ආයෙමත් දවසක – 6 කොටස

6 කොටස

5 වැනි කොටස මෙතනින් කියවන්න

හෂිනි එක්ක වයින් බිවුව. සෙක්ස් කළා. හිනා වෙවී හිටියා. ඒත් හිත යට පොඩි මිස් වීමක් දැනුනා. නිදහසේ ඇඳේ වැටිලා ඉන්න ගමන් “ඇයි ෆෝන් ඕෆ් කරලා තියෙන්නෙ?” කියල හෂිනි ඇහුව එකට, “ඔයාව විතරයි අද ඕන…” කියල කියපු නිසා ආයෙත් හෂිනියි මායි එක්වෙලා ගුලි වුනා. හෂිනි එක්ක ගුලි වීමම මාර සතුටක්. එයා මාර සිනිඳුයි. උල් දත්, හීරෙන නියපොතු මතක් කරවන්නෙ යක්කු වුනත් මේ ආදරණීය යක්ෂණී එක්ක වයින් මතෙන් පෙඟි පෙඟී දවස් ගණන් ඉන්න පුළුවන්කම තිබුනා. එයාගෙන් ආපු සුවඳට මම කැමති වුනා. මම ආසයි ගැහැණු ගාවින් එන සුවඳට. නැචුරල් සුවඳ. දාඩිය රැඳෙන තැන් ඒ සුවඳින් පදම් වෙලා. මේ සුවඳ එතරම් ප්‍රියජනක නැති ගෑණුන්ට මම ආසා නැහැ. ප්‍රියජනක නැචුරල් සුවඳක් තියෙන ගෑණියෙක් මට දෙවඟනක්. රතියේ උස්මූර්තියට ඒකම ඇති.

උදේ පාන්දර එලාම් තියලා ගෙදර ගිහින්, ඇඳගෙන ඔෆිස් ගියා. අශිනි උදේම ඇවිත්. ලස්සනට හිනා වෙවී බලං හිටියා. මං එදා මූඩ් එකම කන්ටිනියු කරන්න ඕන නිසා මහා හිනාවක් නැතුව ගිහිං එයා ගාවින් වාඩි වුනා.

“මොනවද බිවුවෙ?”

“විස්කි”

“කොච්චරක්?”

“මට තුන්කාලක් විතර පෙවෙන්නැති”

“එච්චර?”

“ඔවු”

“වැඩි නැද්ද?”

“වැඩියි”

“ඇයි ඉතිං එච්චර?”

“මං ආසා නැහැ මං ආසා කරන මිනිස්සු මාව සැක කරනවට”

“කවුද ඔයාව සැක කරේ?”

“ඔයා”

“ඒ කොයි වෙලේද?”

“ඊයෙ. මං බොරු කතාවක් ගෙතුව කියල හිතුවෙ”

“මං එහෙම හිතුවෙ නෑ මල්ලි”

“බොරු කියන්නෙපා”

“දෙයියනේ මං හින්දද ඔච්චර බිවුවෙ?”

“දැන් ඕව අහල වැඩක් නෑ අක්ක. ඔයා හිතලත් ඉවරයි. මං බීලත් ඉවරයි”

“අනේ පැටියො”

අශිනිගෙ අත මගේ අත උඩ. ඔෆිස් එකට පෙනේවි කියලවත් ගාණක් නෑ. මං ආසයි බය නැති ගෑණුන්ට. හැබැයි එහෙමයි කියල මේ ලවු එක කීයටවත් අද පටන්ගන්න බෑ. නිකමටවත් ෂර්ට් එක ගලවන්න වුනොත් ඒ යටින් හෂිනි කරපු තුවාල ටික පේනව. මං බොරු කාරයෙක් වෙනවා. ඒ හින්දා මං කතාව වෙනස් කළා.

“දැන් ඕක ගැන හිතන්නෙපා අක්ක”

“ඇයි?”

“ඒක ඉවරයි”

“මොකද්ද?”

“ඔයා හිතලා ඉවරයිනෙ”

“එතකොට මට ආසයි කිවුවෙ? ඒකත් ඉවරයිද?”

“ඒක ඉවරවෙන්නෙ නැතිවෙයි”

“එහෙනං මං මේ ගැන හිතන්නැතුව බැහැනෙ”

“අනේ අක්කා මට රිද්දන්න එපා. ප්ලීස්!”

“මට මොකද්ද කරන්න කියන්නෙ?”

“මේ ගැන කතා නොකර ඉන්න”

“ඔයා හදන්නෙ අමතක කරන්නද?”

“එහෙම අමතක කරන්න බෑ. අඩු තරමෙ මට ඉමෝෂනල් නොවී ඉන්න පුළුවන් වෙයි”

“ඔයා ඉමෝෂනල් මනුස්සයෙක්ද?”

“මං කිය කිය වැළපෙන්නෙ නෑ අක්ක”

“අනේ මල්ලි”

“අනේ නෙමෙයි අක්කෙ ප්ලීස්. දැන් අපි වැඩක් කරමු”

“තරහද?”

“ඒක කරන්න බැරි වැඩක් අක්කෙ.”

ටිකක් වෙලා අවට වටපිටාවම නිහඬව තිබුණා. රාත්‍රියේ මනරම් බව කියලා හෂිනි මෙසේජ් එකක් තියලා තිබුණා. එයා අදත් නිවාඩු. අශිනි වැඩ කරන අතරෙම වෙනදට වඩා ෆේෂල් ටිෂූ එක අතට ගන්න බව නදික දැක්ක. වැඩේ හරි ගාණට ට්‍රැක් එකට වැටෙනවා… පොතේ හැටියට නං අද රෑ දෙන්න එක්ක ගොඩක් වෙලා කෝල් එකක ඉන්න ඕන.

ලන්ච් බ්‍රේක් එකේ එක කොල්ලෙක් නදිකට පැත්තකට කතා කළා. එයා තමයි අශිනිට ට්‍රයි.

“අද මොකද අශිනි උඹේ අත අල්ලන් හිටියෙ?”

“අපෝ උඹ ඒකත් දැක්කද?”

“ඇත්ත කියපං”

“මට කරන්න කියපු වැඩක් ඉවර කරන්න බැරි වුනා බං”

“ඉතිං”

“මං බොරුවක් කිවුව ඒකට සෙට් වෙන්න”

“මොකද්ද බොරුව ඔච්චරටම අත අල්ලන්න තරං”

“නංගිට අසනීප වුනා කිවුව බං.”

“නොදකිං”

“ඇයි?”

“යකෝ එහෙම නංගිව විකුණං කනවද?”

“මට නංගි කෙනෙක් නෑ බං”

“ඕක මාට්ටු වුනොත්”

“ඒක තමයි බං කෙලිය.”

“ඇයි?”

“නංගිගෙ ඉස්කෝලෙ කියල කියපු එකටමයි අශිනි අක්ක ගිහින් තියෙන්නෙත්”

“අශිනි අක්ක කියලද උඹ කියන්නෙ?”

“ඔවු ඇයි?”

“හොඳයි හොඳයි. මං ගැස්සුනා බං අත අල්ලන් ඉන්නකොට”

ඒකට හිනාවක් දාලා ෂේප් වෙච්ච නදික කල්පනා කළේ මේ වෙද්දි සතුටෙන් ඉන්න හිත කැමතිම ගෑණු ළමයා වෙච්ච හෂිනිවයි, දැන් දැන් හිත කැමති වේගෙන යන අශිනිවයි බැලන්ස් කරන්නෙ කොහොමද කියල. තාමත් මොකුත් වෙනසක් නැති නිසා තව ටික කාලයක් යනකං අශිනිව අක්කි පැටියා මට්ටමේම තියාගන්න නදික තීරණය කළා. පස්සෙ බැරියැ තුරුල් වෙන්න. මොකද අශිනිව තරහ කරගෙන බෑ. මේ රස්සාව කරනකංම අශිනි එක්ක සතුටින් ඉන්න ඕන. ඒ නිසා ඒ බැඳීමට කිසිම දෙයක් බාධාවක් නොවෙන්න හැඩගස්සගන්නත් ඕන. ලොක්කගෙ දුව කියල කියපු, හිත ඇඳිච්ච කෙල්ලවත් ආයෙ දැක්කෙ නෑ. ඇත්තටම මං ඒකට සෙට් වුනොත් අංකල් අවුල් යයිද කියල නදිකට කිහිපවරක්ම හිතුනා.

දැන් අශිනි ඉන්නෙ නදික ඉඩක් හදලා දෙනකං ජීවිතේට ඇතුල් වෙන්න. අද රෑ බොරුවක් දාලා අශිනිට කෝල් එකක් ගන්න හිතනකොටම අශිනිගෙන් කෝල් එකක් ආවා. මොනවයින් මොනවා වුනත් තව කාලයක් යනකං සෙට්වෙන්නෙනං නෑ කියල හිතට ෂුවර් කරගෙනම නදික කෝල් එක ආන්සර් කළා.

ආයෙමත් දවසක

One response to “ආයෙමත් දවසක – 6 කොටස”

  1. […] 6 වැනි කොටස මෙතනින් කියවන්න […]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *