හිටියා වැඩි වුනත් කවදාවත් ඇතියි කියා නොහිතෙන අපේ පාර්ලිමේන්තුවේ පප්පලා

බය වෙන්නෙපා! අපි අපේ පාර්ලිමේන්තුවෙ ඉන්න වයසින් වැඩි ඔක්කොමලා ගැන මේ ආටිකල් එකේ ලියන්නෙ නෑ. එහෙමනං මේක තමයි ලංකාවෙ දිගම වෙබ් සයිට් ආටිකල් එක වෙන්නෙ. කො​හොම වුනත් මේ ලියන්නෙ අපේ වර්තමානයත්, රටේ අනාගතයත් තවතවත් සුන්දර කරන්න නාකි වෙලාවත් විශ්‍රාම නොගිහින් අපි වෙනුවෙන්ම කැපවෙලා පාර්ලිමේන්තුවෙ අරක් අරගෙන ඉන්න අපේ ඡන්දෙන් ඒක ඇතුළට ගිය වර්තමාන පාර්ලිමේන්තුවෙ ඉන්න වයස්ගතම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හත් දෙනා ගැනයි.

 

1. ආර්. සම්බන්ධන් – අවුරුදු 85

Image Source – youtube.com

අපේ ඡන්දෙන් ගිහිල්ලා අපේ බද්දෙන් කකා ඉන්න නාකිම පාර්ලිමන්ටේරියන් තමයි මේ. 1933 අවුරුද්දෙ උපන්න රාජවරෝතියම් සම්බන්ධන් මහත්ත​ය තමයි දෙමළ ජාතික සංධානෙ නායකය. හැබැයි එයාගෙ පක්ෂෙ ඉලංකෙයි තමිල් අරසු කච්චි. ඒ මදිවට විපක්ෂෙත් නායකය. පාසල් බර ගාණකට ගිහින් තියෙන මේ මහත්ත​ය ශ්‍රී ලංකා නීති විද්‍යාලයෙන් බිහිවෙච්ච නීතීඥයෙක්. 1977 අවුරුද්දෙ ඉඳන් පාර්ලිමේන්තුවෙ ඉන්නව. ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂෙට මෙයා සම්බන්ධ වෙන්නෙ අපේ රටට නිදහස ලැබිලා අවුරුදු 8කට පස්සෙ. හික් ගෑවුනා නේද පිංවත? 1983 අවුරුද්දෙදි මෙයා මෙයාලගෙ අනිත් අයත් එක්ක පාර්ලිමේන්තුව වර්ජනය කළා හේතු ගණනාවක් නිසා. වෙනම රාජ්‍යයක් ඉල්ලිල්ලත් එකක්.

 

2. ඒ. එච්. එම්. ෆවුසි – අවුරුදු 81

Image Source – srilankamirror.com

මෙයාව මතකයි හේතු ගණනාවක් නිසා. එකක් ටීඑන්එල් එකේ ඕල්වේස් බ්‍රේක් ඩවුන් එකේ මෙයාගෙ කැරැක්ට​රේ. අනෙක සුප්‍රකට ෆවුසි කෝච්චිය. අනෙක මෙයාගෙ කකුල් දෙක යටින් ගිනි පැන්න අකුරැස්ස බෝම්බෙ. ඊටත් වඩා මේ මහත්තයා සිංහල කතා කරන විසුළු විලාසය. 1937 අවුරුද්දෙ උපන්න අබ්දුල් හමීඩ් මොහොමඩ් ෆවුසි මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙක්. 1974 අවුරුද්දෙ ඉඳන් අපි වෙනුවෙන් සේවෙ කරන්න කැපවෙලා ඉන්නව. අවුරුදු 44ක් තිස්සෙ මෙතුමලා කරපු සේවෙ නිසානෙ දෙයියනේ අපි අද මෙහෙම ඉන්නෙ කියල මතක් වෙද්දි මල් තියල වඳින්න හිතෙනව නේද?

 

3. සරත් අමුණුගම – අවුරුදු 79

Image Source – thenational.ae

සරත් ලීලානන්ද බණ්ඩාර අමුණුගම මහත්තයා නුවර පළාතෙන් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරපු උගතෙක්. 1939 අවුරුද්දෙ උපන්න මේ පප්පා මහත්තය මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබපු කෙනෙක්. ආචාර්ය පට්ටමක් තියෙනවා. ලේක්හවුසියේ සභාපතිකම දරලා තියෙනවා. මේ පාර්ලිමේන්තු වැඩවලට කලින් පැරීසියෙ තියෙන යුනෙස්කෝවෙ මූලස්ථානයෙත් වැඩ කරලා තියෙනවා. වයසට ගිහිල්ලයි පාර්ලිමේන්තු ගියේ. ඒ හින්දා අවුරුදු 79ක් වුනාට දැම්මම පිටවෙයි කියලා හිතන්න බෑ.

 

4. වාසුදේව නානායක්කාර – අවුරුදු 79

Image Source – youtube.com

මතක විදියට වට්ටක්කෙ හරක් හොරකමට වඩා ලොකුයි ගෑණු හොරකම කියල ගුටි කන ගමන් සොකරි නාට්ටියෙ පියුමා කෑගහනව. දැන් ඉතිං වට්ටක්කෙ කිවුව ගමන්ම මිනිස්සුන්ට හිනා යන්නෙ මේ මහත්තය මතක් වෙලා. නරක වැඩ කරන එවුන්ට ප්‍රසිද්ධියෙ බනින්න බැරි වුනාම වාසුවා කියලා බනින්න මිනිස්සු පුරුදු වුනෙත් ඒ උත්තරීතර පාර්ලිමේන්තු ගැලරියේ මේ මහත්තයා වචන පහරපු නිසයි. මේ ළඟදි කට්ටියක් මෙයාට හූ කිවුව උසාවි පරිශ්‍රයකදි. හිටෙවුවෙ ඉලුක් නං ගංජා ආවෙ නැතුවම කේන්ති අරගෙන වැඩක් නැහැනෙ බ්‍රෝ. ගහන්න පන්නලා වැඩකුත් නෑ.1958 අවුරුද්දෙ ලංකා සමසමාජ පක්ෂෙට සම්බන්ධ වෙච්​ච වාසුදේව නානායක්කාර මහත්තයා පාර්ලිමේන්තු එන්නෙ 1970 අවුරුද්දෙ. 1985 අවුරුද්දෙ විජේවීරලා එක්ක හැංගිලා ඉන්නත් මෙයාට සිද්ධ වුනා. කම්කරු ක්‍රියාකාරිකයෙක් වගේම නීතීඥයෙක් වෙච්ච මේ මහත්තයා ඉගෙනගෙන තියෙන්නෙ රිච්මන්ඩ් විද්‍යාලයෙන්.

 

5. කරු ජයසූරිය – අවුරුදු 78

Image Source – colombogazette.com

මේ දවස්වල පාර්ලිමේන්තුවෙ මේ මහත්තයට හරියට කෙනෙහෙලිකං සිද්ධ වෙනවා. ඩස්ට්බින්වලින් ගහනව, පුටුවට වතුර හලනව, කතා කරන්න තියෙන මයික් එක කඩනවා, මෙයාට පාර්ලිමේන්තු සභා ගැබට එන්න දෙන්නෙත් නෑ. හරි කරදර. මෙයාව කට්ටියට වැඩිපුරම මතක “ආවොත් කරු පායයි හිරු කියල” මෙයා ගහපු ඡන්ද පෝස්ටරේ නිසා තමයි. හැබැයි මෙයා එක ටෙලියක රඟපාපු නිළියෙකුටත් සෙකන්ඩ් වුනා ඓතිහාසික ගම්පහ පුරවරෙන්. 1997 අවුරුද්දෙ මුලින්ම පාර්ලිමේන්තු ඇවිල්ල අපිට සේවෙ කරන්න කැපවෙන මේ මහත්තයගෙ ඉස්කෝලෙ කොළඹ ආනන්ද විද්‍යාලෙ. එක්සත් ජාතික පාක්ෂිකයෙක් වෙච්ච මේ මහත්තයා එකපාරක් යූටර්න් එකක් ගැහුවා. ආමි එකෙත් සේවෙ කරලා තියෙනවා. දේශබන්දු කෑල්ලකුත් ඉස්සරහට තියෙනව.

 

6. ජෝන් අමරතුංග – අවුරුදු 78

Image Source – youtube.com

ව්‍යාඝ්‍රයෙක් වගේ කියල කටකතාවකුත් ගිය මේ පුද්ගලයගෙ වයර් අවුල් කියලා පක්ෂෙම සාමාජිකයෙක් ප්‍රකාශෙකුත් කරල තියෙනවා. ඉක්මනට කේන්ති යන මේ මහත්තයාගෙ සම්පූර්ණ නම ජෝන් ඇන්තනී එමානුවෙල් අමරතුංග. එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙක් වෙච්ච මේ මහත්තයා 1989 අවුරුද්දෙ ඉඳන් අපේ රටට අපිට සේවෙ කරගෙන පාර්ලිමේන්තුවට වෙලා කට්ට කනවා. මෙයත් නීතිවේදියෙක්. කඳාන තමයි ගම.

 

7. ගාමිණී ජයවික්‍රම පෙරේරා – අවුරුදු 77

Image Source – enb.iisd.org

වන දේවතාවුන්ගෙ පිහිටාරස්සාවෙන් මේ මහත්තයගෙ ඇහැට කොකාකෝලා ලෙමනේඩ් මික්ස් එක නොගිහින් බේරිච්ච නිසා හොඳයි. නැත්තං ඉතිං මිරිස් ගියා වගේ සැරයි නෙව. මෙයාව තවත් ප්‍රසිද්ධයි ලයිබ්‍රි කේස් එකකට. පොත් හොරෙන් අරගෙන ඇවිත් එහෙම නෙමෙයි. 1994 අවුරුද්දෙ ඉඳන් පාර්ලිමේන්තුවෙ. ඉගෙනගෙන තියෙන්නෙ කොළඹ නාලන්ද විද්‍යාලෙ. පාසලේදි ක්‍රිකට් ක්‍රීඩාවටත් අතිදක්ෂයෙක්ලු. තවතව දස්කම් තියෙනව. ගම්මු ඒවට දසකං කියලත් කියනව. කුරුණෑගලින් පාර්ලිමේන්තුවට කට්ට කන්න ආපු මේ මහත්තයත් 1994 අවුරුද්දෙ ඉඳන් අපි වෙනුවෙන් නැහෙනව. එජාපෙ සභාපතිකමත් දරලා තියෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *