මෙවුව ඉතිං කොයි පක්ෂෙටත් මුල් බැහැගෙන, අන්ධ මතයෙන් ඉන්න ඕන කෙනෙකුට අදාළයි. අන්න එහෙම පක්ෂග්රාහී වෙච්ච අයගෙ බොහෝවිට හරි, යම් තරමකින් හරි මේ විදියෙ වැඩ තියෙනවද කියලා කල්පනා කරලා බලන්න. පක්ෂයක් වෙනුවෙන් කෙලින් කතා කරන අයට වඩා භයානක වෙන්නෙ ඒක කෙලින් නොකියා කොහොමින් හරි තමුන්ම රැකෙන වටපිටාවක් හදාගෙන හීන ලෝකෙ ඉන්න අය තමයි. මේ කතාව ඔයාලා ෂෙයා කළොත් අනිත් අයට රිදෙන්න ඉඩ තියෙන නිසා කියවලා විතරක් යන්න.
1. මමයි රජා

Image Source – reuters.com
තමුන්ගෙ පොර ටෝක් දෙන එක තමයි මේ අයගෙන් දකින්න පුළුවන් ප්‍රධානම ලක්ෂණේ. ඔෆිස් එකේ දියුණුවට මෙයාලා කරපු වැඩ, මෙයාලා මෙහෙම කටයුතු නොකළා නං ලොක්කා අද මෙතන නැති බව, නොකා නොබී වැඩකරපු හැටි, බොන්න ගියාම බෝතල් තුනක් බිවුවත් වෙරි නොවෙන හැටි, එක පාර කෙල්ලො තුන්දෙනෙකුව හැඬ්ල් කරපු හැටි, ඉස්කෝලෙන් අවුට් වෙද්දි ටීචර්ස්ලා තුන් දෙනෙක් ඇතුළුව ගර්ල්ෆ්රෙන්ඩ්ස්ලා 40ක් හිටපු හැටි වගේ පොර ටෝක් බොහෝමයක් දෙන්න මෙයාලා සූදානම්. ඔවුව ඉතිං පක්ෂෙන් එන පුරුදු. පක්ෂෙ ඈයො මෙයාලව අන්දන්නෙත් ඔහොම කියලනෙ.
2. අනිත් උන්ගෙ වැරදිම විතරක්

Image Source – videoblocks.com
අර මනුස්සයා මේ ඩීල් එක කරගන්න කෙලින් කතා කළේ නැහැනෙ, කවුද එකෙක් මෙතන වතුර හලපු නිසායි මේ ඔක්කොම වුනේ, කොහෙද මේ ඇම්බියුලන්ස් කාරයොන්ට පුදුම හදිස්සියක්නෙ තියෙන්නෙ, මේ බම්බුවෙ සිග්නල් තිබුණනං මං මේ ඔක්කොම ප්‍රශ්න ෆෝන් එකෙන්ම සෙට්ල් කරල, කොහෙද ඉතිං අපේ අම්මල එක්ක මොකුත් කරන්න බැහැනෙ, යාලුවො කියල කාලකන්නි හිටියට ඕන වෙලාවට උන් එකෙක්වත් නැහැනෙ, අපි හොඳට සෙල්ලං කරා පිච් එක තමයි අවුලට තිබ්බෙ වගේ අනිත් දෙයක් හෝ කෙනෙක් මතම වැරැද්ද පැටවීමත් පක්ෂ දේශපාලනෙන් පිස්සු වැටිලා ඉන්න, කැපුවත් පක්ෂෙ දාලා නොයන අයගේ පොදු ලක්ෂණයක්.
3. මරලා හරි කමක් නෑ

Image Source – pinterest.co.uk
මරලා හරි කමක් නෑ දිනන්න තියෙනවනං කියන හැඟීමත් පක්ෂ දේශපාලනෙන් මොළේ විකාර වෙච්ච බුවෙක් සතු ප්‍රමුඛම ලක්ෂණයක්. උදාහරණෙකට අනිත් මිනිස්සුන්ට අත දාගන්න ඉඩ මදිවෙන විදියට භූතයෙක් වගේ බත් එක වහගෙන කන්න සෙට්වෙන ඩයල්, පාකින් ස්ලොට්වල අනිත් මිනිස්සුන්ට කෙළවුනත් කමක් නෑ කියල ලේසි පහසුවට පාක් කරලා යන ඩයල්, බොන්න ගියාම අනිත් මිනිස්සු ගැන නොහිතා පෙරේතකමට බොන ඩයල් මේ අතරෙ ඉන්නවා. ඒ අය තමන්ගේ පක්ෂය බලයට පැමිණීම ගැන දරන්නෙත් මේ වගේ අදහසක් වීම රටක් දියුණු නොවෙන්න ප්‍රධානම හේතුවක්.
4. අනෙකාට කෙළවන හැටි

Image Source – am1590theanswer.com
මං ඕකා ගැන ලොක්කට කියන එක කියනව… ඌට මෙහෙම නටන්න දෙන්න බැහැනෙ, මුං තව අපිට පේන්න වාහනත් අරගෙන… මෙච්චර රටේ මිනිස්සුන්ගෙ වාහන හැප්පෙනව.. මුංට මොකුත් වෙන්නැති හැටියක්, අනේ ඕකගෙ ඔය කොස් ගෙඩිය බිම පත බෑවෙනවනං කියල හිතන බුවාස්ලා ඉන්නවා. ඒ විදියට අනෙකාගේ සාර්ථකත්වයෙදි කෙළවන්න හදන්නෙම පක්ෂ දේශපාලනයෙන් හිතට ඇති කරවපු කාලකන්නි හැඟීම නිසාම තමයි.
5. ඕනෙම ප්‍රශ්නෙකින් ඇඟ බේරාගැනීම

Image Source – fredericksburg.com
“ඔය කේස් එක ගැන මගෙන් අහල වැඩක් නෑ බං මං ඔය ටීම් එක ලීඩ් කරා විතරයි අනිත් උන් තමයි පිස්සු කෙලියෙ, ඒ මහත්තයා හොරකං කළේ නෑ වටේ හිටපු උන් තමයි හොරු, එයා එහෙම පගා ගන්න කෙනෙක් නෙමෙයි අරුන් තමයි බලෙන්ම පගාව දීලා තියෙන්නෙ” වගේ දේවල් නිතර කියවෙනවනං පොරත් හැමදාම එකම පක්ෂෙට ඡන්දෙ දෙන, ලෝකෙ නැති බොරු කිය කිය ඒ විදියට ඡන්දෙ දෙන්න හේතු හදාගන්න ඩයල්ස් එකක්.
6. ඕන තැනක ඕන දෙයක්

Image Source – giphy.com
උඹලට පිස්සුද බං ඔය මගුල් විද්‍යාඥයෙක් කියපු මගුල් හොය හොය යන්නෙ? ඊයෙ ගොසිප් සයිට් එකක තිබ්බ තව සති දෙකකින් ලෝකෙටම කෙළවෙලා යන වැඩක් සෙට් වෙනවලු… කවුද දන්නෙ ඒ සෙට් එකට අපිවත් සෙට් වෙයිද කියල, ඉස්සරම එංගලන්තෙ රිකී පොන්ටිංද කොහෙදත් වර්ල්ඩ් කප් තුනකද කොහෙද සෙල්ලං කරල තියෙනව බං, ඔවුවනං මොනාද? වගේ කිසිම තැනක දිගක් පළලක් නොතේරී හැම දේම හැම තැනම කියවන ඩයල්ස් ඉන්නව. ඒ අයට ඕන කතාවට කොහෙන් හෝ සෙට් වෙන්න මිසක් වෙනිං කිසිවක් නෙමෙයි.
7. අනෙකා නොඇසීම සහ නොපිලිගැනීම

Image Source – knowyourmeme.com
අනිත් මනුස්සයෙක් කියන දෙයක් පිළිගන්නෙ නැතිවීම වගේම අඩුම තරමෙ කියන දේ මොකද්ද කියලවත් නොඇසීම කියන්නෙත් දේශපාලන පක්ෂෙකට කඩේ යන එකෙන් ඔලුව පිරිච්ච කෙනෙකුගෙන් දකින්න පුළුවන් දෙයක්. අනිත් කිසිම කෙනෙකුගේ අදහස් පිළිනොගන්නවා වගේම තමුන්ගෙ අදහසක් කියලත් දෙයක් නෑ කියන්නෙ ඉතිං බොරු සහ දොස් කියවිල්ල උපරිමයි කියන එක.
Cover Image Source – latimes.com
Leave a Reply