කාර්යාලයට එහෙමත් නැත්නම් සාමාන්‍ය ගමනක් බිමනක් යනකොට සරළ මේක් අප් එකක් භාවිතා කරලා තමන්ගේ සුන්දරත්වය වැඩි කරගන්න බොහෝ කාන්තාවන් ප්‍රියතාවයක් දක්වනවා. තමන්ගේ සමේ පැහැයට, පෙනුමට, ඇදුම් ආයිත්තම්වලට සහ අවස්ථාවට ගැළපෙන සරල මේකප් එකක් මගින් ආත්ම විශ්වාසයත් වැඩි කරගන්න පුළුවන්කම තියෙනවා. ලයිෆි අපි අද ඔබට කියලා දෙන්නේ තමන්ගේ පවතින සුන්දරත්වය වැඩි වෙන විදියට සරල මේකප් එකක් කරගන්න ආකාරය ගැනයි.
1. පිරිසුදු කරගන්න

Image Source – justneem.com
සමේ කුණු දුහුවිලි හා දාඩිය හොඳින් ඉවත්වෙන ආකාරයට, තමන්ගේ සමේ ස්වභාවයට ගැළපෙන ෆේස් වොශ් හෝ ක්ලෙන්සර් භාවිතා කරලා සම පිරිසිදු කරලා ටෝනර් ගල්වාගන්න. තෙල් සහිතව අපිරිසිදුව ඇති සමකට ගල්වන ආලේප හරියාකාරව සමේ රැඳී නොතිබෙනව විතරක් නෙවෙයි, එය සමේ නිරෝගී බවටත් අහිතකර ලෙස බලපානවා.
2. ෆවුන්ඩේෂන් ආලේපය

Image Source – lorealparisusa.com
සමේ පැහැයට ගැළපෙන පැහැයකින් ෆවුන්ඩේෂන් තෝරාගෙන සම මත ආලේප කර, තෙත ස්පොන්ජ් කැබැල්ලක් භාවිතයෙන් ඒවා ඒකාකාරී විදියට මුහුණ, බෙල්ල වගේම කන් වගේ නිරාවරණය වන තැන් වල පැතිරී යන ආකාරයට ආලේප කරන්න. ටිශූ හෝ පුළුන් භාවිතා කර වැඩිපුර ඇති ෆවුන්ඩේෂන් තෙත මාත්තු කරගන්න. මුහුණේත් බෙල්ලේත් පැහැය වෙනස් වී නොපෙනෙන ආකාරයට මේක් අප් කරගැනීම ගැන සැළකිලිමත් වීම අත්‍යවශ්‍ය වෙනවා.
3. ස්වභාවික පෙනුමට පවුඩර්

Image Source – slaterzurz.com
පවුඩර් පෆ් එකක් භාවිතා කරමින් මුහුණට පවුඩර් ගල්වා තරමක් විශාල කෙඳි සහිත පවුඩර් බ්‍රෂ් එකක් භාවිත කරමින්, පවුඩර් විසිරී යන විදියට ඉහළ සිට පහළට බ්‍රෂ් කරන්න. සමේ වැඩිපුර ඇති ෆවුන්ඩේෂන් මෙමගින් ඉවත්ව යනවා. කහ සහ රෝස කියන වර්ණ දෙක ගැළපෙන පරිදි මිශ්‍ර කර ආලේප කිරීම මගින් මුහුණේ ස්වභාවික පෙනුම රැකගැනීමේ හැකියාව තියෙනවා.
4. මේකප් එකේ කල්පැවැත්මට

Image Source – youtube.com
මෙතෙක් සිදු කළ මේක්අප් එකේ කල් පැවැත්ම වැඩි කරගන්නත්, මුහුණට ස්වභාවික පෙනුමක් ලබා ගන්නත් අයිස් වතුර පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ස්ප්‍රේ බෝතලයක දැමූ අයිස් වතුර ප්‍රවේශමෙන් මුහුණට ස්ප්‍රේ කර මුහුණේ ඇති වැඩි අයිස් වතුර ප්‍රමාණය ටිෂූ එකකින් තෙත මාත්තු කරගැනීමෙන් මෙම මේක් අප් එක මුහුණට කාවැද්දීමක් සිදු වෙනවා.
5. Blush on

Image Source – wikihow.com
දුඹුරු හෝ රෝස වර්ණයෙන් Blush on ගෙන ත්‍රිකෝණාකාර හැඩයකට ආලේප කිරීම ඕනෑම මුහුණකට ගැළපෙනවා.
6. නා දළු වැනි නැතත්, දෙතොලට

Image Source – baggout.com
ලිප් බාම් (ලිප් ජෙල්) ආලේප කිරීමෙන් අනතුරුව ලිප්ස්ටික් පැහැයට ගැළපෙන වර්ණයකින් ලිප් ලයිනර් ගැලවීමෙන් ලිප්ස්ටික් ගැල්වීම පහසු වෙනවා වගේම මනා පෙනුමක් ලැබෙනවා. හැබැයි ගොඩක් තද පාටවලින් ලිප් ලයිනර් අඳින එක නම් එතරම් ගැළපෙන්නෙ නෑ. හමේ වර්ණයට ගැළපෙන පැහැයකින් වරක් ලිප්ස්ටික් ගල්වා ටිශූ කඩදාසියක් තොල් මත තබා තදකර එය ඉවත්කර නැවත ලිප්ස්ටික් ආලේපකිරීම මගින් ඒවා වැඩි වෙලාවක් තොල් මත රඳවා තබා ගන්න පුළුවන් වෙනවා .ලිප් ග්ලොස් භාවිතයත් දැන් එතරම් සිදු වෙන්නේ නෑ. ලිප්ස්ටික් වල ඇති දිළිසෙන ගතියට අකමැති කෙනෙක්ට මැට් ලිප්ස්ටික් භාවිතා කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම තනි වර්ණයක් ආලේප නොකර වර්ණ දෙකක් පමණ මිශ්‍ර කිරීමෙනුත් වැඩි පෙනුමක් ලබාගන්න පුළුවන් වෙනවා. සාමන්‍ය ගමනකට බිමනකට නම් වඩා තද පැහැයවල් නොගැළපෙන බවයි අපේ නම් අදහස.
7. ඇසට වැඩි අවධානයක්

Image Source – youtube.com
-
ඇහි බැමෙන් රැකෙන මුහුණේ හැඩය
ඇහි බැම ඇඳ ගැනීමට කලින් ඒවා හොඳින් පීරා සකස් කර ගැනීමට අවශ්‍ය වෙනවා. කලු පැහැය තෝරා නොගෙන කලු පැහැයට හුරු දුඹුරු වර්ණයකින් අයිබ්‍රෝ පැන්සල තෝරාගැනීමෙන් කෘත්‍රීම ගතිය අඩු වෙනවා. ඇහි බැම තනි ඉරක් නොවෙන ආකාරයටත්, ඇහි බැමේ කෙස් ගස් පිහිටා ඇති දිශාව දෙසටත් වන විදියට ඇහි බැම ඇඳගැනීම මගින් ස්වභාවික පෙනුම රැකෙනවා.
-
අයි ශැඩෝ
තමන්ගේ ඇඳුමේ වර්ණයට ගැළපෙන වර්ණවලින් අයි ශැඩෝ භාවිතා කළ යුතු වෙනවා. මේක් අප් භාවිතා කරන වෙලාව, යන ස්ථානය කියන කරුණු ගැනත් අවධානය යොමු කරලම සරල විදියට අයි ශැඩෝ භාවිතා කිරීම තමයි වඩාත් සුදුසු.
-
අයි ලයිනර්
විශාල දෙනෙත් තියෙන කෙනෙක්ට අඩු වශයෙනුත්, කුඩා දෙනෙත් ඇති කෙනෙක්ට වැඩි වශයෙනුත් අයි ලයිනර් භාවිතා කරන්න පුළුවන්කම තියෙනවා. දියර අයි ලයිනර් භාවිතා කිරීම අපහසු නම් අයි ලයිනර් පැන්සලක් හෝ කාජල් යනුවෙන් හදුන්වන ඝනකම් අයි ලයිනර් උපකරණයක් භාවිත කරලා මෙය සිදු කරන්න හැකියාව තියෙනවා.
-
මස්කාරා
මස්කාරා භාවිත කරන්නේ ඇස් පිහාටු තරමක් ඝනකමට පෙන්වීමටත්, ඇස් පිහාටුවල පෙනුම වැඩි කර දැක්වීමටත් ය. මෙයින් ඇස් පිහාටුවලටත්, ඇස් වලටත් දිගු වූ ගතියක් ගෙන දෙනවා. මස්කාරා ආලේපය ඉතා ප්‍රවේශමෙන් සිදු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම මස්කාරා නිසියාකාරව ආලේප කළ යුත්තේ ඇතුල් පැත්තේ සිට එළියට එන ලෙස ය.
8. අන්තිමටම

Image Source – youtube.com
මේ ආලේපන සියල්ලටම පසු ෆෙයාර් ෆිනිශින් පවුඩර් ආලේප කිරීම මගින් මුහුණට වැඩි පෙනුමක් ලබා දීමේ හැකියාව තියෙනවා.
9. ඉවත්කිරීම ගැනත් දැනගන්න

Image Source – youtube.com
මේක් අප් නිසියාකාරව ඉවත් කීරීම පිළිබඳවත් දැනුවත්ව සිටීම ද වැදගත් වනු ඇත. පළමුව ඇස්වල ඇති මේක් අප් ගැළපෙන ක්ලෙන්සර් වර්ගයක් භාවිත කරමින්, කවාකාරව පිරිමදිමින් ප්‍රවේශමෙන් ඉවත්කර ගත යුතු වනවා. පුළුන් සහ කොට්න් බඩ් පාවිච්චි කරමින් ඇසේ සියුම් ස්ථානවල ආලේපන ඉවත්කරගනිමින් පිරිසිදු කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ලිප්ස්ටික් ඉවත්කිරීම වැස්ලීන් භාවිතා කරමින් සිදු කරන්නත් පුළුවන්කම තියෙනවා. අවසන් වශයෙන් ඔබ පාවිච්චි කරන ෆේස් වොශ් හෝ ක්ලෙන්සර් වර්ගයක් භාවිතා කර මුහුණ සහ බෙල්ල හොඳින් පිරිසිදු කර තෙත මාත්තු කිරීමෙන් අනතුරුව ටෝනර් ස්වල්පයක් ගැල්වීමෙන් මුහුණ පෙර තත්ත්වයට ගත හැකි වෙනවා.
Cover Image Source – youtube.com/ lovetoknow.com
Leave a Reply