ආයෙමත් දවසක – 10 කොටස

9 වැනි කොටස මෙතනින් කියවන්න

10 කොටස

හෂිනි කෙලින්ම ඇහුවෙ “ඇයි, ඔයාට කවද්ද මගෙන් රිදුනෙ?” කියල. ඒ නදික, “ඔයා මට රිද්දන්නද ඔහොම කරන්නෙ?” කියල අහපු කතාවට. නදිකට හෂිනි කවදාවත් එහෙම කතා කරල නෑ. ඒ නිසා නදිකට ඒකෙන් රිදුනා. ඒත් හෂිනිත් රිදිලා ඉන්න නිසා මොකුත් කියන්න පුළුවන් කමක් තිබුනෙත් නෑ.

“මොනවද මේ ඔයාගෙ වෝල් එක පුරාම තියෙන සින්දු?”

“ඒ මං අහන සින්දු”

“හ්ම්ම්ම්…”

“ඔයාට මොකද මගේ වෝල් එකේ මම මොන සින්දුවක් දැම්මත්?”

“ඇයි ඔයා ඔච්චර සැරෙන් කතා කරන්නෙ?”

“ඇයි ඔයාට ඔයාම දාපු නීති මතක නැත්තෙ?”

“මොන නීතියක්ද?”

“අපි කාලයක් යනකං කතා නොකර ඉමු කිවුව නේද? දැන් ඒ කාලෙ එක දවසෙන් ඉවරද?”

“හරි ඔයාට කතා නොකර ඉන්නද ඕන. මං තියන්නං.”

නදික එයාට පුරුදුම සෙල්ලම කළා. ඒ තමයි ගෑණුන්ව උභතෝකෝටිකයකට තල්ලු කරන එක. නදික ලෑස්ති වෙලා හිටියා දැන් එන හෂිනිගෙ කෝල් එකට. ඒත් හෂිනි කෝල් කළේ නෑ. නදික කෝල් එකක් ගත්තමත් හෂිනි ආන්සර් කළේ නෑ. තාම හවස් වෙලත් නෑ. අද රෑට අප්පුට මස් හදන්න කියලා, නදික අප්පුටයි, නදිකටයි, වත්තෙ වැඩට ඉන්න ගුණසිරිටයි, අප්පුගෙ උදවුවට වගේම කුස්සියෙ වැඩ බලාගන්න ඉන්න ගුණසිරිගෙ බිරින්දෑටයි හැමෝටම කන්න බිත්තර රොටියි, බිත්තර ආප්පයි ගෙනාවා.

නදිකට නින්ද ගියෙත් නෑ. ඩ්‍රින්ක් එකක් දාන්න හිතුනෙත් නෑ. ට්‍රිෂ් දීපු කෝල් එකට ආන්සර් කරෙත් නෑ. ආසම කෑමක් රෑට කන්න ගෙනාවට හිතට හරියන්න කෑවෙත් නෑ. බිත්තර රොටි කෑල්ලක් මස්වල ඔබාගෙන ඉඳිද්දි මෙසේජ් එකක් ආවා. ඒ හෂිනිගෙන්. Dan therenawada? Mehema inna amarui kiyala. නදික කෑම එක මේසෙ උඩ එහෙම්මම තියලා අත හෝදගෙන හෂිනිට කෝල් එකක් ගත්තා. ඒත් හෂිනි ආන්සර් කළේ නෑ. Sorry, I won’t answer. ආයෙත් හෂිනිගෙන් ආපු උත්තරේ කියෙවුවම නදික අසරණ වුනා, ආයෙනං කෝල් ගන්නෙ නෑමයි කියල හිතුවා. ඒ වෙද්දිත් අශිනි එවලා තිබුණු mata poddak hari adare nan reta nidiyanna kalin call karanna. කියන මෙසේජ් එකට හිත පිච්චෙන උත්තරයක් යැවුවා. Man kochchara aadareda. Ai therum noganne? දෙන්නා අතරේ තියෙන හැලහැප්පිලි ඔක්කොම අමතක කරවන්න පිරිමියෙකු​ගෙ ඒ වචනෙට පුළුවන්. අශිනි ඒ මොහොතෙම කෝල් කළා. නදිකත් ආන්සර් කළා.

“මට එච්චරටම ආදරේද?”

“ඔවු”

“ඇයි?”

“ඔයාට තියෙන්නෙ මං ආසම විදියෙ ඇඟක්.”

“ඒකනං තේරුණා”

“ඒ කොහොමද?”

“හරිම සයිස් එකට බ්‍රා එකක් තෝරලා තියෙන්නෙ”

“හ්ම්ම්ම්… හෙට ඇඳගෙන එන්න”

“බෑ”

“ඇයි?”

“මම දැන් ඇඳගෙන ඉන්නෙ”

“කමක් නෑ. හෙටත් ඇඳගෙන එන්න.”

“හා.”

“මං හෙට බලන්න ඕන”

“මොකද්ද?”

“මං අරන් දීපු බ්‍රා එක”

“එච්චරයිද?”

“එතනින් එහාට ඔයා පෙන්නන්න කැමති ඕනම දෙයක් බලනවා.”

“කොහෙදිද?”

ඔයා කියන තැනකදි”

“ගෑණු ළමයද තැනක් හිතන්න ඕන?”

“ඔවු”

“මගේ යාළුවෙකුගෙ අපාට්මන්ට් එකක් තියෙනවා වහල දාලා”

“හ්ම්ම්ම්…”

“මං එයාගෙන් ඒක අවේලබල්ද කියල අහං එහෙනං හෙට නිවාඩුවක් දාන්නං”

“හා…”

“මොකෝ තනි වචනෙන් උත්තර දෙන්නෙ”

“ආසාව වැඩිකමට වචන එන්නෙ නෑ අක්කා”

“එච්චරටම ආසද?”

“කොච්චරක් ආසයිද මම? කී දවසක් බලං හිටියද හෙට වගේ වෙනකං”

“හ්ම්ම්ම්… මාත්”

“ඇත්තමද?”

“ඔවු”

“බොරු”

“මං ඕනනං මගේ ඩයරි එක පෙන්නන්නං. ඔයාව දැකපු දවසෙමයි ලිවුවෙ”

“හ්ම්ම්ම්…”

“ඔයා කොන්ඩම්ස් දාන්න ඕකේද?”

“මම කැමති නැතුව”

“ඕකේ… මං දැන් යාළුවට කෝල් එකක් ගන්නද?”

“හා… බායි”

“බුදු සරණයි මැණික. ඔයා මම ඔෆිස් මේල් එකට දාපු ගමන්ම දාන්නෙපා. හෙට දවල් වෙලා කියන්න.”

“හරි අක්කා.”

විනාඩි පහළොවක් විස්සක් ඇතුළෙ එක ළඟ නොටිෆිකේෂන්ස් දෙකක් ​නදිකගෙ ෆෝන් එකට ආවා. ඒකෙන් එකක් ඔ​ෆිස් මේල් එකට අශිනි දාපු නිවාඩුව. අනික නදිකට අශිනිගෙ යාලුවගෙ අපාට්මන්ට් එක තියෙන තැන එවපු ලොකේෂන් එක. නදිකට එතකොටම ලොක්කගෙ දුවවත් මතක් වුනා. එයා ගැනත් ආසාවක් තිබුනට අද මුළු රෑම නදිකගෙ ඔලුවෙ හිටියෙ අශිනි. එයා හෙට ඉඳිවී ට්‍රිෂ්ගෙ බ්‍රා එකත් ඇඳගෙන.

නින්දෙන් ඇහැරුණු ගමන්ම නදික බැලුවෙ ෆෝන් එක. Mata iwasannath amarui wage. කියල අශිනිගෙන් මෙසේජ් එකක්. නදික ඒකට රිප්ලයි කළේ නෑ. කෝල් කළා.

“මම ත්‍රී වීල් එකකින් අක්කව ගන්න එන්නද?”

“නෑ පැටියො ඔයා එතනට එන්න”

“එතකොට ඔයා?”

“මම කලින් යන්නං.”

“හා”

“අපි දෙන්නම එකට යන එක හරි නැහැනෙ”

“හ්ම්ම්ම්…”

“ඔයා එතනට ළං වෙලා කෝල් එකක් දෙන්න.”

“ඒ මොකටද?”

“නිකං අනේ…”

“එහෙම බෑ… මං සර්ප්‍රයිස් එන්ට්‍රන්ස් එකක් දෙන්නෙ”

“අම්මෝ… බයෙත් බෑ”

“අක්ක ආසා නැද්ද රෝල් ප්ලේ එකක් කරන්න?”

“මං එහෙම දෙයක් හිතුවෙ නෑ”

“එහෙනං අද ඒ සෙල්ලම කරමු.”

“මොකද්ද?”

“මම ඔයාගෙ ස්ටෝකර් විදියට ඇවිත් ඔයාව සර්ප්‍රයිස් කරනවා. පොඩි ඇක්ට් එකක්”

“අම්මෝ කොල්ලා දන්න දේවල්”

“ඔයා හිතන්නැති තරං දේවල් මම දන්නව අක්කා”

“ඔයා එන්න ඉක්මනට”

“හරි අක්කා. ලවු යූ…”

“ආදරෙයි මැණික. බුදු සරණයි”

One response to “ආයෙමත් දවසක – 10 කොටස”

  1. […] 10 කොටස මෙතනින් කියවන්න […]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *