මෙයාලා ටෝක් ඉෂූ කරන්නේ නම් නාසා එකත් එයාලගේ උපදෙස් අනුව තමයි වැඩ කරන්නේ ටයිප් එකෙන්. හැබැයි තනියම කඩේකට ගිහින් පාන් බාගයක් ගන්න දන්නේ නෑ. හැබැයි  තවුසන්ඩ් ටෝක්ස් දීලා වැරදුණාම ඒක නොදැක්කා වගේ මාරු වෙන්න මෙයාලා මාර දස්සයි.

 

7. පොලිටිකල් ෆීවර්

Image Source – giphy.com

මේ රෝගේ විවිධ ලක්ෂණ තියෙනවා. රෙදි නැතුව තමන් නියෝජනය කරන පක්ෂෙට කඩේ යැම, ඒ පක්ෂේ කරන ඕන බලුවැඩක් සාධාරණීකරණය කරන එක, විරුද්ධ මතයකට ලයික් එකක් දැම්මත් ඌට මඩ ගැසීම වගේ දේවල්වලින් මේ රෝගීන්ව අඳුනගන්න පුළුවන්. සමහරුන්ට මේ රෝගේ තියෙන්නේ Sleeping status එකේ. එයාලා තමයි ඔය මධ්‍යස්ථ අපි දේශපාලනේකට නෑ කියලා ඉන්න ගමන් තමන්ගේ පක්ෂෙට කෙළ වෙනවා කියලා දැනුණු ගමන් පිස්සුවෙන් වගේ කියවන්නේ.

ඉතින් ඔයාලා දන්න මේ වගේ ලෙඩ තියෙන අයටත් මේක කියවන්න දෙන්න, ෆේස්බුක් එකෙන් යවන්න මොකද්ද මොකද්ද වගේ නම් යවන්න වට්ස් ඇප්වලින්. ඔන්න පල්ලෙහා බටන් එක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *