අක්කිලාට නංගිලාට සෙක්සි වෙන්න ටිප්ස් මෙන්න!

ඔය සෙක්සි වෙනවා කියන එක සමහර හණමිටි ඩයල්ස් වලට අනුව ජාති ජාතිත් ගෙවන්න බැරි පාපයක්. ඔය උන්දැලා කියන විදියට ගෑණු උදවිය අඳින්න ඕන බොලට වැහෙන දිග සායයි, ඉණට දිග අත් දිග හැට්ටෙකුයි තමයි. හැබැයි ඇත්ත කථාව මේකයි. ගෑණු ළමයෙක් ලස්සනට හැඩට ඇඳුමක් ඇන්දට කමක් නෑ. තැනට ගැලපෙනවා නම්, තමන්ගේ ශරීරයට ගැලපෙනවා නම් ඇඟ චුට්ටක් පෙනුනා කියලා ප්‍රශ්නෙකුත් නෑ. හැබැයි එකක් මතක තියාගන්න ඕන. සෙක්සි වෙනවා කියන්නේ අඟ පසඟ පෙන්නන එකවත්, දැන් ඇඳට යන්න ලැහැස්තියි වගේ හැසිරෙන එකවත් නෙවෙයි. ඒකට කියන්නේ සෙක්සි වෙනවා කියලා නෙවෙයි. ඇත්තටම සෙක්සි වෙනවා කියන්නේ තමන්ව දකින පිරිමියෙක්ට හෝ ගැහැණියකට තමන්ව ඇඳකට පෙරළගන්න ආසාවක් ඇති කරවන එක නෙවෙයි, තමන් ගැන දැඩි ආකර්ෂණයක් ඇති කරවන විදියේ කෙනෙක් වෙන එක.

එහෙම සෙක්සි වෙන්න ආස අක්කියෙක් නංගියෙක් ඉන්නවා නම්, අපි ලැහැස්තියි ඒ වෙනුවෙන් ටිප්ස් කීපයක් ලබාදෙන්න.

 

1. කොණ්ඩේ!

Image Source – 7-themes.com

සමහර ගෑණු ළමයින්ට ස්වභාවයෙන්ම සුන්දර කෙස් කළඹක් ලැබිලා තියෙනවා. හැබැයි ඉතින් නිකම්ම සුන්දර කෙස් කළඹ තිබුණා කියලා හැමදාමත් සුන්දර විදියට තියෙන්නේ නෑ. ඒකට හරියට සත්කාර කරන්න ඕන. හැබැයි එහෙම සත්කාර කරන එකෙන් කෙස් කළඹේ සුන්දරත්වය ඔප් නැංවෙනවා. දැන් එතකොට ඔය ගෑණු ළමයි කොණ්ඩේ එක එක ජාති කරනවනේ. කර්ල් කරනවා, ස්ට්‍රේට් කරනවා, ෆර්ම් කරනවා, රීබොන්ඩින් කරනවා… ඔය දේවල් නරක නෑ. හැබැයි යාලුවා කොණ්ඩේ ස්ට්‍රේට් කළ පළියට තමනුත් කොණ්ඩේ ස්ට්‍රේට් කරන්න යන එක හොඳ නෑ. මොකද කොණ්ඩේ වෙනස් කරනවා නම් ඒක තමන්ට ගැලපෙන්න ඕන. එතකොට හෙයාර් ස්ටයිල් වුනත් එහෙම තමයි, ටින්ට් කිරීම වුනත් එහෙම තමයි. හොඳම දේ එක්ස්පර්ට් කෙනෙක්ව මුණගැහිලා තමන්ට හරියටම ගැලපෙන කොණ්ඩය මොකක්ද කියලා හොයාගන්න එක. ආන්න එහෙම කොණ්ඩයක් තමයි සුපර් සෙක්සි කියන්නේ!

 

2. කකුල්!

