ජෝඩු පිටින් ඉන්න, කලාව නිසාම සෙට් වුණ නළු නිලියො ඉන්නව. ඒ විතරක් නෙමෙයි, ක්‍රීඩක ක්‍රීඩිකාවොත් ඉන්නවා ජෝඩු වුණු. එයාල ගැන පස්සෙ කියන්නම්කෝ. මේ කියන්න යන්නේ ලංකාවේ ගායක ගායිකාවො ජෝඩු හතක් ගැන. ජෝඩු කියන්නෙ මේ භාතිය සංතුශ්, රොමේශ් ලක්ශාන් වගේ අය ගැන නෙමෙයි ආයුබෝවන්ඩ. විවාහක යුවල ගැන. හරිද..? මෙයාල ගැන ඔබ දන්නවත් ඇති. නොදන්න අයත් ඇති. ඉතින් කොහොමින් කොහොම හරි කියවමුකෝ මේකත්.
1. දයාරත්න – අමරා

Image Source – youtube.com
දයාරත්න රණතුංග සහ අමරා රණතුංග කියන්නේ සංගීත ලොවේ කිරුළු නොපලන් රැජිණ සහ රජු කියල හැඳින්වුවට වරදක් නැහැ. ඔවුන් දෙන්නම සංගීතයෙහි විෂයාත්මක පැත්තෙන් පරතෙරටම ගියපු දෙන්නෙක්. අමරා රණතුංග කියන්නෙ සංගීතය ගැන ලංකාවේ පළමු මහාචාර්යතුමිය. මේ දෙන්නම ඇමරිකාවේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ළමයින්ට සංගීතය උගන්නල තියෙනවා. කොහොම වුණත් මෙයාල මුණ ගැහිල තියෙන්නෙ පාසල් වියේදීමයි. ඒ වගේම තමන්ගෙ දැනුම කිසිම පැකිලීමකින් තොරව අනිත් අයට ලබා දුන්නු යුවලක් ලෙසත්, මුදල් හඹා නොගිය දෙදෙනෙක් ලෙසත් බොහෝ අය මේ දෙන්නව හඳුන්වනවා. අමරා රණතුංග පසුගියදා මෙලොව හැර ගියේ දයාරත්නයන් තනි කරමින්.
2. අබේවර්ධන – නිරංජලා

Image Source – youtube.com
උනන කඳුළු නෙතු මානෙන් රඳවන හැම විට -මට හිතෙනවා ජීවිතයත් එහෙම වැටේවිද
එහෙමම නැහැ හිමි සඳුනේ යා යුතුමයි දුර – වැටුණු කඳුළුවල නං බැහැ අරුත හොයන්නට
මේ සුන්දර පද පෙළ සහිත යුග ගීතයේ හිමිකරුවන් වන නිරංජලා සරෝජිනී සහ අබේවර්ධන බාලසූරිය කියන්නෙ තවත් ගායක ගායිකා යුවලක්. මේ දෙන්නම කලා පවුල් වලින් පැවත එන කලාකාමී උදවිය. 2010 වර්ෂයේදි අබේවර්ධන බාලසූරිය මහතා අපි අතරින් සමුගත්තා.
3. එඩ්වර්ඩ් – චරිතා

Image Source – youtube.com
එඩ්වර්ඩ් ජයකොඩි, චරිතා ප්‍රියදර්ශනී කියන්නෙ නිතරම දකින්න ලැබෙන ගායක ගායිකා යුවලක්. එඩ්වර්ඩ් උපතින්ම කතෝලික. චරිතා සිංහල බෞද්ධ. දෙන්නගෙ ආදරයට ආගම බාධාවක් වෙලා. දෙන්නම එකතු වෙලා පන්සලේ පල්ලියේ දහදියෙන් අප තැනූ සිංදුව කියන්නේ හරියට ඒ කතාව අපට කියන්න වගේ. මේ දෙන්නා මේ ළඟදී අපූරු වැඩක් කළා. විවාහයට වසර 25ක් වෙන දවසේ මේ දෙන්නා ආපහු විවාහ උත්සවයක් තිබ්බා. මනාලයා සහ මනාලිය විදිහට සැරසුණු මේ දෙන්න එදා වෙනදටත් වඩා තරුණ වෙලා පෙනුණා. දෙවැනි මනමාලයන්ට, මනමාලියන්ට හිටියේ මුල් විවාහයේ ඒ ඒ තනතුරු වල හිටපු අයමයි.
4. රූකාන්ත – චන්ද්‍රලේඛා

Image Source – youtube.com
රූකාන්ත චන්ද්‍රලේඛා කියන්නෙ ආයෙ කවුද කියලා හඳුන්වා දෙන්න ඕන නැති දෙන්නෙක් නොවැ. මාරියෝ ග්ලෝරි රූකාන්ත ගුණතිලක තමයි රූකාන්තගේ සම්පූර්ණ නම. චන්ද්‍රලේඛා පෙරේරා තමයි ඇගේ නම. මේ දෙන්නගෙ ආදර කතාව ටිකක් කම්කටොලු වලින් පිරුණ එකක්. කොහොම වුණත් ඔවුන් දෙදෙනා අදටත් ඉතාම සතුටින් ආදරයෙන් කල් ගත කරනවා. දුවලා දෙන්නා රයිනි, වින්ඩි අද අපේ සංගීත ක්ෂේත්රය හැඩ කරන්නේ හැකියාව උපතින්ම අරන් ආපු දෙන්නෙක් විදිහටයි.
5. සනත් – මල්කාන්ති

Image Source – youtube.com
සනත් නන්දසිරි සහ මල්කාන්ති නන්දසිරි කියන්නේ තවත් ප්‍රතිභාපූර්ණ ගායක ගායිකා යුවලක්. සනත් නන්දසිරි මහතා සංගීතය පිළිබඳ මහාචාර්යවරයෙක්. ඒ වගේම ඔහු ගීත ගායනා කරන බොහෝ සංගීත වේදිකා වල මල්කාන්ති නන්දසිරි මහත්මියත් ගීත ගායනා කරනවා අපි දකිනවා. දෙන්නා තවම එකට සහයෝගයෙන් වැඩ. මේ දෙන්නගේ දුව අනුරාධා නන්දසිරි. තුන් දෙනාම ගීත ගායනාවට දක්ෂයි. මේ තුන්දෙනා හිටි ගමන් පවුලේ ප්‍රසංගයක් පවත්වනවා ඔවුන්ට ආදරය කරන ප්‍රේක්ෂකයන් වෙනුවෙන්.
6. ප්‍රිහාන් – නතාශා

Image Source – pinterest.co.uk
නතාශා පෙරේරා කියන අපි පුංචි කාලේ ඉඳලා දැකපු නිලි – ගායිකා කෙල්ලව බැන්දෙ, ගායකයෙක් වෙච්ච ප්‍රිහාන් මඩප්පුලි. ප්‍රිහාන් කියන්නෙ අපේ කාලේ අතිශය ජනප්‍රිය වුණු ගීත කිහිපයකම හිමිකාරයෙක්. “යායට පායනා පෝ දා සඳ” ගීතය ඔහුව ජනප්‍රියත්වයෙහි හිනිපෙත්තට අරගෙන ආවා. නතාශා ඉතින් කරලියට එන්නෙම සුළඟක් වී කියන ළමා ගීතයෙන් නේ. ඉතින් මේ දෙන්නා 2015 අවුරුද්දෙ ජයට මගුලක් අරගෙන විවාහ වුණා. දැන් සතුටින් ඉන්න බවත් පේන්න තියෙනවා දෙන්නම.
7. කේ සුජීවා – අජිත්

Image Source – gossip.hirufm.lk
මේක ආදර කතාවක්. අජිත් මුතුකුමාරණ සහ කේ සුජීවා ගැන ආයෙ අටුවා ටීකා ටිප්පනි ඕනෑ නෑනේ. සුජීවා කලින් විවාහ වෙලා හිටියේ. හුරතල් කෙලි පොඩිත්තකුත්, ලොකු දුවෙකුත් ඇයට ඒ විවාහයෙන් ඉන්නවනේ. කොහොම වුණත් ඒ විවාහය හමාරයි වගේ. පුවත් පත් සම්මුඛ සාකච්ඡා වල පවා අජිත් සහ සුජීවා එකට ඉන්නවා දකින්න ලැබෙනවා. කොහොම වුණත් මේ දෙන්නම ලංකාවම ආදරය කරන ගායක ගායිකාවෝ නිසා ඔන්න අපි ඒ දෙන්නත් මේ ලැයිස්තුවට ඇතුළත් කළා.
Leave a Reply