හිට්ස් වලින් ලංකාව හොල්ලන යූටියුබ් චැනල්

ඉන්ටනෙට් ආවට පස්සේ ලංකාවේ අපේ ගොඩක් දෙනෙක්ගේ වීඩියෝ බැලීමේ විදිය වෙනස් වුනා. ඉස්සර සීඩී එකක්, වී එච් එස් එකක් ගෙනත් ප්ලේයර් එක හරහා තමයි අපි වීඩියෝ බලන්නේ. පස්සේ කාලෙක ඒ තැනට පෙන් ඩ්‍රයිව් එක, මෙමරි කාඩ් එක ආවා. ඒත් මෑතකදී ඉඳන් නම් කට්ටිය අන්තර්ජාලය හරහාම වීඩියෝ බලන්න හුරු වෙලා. එයිනුත් දෙයියා වගේ අපිට ඕනි වීඩියෝ ඕනි එකක් ලේසියෙන් හොයාගන්න යූටියුබ් අපිට වැදගත් වෙනවා. ලංකාවෙ අපිට වැදගත් වෙන, අපි ගොඩක් බලන සහ ආසා කරන යූටියුබ් චැනල් තියෙනවා. අපි ඒ ගැන ටිකක් බලමු.

 

1. නිවුස් සහ නාට්‍ය චැනල්

Image Source – hirutv.lk/youtube.com

ලංකාවේ ගොඩක් අය ලයිව් නිවුස් බලන්න වගේම නිවුස් නැවත නැවත බලන්නත් ආසයි. ඒ වගේම විදේශ වල ඉන්න අයටත් ලංකාවේ ටෙලි නාට්‍ය ටික සහ ලංකාවේ දේශපාලන වැඩසටහන් ටික බලාගන්න යූටියුබ් එකේ යන ලංකාවේ ටීවි චැනල් ටික වැදගත් වෙනවා. විශේෂ සංගීත වැඩසටහන් සහ ටෙලි නාට්‍ය වෙනමත් යූටියුබ් චැනල් වල දාල තියෙනවා. මේ යූටියුබ් චැනල් අතර ටීවි දෙරණ, ස්වර්ණවාහිණී, හිරු ටීවී, අයි ටී එන් ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ලංකාවේ වැඩිපුරම ජනප්‍රිය යූටියුබ් චැනල් වෙලා තියෙන්නෙත් මේ නිවුස් සහ නාට්‍ය චැනල්ම තමයි.

 

2. සින්දු අහන්න

Image Source – iphone.facebook.com

සින්දුවක් අහන්න ඉතින් අන්තර්ජාලයේ නම් අනං මනං කියන්නේ හොඳම ප්ලේස් එකක්. ඊට අමතරව යූටියුබ් එකෙන් සින්දු අහන අය අතර ඉවෝක් මියුසික් ජනප්‍රියයි. ඒ වගේම ඉරාජ්ගේ චැනල් එකත් දාන හැම වීඩියෝ එකක්ම හිට් වෙන මියුසික් චැනල් එකක්. මෑත කාලයේදී පරණ සින්දු අලුත්ම විදියකට කිව්ව අපි මචන්ලගේ චැනල් එකත් බොහොම ජනප්‍රිය වුනා.

 

3. හිනාවෙන්න නම් ඉතින්

Image Source – youtube.com

ලකයි සිකයි තමයි මෑතකදි ගොඩක්ම ජනප්‍රිය වුණු කෙටි යූටියුබ් වීඩියෝ චැනල් එක. ඒ වගේම ජනයි ප්‍රියයි ටිකක් පරණ වුනත් තාමත් ජනප්‍රියයි. වස්තිලාගේ වීඩියෝ නිතරම එන්නේ නැහැ. ඒත් වස්ති බලන අය වස්තිලාගේ අලුත් වීඩියෝ එක එනකල් මග බලාගෙනම ඉන්නවා.

 

4. ටෙක් චැනල්

Image Source – youtube.com

ටෙක් ගැන කියද්දි ටෙක් කියන්නේ යූටියුබ් එකේ ජනප්‍රියම කොටසක්. මොනාහරි ගැජට් එකක් ගැන ක්වික් විස්තරයක් දැනගන්න ටෙක් යූටියුබ් චැනල් ලොකු සහයක් දෙනවා. ලංකාවේ නම් ටෙක් බ්ලොගර් චානුක්ස්. තව ටෙක් කතා කියලා පරණ කාලේ ඉඳලා තාමත් තියෙන කාලිංග අයියගේ ටෙක් වීඩියෝ බ්ලොග් එකත් එළ. ඒ වගේම ටෙක් වැද්දා, එස් එල් ගීක් සෙට් එකේ යූටියුබ් චැනල් එකත් යම් තරමකින් ජනප්‍රියයි.

 

5. ඉවුම් පිහුම්

Image Source – youtube.com

කෑම හදනකොට රෙසිපි එක පොතක පතක හෝ වෙබ් එකක තිබිල හොයාගත්තා වුනත් ඒ ඒ දේවල් දාල හදන එක වීඩියෝ එකකින් බලනවා වගේ හරියන්නේ නැහැ. ඉතිං ඒ විදියේ ලංකාවේ කරන ජනප්‍රියම යූටියුබ් චැනල් එකක් තමයි අපේ අම්මා. ඒ වාගේම අනෝමාගේ කිචන් යූටියුබ් චැනල් එකත් ලංකාවේ අය අතර ජනප්‍රියයි.

 

6. බුදු බණ අහන්න

Image Source – youtube.com

බණ පොත් කියවලා වගේම දැන් යූටියුබ් එකෙනුත් අහලා අවබෝධ කරගන්න හැකියාව තියෙනවා. මහ රහතුන් වැඩි මග ඔස්සේ කියන චැනලය හරහා ධර්මය නොමිලේම ලබාගන්නට හැකියි. නිතරම ආන්දෝලනාත්මක වැඩ කරන සිරි සමන්තභද්ර හිමියන්ගේ දහම් දේශනා සිරි සදහම් අසපුවට ගියොත් බලාගන්නට හැකියි. නිර්වාණයට මාර්ගය, මස්සැන්නේ විජිත ස්වාමින්ගේ කවිබණ, බුද්ධඝෝෂ ආදී චැනල් යූටියුබ් එකෙන් ධර්මය සොයන අය සඳහා විවෘත වෙලා තියෙනවා.

 

7. වැඩිදුර දැනුම

Image Source – youtube.com

දැනුම කියන්නේ අන්තර්ජාලයේ බොහොම සුලබ දෙයක්. ඒත් දැනුම සිංහලෙන් අපිට තේරෙන විදියට තියෙන තැන් ටිකක් අඩුයි. අලුත් ලෝකය හරහා අලුත් දේවල්, අලුත් ප්‍රශ්නවලට උත්තර ලබාදෙනවා. එස් එල් විකි මීඩියා වලත් රූපලාවන්‍යයට හෙම වැදගත් තොරතුරු තියෙනවා. පුදුම ලෝකය චැනල් එක රැවුල වවන හැටි ඉඳලා ලිංගික ගැටළු දක්වා විශාල පරාසයක කරුණු කියන චැනල් එකක්.

යූටියුබ් එකේ සිංහලෙන් අපිට ගැලපෙන්න දේවල් තියෙන තැන් ටිකක් තමයි ඉහළ තියෙන්නේ. ඊට අමතරව ලංකාව ගැන තියෙන ලස්සන ට්‍රැවල් වීඩියෝ ගොඩක් විදේශික චැනල් වල තියෙනවා. ඒ වගේම ලෝකේ ඕනාම දෙයක් ගැන සර්ච් කළාම ඉංග්‍රීසි බසින් සහ වෙනත් භාෂාවන් වලින් වීඩියෝ මිලියන ගණනක් යූටියුබ් එකෙන් අපිට හොයාගන්න හැකියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *