අපි මේකෙ මහත්තුරුන්ගෙ පොයින්ට් ඔෆ් වීවු එකේ අත්දැකීම් ටිකක් ගැන කතා කළාට මොකද මේ කතාවට ඇතැම් නෝනලගෙ හිත චුට්ටක් රිදෙන්න පුළුවන්. හැබැයි නෝනෙ අත්දැකීමෙන් තමයි කොයි කවුරුත් කොයි වැඩේටත් දක්ෂයො වෙන්නෙ. ඒ නිසා කිසිසේත්ම සුළු සුළු බිඳ වැටීම් නිසා ගේම අතාරින්න එපා. කවුරු හිනා වුනත් ඔයා කසාද බැන්දෙ හරි හමං හබියෙක් නං එයා ඔයාගෙ මේ අවුලට හිනාවෙන හෝ බනින එකක් නෑ. එයා ඔයාට මේ කේස් එක ගොඩ දාගන්න උදවු කරාවි.
1. ලුණු
කෑමක් රහ වෙන්න ඕන කරන ප්‍රධානම දෙයක්නෙ ලුණු කියන්නෙ. ලුණු රහ නැතුව කෑමක් කටේ තියන්න අමාරුයි. ඒ වගේම සමහර කෑමවලම ලුණු අඩංගු වෙනවා. ඉතිං වෙනදට දාන ගාණටම ලුණු දාන්න ගියාම ඒ කෑමවල ලුණු රස වැඩිවෙනවා. මෙන්න මේ විදියට මූලික දැනුමක් නැතුව උයද්දි එන ලුණු ප්‍රශ්නයේ ප්‍රභේද තුනක් තියෙනවා. හරිම සරළයි. පළවෙනි එක තමයි ලුණු අඩු වීම. මේකට විසඳුමක් තියෙනවා. ඒ තමයි ලුණු ටිකක් ඉහගන්න එක. අනිත් එක ලුණු වැඩිවීම. ඒකටනං කරන්න දෙයක් නෑ. අනික තමයි ලුණු දාන්න අමතක වීම. එයාලා ඔය සරණිවල කියන විදියට හදන්න යන්නෙ දාන හැම එකම භාජනවලට අරගෙන. ඉතිං බතයි පරිප්පුවයි පපඩමුයි හදන්න ගත්තත් කුස්සියෙ මේසෙ පිරෙන්න අඩුම කුඩුම තියෙනවනෙ. ඒ අතරෙ ලුණු මිස් වෙන එක මහ දෙයක් නෙමෙයි.
2. මේ මොනවද?
මේකනං උයන්න බැරි වයිෆ් කෙනෙක් ඉන්න හබියෙක් හොඳටම දන්න සීන් එකක්. ඒ තමයි මේ මොනවද මේ කියල අඳුනගන්න බැරි එක. මේකෙ අවධීන් දෙකක් තියෙනව. “අද මම පුඩිං එකක් හදන්න ඉන්නෙ” කියල වයිෆ් කිවුවම “හරි අපි හදලම නමක් දාගමු” කියලා හිතින් හිතන තත්ත්වය එකක්. අනික වයිෆ් හදපු කෑමකින් කටක් අපිට කවලා “මේ මොනවද?” කියල අපෙන් ඇහුවම “වටලප්පංද?” කියල අපි කිවුවම, “නෑ අනේ මේ වට්ටක්කා කළු පොල් මාළුව” කියලා එයා කියන තත්ත්වය. මේ අවස්ථා දෙකටම ඉතිං උයන්න දන්නැති වයිෆ්ලා ඉන්න හබියලා මුහුණ දීලා තියෙනවා.
3. ඕඩර්
මේකෙත් අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි තමුන් උයන්න ගිය පරිප්පුව රතු පාටක් ගැහුවම වයිෆ්ට අවුල තේරිලා, “අද අපි කඩෙන් කමුද ඒයි?” කියල අහන එක. මේ වෙලාවට මොලේ තියෙන හබියෙක් කිසිසේත්ම “ඇයි දැන් ඔයා උයන්න නේද ගියේ? අදවත් අපි ගෙදර උයාගෙන කමුකො අනේ? මටනං කඩෙන් කාලා ඇතිවෙලා” වගේ ගොන් කතා නොකියා එයා කියන විදියට කඩෙන් කන එකයි තියෙන්නෙ. ඒ වගේම තමුන් උයපු දේ මුල්ම කට රස බලපු හස්බන්ඩ් “අද අපි පීසා ඕඩර් කරමුද?” කියල ඇහුවොත්, “ඇයි කෑම රස නැද්ද? මොකෝ පරිප්පුව අවුල්ද?” වගේ ප්‍රශ්න අහන්නෙ නැතුව “හරි ඒයි” කියල ඒකට අවනත වෙන්න. මොකද හස්බන්ඩ් කෙනෙක් වයිෆ් උයපු දෙයක් ගැන අදහස අතාරින්නෙ ගේම් එක ගොඩ දාන්න බැරිමනං විතරයි.
4. ඔෆිස් ටිෆින්
ඔෆිස් එකේ කොල්ලො සෙට් එක එකතු වෙලායි කන්නෙ බොන්නෙ. හැබැයි ඉතිං උයන්න දන්නැති වයිෆ් කෙනෙක් ඉන්න හබියා හැමදාම බොන්නෙ කොල්ලො සෙට් එක එක්ක වුනාට කන්නෙ වෙනම. ඒ හින්දා පොරට කොල්ලොන්ගෙන් එක එක ඇනුම්පද එල්ල වෙනවා. “මොකෝ උඹට වයිෆ් අපි එක්ක කන්න එපා කිවුවද? හරි හරි බං අපි උඹේ කෑම කාලා උඹේ වයිෆ්ට ලවු කරන්නෙ නෑ” වගේ ටෝක්ස් ඒ අතරෙ තියෙනවා. හැබැයි සත්‍යය සෝචනීයයි මිත්‍රවරුණි. වයිෆ්ගෙ කෑම අපි කන්නෙත් අමාරුවෙන්. වෙනිං අහිංසකයෙක් මේවා කටේ තියන්නෙ කොහොමද කියන පැණයයි එතන තියෙන්නෙ. එහෙමත් නැත්තං පරිප්පුයි චිකනුයි, පරිප්පුයි බුල්ස්අයි, පරිප්පුයි චිකනුයි, පරිප්පුයි බුල්ස්අයි මාරුවෙන් මාරුවට කනව කියල දැනගන්න එක වුනත් හොඳ මදියිනෙ.
5. රෙඩිමේඩ්
සාමාන්‍යයෙන් රෙඩිමේඩ් කෑම බොහෝමයක් දකින්න ලැබෙන බත් එකක් හිමි වෙන්නෙත් උයන්න දන්නැති වයිෆ් කෙනෙකුගෙ හබියෙකුටම තමයි. ඒක ගැන අපි දිගට නොකියා කෙටියෙන් කියන්නං. සම්බා බත්, උම්බලකඩ බැදුම, චට්නි, සිංහල අච්චාරු එක්ක පරිප්පු තමයි මෙනූ එක. චට්නි, උම්බලකඩ බැදුම, සිංහල අච්චාරු කියන තුනම බෝතලේ ඇරලා හැන්ද ගානෙ බෙදපුවා.
6. සැමදා නිරතුරු
ඒ අපි කිවුවෙ ඔෆිස් ගෙනියන බත් එකේ දකින්න තියෙන දේවල්නෙ. ගෙදරට උයන බත් එකෙත් සෙනසුරාදා ඉරිදට වෙලාව ඉතුරුයි කියලා නෑ. ඒ දවස්වලටත් නිතර දකින්න තියෙන ව්‍යාංජන කිහිපයක්ම නිතරම කෑම මේසයේ ගැවසෙනවා. තම්බපු බිත්තර, පපඩම් සහ තක්කාලි සම්බෝල එක්ක පරිප්පු. අනේ ඉතිං ලද දෙයින් සතුටු වෙන හබියෙක් විදියට තම්බපු බිත්තරේ පලලා තමුන්ම ගම්මිරිස් කුඩු ටිකක් ඉහගෙන, තක්කාලි සම්බෝලෙට උම්බලකඩ කෑල්ලක් හීනියට ලියලා දාගෙන, පුළුවන්නං පිපිඤ්ඤා ටිකකුත් පෙති ගහගෙනම පරිප්පුව එක්ක අනාගත්තනං තමයි හොඳ. මතක ඇතුව ගෙදරට පපඩං ගෙනියද්දි ඉස්සො රසින්, මසාලා රසින් පපඩං ගෙනියන්න. අඩු තරමෙ ඒකවත් වෙනසක් වෙයිනෙ.
7. ටෙස්ට් ඉනිංග්ස්
ඉවුම් පිහුම් ගැන ලාවට ලාවට හැදෑරීම් කරගෙන එන වයිෆ්ලා සියළු ශිල්ප දක්වන්නේ සෙනසුරාදා ඉරිදට තමයි. බොහෝවිට ඉරිදට. මොකද සෙනසුරාදා දවසත් ඒ අය පෙර සූදානම වෙනුවෙන් වෙන් කරනවා. අනේ ඉතිං දෙවනි ඉනිමෙ උන් ඒලෙවල් කරන්න හදනව වගේ, එහෙමත් නැත්තං ගවස්කාර් තට්ටු දානව වගේ, එහෙමත් නැත්තං නාකි බල්ලො කොළඹ යනව වගේ හෙමි හෙමිහිට උයල දවල්ට කන්න දෙන්නෙ දෙකට විතර. කමක් නෑ උදේටත් නැති එකේ කියල හබියලා නයිජීරියාවට පාන් ලොරිය ආවම වගේ ගිලගෙන ගිලගෙන යනව.
Cover Image Source – youworkforthem.com/ stocksy.com
Leave a Reply