හැමෝම දිවි ගෙවන්නෙ කාර්යබහුලත්වයකින්. ඒ අතරේ බොහෝමයක් වෙලාව රැකියා ස්ථාන, ව්යාපාරික ස්ථාන වගේම මහ පාරට වියදම් වෙනවා. සතිඅන්ත මිතුරු මිතුරියන්ටත් වෙන් වුනාම හබියෙකුට තමන්ගෙ ප්රිය බිරිඳ එක්ක කතා කරන්න වෙලාවක් ලැබෙන්නෙ රෑ කෑමෙන් පස්සෙ නින්දට යන පොඩි වෙලාව විතරයි. ඉතිං ඔය පුංචි වෙලාවෙත් ස්මාට්ෆෝන් ඔබාගෙන හාම් හූම් ගාලා ඕපයක් දෙකක් හුවමාරු කරගන්න හස්බන්ඩ්ලා වයිෆ්ලාගෙ ජීවිත දෙන්නටම බෝරිං වෙන එක අහන්නත් දෙයක් නෙමෙයි. අපි මේ කියන්නෙ හබියෙක් විදියට තමුන්ගෙ වයිෆ්ගෙ ජීවිතේට සතුටක් දෙන ගමන් එයාට ජීවිතේ ගැන ආතල් කරන්ට් එකක් ලබාදෙන්න පුළුවන් විදි කිහිපයක් ගැනයි.
1. ටැටූ

Image Source – pinterest.com
ලෙඩෙක් බලන්න යමුද කියල වයිෆ්ගෙන් අහන්න. කවුද ලෙඩා? කියලනෙ එයා මුලින්ම අහන්නෙ. අන්න ඒකට ඔෆිස් එකේ එයා නොදන්න කෙනෙක් පාවලා දෙන්න. වයිෆ් හරි ආසයි හබියා යන යන තැන එන්න. හැබැයි ඉතිං පානිය දාන නිසා ඊළඟට එයාලා අහන්නෙ මං එන්නම ඕනද අනේ වගේ එකක්. ඔවු ඔයත් ආවොත් හොඳයි. මට තනියෙන් යන්න කම්මැලියි වගේ ටෝකක් දෙන්න. දැන් එයා ආසම කරන දෙයක් ගැන හිතන්න. දරුවෙක් ඉන්නවනං දරුවා සම්බන්ධ දෙයක්, එයා ආසම ෆිල්ම් එකක්, සබ්ජෙක්ට් එකක් ආදී හැම දේ ගැනම හිතලා ඔයා එයාගෙ ටැටූ එක ඩිසයින් කරලා, අදාළ දිනයට ටැටූ එක ගහන බුවාවත් බුක් කරලා ගමන යන්න. හැබැයි පුතෝ වයිෆ්ගෙ අතේ ස්කෙච් එක තිබ්බම එයාට සතුටට කලන්තෙ හැදෙන විදියෙ ඩිසයින් එකක් ගැන හිතන්න හොඳේ.
2. උයපං

Image Source – nationaldaycalendar.com
කරන්න අමාරුම වැඩක්. මුලින්ම දෙන්න තියෙනව උපදෙසක්. හොර කොටන්න ලෑස්ති වෙන්නෙපා. ඒ කියන්නෙ කඩෙන් ගෙනල්ලා ගෙදර ඉවුවා වගේ රඟන්න හදන්නෙපා. දෙවැනි දේ මේක එයාට දැනෙන්න අරින්නෙපා. තුන්වෙනි දේ රස වුනත් රස නැති වුනත් ලැජ්ජා නොවී එයාට මේක පිළිගන්වන්න. හරි දැන් මොනවගේ දෙයක්ද හදන්නෙ. සරළ දෙයක් හදන්න. මස්, චීස් තියෙන ඉංග්රීසි පන්නෙ කෑමක් හැදුවොත් ලුණු ගම්මිරිස්වලින් වැඩේ ගොඩදාන්න පුළුවන්. පණ්ඩිතකමට පොලොස් උයන්න ගියොත් මහත්තයො වැඩේ චොර. අන්න ඒ වගේ බේසික්ස් ඉගෙනගන්න. බර්ගර් එකක්, චිකන් කෝඩ්න් බ්ලූ වගේ ඩිෂ් එකක්, පෑන් කේක් විත් සේවරි චිකන් වගේ ආතල් එකකට යන්න. ඔය අතරටම බීමකුත් හදලා දෙන්න. මොනවද ඉතිං කිරි ටිකයි, අඹ ගෙඩි දෙකයි, සීනි ටිකයිනෙ.
3. මළගෙයක්

Image Source – relateinstitute.com
වයිෆ්ට කියන්න මාතර ඉස්කෝලෙ යාලුවෙකුගෙ මළගෙයක් වෙලා තියෙන හින්දා තනියෙං යන්න වෙන්නෙ, ඒ නිසා ඔයාවත් එක්ක යන්නයි හිතුවෙ කියල. එයා එන්න අදිමදි කළොත් එක්ස්ප්රසි වේ එකේ නින්ද ගිහින් මැරෙන කතාවක් කිවුවම ටොක්කක් ඇනලම ගමනට එකඟ වේවි. හරි මේ බොරුව කියන්න සති තුනකට විතර කලින් දෙන්නටම වැඩක් නොයෙදෙන සති අන්තෙක හෝටලයක් බුක් කරන්න. මළගෙදර යන ගමන් කන්න යමු කියලා හෝටලේ ඇතුළට දාන්න. එතකොටම වයිෆ් කොච්චර ආසා වුනත් අහන්නෙ ඔයාට පිස්සුද අනේ ෆයිවු ස්ටාර් හොටෙල් එකකින් දවල්ට කන්න කියලා. අන්න එතකොට ඔයාගෙ සර්ප්රයිස් එක කරන්න නියමම වෙලාව එනවා.
4. ඔයා අකමැතිම දෙයක්

Image Source – diywith.insurance-virginia.us
හරි මෙන්න පුතෝ චැලේන්ජස්. වයිෆ් හොඳින්ම දන්න ඔයා අකමැතිම දේ මොකද්ද? එයා එක්ක ෂාරුක් ඉන්න ෆිල්ම් බලන එක, එයා ආසම වීගන් රෙස්ටුරන්ට් එකෙන් කෑම කන එක සහ එයා එක්ක ෂොපින් යන එක කියල අපි හිතමු. මේ සර්ප්රයිස්වල ආතල් එක තියෙන්නෙ ලීක් කරන තරමට. වයිෆ්ට කියන්න එලියට යං කියල. එයා මුලින්ම අහන්නෙ කොහෙද කියල. එතකොට ගාණක් නැතුව ෂොපින් කරන්න කියල කියන්න. දැන් එයාට හිතාගන්න බැරුව ඉන්නෙ. හෙන කුතුහලෙන් එයා අහන දේවල්වලට ගාණක් නැතුව උත්තර දීලා වෙනදා වගේ කේන්ති නොගෙන එයා එක්ක ෂොපින් සෙෂන් එක ඉවර කරන්න. ඊටපස්සෙ එළියට බහිද්දි මොකද කරන්නෙ? කම්මැලියි කියල ෆිල්ම් එකක් බලමුද අහන්න. හෝල් එකට ගිහින් එයා කැමතිම ෂාරුක්ගෙ අලුත්ම ෆිල්ම් එක බලන්න යන්න. එන ගමන් බඩගින්නට කන්න යන්න තැනක් එයාගෙන් අහන්න එපා. එයා සතුටෙන් හිත පිරිලා බඩගින්නක් නැතුව ඉන්නෙ. ඔය සතුට දෙගුණ තෙගුණ කරන්න එයාව එක්ක යන්න එයා කැමතිම වීගන් හෝටලේට.
සැ.යු – අපේ යාලුවෙක් ඔය තරමටම සතුටු හිතෙන විදියට වයිෆ්ව සර්ප්රයිස් කරන්න ගිහින් වයිෆ් හිතුවා පොර අනියම් සම්බන්ධයක් ගැන සැක හිතෙන එක වහන්න මේ දේවල් කරනව කියල. ඒ නිසා බලාගෙන.
5. වැඩ නිදහස් සති අන්ත

Image Source – videoblocks.com
මේක අතිශය ඉෆෙක්ටිවු වෙන්නෙ ඔයාලට දරුවෙකුත් ඉන්නවනං තමයි. ඔන්න පුතෝ වයිෆ්ට දෙනවනං සතුට, වින්දනය. සෙනසුරාද උදෙන්ම වයිෆ්ට කලින් නැගිටලා එයාට තේකක් හදලා ඇහැරවන්න. තේක බීලා අයෙ නිදාගන්න කියලා එයාට උදේට පොල් රොටි පාරක් දාන්න. දරුවටත් කවලා, දරුවගේ රෙදිත් හෝදලා, වයිෆ් ඇහැරුනාම වයිෆ්ටයි දරුවටයි බලන්න වයිෆ් ආසම ෆිල්ම් එකක් දාලා දෙන්න. දෙන්න ෆිල්ම් බලනකං දවල්ට සරළ කෑම වේලක් උයන්න. රෙදි ටිකත් වොෂින් මැෂින් එකට දාලා, ගෙදර අතු ගාලා ඇවිත් හවසට තුන්දෙනා එක්ක ගෝල් ෆේස් ගිහින් ගෙදර එන ගමන් කඩේකින් රසට කෑම කාලා එන්න.
සැ.යු – අපේ යාලුවෙක් මේ වැඩේම කරන්න ගිහින් පහුවදා ඉරිදා උදේත් වයිෆ් නැගිටලා ඇහුවලු අදත් තමුසෙ ඊයෙ වගේ කරන්නැද්ද ඕයි කියලා. ඒ නිසා බලාගෙන.
6. බර්ත්ඩේ බොරුව

Image Source – jewelrywise.com
මේක පොඩ්ඩක් කේන්ති ගස්සලා සතුටු කරවන විදියක්. ඇනිවසරි හෝ බර්ත්ඩේ නොවන කිසිම අදාළත්වයක් නැති දවසක වයිෆ්ට තෑග්ගක් ගන්න. පහුවදා උදේ ඔෆිස් යන ගමන් හැපි බර්ත්ඩේ ඩාලිං කියලා ඕක දීලා නෝමල් එකේ පිටවෙන්න. හිතේ තරහට වයිෆ් මොකුත් කියන එකකුත් නෑ. කොහොමත් එයා ඔය තෑග්ග කඩලා බලනවනෙ. අන්න ඒ වෙලාවටයි සර්ප්රයිස් එක. තෑග්ග ඇතුළෙ ලියලා තියන්න ඔයා අද බර්ත්ඩේ නෙමෙයි කියල දන්නව. ඒ වුනාට තෑග්ගක් දෙන්න හිතුනා පැටියො කියල. රෑට රස රස කෑම කන්න බලාගෙන ගෙදර යන්න.
7. මොකුත්ම බැරිනං

Image Source – instagweb.com
ඔය කියපු මොකුත්ම කරන්න අතේ පයේ වැඩක හැකියාවකුත් නැත්තං, වෙලාවත් නැන්තං, සල්ලිත් නැත්තං අඩුම තරමෙ රස්සාවට ගිහින් ඒසී එකේ පුටුවෙ කැරකි කැරකි ඉන්න ගමන් ගෙදර දරුවොන්ගෙ වැඩ කර කර ස්ට්රෙස් පිට ඉන්න වයිෆ්ට කෝල් එකක්වත් දෙන්න. කොහොමද කියල අහන්න, හවසට ගේන්න දෙයක් තියෙනවද කියල අහන්න, මට ඔයාව මතක් වුනා කියල කියන්න.
Cover Image Source – hdwallpapersrocks.com
Leave a Reply