හස්බන්ඩ් කෙනෙක් වයිෆ් එක්ක ෂොපිං යන්න අකමැති හේතු 7ක්

හස්බන්ඩ් හෝ බෝයිෆ්‍රෙන්ඩ් කියලා භේදයක් නැතුව පිරිමි තමුන්ගෙ ගැහැණුත් එක්ක කරන්න අකමැතිම වැඩක් තමයි ෂොපින් කියන්නෙ. ඒ කේස් එකේ ඇති වාතාත්මක භාවය නිසාම පිරිමි ඒ අවස්ථාව මගහරිනවා වගේම එහෙම මගහැරීම නිසාම ගොඩක් පවුල්වල විශාල බහින්බස්වීම් සිද්ධ වෙනවා. අපේ මේ කතාව ලියන්නෙ අයි ඩෝන්ට් නෝ වයි උත්තරේට එපිටින් ගිය එහෙම වෙන්නෙ ඇයි? කියන කතාව කියන්නයි. මේවා කියවන හබියලා වයිෆ්ලට පේන්න ලැප්ටොප්වල මේ ආටිකල් එක ඩිස්ප්ලේ පිට තියලා ගිහින් ලැප් පොලොවේ ගැහුවා කියලා පස්සෙ දුක් වෙන්නෙපා. ඕනනං පැය විසිහතරක් කනක් ඇහිලා ඉන්න බලාගෙන මේකෙ ලින්ක් එක එයාට යවන්න.

 

1. හොඳද? නරකද?

Image Source – today.com

මේ කතා කරන්න යන එපාම කරපු මාතෘකාව එපාම එකක් වෙන්න මූලිකම හේතුව තමයි මේ. ඒ තමයි රෙදි කඩේ තියෙන හැම රෙද්දම දේදුන්නේ පාට පාටින්, ආල වට්ටම්, රටා මවමින් ඇඟට හේත්තු කර කර “මේක හොඳයිද ඒයි?” කියල අහන එක. හොඳයි කිවුවොත් හොඳයි කියන්න ​හේතු. නරකයි කිවුවොත් නරකයි කියන්න හේතු සලකා බලලා එයා යනව ඕකෙන් එයාගෙ හිතට ගිය ටිකක් අරගෙන ෆිටෝන් රූම් එකට. ඊළඟට ග්‍රීස් යකා වගේ එතන ඉඳගෙනත් රෙද්දෙන් රෙද්දට හොඳද? නරකද? කියලා කමෙන්ට්‍රිය දෙන්න සිද්ධ වෙනවා. සුපර්ස්ටාර් විනිශ්චයට ගියා වගේ වැඩක් තමයි.

 

2. ඒකද? මේකද?

Image Source – shutterstock.com

මේක තමයි අනිත් එපාම කරපු ෆිෆ්ටි ෆිෆ්ටි ප්‍රශ්නෙ. එයා ඇඳුම් දෙකක් පපුවට හේත්තු කරගෙන ඇවිත් අහනව “ඒයි මේකද? මේකද?” කියල. හප්පටසිරි සාරුක් ඛාන් බෝම්බ වයර් කපද්දි දාඩිය දානවට වඩා වතුර ගලන්නැහේ දාඩිය ගලනව පට්ට ඒසී එකෙත් ඒ වෙලාවට. ඇයි ඉතිං ෆිසික්ස් පේපරේ වගේ ඔබේ පිළිතුර පහදන්න කියලත් කියනවනෙ. ඉතිං යන්න හිතෙනවද කියහංකො ෂොපිං කරන්න.

 

3. ජන කතා

Image Source – dissolve.com

වයිෆ් එක්ක ෂොපින් යෑමේ දරන්න අමාරුම අනිත් කෑල්ල තමයි ඇඳුමෙන් ඇඳුමට ජනකතා අහන්න වෙන එක. මොකද්ද මේ ජනකතා කියන්නෙ කියල කාගෙ හරි හිතේ ප්‍රශ්නයක් නැගුනා නම් ඔබ වාසනාවන්තයි. ඒ කියන්නෙ තාමත් ඔබ හරිහමං කෙල්ලෙක් එක්ක ෂොපින් ගිහින් නෑ. ඔන්න පුතේ ඇඳුම පෙන්නලා ලොකු හුස්මක් අරගෙන එයා කියන්න ගන්නව කතාවක්. ඒක අහං හිටියා කියන්නෙ හබක්. “ඔයා දන්නවද ඒයි මේ ඇඳුම ඇන්දෙ අල්ලපු ගෙදර ආන්ටිගෙ චූටි පුතා මැරි කරපු දවසෙ අනිත් පැත්තෙන් අත්සන් කරන්න ආපු අංකල්ගෙ ලොකු පුතාගෙ වයිෆ්. ඒ දෙන්නා හරියට රණ්ඩු වෙනවලු අනේ. අපේ අම්ම කිවුව. අම්මට ඉතිං ඕන්නැති ඕපදූපයක් නැහැනෙ.”

 

4. හෑන්ඩ් බෑග්

Image Source – shutterstock.com

මෙන්න මහත්තයො විලි ලැජ්ජාවෙ පණ යන කාරණා. මුං රෙදි කෑලි පහක් විතර අරගෙන ෆිටෝන් කරන්න ගියාම අපි ඉන්නෝන දොර ගාව හෑන්ඩ් බෑග් උස්සගෙන. ෆිටෝන් රූම්ස් ගාව හෑන්ඩ් බෑග් උස්සගෙන ඉන්න පිරිමි දිහා තනිකඩයො මහ කාලකණ්නි හිනාවල් දාගෙන යද්දි තමයි පිහි තියෙන්නෙ පාන් කපන්න නෙමෙයි කියල හිතෙන්නෙ. මොකෝ ඉතිං කොහෙවත් යන්න කියලයැ. ඇඳුමෙන් ​ඇඳුමට විස්තර විචාරෙ අහන්නත් ගෑණි දොරෙන් එළියට එනවනෙ. මේකට කරන්න තියෙන එකම විසඳුම තමයි සාක්කුවෙ දහයෙ ටියුලිප් බෑග් එකක් දාගෙන යන එක. බෑග් එක දීපු ගමන් කළු කවරෙට දාගෙන මගේ නෙමෙයි වගේ ඉන්න තියෙන්නෙ.

 

5. අන් ගැහැණුන්

Image Source – womenpla.net

මෙන්න මහත්තයො පවුල් කැඩෙන ප්‍රශ්න. අපිත් ඉතිං පෘතග්ජන මිනිස්සුනෙ. අපිට ආසාවල් තියෙනවනෙ. අල්ලන්න නොගියත් බලං ඉන්නවනෙ. ගැහැණුන් පිරිලා උතුරා යනවා ඈ අද එනවා… හැප්පේදෝ… දෝ… දෝ… කිය කිය හිතෙන තරං ගැහැණුන් බ්‍රා අරගෙන බ්‍රා කෙලි නැටුම නටනවා එක පසෙක. සමහරු ස්කිනී සයිස් බලනව. ලෙගින්වල අඩුපාඩු කතා කරනව. වයිෆ් ෆිටෝන් රූම් එක ඇතුළෙ නිසා අපිත් අටපට්ටම කරන බුවා ලොකු පොලොස් ගෙඩියක් දැක්කම වගේ කට ඇරගෙන බලං ඉන්නව. ඔන්න එතකොටම වයිෆ් එනව ෆිටෝන් කූඩුවෙන් එළියට. එතනින් එහා ටික කියන්නෙ නෑ. ඇත්තටම කිවුවොත් කියන්න බෑ.

 

6. ඔයාටත්

Image Source – alamy.com

බිරින්දෑවරු ඉතිං තනිකමේ වරු ගණං රෙදි අරගෙන ඉවර​ වෙලා හෑන්ඩ් බෑග් උස්සගෙන හිටියට පිං පිණිස ගිල්ටිය වහගන්න තකතීරුකං කරන්න හදනව. ඒ තමයි “යං ඒයි ඔයාටත් ඇඳුමක් ගන්න” කියන එක. අපිට හරියන ඇඳුම් ඔය උලවුවල නැහැනෙ. එවුව තියෙන්නෙ ලාබ කඩවල. ඔවුව පැහැදිලි කරන්න බැරි නිසා රුපියල් පන්දාහකට විතර ඩෙනිම් අරගෙන එන්න වෙනවා. ෆැක්ටරි පන්නපුවා ගත්තනං කෑලි හතරක් ගන්නව පන්දාහට. ඔහොම පාඩු විඳින්න ෂොපින් යන්නෝනද ආයුබොවං!

 

7. ඔච්චම් සිනා

Image Source – dailymail.co.uk

මෙවුව තමයි කාල ඇඳලා ඉන්න බැරි අනිත් සිද්ධිය. ඔය උලවු රෙදි කඩවල ඇඳුම්වලට වඩා පිරිලා ඉන්නවනෙ වැඩ කරන කාන්තා​වො. ආපෝ ඔය කාන්තාවො වයිෆ්ලා එක්ක ආපු හස්බන්ඩ්ලට දාන කෝචොක් සිනා තමයි ඉවසා දරාගෙන ඉන්න බැරි. ඒ මදිවට සර් මොනවද බැලුවෙ වගේ ප්‍රශ්නත් අහනව. නෑ මේ වයිෆ් එනකං කිවුවම ආයෙත් ඔච්චම් සිනා. ඉතිං මොකටද බං ඕවයෙ රිංගන්නෙ. අන්න ඒකයි අපි වයිෆ් එක්ක ෂොපින් නොයා ඉන්න කරන්න පුළුවන් බොරු 7ක් ගැන කලින්ම ලිවුවෙ.

Cover Image Source – viralhud.com/ shipmypants.com

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *