දේශපාලඥයින් කරන වැඩ නිසා සිදුවන ඔබ නොහිතන විදිහේ නාස්ති

දේශපාලකයො රටට කන්න නැතත් ලොකු කාර් අරගන්නව මහජනතාවගෙ සල්ලිවලින්. දේශපාලකයොන්ගෙ ගෑණු රටට බොන්න නැතත් ස්විමිං පූල්වලට දාන්න වතුර ගෙන්නගන්නව බවුසර්වලින්. උන්ගෙ දරුවො මෙලෝ අලබෝලයක් නොදැන ගිහිල්ලා රට නියෝජනය කරලා සමිට්වලට වාඩි වෙලා ඉන්නව. හැබැයි ඔය දේවල්වලට රටේ ජනතාව බනිනව. ඇයි මුං අපේ සල්ලිවලින් මේ ආතල් ගන්නෙ කියලා. කොහොමින් කොහොම වුනත් ජනතාව එච්චර නොබනින, ඒත් නොදැනීම මහජන මුදල් දිය වෙන තවත් වැඩ කීපයක් මේ ළඟදි පත්තු වුනා. අපේ මේ සටහන ඒ ගැනයි.

 

1. පිරිත් වියදම

Image Source – aruna.lk

අනේ ඉතිං මේ අය විරෝධය දක්වන්න කියල හිතලා මයික් ගලවන්න යනව. මයික් එක ගලෝගන්න තරං පුරුෂ ශක්තියක් නැති නිසා ඒ සුසිනිඳු අත් කැපෙනවා. හපෝයි, ජාතිය බේරගන්න ගිය විරුවගෙ අත කැපුනෝ ගාගෙන වලහව දැකලා බිම නිදාගත්තු යාලුව වගේ පොර පෙරළල දානව. ඔතන ඉඳන් තමයි වියදං ටික. අලුත් මයික් දාන්න වීම, මූ කරන ගොං වැඩ දිහා බලං ඉඳලා අනිත් කසිප්පුකාරයොත් ගලවන මයික් දාන්න වීම, මුගේ අත මාකට් කරන්න ඔතන පුළුං, ගෝස් සහ ප්ලාස්ටර් වියදම, ඉස්පිරිතාල වියදම, අයිසීයූ වියදම, පිරිත් කියන්න ගේන ඇක්ටර්ගෙ (ඇත්තටම හාමුදුරුවො උනත් බොරුව දැන දැන කරන්නෙ ඇක්ට් එකක්නෙ) වියදම.

 

2. පෑ​නේ මිතුරෝ

Image Source – twitter.com

එයා කියනව මෙයාට ඔයා නෝටි කියල. මෙයා ඉතිං එයාට කියනව ඔයයි නෝටි කියල. එයා ඒකට රිප්ලයි විදියට ඔයා නෝටි මේ නිසායි කියල කියනව. මෙයා ඒකට ඔයා නෝටි මේ නිසායි කියල කියනව. ඊළඟට එයා කියනව අනේ යන්න මෙයා කියල. මෙයා ඒකට මං නෙමෙයි ඔයා යන්න කියල කියනව. ඔන්න ඔහොම දෙපිළ මාරු වෙවී ජනපතිතුමයි කතානායකතුමයි දෙන්නගෙ දෙබස යන්නෙ එස්එම්එස්වලින් නෙමෙයි. ඒවා යන්නෙ ලියුම්වලින්. එවුවා නිකංම ලියුම් නෙමෙයි. නියම කොලිටි පේපර්. ඒවයෙ තියෙන්නෙ රත්තරං පාටෙන් එම්බොස් කරපු ලෝගෝස්. එක ළඟ පුටුවල ඉන්න ඈයො මේ වියදං කරන්නෙ ඔයාලගෙ සල්ලි විතරක් නෙමෙයි. අපේ අනාගත පරම්පරාවට නිදහසේ හුස්ම ගන්න ඉඩක් දෙන ඔක්සිජන් ටික සපයන ගස් ටිකත් ඒ එක්කම විනාස කරනව.

 

3. ඩ්‍රයර් එක්ස්පෙන්සස්

Image Source – srilankamirror.com

පාර්ලිමේන්තුවෙ ඉන්නවනෙ මෝඩ ඩයල්ස්. ඊට හපං මෝඩ ඩයල්ස් ඉන්නව උන්ගෙ ගම්වල. අනේ ඉතිං හත වසර වෙනකං ඉගෙනගෙන, කසිප්පු බිස්නස් එකට බැහැල ඇලේ බූලි තල්ලු කරපු බුවාලට සර් කියල කියන්න අර මෝඩ ඩයල්ස්වලට හිතෙනව. හැමදාම මේ මිනිස්සු ඇලේ බැහැගෙන ඉඳලා බෑ කවදහරි මේ අයත් ලොකු ලොකු වාහනවල යන්නෝන කියල හිතනව. ඔන්න ඔහොම හිතලා ඒ මෝඩ ඩයල්ස් විසින් මේ මෝඩ ඩයල්ස් ටික විල මැද බංගලාවට එවනව රට කොරවන්න. අනේ ඉතිං අර කොයිවෙලෙත් ඇ​ලේ බූලි පා කරකර හිටපු බුවාස්ලට වතුර බෝතලයක් දැක්කම හලන්නමයි හිත. එයාලා හලන වතුර වේලන්න, ඒවයෙ තෙත මාත්තු කරන්න, ඩ්‍රයර් එක්ස්පෙන්සස් යනව පට්ටෙට. අන්න ඒවා ගෙවන්නෙ මේ මෝඩ ඩයල්ස්ලව පොර කරපු අර මෝඩ ඩයල්ස් විතරක් නෙමෙයි, ඉපදෙන්න ඉන්න අයත් එක්කම ඒවට ගෙවනව.