Image Source – vitalizemagazine.com

දැන් ඔය ගෑණු ළමයි කොටට ඇඳලා යනකොට, එහෙම කොටට ඇඳලා යන්න පුලුවන් විදියේ පා යුග්මයක් එහෙමත් තියෙනකොට කවුද හොරෙන් හරි බලන්නෙ නැත්තේ? ඇත්තටම කකුල් පේන්න ඇඳපු ගෑණු ළමයෙක්ගේ තියෙනවා සෙක්සි ගතියක්. හැබැයි ඉතින් එකක්, එහෙම කොටට අඳින්න පුලුවන් සුන්දර කකුල් දෙකක් තමන්ට තියෙන්න ඕන. එහෙම නැහැයි කියලා හිතෙනවා නම් ඒක ඇතිකරගන්න එකත් මහ අමාරු වැඩක් නෙවෙයි. සම පැහැපත් කරන, කැලැල් මකන ස්වභාවික සත්කාර ඕනෑ තරම් තියෙනවා. දෙක තමයි කොටට අඳින්න තමන් සුවපහසු වෙන්න ඕන. ඒ කියන්නේ කොටට ඇඳලා ස්කර්ට් එක පහතට අදින්න ට්‍රයි කර කර ඉන්න ගෑණු ළමයෙක් සෙක්සි නෑ!

 

3. ඇඟම වැහුණත් සෙක්සි

Image Source – cosmopolitan.com

දැන් ඔය ඇඟ පේන්නම ඕනෑ සෙක්සි වෙන්න කියන අය වැරදියි කියන්න හොඳ උදාහරණයක් මෙන්න. හැඩ ඇඟක් තියෙන ගෑණු ළමයෙක් ඉන්දියානු පැටන් එකේ වෛවර්ණ දිග සායක් ඇඳලා, ඒකට කුර්තා ටොප් එකක් ඇඳලා, ගල් මාලයක් එහෙම දාලා කොණ්ඩේ ගෙතුවහම කොහොමද තියෙන ලස්සන? හැබැයි ඒ ලස්සන ඇතුළෙන්ම අමුතු සෙක්සි ගතියකුත් එනවා. ඒකට ගෑණු ළමයගේ ලාලිත්‍යවත් හැසිරීමත් බලපානවා.

ඒ නිසා අපි කියන්නේ ගෑණු ළමයෙක් කොට ඇඳුම් මතම යැපෙන්නේ නැතුව, තමන්ට හරියන සහ හොඳ ආකර්ෂණයක් ලබාදෙන ඇඳුම් ‍තෝරගන්න ඉගෙන ගන්න ඕන. දෙවෙනි කාරණාව, ගැහැණියකගේ තියෙන ලාලිත්‍යය පොඩ්ඩක් හදාගන්නටත් ඕන. ආන්න ඒක මාරම සෙක්සි!

 

4. හැඩැති ඇඟක්

Image Source – geeglenews.com

මේක අද කාලේ ගැහැණු පිරිමි දෙකොටසම කරන වැ‍රැද්දක්. තමන්ගේ ශරීරය පවත්වා ගැනීම ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැතුව ඉඳලා, අවුට් ඔෆ් ෂේප් වුනාට පස්සේ කියනවා හිත තමයි ලස්සන වෙන්න ඕන කියලා. හිත අනිවා ලස්සන වෙන්න ඕන. හැබැයි ඉතින් ශරීර සුවතාවය ගැනත් පොඩ්ඩක් හිතන්න ඕන. සෙක්සි ඇඟක් කියන්නේ කෙට්‍ටු ඇඟක් විතරක් නෙවෙයි. ප්ලස් සයිස් වුනත් සෙක්සි වෙන්න පුලුවන්. චුට්ටක් බඩ ඇවිත් තිබුණත් සෙක්සි වෙන්න පුලුවන්. හැබැයි ඒකට තමන්ගේ සයිස් එක මොකක් වුනත් මනාව පවත්වා ගන්න ඕන. ඒකට හොඳ පිළිතුර තමයි ජිම් එක!

 

5. හරියන බ්‍රා!

Image Source – lulimae.com

මෙන්න ගෑණු ළමයෙක්ගේ හොඳම යාලුවන්ගෙන් කෙනෙක්. හරි විදියේ බ්‍රෙසියර් එකක්! කුඩා පියයුරු තියෙන කාන්තාවකට පැඩඩ් බ්‍රා එකක් ඇඳලා ලස්සන හැඩයක් මතුකරගන්න පුලුවන්. වඩාත් පුළුල්ව විහිදිලා තියෙන පියයුරු තියෙන කාන්තාවකට පුෂ් අප් බ්‍රා එකක් ඇඳලා ගාණට පියයුරු වල හැඩය මතුකරගන්න පුලුවන්. කොටින්ම කිවුවොත් කාන්තාවකගේ උඩුකය පෙනුම වඩාත් සරාගී කරන්න පුලුවන් විදියේ තනපට තියෙනවා. ආන්න ඒක සෙක්සි ලිස්ට් එකට අනිවාර්යයෙන්ම තියෙන්න ඕන පොයින්ට් එකක්.

 

6. නීරෝගී ස්කින් එක සහ මේක් අප්!

Image Source – fitwirr.com

නීරෝගී සමක්, දිදුලන සමක් කියලා ඔය ටීවී එකේ එහෙම කොතෙකුත් ඇඩ් යන්නේ? ඒවා නිකම්ම විකාර කියලා හිතුණට, එතන ලොකු ඇත්තක් තියෙනවා. ඒ කියන්නේ සමේ පැහැය මොකක් වුනත්, නිරෝගී සමක් තියෙන කාන්තාවකගේ පෙනුමේ අමුතු විශේෂත්වයක් බැලූ බැල්මටම දැනෙනවා. ආන්න ඒක රිච් සෙක්සි ලුක් එකක් ඔප් නංවන්න අනිවාර්ය දෙයක්. දෙවෙනි කාරණාවන් තමයි මේක් අප්. සමහර ගෑණු ළමයි සෙන්ටිමීටරේක විතර බේස් තට්‍ටුවක් දාලා, කබුකි වලට යන්න වගේ මේක් අප් දාගෙන ඉන්නවනේ. ඒක සෙක්සි නෑ. හැබැයි අර නැචුරල් මේක් අප් කියලා කියන විදියේ දැනෙන නොදැනෙන ගාණට, තමන්ගේ පෙනුම ඔප් නංවන විදියේ මේක් අප් එකක් මාරම සෙක්සි.

 

7. ඔබට තියෙන සෙක්සිම අංගය වෙන මොළේ පාවිච්චි කරන්න!

Image Source – sewanee.edu

අපි මෙච්චර වෙලා කියපු දේවලට වඩා වටිනම ට්‍රික් එක තමයි මේක. ඒ කියන්නේ බුද්ධිමත් බව. ආකර්ෂණීය පෙනුම තියෙන කෙල්ලෙක්ට ඒකත් එක්ක හොඳ සංවාදෙකට යන්න පුලුවන් වීම, හොඳින් ඇසූ පිරූ තැන් ඇති බව පෙනීම වගේ සෙක්සි දෙයක් තවත් නෑ! ඒ වගේම ඕකට හොඳ මැනර්ස්, ස්වාධීනකම, හායි ඩියර් කියලා නවන්න බැරි ඇටිටියුඩ් එකත් එකතු වෙන්න ඕන. ආන්න එහෙම ගිනි ගින්දර කෙල්ලෙක්ගේ තියෙන ආකර්ෂණය ගැන ආයේ අමුතුවෙන් කියන්න ඕන නෑ!

 

Cover Image Source – luottolainaaja.fi /www.highend3d.com

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *