කෙල්ලො පෙම්වතියො විදියට ඉඳලා පෝරුවට නගිනකම්ම සුන්දර ප්‍රාණීන් වුනාට අර පඩි තුන බහිද්දිම අමුතු කරන්ට් එකක් එයාලගෙ ඇඟට ඇතුළු වෙනවා. ඒක පාලනය කරගන්න හබියලාට අමාරුයි. ඒ පවර් එක ඒ තරමටම දැඩියි. එතන ඉඳන් හබියලා එක්ක ඉන්නෙ එයාලගෙ ආදරණීය පෙම්වතියො නෙමෙයි, එතන ඉන්නෙ එයාලගෙ ට්‍රාන්ස්ෆෝම්ඩ් වයිෆ්ලා. ඉතිං මේ වයිෆ්ලා කියන අමුතුම ප්‍රාණීන් නොයෙක් වූ අපහසුතාවලට සිය සැමියා ඇද දාන්න කරන විප්ලවීය ඇරඹුමක් විදියට අමුතු ප්‍රශ්න දක්වන්න පුළුවන්. මේ අමුතු ප්‍රශ්න සැමියොන්ව එක පාරට කොර කරවන සුළුයි. මොකද පෙර අත්දැකීම්වලින් එයාලා දන්නවනෙ මේවට උත්තර දුන්නත් නසී, නැතත් නසී, මොක කිවුවත් නසී කියල. අන්න ඒ නිසාමයි අපේ සටහනට ඒ විදියට වයිෆ්ලා අහන කොර කරවන සුළු ප්‍රශ්න ලැයිස්තුවක් එක් කරන්නෙ.
1. මගේ ඇස් යට කළු වෙලාද?

Image Source – thearborsassistedliving.com
මේක මාරාන්තික ප්‍රශ්නයක්. ගැහැණියට තමන්ගෙ මූණට සිද්ධ වෙන දරුණුතම විපත්ති අතරෙ ඉදිරියෙන්ම තියෙන දේ තමයි ඇස් යට කළු වීම. තමන්ගේ ප්‍රශ්නයක් පවා තමන්ගේ වරදින් නොව අනුන්ගේ වරදින්ම සිදුවුනා කියා කියන්නට පෙළඹෙන වයිෆ්ලා මේ විදියට අහද්දි අනිවාර්යෙන්ම අතීතයට හිත යොමු කරලා බලන්න. එයා ඔයාට ගේන්න කියපු ෆේස්වොෂ් එක ගේන්න අමතක වුනාද? එයා දවස් ගාණක් ත්‍රීවීල්වල යද්දි මූණට වදින දූවිල්ල ගැන මැසිවිලි නැගුවත් ඔයා ඒක ගණං ගත්තෙ නැද්ද? එහෙනං මේ වෙලාවෙ උත්තර දෙද්දි බය වෙන්න ඕන මහත්තයො. මොකද, මොකක් කිවුවත් අන්තිමේ ඔයාගේ කරපිටින් යන්න ඉඩ තියෙනවා ඇහැ යට කළු පැල්ලම.
2. ඔයා ඇයි මෙහෙම කරන්නෙ?

Image Source – youtube.com
ආතල් එකේ ෆිල්ම් එකක් බල බල වෙන ලෝකෙක අතරමං වෙලා ඉද්දි එක පාරටම වයිෆ් ඇවිත් “ඔයා ඇයි මට මෙහෙම කරන්නෙ?” කියල ඇහුවොත් හබියෙක් විදියට ඔයා කොරවෙන්නෙ නැද්ද? හෙඩින් නැතුව රාජකාරි ලිපි ලියනව වගෙයි නේද මහත්තයො? මොකක් ගැනද මේ කියන්නෙ? අද මං බොන්න යන නිසාද? ගිය සතියෙ ප්ලෑන් කරපු ෂොපින් යන්න බැරි වෙච්ච නිසාද? එයාගෙ අම්මලට මෙදා පාර අපි ගෙදර නෑ කියල බොරු කියපු නිසාද? මම ඊයේ කෑම රස මදියි කියපු නිසාද? එහෙමත් නැත්තං මං උදේ නැගිට්ට ගමන් මේ ටීවී එක දාගෙන ඉන්න නිසාද? කියලා උභතෝකෝටික තොගේක හබියා හිරවෙනවා. ඇයි කියල ඇහුවොත් මතකත් නෑ නේද දැන් කියල අහගන්න වෙන නිසා පොර නිරුත්තරයි.
3. ඔයාට මතකද අර පාටි එකේදි හම්බුණු ගර්ල්?

Image Source – verywellmind.com
අම්බෝ පුතෝ මේ එන්නෙ දිග කතාවකට මූලාරම්භයක් ගන්න. නිකමට කල්පනා කරන්න එදා ඒ කෙල්ලට අමුතු හිනාවක් දැම්මද කියල? නැත්තං උවමනාවට වඩා පොලයිට් වුනාද කියල? නැත්තං එයා ඉස්සරහ මේ මගේ වයිෆ් නෙමේ වගේ හැසිරුනාද කියල? එහෙමත් නැත්තං එදා වෙරි මතින් එයාගෙ ඇඳුම හෝ අඟපසග ගැන විශේෂ යමක් කිවුවද කියල? එහෙමත් නැත්තං ඒ කෙල්ලයි ඔයයි ඇත්තටම අඳුරන්නෙ කොහොමද කියලවත් මතක් කරන්න. මතක නෑ කිවුවොත් ප්‍රශ්නෙ දුර දිග යනව. ටක් ගාලා මතක් වුනොත් එයාමද හිතේ ඉන්නෙ කියල අහනව. එනිසා හැකිතරම් පරිස්සමට උත්තර දෙන්න.
4. පරිප්පු එකට ලුණු වැඩියි නේද?

Image Source – goodhousekeeping.com
මේකත් දෙපිට කැපිලා යන එනමං නැති වෙන ප්‍රශ්නයක්. පරිප්පු එකට ලුණු ඇති කියලා ඩිරෙක්ට් නොකියා ඉන්න සිද්ධ වෙනවා. ඔව්, ලුණු මදියි කියන්නත් බෑ. එතකොට අහනව “ඇයි මංම කරනකං ඉන්නෙ ලුණු වතුර ටිකක් දාගත්තනං මොකක් වෙනවද” කියල. ඊළඟට ලුණු දාගන්න නැගිටිනකංම කියවනවා. අන්න ඒ වෙලාවට වෙනත් ව්‍යංජනයක් ඔබේ පිහිටට අරගන්න. උදාහරණයකට “බටු මෝජු එක්ක අනාගෙන කාපු නිසා තේරුණේ නෑ ඒයි” කියල කිවුවම වැඩේ ෂේප්.
5. මං හැමදාම ගෙදරට වෙලා හිටියොත් හොඳයිද?

Image Source – huffingtonpost.com
හස්බන්ඩ් ජොබ් එකට යනවා. යන එන අතරෙ සිද්ධ වෙච්ච දේවල් රස කර කර කියනවා. ඔෆිස් එකේ සිද්ධ වෙච්ච රස බර සිදුවීම්, මහ මග දුටු දෑ, තමන්ට සිදුවූ දෑ, අනුන්ට සිදුවූ දෑ යන කැටගරිවල ඔක්කොම කතා කියද්දි වයිෆ්ට හිතෙනව තමං ලිං මැඩියෙක්ද කියල. අන්න එතනදියි ප්‍රශ්නය පැන නගින්නෙ. “ඉතිං ඔවු ඔයා එළියට යන්න” කිවුවත් “මං කියල ඉතිං කොහේ යන්නද?” කියල නෝක්කාඩුවකට එනවා, කියන කියන විකල්පෙට නොගැලපෙන උත්තර දෙනවා. කොටිම්ම එයා විසින්ම මහා සංවාදයක් පටන් ගන්නව.
6. මං මහතද?

Image Source – huffingtonpost.com
හම්මෝ පුතේ ඔවු කියලනං කියන්නෙපා. ඔයා විසින් එයාගෙ ජිම් යෑම නවත්වන තැනට වැඩ සිද්ධ කළ ආකාරය, ඔයා විසින් එයාට පීට්සා කෑමට බල කළ ආකාරය, තව ටිකක් බෙදාගෙන කන්න කියා උඩගෙඩි දුන් ආකාරය, සැරින්සැරේ තේ ඉල්ලන නිසා එයාටත් වැඩිපුර කිරි පිටි පෙවෙන ආකාරය ඇතුළු ඔබ හිරවන, කොරවෙන කතා රැසක් ඒ උත්තරයට පස්සෙ එල්ල වේවි. නෑ කියන්නත් එපා. එයා ඇත්තටම එයා මහතයි කියල දැකපු නිසායි ඕක අහන්නෙ. විහිළුවක් කරල ෂේප් වෙන්න හදන්නත් එපා. ඇත්තටම ඉතිං ඒ වෙලාවට මොනව කරන්නද කියල අපිටත් උත්තර නෑ.
7. දැන් ඔයා ඔය බොන එක දිගටම කරනවද?

Image Source – greatist.com
ඔය එන්න හදන්නෙ කාගෙන් හෝ ඔලුවට දාගත්තු විසක් ක්‍රියාත්මක කරන්න. පවුල් කඩා ඉහිරවන්න පුංචි පුංචි ෆැමිලි බොම්බ්ස් දාලා යන නල්ලමලේ ලේඩීස් ලා මේ සමාජෙ පිරිලා. එයින් එක්කෙනෙක් අඩියක් ගහලා සැපේ ඉන්න පවුලක් දැක්කම අකුල් හෙලන්න හදනවා තමයි. මේ විදියට එන ප්‍රශ්නෙට දිගු අතීතයක් තියෙනවා වෙන්නත් පුළුවන්. නැත්තං මේක ඉන්ෂුවරන්ස් එකක් දැමීමට බල කරන කතාවක මූලාරම්භය වෙන්නත් පුළුවන්. කොහෙන් ගියත් කෙලවෙනව කියන එක විතරක් මතක තියාගෙන උත්තර දුන්නනං හරි.
Cover Image Source –scarymommy.com
Leave a Reply