 

4. ෆීලින් ඕසම් විත් ප්‍රින්ටින් පොරොන්දු

Image Source – twitter.com

අපේ අය රට දියුණු කරන්නෙ ඒ ඒ මොහොතටනෙ. අර මොහොතෙ කරපුවා මේ මොහොතෙ වැරදියි. ඒක ඊළඟ මොහොතෙ ආයෙ වැරදියි. ඉතිං ඔයාකාර පොරොන්දු වෙනස් කරද්දි මිනිස්සුන්ට ඒවා මාකට් කරන්නත් ඕනනෙ. ඉතිං දාගෙන ප්‍රින්ට් කරනව. ඔය අතරට විශේෂ වැඩ පිළිවෙලවල්, කුමන්ත්‍රණයට එරෙහි බලවේග සැකැස්ම, යනවානං අනේ මං අරං වගේ ප්‍රකාශත් ප්‍රින්ට් කරනවා. කරනව කියන්නෙ ඉතිං ආයෙ හොඳම එකෙන් කරනවා. ඒවා හැබැයි එයාලගෙ සල්ලිවලින් නොවෙන එකයි අවුල. හැබැයි ඔය දාගෙන ප්‍රින්ට් කරන ඒවා අපි නොකියවන එක එයාලට අවුලක් නෑ.

 

5. එදිනෙදා භාණ්ඩ

Image Source – washingtonpost.com

එන්විලොප් ඕපනර්, ඩස්ට්බින්, පොත්, ව්‍යවස්ථා, බයිබල්, මිරිස් කුඩු යනාදී එකී මෙකී නොකී භාණ්ඩත් විල මැද උයනෙ හරි හරියට පාවිච්චි කෙරෙනවා. හැබැයි අදාළ වැඩේ කරන්නනං නෙමෙයි, ප්‍රධාන වශයෙන් ආයුධ විදියට තමයි ඕවා පාවිච්චි කරන්නෙ. කොහොමින් කොහොම හරි ඔය බඩු නැති වෙනවා කියන්නෙ අදාළ අවශ්‍යතාවය ආපු වෙලාවට අපේ සල්ලිවලින්නෙ ඕවා මිලදී ගන්නෙ. කොටිම්ම පාර්ලිමේන්තුව රැස්වෙන්න දිනකට වැයවෙන රුපියල් කෝටි දෙකත් අපිට උහුලගන්න බැරි එකේ, මුං ඒකේ කෝටි දෙක කකා ගහමරාගෙන තවත් කීයක්හරි වියදං කරවන තැනට වැඩ සෙට් කරනවා.

 

6. ප්‍රෙෂර්

Image Source – asiancorrespondent.com

හම්මෝ ඔය විල මැද උයනෙ ඉන්න තරමක් ඉන්නෙ ඒ කිට්ටුව තියෙන වික්ටෝරියා වැඩිහිටි නිවාසෙට තල්ලු කරන්න ඕන ජාතියෙ නාකි පප්පලනෙ. එයාලගෙ වයර් ෂෝට් හොඳටෝම. එයාලා කුණුහරුප පලද්දි ඕන වට්ටක්කයක් කියල මිනිස්සු ඉවසන් හිටියට එයාලගෙ නිරුවතට තියන හූවක් දරාගන්න එයාලට බෑ. අනේ ඉතිං උන් හූවෙන් කැළඹිලා ප්‍රෙෂර් නග්ගගත්තම උන්ගෙ ප්‍රෙෂර් පෙත්තටයි, සිංගප්පූරුවෙ බෙහෙත් ගන්න යවන්නයිත් වියදං කරන්න ඕන අර හූ කියපු එකාමයි කියල හිතෙද්දි අපෙත් ප්‍රෙෂර් නගිනව සාන්ත.

 

7. පැරදුණු විට හැරයාම

Image Source – tucsonnewsnow.com

මෙවුවත් ඉතිං තොරණේ කතාව වගේ තමයි. අන්තිම කොටුව කියෝලා ආයෙ එන්නෙ මුල් කොටුවට. ඔන්න එනව, දිනනවා, ඉන්නවා, රට කනවා, බඩ ආරනවා, පරදිනවා, හෙලි කොප්ටරේ නගිනවා, යනවා. ආයෙ ඉන්න අමාරු වුනාම ජනෙල් පඩියට මේ හඬ සින්න වෙන්න දෙන්න බෑ කියල තීරණය කරලා එනවා, ආයෙ රෝමන්කාරයො වගේ කනවා, ඊටපස්සෙ යනවා. නිකංම ගියාට අවුලක් නෑ. යන පාරක් ගානෙ හෙලිකොප්ටර් දෙන්න ගියාම අවුල. හොඳට සල්ලි තිබ්බත් මුං වන් ලාස්ට් ටුවර් එකටවත් ඒ සල්ලි වියදං කරන්නෑ බ්‍රෝ. අපෙන්ම කන්න බලං ඉන්නෙ.

 

Cover Image Source – groundviews.com

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *