8 කොටස මෙතනින් කියවන්න
9 කොටස
අශිනිටම පුදුමයි මේ කොල්ල හිනා වෙලා බලං ඉද්දි. ඒ පුදුමෙ හිනාවකින් පටන් අරගෙන බොරු තරහකින් ඉවර වුනේ නදික අශිනිගෙ කී බෝඩ් එක උඩ තියලා තිබ්බ දේ දැකලා.
“මොනවද පිස්සො මේ කරන්නෙ?”
“ඇයි?”
“මේක ඔෆිස් එකක්නෙ?”
“ඉතිං?”
“ඉතිං මෙහෙම එළිපහලියෙ තෑගි තියනවද?”
“ඇයි ඕක නරක දෙයක්ද?”
“මං කියන්නෙ නෑ. ඒක නෙමෙයි.”
“මොකද්ද?”
“කොහොමද මං ආසම පාට දන්නෙ.”
“මං එහෙම දන්නෙ නෑ අක්ක. නිකං හිතුනා.”
“ඇයි මේකෙ ටැග්ස් කැඩුවෙ. සයිස් වෙනස් වුනානං”
“මට ඔය සයිස් ෂුවර් අක්කා”
“හාපෝ මෙයා ඒ කාලෙම ලොකු කෙල්ලො එක්ක ඉඳල හොඳටම වල් වෙලා”
“ඇයි අක්ක, ඔයා මට ඒකම මතක් කරන්නෙ?”
“අනේ සොරි පැටියො.”
“හරි කමක් නෑ.”
නදික ගත්තා බොරු තරහක්. ඔලුවක් ඉස්සුවෙ නෑ. වැඩම කරා. අන්තිමට නදිකට බලන්න තිබ්බ ෆයිල් දෙක අශිනි අරගත්තා. නදික කම්පියුටර් එකේ ඩොක් එකක් ඕපන් කරගෙන ඒ දිහා අනිමිස ලෝචනේ යෙදිලා හිටියා. ඔෆිස් එකේ සැකය යොමු නොවෙන්න කතා කරන්න විදියකුත් නැති නිසා අශිනි යටත් වුනා. හාෆ් ඩේ දාලා නදික ගියා. යද්දි ඔෆිස් එකේ කට්ටියට ටිකක් ඇහෙන්න යන්නං අක්කෙ කියල කිවුව. අශිනි ඔලුව වැනුවා. දැන් තත්ත්වෙ බරපතළයි.
නදික ගෙදර යද්දිම ඩිමෙල් අංකල්ගෙන් කෝල් එකක්.
“ඇයි පුතා අද කලින් ගියේ? ඊයෙ නිවාඩුත් නේද?”
“මං හිතුවෙ නෑ අංකල් හෙවුව කියල”
“හොයනව තමයි”
“දන්නවනං කියලයි යන්නෙ අංකල්”
“එහෙම කියල යන්න ඕන නෑ. මොකක්හරි ප්‍රශ්නයක්ද?”
“අපෝ නෑ. මේ ටිකේ ටිකක් සනීප නෑ. අනික වැඩත් අඩුයි.”
“එහෙමද?”
“ඔවු අංකල්”
“අශිනි නං කිවුව ඔයා හොඳට වැඩ කරනවා කියල”
“තෑන්ක්ස් අංකල්”
“එහෙම කිවුව කියල ඔයා බොරුවට මහන්සි වෙන්නෙපා පුතා”
“ඇයි අංකල්?”
“අපි දෙන්නම දන්නවනෙ ඔයා මේ කම්මැලිකමට කරන වැඩක් කියල”
“හ්ම්ම්ම්…”
“අම්මලගෙ දානෙ වැඩ බැලුවද?”
“මං ඒක වැඩිහිටි නිවාසෙකට දෙනව අංකල්. හාමුදුරුවො ගෙන්නන්නෙ නෑ.”
“පුතාගෙ කැමැත්තක්”
“ඔය වැඩ ලොකුවට කරන්න කරදරයි අංකල්”
“උදවුවක් කිවුවනං කරනවනෙ පුතා”
“නෑ අංකල්. මං ආසා නෑ ඔය වැඩවලට”
“හ්ම්ම්ම්”
“අම්මයි තාත්තයි ඉන්නෙ මගේ හිතේ… මං එයාලට හොඳක් වෙන විදියෙ මට කැමති දේ කරනවා”
“ඔවු ඒක පුතාගෙ කැමැත්ත”
“අංකලුත් අද ඔෆිස් ආවෙ නෑ නේද?”
“ඔවු පුතා. හෙට අපේ දූගේ කොන්වොකේෂන් එක. අපි අද දුවත් එක්කම ඔස්ට්‍රේලියා යනව”
“ආහ්… මම අක්කට විෂ් කළා කියන්න. එයා කවද්ද රට ඉඳන් ආවෙ?”
“ගිය මාසෙ. ඔෆිස් එකටත් ඇවිත් තිබුනා.”
“මම දැකල නැහැනෙ අංකල්”
“පුතා එන්න ලබන සතියෙ දවසක අපේ ගෙදර”
“හරි”
“මං දුවටත් ඔයා ගැන කිවුව. එයාටත් පුදුමයි”
“ඇයි?”
“මෙච්චර සල්ලි කාරයෙක්ගෙ පුතෙක් මෙහෙම කරනව කිවුවම”
“හ්ම්ම්ම්”
“හරි පුතා එහෙනං”
“ඕකේ අංකල්. බායි.”
“බායි”
කොහොමවුනත් නදිකට සැකයක් තිබුනා අද ඔෆිස් නොගිය ඩිමෙල් අංකල් කොහොමද මම කලින් ගියා කියල දන්නෙ කියලා
නදික ගත්තා අශිනිට කෝල් එකක්.
“පැට්ටො, යාළුද?”
“ඊට කලින් කියන්න ඔයා ලොක්කට කේලමක් කිවුවද?”
“මොකක් ගැනද?”
“මං කලින් ගියා කියල.”
“කේලමක් නෙමෙයි මල්ලි”
“එහෙනං?”
“ඔයා ගිය විදියට මට බය හිතුනා. හොයන්න විදියකුත් නැහැනෙ”
“ඉතිං කිවුවද?”
“මං කිවුවෙ ඔයාට ප්‍රශ්නයක්ද දන්නෙ නෑ. මේ ටිකේම නිවාඩු කියල”
“ඩිමෙල් සර්ට මාව ඔතනට ගන්න කියපු මහත්තය මට කතා කරල බැන්න අක්කෙ”
“අනේ පැටියො.”
“ඇයි?”
“මං හිතලා කළේ නෑ මැණික”
“හරි දැන් ඕක ගැන ආයෙ හිතන්න ඕන නෑ. මොනව කරන්නද?”
“අනේ… මල්ලි”
“හරි මැඩම්. මං හෙට ඉඳන් කවදාවත් නිවාඩු ගන්නෙ නෑ”
“අනේ සොරි”
“මටයි සොරි කියන්න තියෙන්නෙ.”
“අනේ මල්ලි”
“මං තියනව අක්කා. ආයි කෝල් කරන්නෙපා. මං හෙට එන්නම්”
නදිකට ඕන හිත් ඇතුළෙ උභතෝකෝටික හදන්න. දැන් හෙට නදික එනකං අශිනි පිච්චෙනව. අශිනිගෙන් ආපු කෝල් ආන්සර් කළේ නෑ. හෂිනි එක දිගටම ෆේස්බුක් එකට දාන දුක සින්දු බලාගෙන ඉන්න බැරිම තැන නදික හෂිනිට කෝල් එකක් ගත්ත. පළවෙනි පාරට නදිකත් උභතෝකෝටිකේක හිර වෙලාද කියල හිතුනා.
“හෙලෝ… ඔයා මට රිද්දන්නද ඔහොම කරන්නෙ?”
[…] 9 වැනි කොටස මෙතනින් කියවන්න […]